(සුරංග රාජනායක)
බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑ ගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍යවරියට බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එකොළොස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
එම බඹරුන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනකුට වෛද්‍ය සායනය සඳහා පැමිණ සිටි කාන්තාවන් අට දෙනකුට හා මෙන්ම වෛද්‍ය සායනය පැවැත් වූ වෛද්‍යවරියටද ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අටබාගේ කලවැල්ගොල්ල ප්‍රදේශයේ ගසක බැඳ තිබූ බඹර වදයකට උකුස්සකු පහර දී ඇති බව ගම්මු පවසති.
එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවකට මෙම බඹරුන් විද ඇති අතර ඇය කෑ ගසමින් බඹරුන්ගෙන් බේරීම සඳහා මෙසේ රෝහල වෙත දිව ගොස් තිබේ.
එම අවස්ථාවේ රෝහල තුළ වෛද්‍ය සායනයක් පැවැත්වෙමින් තිබීම නිසා වැඩි පිරිසක් එහි එක්ව සිට ඇත. මෙම කාන්තාව කෑගසමින් එම පිරිස වෙත යාමත් සමඟ ඇය පසුපස පැමිණි බඹරුන් ඔවුන් සියල්ලටම ප්‍රහාර එල්ල කර තිබේ.
මේ පිරිස රෝහලේ ජනෙල් දොරවල් වසා ගෙන හා ගිනි ගොඩවල් ගසා බේරීමට උත්සාහ දරා ඇති අතර පසුව ගිලන් රථ දෙකක් රෝහල වෙත ගෙන්වා බරපතළ ප්‍රහාරයන්ට ලක්වූ පිරිස ගම්පොළ රෝහල වෙත යවා තිබේ.
රෝහල අසල තිබූ වෙළඳසැල්වල පිරිස් හට ද බඹර තර්ජන එල්ල වීම සමග ඔවුන්ද වෙළඳසල් වසා ගිනි දල්වා දුම් ගසා බේරීමට උත්සහ ගත් බව පැවසීය.
කොස්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 9 සමග ඊයේ(5) අත්අඩංගු
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධ
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අටබාගේ රෝහලටම බඹර ප්‍රහාරයක්
Lankaputha Thursday, 02 January 2025 10:58 AM
එය සිදුවූයේ කෙසේද යන්න ගැන සිතීම පවා හාස්‍යජනක ය, මිනිසුන්ට දුක් විඳීම ගැන කණගාටු වුවද ... නැවතත්.. නිකමට හිතන්න කාන්තාවක් රෝහලකට දුවගෙන ඇවිත් බඹරුන් පස්සෙන් එනවා කියලා. නිකන් කාටුන් එකක් වගේ..