IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි

(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.

ඔහු සමගි ජන බලවේගයේ  ගම්පහ ප්‍රධාන සංවිධායක  ධූරයෙන් හදිසියේම  ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

සමගි ජන බලවේගය ගම්පහ  දිස්ත්‍රික්කය සඳහා දුන් නාම යෝජනා පත්‍රයට   අජිත් මාන්න ප්පෙරුම මහතාගේ නමද ඇතුළත්ව තිබිණ.

මේ හේතුවෙන් තමාට ඡන්දය දීමෙන් වළකින ලෙස ඔහු සියලුම ඡන්දදායකයන් ගෙන් ඉල්ලීමක් කරයි.

සමග ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ වරුණ දීප්ත රාජපක්ෂ මහතාය. කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රාජපක්ෂ මහතා පසුව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්විය.

පක්ෂය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ තමා සංවිධායක ධූරයෙන් හිටි හැටියේම ඉවත් කිරීම අන්ත අසාධාරණ තීරණයක් බව අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

ඡන්දයක් එළිපත්තේ සිටියදී පක්ෂ නායකත්වය  මෙසේ කටයුතු කිරීමේදී තමා ජනතාවට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.



අදහස් (5)

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි

samare Saturday, 12 October 2024 02:12 PM

ඔය උද්දච මෝඩයා වටේ ඉන්න යමක් කරන්න පුළුවන් උගත්කමක් ඇති අය දැන්වත් රනිල් එක්ක එකතුවෙලා එජාපය ශක්තිමත් කිරීම තමයි කළයුත්තේ... නමුත් කබීර් ඇතුළු අනිත් අප්පුහමිලා අජිත්ට වගේම තමන්ට කෙලවෙනකන්ම බලාගෙන ඉන්නවා තීරණයක් ගන්න.

:       0       3

සුරෛන් Saturday, 12 October 2024 02:22 PM

ඔයා මාස ගාණක් තිස්සේ පනින්න බලන් නේද හිටියේ? දැන් එහෙනම් ඔහොමම යන්න බායි ටටා..!

:       0       1

යෝගා Saturday, 12 October 2024 02:33 PM

අරගලය සෑහෙන දේශපාලුවන් කොටසකගේ ඉරණම් තවමත් විසඳනවා.

:       1       3

ගමේ එකාලා Saturday, 12 October 2024 02:55 PM

පක්ෂයවත් හරියට කරගෙන යන්න බැරි නායකයා, රටක් කොහොම කරයිද? නමින් සමගි ජන වුණාට, කිසිම සමගියක් නැති හැටි රටම දන්නවා...!

:       2       7

Gunendra Saturday, 12 October 2024 03:01 PM

සජිත් නායකයෙක් නොවන බව පෙන්වූ තවත් අවස්ථාවක්, අපේ කරුමෙට හරි ජනාධිපති වුණා නම් රටටම අබසරණයි. මේ පක්ෂයේ ගොඩක් අයට තියෙන්නේ සල්ලි හදිස්සියක්...!

:       2       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1434 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1926 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1492 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8463 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2463 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10447 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site