(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටලුගම හුදකලා කර ඇති ඉතිරි ග්‍රාම සේවා වසම් හතර හුදකලා බවින් හෙට (23) දින සිට ඉවත් කිරීමට හැකියාවක් ඇති බව සඳහන් නිර්දේශය ලිඛිතව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කළ බව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් රුවනි සමරතුංග මහත්මිය පැවසුවාය.
ප්‍රාදේශීය ලේකම්වරිය එසේ පැවසුවේ අටුලුගම ඉතිරි ග්‍රාම සේවා වසම් වල හුදකලා බව ඉවත් කිරීමට සුදුසුදැයි යන්න ප්‍රාදේශීය කොවිඩ් කමිටුව රැස්වී තීරණය දැනුම් දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් තුමා විසින් ලබාදුන් උපදෙස් මත එම කමිටුව රැස්වී ගත් තීරණය අනුව ය.
බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටු රැස්වීම පැවැත්විණි .
ඉකුත් නොවැම්බර් මස 21 වෙනි දින අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් නවයක් හුදෙකලා තත්ත්වයට පත් කෙරිණි.
ඒ අනුව අටලුගම නැගෙනහිර ,අටලුගම බටහිර, ගල්ගේ මණ්ඩිය හා බෝගහවත්ත යන ග්‍රාම සේවා වසම්වල හුදකලා බව ඉවත් කිරීමට සුදුසු වාතාවරණයක් ඇති බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය කමිටුව වෙත ප්‍රකාශ කළාය.
හුදෙකලා බව ඉවත් කළ ද අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වල පදිංචි ස්ථිර ව්‍යාපාරිකයන් ,පදික වෙළඳුන් මෙන්ම ජංගම සංචාරයේ නියුතු වෙළඳුන් පි සි ආර් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කළ බව සඳහන් වාර්තාව තම සන්තකයේ තබා ගැනීම අනිවාර්ය බව ද , එසේ නොමැති නම් එළඹෙන සදුදා එම පරීක්ෂණයට ඉදිරිපත්ව එම වාර්තාව ලබා ගන්නා ලෙස එම ජනතාව දැනුම්වත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
එම වෛද්‍ය වාර්තාවක් නොමැති කිසිවෙකුට ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට අවසර ලබානොදීමට තවදුරටත් තීරණය කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අටළුගම ඉතිරි ග්‍රාමසේවා වසම් හෙට සිට නිදහස්