IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස) 

ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තරය හෙළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ජයටම සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වසර ගණනාවක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වුවද යම් මට්ටමකින් එය නැවතී තිබුණ ද යළිත් ඒ ආකාරයටම සීගිරි පව්ව මෙන්ම පිදුරංගල ගල පෙනෙන මානයේ අධිරක්ෂිතයේ වන සතුන්ට සිටින භූමි මේ ආකාරයෙන්ම දිනපතා අත් පත් කර ගැනීම ගහකොළ වැල් සම්පූර්ණයෙන්ම කපා බිම දමා ඒවායේ කුඩා පොල් පැළ සිටුවා වගා කොට ඔවුන් සතු කර ගැනීම ජයටම සිදුවෙන බව ජනතාව පෙන්වා දෙති.

මෙම ජාවාරම සිදුවන ප්‍රදේශවලට කිසිම අයකුට ඇතුල්වීමට නොහැකි වන පරිදි විවිධ තැරැව්කරුවන් අතරමග යොදා මෙම ක්‍රියාවලිය සිදු වේ.

ප්‍රදේශවාසීන් ද මෙම ජාවාරම්කරුවන්ට දැඩි භීතියක් දක්වනු ලබන්නේ ඊට විරුද්ධව කතා කළහොත් ඔවුන්ගෙන් විවිධ හිරිහැරවලට ලක් වන නිසාවෙන් බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටින්නේ මෙම මහා පරිමාණ පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීම ගහකොළ කපා දැමීම සංචාරක එසේ අල්ලා ගත් ඉඩකඩම් හෝටල්වලට විකුණන බවයි

මේ හේතුවෙන් ඒවායේ සිටි වන සතුන් වන අලින් ගම් වැදී තම ජීවිතවලට තර්ජනය එල්ල කරන බව ඔවුහු චෝදනා කරති.

 



අදහස් (18)

අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති

විජේවීර Saturday, 18 January 2025 07:58 AM

ඔය මාලිමාවේ කට්ටිය වැඩ පටන් අරන් තියෙන්නේ. ඒ දවස්වල අධිවේගී මාර්ගයේ තිබ්බ පඬුකරඳ ගහක් අල්ලාගෙන දඟලපු නැට්ටිච්චි කෝ අද? එදා ගෝඨාභය තිබ්බ පාරකට කාපට් දැම්මා කියලා පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් දුන්නු අය කෝ දැන්...? ඕකට කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ඡන්දේ දුන්නා නම් දැන් කරන්න දෙයක් නෑ...

:       11       69

saman Saturday, 18 January 2025 07:44 PM

වනහානි කළහොත් දඬුවම කුමක්ද කියාවත් කිසිවකු නොදන්නා නිසා දඬුවම කුමක්ද යන්නත් පැහැදිලිවම නැවත වනහානි නොකිරීමට සහ සමාජයට පණිවිඩයක් ලබාදීමට නම් නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි.

:       3       20

janahithaSunday, 19 January 2025 09:07 AM

බලපත්‍ර දීලා තිබෙන්නේ පහුගිය කාලේ නඩු දමන්න නම් පනත වෙනස් කරන්න වෙනවා. එතකොට වනාන්තරේ ඉවර වෙලා තියෙන්න පුළුවන්... දැන් නැවත පටන් අරන් වගේ පෙනෙන්නේ මාධ්‍ය ගෙන්නලා ජනබලවේගය ආපසු හරවන්න මේවායින් බෑ...

:       0       0

janahithaSunday, 19 January 2025 09:03 AM

පරණ කාපට් දැම්මේ චිචිගේ හෝටලයට යන්න... ඔහේ මක්කැයි මේ කියන්නේ... ඒවත් පහුගිය කාලේ ළමයි ගිනිතිබ්බනේ... හෝටල් හැදුවෙත්, කාපට් දැම්මෙත් ඔහෙලා ණය වෙලා හත්වලාමේ...

:       0       0

janabal asamagiSunday, 19 January 2025 09:05 AM

මෙය සිදු කරන්නේ පසුගිය ආණ්ඩුවේ කට්ටිය බලපත්‍ර දීලා තිබෙනවා...නවත්වන්න නඩුපවරන්න සිදු වෙනවා. ඔහේ මොකක්ද මේ කියන්නේ...?

:       0       1

Clean Sri Lanka - ලංකාව සුද්ද කරමු Saturday, 18 January 2025 08:02 AM

ඒ වුණාට කමක් නෑ... අපි නම් මාලිමාවට. කොච්චර කැලෑ එලි කරත්, මොන තරම් කප්පම් ගන්න ගියත්, හොර ආචාර්ය අනාචාර්යවරු හිටියත්, උගන්ඩාවේ වගේ අවබෝධෙන් බොරු කිව්වත්, හාල්, පොල් නැතත්, හාල් වලින් කෝටි 200ක කොමිස් ගහ ගත්තත්, ඇමැතිකම් ක‍තෝලික පල්ලියේ අයට විතරක් දුන්නත් අපි නම් මාලිමාවට. ඒකෙ වෙනසක් නෑ.

:       12       36

janahithaSunday, 19 January 2025 09:09 AM

හොරු නැතිව කිසි ෆිට් එකක් නෑ අම්මපා...

:       0       0

Pradeep Kumara Saturday, 18 January 2025 08:40 AM

මෙච්චර දේවල් වෙනතුරුත් බලධාරීන් නිදිබරව සිටින එක තමයි ලෝකයේ අනිත් පුදුමය. අවසාන ගසත් කපා දමලා සියළුම වන සතුනුත් විනාශ කරලා දැම්මාට පස්සේ මිනිහා තේරුම් ගනීවි තමාට සිදු වූ දේ... එතකොට නැවත ගොඩ නැගිය නොහැකි තරමටම ප්‍රමාදයි. ලෝක ප්‍රසිද්ධ අපේ එක් ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් ඔය හරියෙන් කැලෑ ඉඩමක් අරන් තියනවා නේද?

:       0       25

Bunny Preena Saturday, 18 January 2025 09:22 AM

මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන තුරු දුක් විඳින රටයි. දේශපාලකයෝ, තක්කඩියෝ කරණම් ගහන රටයි... අසරණ අපි හැමදාමත් ඔවුන්ගේ අණසකට යටයි...

:       0       33

රම්බොඩ Saturday, 18 January 2025 10:28 AM

බලමු හොරු අල්ලන්න ආලු පොලිස් මාලිමාව මොනවාද කරන්නේ කියලා...?

:       2       37

janahithaSunday, 19 January 2025 09:10 AM

අල්ලන්න පුළුවන් විදිහට හොරු වැඩ කරලා නැහැ. ගත්ත ණය ටික ගෙවන්න නොකා නොබී ඉන්න. වෙන කරන්න දෙයක් නෑ.

:       0       0

Lankabarana Saturday, 18 January 2025 12:12 PM

උනුයි, මුනුයි අවුරුදු 76ක් හොඳින්ම කළා කියලා ඒ වැරැදි නිවැරැදි කරන්න හා වැරැදිකරුවන්ට දඬුවම් කරන්න ආණ්ඩුව ගත් අයත්... එතකොට ඉපැරණි පාරේම යනවාද?

:       2       28

Siraa Saturday, 18 January 2025 01:17 PM

අන්තවාදී කට්ටිය වෙන්න ඕනෑ...!

:       3       22

Lalla Saturday, 18 January 2025 02:52 PM

ඒක තමා අටවන පුදුමය. නීතිය රකින්න ඉන්න අයත් එක්ක එකතුව රටේ ජාතික සම්පත් කොල්ලකෑම... වෙන රටවල නම් මෙලෙස කළොත් ප්‍රජා අයිතිය අහෝසිකර හිරේ දාලා. අපේ රටේ නම් මන්ත්‍රීලා වෙන්න සුදුසුකමක්... බලන්න පසුගිය පාර්ලිමේන්තුවේ සංචිතය. දැනටත් සමහරු ඇති...

:       0       27

පොඩිඑකා Saturday, 18 January 2025 08:58 PM

අපේ රටේ මෙහෙම ඒව නොවුනොත් ඒක නම වෙනි පුදුමය…!

:       0       0

රම්සි Saturday, 18 January 2025 09:01 PM

අවුරුදු 76ක් මේ රට කාපු හොර දේශපාලක හැතිකරේට පක්කලි කම් කරලා, හැම එකටම මේ ආණ්ඩුවටම දොස් කියන සට්ටඹි රාලලා අපේ රටේ ඉන්න එක ගැන නම් මට කිසිම පුදුමයක් නෑ...

:       0       1

සමන්ත Sunday, 19 January 2025 12:57 AM

මාලිමාවට ජයවේවා...! අනුර කුමාරයාට ජයවේවා...! සීගිරී ගල අවට මාලිමාවේ තගාලාට, කැලෑ පාළුවන්ට ජයෙන් ජයම වී පොහොසත් ජීවිතයක් ලැබී ලස්සන රටක්, හැදේවා...!

:       0       0

Kamal Koyrala Sunday, 19 January 2025 02:59 PM

සංචාරක කලාප ලෙස අඳුනාගත් ප්‍රෙද්ශ වෙන්න ඇති. මේ කලාප කෙරුවාව වන විනාශයට සහ වනසතුන්ට විනාශය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1209 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 939 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 386 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1190 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1165 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 717 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site