IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


'අට ගුණයක් මුහුද තිබුණත් මාළු අානයනය කරනවා'

‘ශ්‍රි ලංකාව මෙන් අට ගුණයක මුහුද තිබුණත්  ලංකාවේ පරිභෝජනයට  පිටරටින් මාළු ආනයනය කරනවා. මත්ස්‍ය ව්‍යාපාරය වැඩි දියුණු කිරිමට ජාත්‍යන්තර මුහුදට  නැව් යොදවා  මසුන් අල්ලන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා’ යැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා ධීවර අමාත්‍යාංශයේ පැවැති හමුවක දී අද (05) පැවසුවේය.

ජාත්‍යන්තර මුහුදට මසුන් ඇල්ලීම සඳහා  නැව් 1615 ක් යෙදවීමට හැකියාව තිබුණ ද මේවන විට  කුඩා  ප්‍රමාණයේ බෝට්ටු 1500 ක්  පමණ මුහුදේ මසුන් අල්ලන බවත් ඉතිරි ප්‍රමාණය සඳහා  විශාල ප්‍රමාණයේ නැව් යෙදවීමට හැකි බව ඔහු  කීවේය.

DSC_0854

 



අදහස් (0)

'අට ගුණයක් මුහුද තිබුණත් මාළු අානයනය කරනවා'

සිරි Tuesday, 05 April 2016 01:37 PM

ඇයි කලින් ධීවර ඇමති තුමා ඉන්නෙත් ආණ්ඩුවේනනේ. ඇයි ඔය දේවල් වෙනුවෙන් මුකුත් කරලා නැද්ද . නැත්නම් අපේ හිටපු අය ඒවට ඉඩ දීල නැද්ද.? මෙච්චර කල් (අවරුදු 10 ක් ) රට කලේ දේශීය දේවල් නගා සිටවපු ආණ්ඩුවක් ඇයි එයාලා ඕවා නොකළේ.? (ර)

:       0       0

ටිකිරි Tuesday, 05 April 2016 01:55 PM

දැන් මාළු පිටරට පටවන්න හදන්නේ ඉන්දියාවෙන් ගෙන්නලාද? (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Wednesday, 06 April 2016 03:46 AM

මෙයත් වැඩේ කරන්න හදන්නේ. කොහෛ් හරි පිටරටක නැවු කාර්යන්ගෙන් කොමිස් කුට්ටියක් ගන්න වගේ සුදානම. අපිට මාළු කවයි මේ අය. (බ)

:       0       0

ශාන්ත Wednesday, 06 April 2016 03:53 AM

අපේ රටට නිදහස ලැබිල දැන් අවුරුදු 68 ක් වෙනවා. එදා සිට මේ දක්වා රට දියුණු කරන්න බාරගත් උදවිය කරලා තියෙන්නේ මොනවාද කියල පොඩ්ඩක් හිතල බැලුවොත් ඉදිරියේදී රටවැසියන් වශයෙන් අපි කළ යුතුදේ මොකක්ද කියලත් තේරුම් ගන්න පුළුවන්..(බ)

:       0       0

නිහාල් Wednesday, 06 April 2016 03:54 AM

මේ වගේ කතා කියන ඇමතියෙක් මහජන මුදලින් යැපෙන -රටට සෙතක් නොකරන කකුළුවෝ පීචං කතා නොකිය ගෙදර යන්න. (බ)

:       0       0

එම්.ඒ.සෙනෙවිරත්න Tuesday, 05 April 2016 02:49 PM

මමත් කලින් ධීවර අමාත්‍යංශයේ සිටියේ ව්‍යාපෘති කළමනාකරුවෙක්.අපි වැඩ කළේ ෆෙස්ටස් මහතා යටතේ. අපගේ අබුඩාබි ට්‍රෝලර් ව්‍යාපෘතියත් නැගෙනහිර වෙරල ව්‍යාපෘතියත් ඉතාම සාර්ථක වුනා.මුලදී ධීවරයන් මේවට පුහුණු කිරීම අමාරුවුනත් පසුව ඉතාම ජනප්‍රිය වුණා.මෙයින් රටේ නිෂ්පාදනය වැඩි වුනාට අමතරව නව තාක්ෂණය රටට ආවා.(බ)

:       0       0

සුමේධ Tuesday, 05 April 2016 02:57 PM

වැඩ කරන්න දෙන්නේ නැති කට්ටිය ධීවර අමාත්‍යංශයේ ඉන්නේ. රට වටේටම ඩයිනමයිට් දාලා මාළු අල්ලනවා පොඩි මාළු විනාශ වෙනවා. වගකිවයුත්තෝ මර නින්දේ (බ)

:       0       0

මිනිපෙ Tuesday, 05 April 2016 03:22 PM

අනේ අයියෝ මාලු විතරද.මිරිස්,අල ආදීය (බ)

:       0       0

රණතුංග Tuesday, 05 April 2016 03:25 PM

අනේ මහත්තයෝ, නිකම් බොරු කතා එපා. ඔබතුමාත් හිටපු කැබිනට් එකේම නේද ඇයි කලින් ධීවර ඇමති තුමාත් හිටියෙත්, දැන් ඉන්නෙත් ඔක්කොම එකට මේ ආණ්ඩුවේනේ. ඔබලාම කරපු වැරදි පෙන්න අවුරුද්දක් ම ගියාද. දැන් ඉතින් ඒවා හදාගන්න තව අවුරුදු කියක් ඕනද. (බ)

:       0       0

ඇන්තනි Tuesday, 05 April 2016 06:13 PM

ඇමතිතුමා දන්නේ නැහැ වගේ ලංකාවේ නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක මිල විදේශීය විශාල නැවකට වඩා ලොකු බව. ලංකාවේ නිෂ්පාදනය කරන කුඩා ෆයිබර්ග්ලාස් ට්‍රෝලර් එකක් ගන්න සල්ලි වලින් විදේශිකයෙක්ට මඳක් පාවිච්චිකළ ඉතා හොඳ තත්වයේ විශාල නැවු 2 ක් ගන්න පුළුවන් (නි)

:       0       0

නුවන් Tuesday, 05 April 2016 10:32 AM

රට වටකර සාගරයයි.... (ර)

:       0       0

අජිත් Tuesday, 05 April 2016 10:46 AM

මේවා අපි ඉපදිච්ච දවස්වල ඉදල අහන දේවල්. (ර)

:       0       0

ස්ටැන්ලි Tuesday, 05 April 2016 11:07 AM

ඉතින් ඒ ටික කරන්නකෝ.... (ර)

:       0       0

ඉන්දු Tuesday, 05 April 2016 11:10 AM

ඇම විදිහට පාවිච්චි කරන්න ඡන්ද දායකයෝ ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. (ර)

:       0       0

සත්‍යපාල Tuesday, 05 April 2016 11:39 AM

මේක මාර කතාවක්නේ. (හේ)

:       0       0

ධම්ම Tuesday, 05 April 2016 11:58 AM

හා..හා..වැඩ පටන්ගන්න, කයිවාරුව පැත්තක තියලා.(හේ)

:       0       0

අබය Tuesday, 05 April 2016 10:46 PM

මට නම් මෙතුමා කියන දේ පොඩ්ඩක්වත් තේරෙන්නේ නෑ.ප්‍රධාන අරමුණ මොකක්ද?මෙරට ධීවර කමාන්තයේ දියුණුවද? නැත්නම් පිටරටවල ධීවර කර්මාන්තයේ දියුණුවද? (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 05 April 2016 12:23 PM

රට වට කර සාගරයයි ඒ සම්පත් ආකාරයි පිටරටින් මාළු ගෙනත් දෙනවලු... (ර)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 05 April 2016 12:23 PM

ඔය වගේ දේවල් කාලෙන් කාලෙට කියවෙනවා. අපිත් අහනවා, කියවනවා. හැබැයි ආයේ දවසක තව කෙනෙකුට හරි ඔය දේම කියන්න ඉඩ නොතියනවානම් තමා හොද. (ර)

:       0       0

උපාලි Tuesday, 05 April 2016 12:25 PM

අනේ ඉතින් කියනව විතර නේ. ඇතට නැව් යවන එක අමාරු නම් මාළු ලඟට ගෙන්න ගන්න රට වටේට ඇම දාන ක්‍රමයක් හොයමුද? (ර)

:       0       0

ලලිත් Wednesday, 06 April 2016 01:01 AM

එ්ක නේන්නම් ඇමතිතුමා. යුඑන්පි ආණ්ඩු ගණනාවක් තිබුනා. ශ්‍රී ලංකා ආණ්ඩු ගණනාවක් තිබුනා. ඒ මදිවට අර පෙරමුණු මේ පෙරමුණු සන්ධාන වැහිවැහැලා. මොනවා කළාද මන්දා මේ ඉතුරු නැව් 115 නොදමා? නමුත් නැව් 115ක් පිරෙන්න ඩියුටි ෆ්‍රී කාර් නම් ගෙනවිත් තියෙනවා. දැනටම අවුරුද්දක් ගෙවිල ගියා. ඉතිරි අවුරුදු හතරේදී එකසිය පහළොව කෙසේවෙතත් පහළොවක්වත් පුලුවන් නම් දාලා පෙන්වන්නකො. (නි)

:       0       0

බන්දුල Tuesday, 05 April 2016 12:53 PM

නැව් 1000 තියා එකක් වත් දැම්මොත් නේද.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 April 2016 01:06 PM

ආනයනය ගැනම තමයි මෙයාලගේ කතාව. අපනයනය කෙරෙහි කිසිම උනන්දුවක් ඇත්තෙම නැහැනේ මොන අංශයකින්වත්. (ර)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 06 April 2016 02:16 PM

මොනම තේරුමක් වත් තියෙන කතාවක්ද මෙයා කියන්නේ?. (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 06 April 2016 03:08 AM

අවුරුදු ගණනක් පාලනය කළ අයගේ දක්ෂකම. ඉස්සරහටත් ඔච්චර තමයි. තේ, පොල්, මාළු, හාල් වගේ ලංකාවේ තියෙන දේවල් තමයි වැඩියෙන්ම මිල. ඒ නිසා තෙල් ලංකාවෙන් හමු නොවේවායි ප්‍රාර්ථනා කරනවා. මේක අරුම පුදුම මිනිස්සු ඉන්න අරුම පුදුම රටක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 330 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 168 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 394 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1361 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 366 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 165 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site