IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අටපිරිකරේ සිවුරු කෑලී බ්ලේඩ් කෑලි

බාල අටපිරිකර නිශ්පාදන කරන්නන්ට එරෙහිව ලංකාවේ දැඩ් නීතී  ක්‍රියාත්මක  කළ යුතු බවත්  එසේ නොවන්නේ නම්  අටපිරිකර පුජා කිරීම නවතා දැමිය යුතු බවත්  සියළු අටපිරිකර නිත්‍යනුකූල අවසරයෙන් එක් ස්ථානයක නිශ්පාදනය කිරිමට පියවර ගත යුතු බවත්   උඩුගම ශ්‍රී බුද්ධරඛිත  අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ පැවසුහ.

අස්ගිරි  පාර්ශවයේ මහා නායක හිම්යන් මේ බව පවසා සිටියේ  දළදා වහන්සේට පුජාකැර ඇති  බාල අටපිරිකර මාධ්‍යවේදීනට දිගහැර පෙන්වමිනි.

 දළදා  මාලිගාවේ  තේවාව සිදු කරන ප්‍රධාන  හිමිවරුන් වැඩ සිටින නිළ ආරාමයේදී අස්ගිරි මහා නායක  හිමියන් වැඩි දුරටත් කියා සිටියේ  මෙම බාල අටපිරිකර නිශ්පාදනය කූඨ වෙළෙදුන් අහිංසක බෞද්ධ ජනතාව ගසා කන බවයි.

දළදා මාලිගාවට ලැබෙන විනයානුකූල නොවන  අටපිරිකර පෙට්ටි ගනණක් ඇති බව  මහා නායක හිමියෝ කීය.

මීයන් විසින් කා දැමුණු සිවුරු කැබලි, කාඩ්බෝඩ් කැබලි   ඇති බව මාධ්‍යවේදීන් හමුවේ පැවැසූ මහා නාහියන්  එවැනි අටපිරිකර දිගහැර පෙන්වීය.

අටපිරිකරට අඩංගු දැලි පිහි වෙනුවට ඇත්තේ බ්‍රේලේඩ් කැබලි බවත් අදනකඩය සදහා  ඉනේ බදින පටිය වෙනුවට ඇත්තේ කුඩා රෙදි කැබලි බවත් මහ නා හිමියෝ කීහ.



අදහස් (0)

අටපිරිකරේ සිවුරු කෑලී බ්ලේඩ් කෑලි

ජොනී Monday, 10 June 2013 09:49 PM

මේ වැඩ වලින් අසාධාරන වෙලා තියන්නේ මේවා වැඩි මිලට ගත්ත ජනතාවට. (නි)

:       0       0

ග්‍රිෂාණි Monday, 10 June 2013 09:54 PM

අටපිරිකර හොදද නරකද කියල තෝරන්න ගිහි අය දන්නේ නැහැ. පිංකම් කරන්නත් ඕනෑ, අඩුවට කරන්නත් ඕනෑ. හොද අටපිරිකර ගනන්. ඒත් මිනිස්සුන්ව රවටලා වැඩි ගනන් අරන් දෙන්නෙත් බාල අටපිරිකර. අට එකට දෙන්න කියලා කතාවක් නැහැ. වෙන වෙනම අට පාරකට දෙන්න. අවුරුදු අටකින් දුන්නත් පින් සිද්ද වෙනවා (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 10 June 2013 10:08 PM

උන් වහන්සේගේ කතාව ඇත්ත. බාල වර්ගයේ අටපිරිකර වෙළඳ පොලේ ඕනෑතරම් තියෙනවා. වර්තමාන ලංකාවේ අටපිරිකර හුවමාරුවක් තියෙනවා, එය කතා කළයුතු දෙයක්. සමහර පන්සල්වලට ලැබෙන අටපිරිකර වැඩිපුර ඒවා නැවත වෙළඳ සැල්කරා ගෙනයන්නේ ඇවිදින වෙළෙන්දන්. මෙයින් උපරිම වාසි ගන්නේ මෙම බාල අටපිරිකර නිශ්පාදනය කරන කූඨ වෙළෙදුන්. ඔහුන් දන්නවා පාවිච්චි නොකර නැවත වෙළඳ පොලට එන බැවින් තමන්ට කැමති පරිදි නිශ්පාදනය කිරීමට (නි)

:       0       0

ධර්මේ Monday, 10 June 2013 10:21 PM

අපේ හාමුදුරුවනේ, බුද්ධ ශාසන අමාත්‍යංශය සමග කතා කරලා වැඩපිළිවෙලක් හදලා කරවන එක නේද වෙන්න ඕනෑ දැන්? අපේ හාමුදුරුවනේ, වරදක් වුනානම් සමාවෙන්න. නොතේරුම්කමටයි මෙහෙම කියන්නේ (නි)

:       0       0

කුමාර Monday, 10 June 2013 10:36 PM

එල්ටන්, මම දන්නා තරමින් බෞද්ධ සම්මේලනයෙ අටපිරිකර විකුනන්නේ නැහැ.(නදී)

:       0       0

සෙනවි--ගාල්ල Tuesday, 11 June 2013 10:52 AM

ගරුතර අපේ හාමුදුරුවරුන්ට කොපමණ තිබුණත් බහුතර ජනතාවට නම් කිසිම ප්‍රශ්ණයක් නැති හැඩයි (නි)

:       0       0

සරත් Tuesday, 11 June 2013 10:52 AM

"පො‍සොන් පෝදා සේල චෛත්‍යය අසල අටපිරිකර 2320ක පූජාවක්" මෙහි ගොඩක් දෙනා වැදගත් මෙන්ම කාලෝචිත අදහස් ප්‍රකාශ කර තිබෙනවා! මම හිතනවා ඉහත පුවත අනුව ‍ෙමම කාර්ය අපේ හාමුදුරුවන්ට මිහින්තලෙන්ම පටන් ගන්න පුලුවනිනම් හොඳ දෙයක්!මොකද අටපිරිකර 2320 ක් කියන්නේ විශාල ගණනක්! මේ ප්‍රමාණය අවසන් පරිබෝජනය කරන හාමුදුරුවෝ දක්වා රට පුර කොතරම් කාලයක් පන්සල් නගර කීයක සංසරණය වෙනවදි කිව නොහැකි නිසා? මෙවත් දැන් සිංහල අවුරුද්දට නෑදයෝ ගෙනා කේ ක් ගානට පත්වෙලා!(ස)

:       0       0

ගාමිණී-සිරි Monday, 10 June 2013 10:45 PM

අටපිරිකරට අඩංගු දේවල්, දෙපොට සිවුර, තනිපොට සිවුර,පාත්‍රය,අඳනය,දැලිපිහිය,පෙරහණ(බෙහෙත් ඖෂද)ඉදිකටුව ,නුල් බෝලය අද ස්වාමීන් වහන්සේලා පාත්‍රයෙන් දන් වලදිනවද? දැලිපිහියෙන් කොණ්ඩය,රැවුල කපනවද?(ඖෂද වෙනුවට) ඉංග්‍රීසි බෙහෙත් බොන්නේ නැද්ද? ඉදිකටුවෙන්,නුල් බෝලයෙන් මහනවාද ?රෝහල් අසල ෆාමසි,මල්ශාලා වගේම පන්සල් ආශ්‍රිතව පිරිකර කඩ දිවයිනේම. පාවිච්චියට නොගන්නා මෙවැනි දේ වෙළෙන්දාටත් වෙළෙන්දාගෙන් පන්සලටත් එන්නේ සැදැහැවතුන් මගිනි. කාලෝචිතිතව ආණ්ඩුක්‍රම වියවස්තාව වෙනස්කරන්න උනන්දු වෙනවා වගේම , පරිහරණයට අවශ්‍ය දේ පමණක් අට පිරිකරට ඇතුලත් කිරීමට මහානායක වහන්සේලා උනන්දු වන්නේ නම් ,සතුටින් අපිට පුජා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.(නදී) .

:       0       0

අසේල Monday, 10 June 2013 11:09 PM

මේ සඳහා රටේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කරන්න ඕනේ. අපේ රටේ ජාතික ප්‍රතිපත්ති නැහැ.(නදී)

:       0       0

නීල් Monday, 10 June 2013 11:30 PM

මිලදී ගන්නා පාරිභෝගිකයෝ පැමිනිලි කළ විට පාරිභෝගික අධිකාරියට වගකීමක් තියෙනවා රටේ විකුණන සෑම භාණ්ඩයකම ප්‍රමිතිය පරීක්ෂා කර ඒවා නිසිලෙස නොමැති නම් නීතියට අනුව කටයුතු කරන්න. (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 11 June 2013 11:14 AM

බ්ලේඩ් තියෙන්නේ මොනවටද? (නි)

:       0       0

ශිමාල් Monday, 10 June 2013 11:42 PM

හලාල් දාමු. එතකොට හරියට ප්‍රමිතියට දෙයි (නි)

:       0       0

මහේෂ් Tuesday, 11 June 2013 11:17 AM

මේ ජරා වැඩේ කරන බෞද්ධ ව්‍යාපාරිකයෝ සියලු දෙනා බොදු අන්තවාදි හා රටට කරුම දේශපාලන සවිධානවල ඉහල ක්‍රියාකාරින්. එහෙම නැතිනම් ලොකු පන්සල්වල ප්‍රධාන දායකයො. හේ අය තමයි හොර බිස්නස් සරු කරගන්න ආගම් වාදය පතුරන්නේ.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 11 June 2013 12:04 AM

ලංකාවේ මොකක්ද හරියට හොදට අවංකවම කළේ? (නි)

:       0       0

ලංකේශ්වර Tuesday, 11 June 2013 11:29 AM

යකඩෝ බාල බෙහෙත් ගෙන විල්ලා දවසගානේ මිනිස්සු මැරෙනකොට, බාල කෘමිනාශක ගෙනවිත් දහස් ගණනකගේ වකුගඩු විනාශ වෙනකොට, බාල ඉන්දන ගෙනවිත් සාමාන්‍ය මිනිහගේ මෝටර් සයිකලේ, ත්‍රි විල් එක කැඩිලා විනාශවෙලා යනකොට, අධ්‍යාපන අයිතිය ඉල්ලන විශ්වවිද්‍යාල දරුවන්ව මහපාරට ඇදල දාල උන්ගේ අනාගතේ නැති බංගස්තාන කරනකොට, ලංකාවේ අයට විශ්වවිද්‍යාලෙ යන්න බැරුව ඉන්නකොට අප්‍රිකාවේ අයට අපේ විශ්වවිද්‍යාලෙ යන්න දෙනකොට සද්ද නැතුව හිටපු මේ අය මොනවද මේ කියන්නේ. රටේ මිනිස්සු අමාරුවෙන් ජීවත්වෙන්නේ.(නදී)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 11 June 2013 01:14 AM

පිටිගල, ඔයා බෞද්ධයෙක් කියන්නේ නමට විතරයිනේ. කවදාවත්ම බණකටවත් අහලා නැද්ද අටපිරිකර ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක්. කඨිනය කියන්නේ වටිනාම පූජාවක්. මේ දෙකම අටමහා පිංකම් වලට අයිතියි. මේ වසරේවත් පන්සලකට ගිහින් කඨින පිංකමකට අටපිරිකරක් පූජා කරන්න. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 11 June 2013 01:37 AM

මම මීට අවුරුදු 20 කට පෙර ලංකාවේ සිව්රු මැහුවා. මුස්ලිම් මුදලාලිලා තමා අරගෙන යන්නේ. සාදාරන මුදලකුත් ගෙව්වා.එයාල පන්සල් වලින් අඩු ගණන් වලට සිව්රු,අටපිරිකර ගෙනත් විකුණනවා. කවදාවත් ඇහුවේ නැහැ ඔය වගේ දෙයක්.තාමත් ඒ බිස්නස් එක කරනවා. මුස්ලිම් අය වෙළදාම අවංකව කරනවා කියලයි මගේ හැගීම.ඒක එයාලගේ ජන්මයෙන් ආව පුරුද්දක්. (නි)

:       0       0

සරත් Tuesday, 11 June 2013 02:38 AM

අට පිරිකර විතරක් නෙමෙයි , ඕනෑම දේකට ප්‍රමිතියක් ඕනැ. (නි)

:       0       0

රූපා Tuesday, 11 June 2013 11:59 AM

ඕව ගණන් ගන්න එපා අපේ හාමුදුරුවනේ. අපිත් බොන්නේ බාල බෙහෙත්. කඩේකින් කෑවත් කන්නේ ජරාව. පාන් ගෙඩි‍යෙත් බර අඩුයි. කඩේ තියෙන්නේ කුණු මාළු ෆෝමලීන් ගහල. නගර සබාවෙන් සල්ලි අරන් එවන්නෙත් ජරා වතුර. සල්ලි දීල අරන් ටීවි එකේ බලන්නේ වෙළද දැන්වීම්. කතා කරන්න කවුරුත් නැහැ.(ස)

:       0       0

ගුණරත්න Tuesday, 11 June 2013 03:09 AM

අට පිරිකරක් ගන්න ගියාම අහන්නේ කියක එකක්ද ඕනේ කියලා. ගන්න යන කෙනා බලන්නේ අඩුවට ගන්න. පින් කරන්නත් ඕනේ නමුත් ලාබේට. මේකම තමයි කතරගම ගියාම වෙන්නෙත්. පූජා වට්ටියක් ගන්න ගියාම අහනවා කීයකටද ඕවේ කියලා. පූජා වට්ටියේ තියෙන්නේ පළතුරු හත් වර්ගයක් නම් ගාන කොහොමද වෙනස් වෙන්නේ. නමුත් පිරිකර තියෙනවා රුපියල් 1000 ඉදලා රුපියල් දස දහස වෙනකම්. මොකක්ද මේ වෙනස?(නදී)

:       0       0

දුලිනි Tuesday, 11 June 2013 03:17 AM

පිටිගල මිලානෝ , මෙතන තියෙන වැරැද්ද බණ පොතේ කියපු දේ ගැන නෙමෙයි. කූට වෙළෙන්දෝ අපෙන් ගසා කන එක නවතලා දමන්න ඕනෑ (නි)

:       0       0

ශාෆික් Tuesday, 11 June 2013 12:06 PM

වැඩේ වැරදියි. මේ වගේ සල්ලි හම්බ කරලා මොකටද? අටපිරිකර විකුණන මුස්ලිම් කඩ නම් මම දැකලා නැහැ. පිරිකර මිලදී ගන්නකොට ලෙහෙලා බලලා ගන්න බැරිද? (නි)

:       0       0

උපාලි Tuesday, 11 June 2013 04:21 AM

දැලි පිහි වෙනුවට බ්ලේඩ් කෑලි? ඕවා පාවිච්චි කරන කට්ටිය ඉතුරු වෙච්ච ඒවා හොර පිරිකර කඩවලට ලාබෙට විකුනනවා ඇති. (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 11 June 2013 06:17 AM

පිටිගලගේ මොලේ තමයි මොලේ , මෙච්චර රෙදි තියෙන රටේ මොකටද මනුස්සයෝ මල මිනියේ ඇඳුම් ගලවල අඳින්නේ, අනික මොන තරම් විෂබීජ කන්දරාවක් තියෙනවද ? ඇත්තටම නායක හාමුදුරුවනේ මේකට හොඳ පිළියම යමි එක තැනකින් ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරන එක. එතකොට වගකීමක් තියෙනවා.(නදී)

:       0       0

සුගත් Tuesday, 11 June 2013 06:34 AM

රන්ජනී, බාල බඩු අඩු ගන්නට විකුනන්නේ කවුද? මම අට පිරිකර ලිහලා බලලා නම් නැහැ. නමුත් මුස්ලිම් කඩ වලින් ගත්ත බඩු හුගක් ආපහු ගෙනිහින් දීලා තියෙනවා බාල නිසා. නැත්නම් කියපු ප්‍රමාණයට නැති නිසා. (නි)

:       0       0

සමන් Tuesday, 11 June 2013 06:41 AM

කුලියට මිනී මරණ ලංකාවේ මේක එච්චර ලොකු දෙයක් නොවේ. (නි)

:       0       0

චානුක රණවීර Tuesday, 11 June 2013 07:02 AM

වැඩි වශයෙන් අටපිරිකර විකුනන්නේ මුස්ලිම් කඩවල්. ඒක ඔයාලා දන්නවනේ (නි)

:       0       0

විමලසේන හ.ද. Tuesday, 11 June 2013 12:50 PM

දිසානායක, කට ටිකක් ප්‍රවේශම් කරගත්තොත් නේද හොද? හැම එකටම මොකෝ මුස්ලිම් අයව අදින්නේ? ඇහින් දැක්කද මුස්ලිම් කඩවල මේවා විකුනනවා? මුස්ලිම් කඩවල කවදාවත් මේ කහ සිවුරු විකුනන්නේ නැහැ. ඒ ගැන මම හොඳටම දන්නවා. මගේ තාත්තටත් රෙදිකඩ දෙකක් තියෙනවා. (නි)

:       0       0

හස්තාන් Tuesday, 11 June 2013 07:14 AM

ඉස්සෙල්ලාම මුල හදාගෙන පසුව මැද සහ අග ගැන කතා කළ යුතුයි. අටපිරිකර ගැන කතා කරනවා වගේම රටේ අනිත් ප්‍රශ්න ගැනත් කතා කලොත් නේද හොද. (නි)

:       0       0

විමලසේන හ.ද. Tuesday, 11 June 2013 12:51 PM

සල්ලි දුන්නා කියලා හාමුදුරුවෝ අටපිරිකර ගන්නේ නැහැ මෝහමඩ් (නි)

:       0       0

මහී Tuesday, 11 June 2013 07:30 AM

සනත් ඔබ හරියටම හරි මමත් එකග වෙනවා එයට.(නදී)

:       0       0

ගනේෂ් Tuesday, 11 June 2013 01:07 PM

හාමුදුරුවෝ ඔය පිරිකර පාවිච්චි කරනවානම් ඔය වගේ අවුල් ඇතිවන්නේ නැහැ. ඔය පිරිකර වැඩි හරියක් ගන්නේ හාමුදුරුවන්ගෙන්ම තමයි. බෞද්ධයෝ තේරුමක් නැතිව පූජා කරන නිසා තමයි ඔහොම වෙන්නේ. මේවට වග කියන්න ඕනේ හාමුදුරුවන්ම තමයි. පන්සලේ ඇතුලේ බැලුවොත් අට පිරිකර ගොඩ ගහල.(ස)

:       0       0

පුෂ්ප කුමාර Tuesday, 11 June 2013 07:35 AM

අටපිරිකර ඔතලා තැබීම තහනම් කරනන්. අවශ්‍ය දේවල් පෙන්නලා ඔතලා දෙන්න පුළුවන්නේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 10 June 2013 06:32 PM

අනේ මන්ද මේ වලින් පහර වදින්නෙත් අසරන මුස්ලිම් කඩ වලට.(නදී)

:       0       0

සරත් Tuesday, 11 June 2013 07:38 AM

පන්සල්වල පිරිකර විකිණීම තහනම් කල යුතුයි.(නදී)

:       0       0

ටෙෂාන් Monday, 10 June 2013 06:34 PM

මම කතෝලික වුනත් මේ ක්‍රියාව ඉතා දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. අපේ බුද්ද ශාසන අමාතයංශය මේ නිෂ්පාදකයන්ට ඒවායේ ප්‍රමිතිය පිලිබඳ අවවාද කළ යුතුයි (නි)

:       0       0

ශශී Tuesday, 11 June 2013 07:37 AM

හස්තාන් ට හොදටම තරහා ගිහිල්ලා. එයා දන්නවා වගේ අටපිරිකර කඩ අයිතිකාරයෝ වැඩිපුර කවුද කියලා (නි)

:       0       0

නිමල් ලලිතා Tuesday, 11 June 2013 07:38 AM

මේ සිද්ධිය විවේචනය කරන අය කරුණාකර තව ටිකක් සිතන්න.(නදී)

:       0       0

ඛාන් Tuesday, 11 June 2013 07:45 AM

අට පිරිකර විකුනන්නේ සිංහල අයයි,සුපුරුදු විදියට මුස්ලිම් අය ඒකටත් ගාවාගන්න එපා (නි)

:       0       0

පුබුදු Monday, 10 June 2013 06:47 PM

ස්වාමින් වහසෙල්ල ගේ ක්‍රියාකලාප නම් අන්තිමයි.(ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 11 June 2013 07:57 AM

අට පිරිකර ගන්න කොට නිෂ්පාදකයාගේ නම ගම බලල ගන්න එකනේ තියෙන්නේ. සෛබු නානා කොහොමද අට පිරිකර ගැන දන්නේ?(නදී)

:       0       0

සරත් Monday, 10 June 2013 06:50 PM

චතුල, ඔක්කොම කුනු බේරේ වැවට වගේ හැම එකක්ම මුස්ලිම් මිනිස්සුන්ගේ ගිණුමට දන්නා එපා. මම සිංහල බෞද්ධ. නමුත් බොහෝවිට මෙවැනි වැඩ කරන්නේ සත් ගුණවත් බහුතරයක් බෞද්ධ අය මිසක් මුස්ලිම් මිනිසුන් නෙමෙයි. කිහිප දෙනෙක් හිටියත් බොහොමයක් මුස්ලිම් මිනිසුන් බොහොම සාධාරනයි.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 11 June 2013 08:00 AM

හස්තන්, මුල කුණු වුනාම කොහොමද මැද අග ගැන හිතන්නේ.(නදී)

:       0       0

විපුල Tuesday, 11 June 2013 08:02 AM

ඉහළ තැන්වන ඉන්න අය සේරම බදාගෙන. හරියට සදාම් හුසේන් වගේ. මට හරිම කනගාටුයි යුද්ධය ජයගත් වීරයෙක්, වතුර උණු වෙනකම් හැලිය ඇතුලේ දගලන එක.(නදී)

:       0       0

නන්දන Tuesday, 11 June 2013 08:17 AM

අහරේ වකුගඩු රෝග හැදිලා බර ගානක් මැරෙනවා. බාල බෙහෙත්වලින් බර ගානක් මැරෙනවා. බාල කෑම සහ අනෙකුත් පරිබෝජන ද්‍රව්‍ය වලිනුත් මරණ වාර්තා වෙනවා. ඇයි ඒවට මේ වගේ කතාකරන්නේ නැත්තේ.(නදී)

:       0       0

ලන්කා පුතා Monday, 10 June 2013 07:21 PM

හාමුදුරුවරුන්ට පූජා කරන දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්ඩ පුලුවන්ද? දළදාවට ලැබෙන අට පිරිකරට මොනවද කරන්නේ? දන් දෙන දේවල් ගැන කියවන එකනම් හරි නැහැ නෙවද?(නදී)

:       0       0

විජේසිංහ Monday, 10 June 2013 07:20 PM

චතුල වෙරෝනා,ඔයා කියන්නේ බාල අටපිරිකර විකුනන්නේ මුස්ලිම් මිනිස්සු කියලද ? අපි අපේ වැරදි හොයාගෙන ඒවා නිවැරදි කරන්න උත්සහ කරමු. ඊට පස්සේ එයාලගේ ඇද හොයමු. (නදී)

:       0       0

ජෝයි Tuesday, 11 June 2013 08:22 AM

වර්ගවාදී ආගම්වාදී අය මේකටත් එක ජාතියකට විශේෂත්වයක් දීලා. දැන් හරි ඔය අටපිරිකර මුස්ලිම් අය විකුනනවයි කියමුකෝ. ඇයි දෙයියනේ සිංහලයෝ හරි අවංක කට්ටියක්ද. නුවර,කතරගම පලතුරු මල් වට්ටි පුජාසනෙන් හොරකන් කරන් ගිහින් නැවත විකුනනවා.(නදී)

:       0       0

රූපා Monday, 10 June 2013 07:32 PM

බාල බෙහෙත්, බාල කෑම, බාල කෘෂි රසායන, බාල වාහන ඇතුළු අනෙකුත් හැම බාල බඩුවකින්ම මේ රටේ මිනිස්සු මැරුනා.තවත් මැරෙනවා. මෙච්චර දවසක් ඉදලා අටපිරිකර බාල වෙච්ච ගමන් මෙහෙම කතාකරන එක හරිද මන්දා? (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 10 June 2013 07:39 PM

බුදුරජානන් වහන්සේ මෙලෙස අටපිරිකර, කටින සළු ආදිය පිළිබඳව නම් කිසිම දෙයක් දේශනා කර නැහැ. සොහොනක මල මිනී එතු රෙද්දක් ගෙන කහ වතුරේ ඔබා පැහැයම් කර උන්වහන්සේ නම් තම වස්ත්‍රය කර ගත්තා. (නදී)

:       0       0

සෑම් Tuesday, 11 June 2013 08:25 AM

කෝ දී මු ජයරත්න අගමැති තුමා ? එයාට නේද මේ අමත්‍යංශය බාරව තියෙන්නේ? (නදී)

:       0       0

ඉන්දික Tuesday, 11 June 2013 01:53 PM

අවසරයි අපේ හාමුදුරුවනේ, අට පිරිකර නිෂ්පාදනය කරන ආයතන බුද්ධ ශාසන අමාත්‍යංශයේ අධීක්ෂණයට සහ අනුමැතියට අනිවාර්යයෙන්ම යටත් විය යුතුයි කියලා නීතියක් පනවන්න රජයට උපදෙස් දුන්නා නම් හොදයි නේද? අනිත් එක ලංකාවේ ප්‍රධාන පෙලේ විහාරස්ථාන වලට ලැබෙන පිරිකර සහ අනෙකුත් ආධාර වලින් දිළිඳු පවුල් වලට උපකාර කරන වැඩපිලිවේලකුත් හැදුවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

චම්න්ද Monday, 10 June 2013 07:39 PM

අද තියෙන්නේ බල්ලෝ මරල හරි සල්ලි හොයන සමාජයක්.(නදී)

:       0       0

රනිල් Tuesday, 11 June 2013 08:58 AM

පුජා කල ඇත්තා ඇතුලේ මොනවද නොදැන පිරිසිඳු සිතින් පුජා කල නිසා අනිසංශ ලැබෙයි. අට පිරිකරක් පුජා කිරීම මහා ආනිසංස ලබන පිනක්. හැබැයි කුට වෙළෙන්දාගේ චෛතසිකය පිරිසිඳු නැති නිසා බාවයක් ගානේ පටිසන් දෙයි. ඕවා විකුණන්න හදන අය බණ පොතක් වත් කියෙව්වොත් හොඳයි.(ස)

:       0       0

අනුරාධ. Monday, 10 June 2013 07:58 PM

අති ගෞරවනීය මහා හිමිපාණන් වහන්ස, නොයෙකුත් මුහුණුවරින් අති උතුම් වූ ශ්‍රී සම්බුද්ධ ශාසනයට එල්ලවී ඇතී තර්ජන පිළිබඳව ඔබ වහන්සේලා අවදියෙන් සිටීම බෞද්ධ අපට අතිමහත් සතුටක්. මේ අන්දමින්ම මීටත් වඩා ඉතා සූක්ෂම ලෙසට ශ්‍රී සද්ධර්මය විකෘතිකර පළකරනලද පොත්පත් වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවරක් ගන්නා ලෙසට ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

මොහමඩ් Tuesday, 11 June 2013 09:01 AM

අටපිරිකර වෙනුවට සල්ලි දුන්නා නම් ඉවරයි නේ කැමති යමක් මිළදී ගන්න (නි)

:       0       0

හේමචන්ද්‍ර Monday, 10 June 2013 08:03 PM

අපේ රටේ පරිභෝජනයට ගැනෙන කිසිම දෙයක් ප්‍රමිතියට නැහැ. රට කරවන අයයි මේවට වගකිව යුත්තේ.(නදී)

:       0       0

රාජු Tuesday, 11 June 2013 09:02 AM

මම නම් දන්න තරමට සිවුරු අදින්න තියෙන්නේ වටිනාකමින් අඩු රෙදිපිලි වලින්. දන්නා කෙනෙක් පොඩ්ඩක් මට පහදන්න.රහතන් වහන්සේලා මිනී ඔතන රෙදිවලින් තමා සිවුර පිළියෙළ කර ගත්තේ.මම නෙමේ කියෙන්නේ, අපේ ඉතිහාසයේ එහෙම තියනවා. (නි)

:       0       0

සුජානි Monday, 10 June 2013 08:10 PM

එතකොට අට පිරිකර කියන්නේ මොනවද කියා දන්නේ නැති උපාසක උදවියද මේ රටේ සිටින්නේ. ඒක නිසා වෙන්න ඇති බ්‍රේලේඩ් කැබලි පූජා කරන්නේ මේ මොන ගැටලුවක්වත් නැහැ අටපිරිකර ලිහල බලල උවමනා කරන අංග 8 හොදට බලල පුජකරන්න. මේක ගැට ගහල පුජා කරනවා කියා නීතියක් නැහැ මම හිතන්නේ එතකොට මේවා පරීක්ෂා කරන්න කිසිවෙකු වැඩක් නැහැ.(නදී)

:       0       0

නිශාර්ඩ් Tuesday, 11 June 2013 09:08 AM

අටපිරිකරවල ගුණාත්මක බව රැක සහ ප්‍රමිතිය රැක ගෙනීම සඳහා මහා සඟ සභාවෙන් සඟ නියෝජිතයන් පත්කළ යුතුයි. නිෂ්පාදකයින් ගාවට ගිහිල්ල පරික්ෂා කරන්න සහ අඩංගු භාණ්ඩ තිබීය යුතු නියම ආකාරයන් ගෙන උපදෙස් පත්‍රිකාවක් නිකුත් කලයුතුයි. ඒවා තරයේ පිලිපැදිය යුතුයි.(නදී)

:       0       0

සුජීව Monday, 10 June 2013 08:17 PM

බොදු බල සේනාවට කිව්වොත් කඩ ටික වටලලා නුසුදුසු ඒවා අත් අඩංගුවට ගනීවි.(නදී)

:       0       0

රාජිත Monday, 10 June 2013 08:18 PM

මේ අයව නිසි මගට යොමු කරන්න (දී)

:       0       0

විද්‍යා Monday, 10 June 2013 08:20 PM

දැන්කාලේ දැලිපිහිය හදන්නේ නැහැ. අනිත් එක ඔය පෙට්ටි ගණන් තියාගෙන ඉන්න ඒවා ගම් වල සිටින දුප්පත් හාමුදුරුවන්ට බෙදලා දුන්නොත් නේද හොද? (නි)

:       0       0

ගිහාන් Tuesday, 11 June 2013 09:18 AM

එහෙමයි අපේ නායක හාමුදුරුවනේ අවසර , එහෙත් අට පිරිකරට වැඩිය මේ රටේ දැවෙන පරශ්න තියෙනවා. ඩෙංගු හැදිලා බෞද්ධ ජනතාව ඇතුළු මනුස්සයෝ මැරෙනවා. සාසනේ රැකගන්න ඉතින් දායකයෝ ඉන්න එපාය. බුදුපිළිම වන්සේලා විතරක් වැඩ හිටියට මදිනේ. ඒ නිසා ඔබවහන්සේලාට සත්කාර කරන දායකයෝ ගැනත් සොයා බලන සේකවා. දයකයෝ ආරක්ෂා කරගන්න පාලකයෝන්ට උපදෙස් දෙන සේකවා. අවසර. (නදී)

:       0       0

චානක Tuesday, 11 June 2013 02:36 PM

අපේ හාමුදුරුවනේ, කාලය අපතේ නොයවා දුක් විඳින සත්වයා සසරින් එගොඩ කරන්න . ඇත්ත ඇති සැටියෙන් කියනවානම් සිවුර සකසා ගත යුතු වන්නේ අහක දාන රෙදි කෑලි එකට මුට්ටු කර මසා ගැනීමෙන් නේද? (නි)

:       0       0

දිසානායක Monday, 10 June 2013 08:29 PM

මහා පරිමාණයෙන් මේ ජාවාරම කරන්නේ මුස්ලිම් වෙළදුන් බව සාක්කි සහිතව මට කියන්න පුළුවන්. මේ ගැන මුස්ලිම් ජනතාව මා සමග අමනාප නොවෙතියි සිතමි. කවුරු කලත් දැඩි දඩුවම් දිය යුතුයි.දැන්වත් අස්ගිරි මල්වතු පාර්ශවය නිහඩව නොඉද යමක් කලොත් හොදයි.මොකද රටේ හැම ප්‍රශ්නයකදිම පෙරට එන්නේ ගම්වල දුප්පත් ජනතාවයි, හාමුදුරුවෝයි විතරයි. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 11 June 2013 09:39 AM

රට පුරා තැන් තැන් වල අටපිරිකර විකිණිම තහනම් කර රජය විසින් අටපිරිකර නිපදවන එක් මධ්‍යස්ථානයක් පමණක් පිහිටුවා එය මනා පාලනයකින් යුතුව පවත්වාගෙන යා යුතුයි (නි)

:       0       0

ෆාරිස් Monday, 10 June 2013 08:43 PM

චතුල වෙරෝනා, මම හිතන්හේ ඔයා පිටරට වල් වලටම වැඩකරලා මොලය දියවෙලා.(නදී)

:       0       0

ලලිත් Monday, 10 June 2013 08:40 PM

අටපිරිකර කඩවලින් ගන්නාවිට එය ලෙහා බලා අවශ්‍ය ප්‍රමිතිය ඇතිනම් පමණක් ගැනීමට රටේම ජනයා වග බලාගන්නව නම් මෙම කුට වෙළදුන්ට තවත් මෙය කල නොහැක. යම් ලෙසකින් ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත් එම කඩ වර්ජනය කලයුතුය. එසේත් නැතිනම් පාර්සල් කිරීමට පෙර එය පාරිභෝගිකයාට පෙන්වා එතීමට ඔවුන්ම කටයුතු කලයුතුය.(නදී)

:       0       0

වසන්ති Monday, 10 June 2013 08:43 PM

මේවා ගැන සොයා බැලිය යුත්තේ පාරිභෝගික අධිකාරියයි. නිතරම වැටලීම් කරන්ඩ. එතකොට හොරු අල්ල ගත හැකි. බුද්ද සාසන අමත්‍යංශයත් වග කීම බාර ගත යුතුයි. අපේ මල්වත්තේ නායක හාමුදුරුවන් කතා කරන්නෙම නෑනේ.(නදී)

:       0       0

මේරි Tuesday, 11 June 2013 09:49 AM

ටෙෂන් වගේම මමත් කතෝලික මෙවගේ වැඩ කරන කවුරු උනත් තමාටම කරගන්නේ මහා පාපයක් මුදල්වලට ටික කලකට මිනිස්සුන් රවටුවහැකි එත් තවත් ආත්මයක් තියෙනවා කියල හිතන්නේ නැති එකයි වරද (ස)

:       0       0

ලලිත් Tuesday, 11 June 2013 03:04 PM

අනේ මන්ද ඔක්කොම කණපිට එකම දෙයක් විතරනේ තාම වෙනස්වෙලා නැත්තේ. ඒ මේ රටේ නම ශ්‍රී ලංකාව කියන එක. ආශ්චර්යයක අරුමේ. (නි)

:       0       0

මගලී Monday, 10 June 2013 08:51 PM

අපේ අයට කොහේ ගියත් මොන කතා කලත් ජාති බේද. පිස්සු එකේ හොදම එක.(නදී)

:       0       0

ශාන් Tuesday, 11 June 2013 09:50 AM

ඇයි මේවා සේනාවට පෙන්නේ නැද්ද ? (ස)

:       0       0

එල්ටන් Monday, 10 June 2013 08:57 PM

අද දහවල් මගේ බිරිඳ ගියා බෞද්ධ සම්මේලනයෙන් අටපිරිකර 2 ගන්න. හැබැයි ලිහලා බලන්න දෙන්නෙ නැහැ. ඉතින් කොහොමද හොඳ දෙයක් බලල ගන්නේ.(නදී)

:       0       0

සනත් Monday, 10 June 2013 09:00 PM

අපි බඩු ගන්න කඩයකට ගිය විට හොඳට පරීක්ෂා කර බලලා තෝරලා කැමති දේ පමණක් ඔතල දෙන්න කියල ගන්න පුලුවන්නම් මොකද අටපිරිකර විතරක් ඔතල තියෙන එකක් නොබලා අරන් එන්නේ. ඒකත් අපි පිරිකර අට තෝරලා දුන්න විට ඔතල දුන්නනම් ප්‍රශ්නය ඉවරනේ . ඕක අමාරු වැඩක් නෙවෙයිනේ.(නදී)

:       0       0

සජිත් Tuesday, 11 June 2013 10:29 AM

චතුල , මුස්ලිම් කට්ටියට ඕවා විකුනන්න තහනම්. ඒක දන්නේ නැතුව තමුන්නාන්සේගේ ජාතිවාදය දාන්න එපා මෙතන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1739 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1090 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1641 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1148 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 614 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1137 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site