IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අට වැනි දා ආණ්ඩුව වට්ටයිද?

(සුජිත් හේවාජුලිගේ )

ලබන දෙසැම්බර් මස 8  වෙනිදා අයවැය ලේඛනය  පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

විසි එක් වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  ඡන්දය දීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්
අයවැය ලේඛනය පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදීද  ඒ ආකාරයටම කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවත්  එසේ වුවහොත් අයවැය පරාජයට පත්වී ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා බල කෙරෙන අවස්ථාවක් නිර්මාණය විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්ද විමසීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇමැති ධුර මෙන්ම තම පවුල්වල පවුල්වල සාමාජිකයන්ට සහ හිතවතුන්ට ආණ්ඩුකාර ධූර  ලබා ගැනීමට  මේ දිනවල අරගල කරමින් සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයිද  ඔහු කීවේය.

ආණ්ඩුවට දැනට ඇත්තේ මන්ත්‍රීවරුන් 8ත් 12ත් අතර බහුතරයක් පමණක් බව  පැවසූ චන්න ජයසුමන මහතා ආණ්ඩුවේ සුළු කොටසක් හෝ ඡන්දය දීමෙන් වැලකී සිටියහොත් නියත වශයෙන්ම අයවැය පරාජයට පත්වන බවද  ප්‍රකාශ කළේය.

මේ අතර ආර්ථිකමය වශයෙන් ප්‍රබල වම පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව, රජයේ සහ පෞද්ගලික සේවකයන් ඇතුළු  ජන කොටස් අමතක කර කොටසකට පමණක් මෙවර අයවැය ලේඛනයෙන්  සහන සැලසුව හොත්  සහ  ආර්ථිකයේ යහපත්  දිශානතියක් නොපෙන්වා සිටියහොත් එම ලේඛනයට කිසිසේත්ම සහාය නොදෙන බව
ඔහු වැඩිදුරටත් පැවසීය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ කොළඹදීද ඊයේ(28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

 

 



අදහස් (25)

අට වැනි දා ආණ්ඩුව වට්ටයිද?

ravin Saturday, 29 October 2022 02:37 PM

ශෝක් වැඩක්... එතකොට අපිට පුළුවන්වෙයි හොරු, කසිප්පුකාරයින්, මාලකඩපු අය..., කොමිස්ගහපු අය, කැලෑපාලුවන් ටික හා අනිකුත් දූෂිතයින් ටික සමග හෙංචයියලා ටිකට සමාදානයෙන් සැතපේවා කියන්න.

:       7       52

NIAMLSaturday, 29 October 2022 08:55 PM

අට වැනිදා ආණ්ඩුව වට්ටා මැතිවරණයකට ගොස් විපක්ෂය ඇතුළු සජිත්ගේ කණඩායම සහ රජයෙන් ඉවත්ව විපක්ෂයට එක්වූ කණඩායම සමග රජයක් පිහිටවමු...!

:       20       1

ajithSunday, 30 October 2022 03:27 PM

සජිත්? අජිත් හොඳ නැතිද?

:       2       5

senaSunday, 30 October 2022 12:40 PM

සතුටු වෙන්න තවම කල් වැඩියි. ජයසුමන මහත්තයා හීන දකිනවා. පොහොට්ටුවෝ මේ තත්වය යටතේ පරාදයිද? 

:       1       10

විපරමා Saturday, 29 October 2022 03:19 PM

එහෙම වෙයිද කියලා කවුද දන්නේ? අලියගේ නැට්ටේ එල්ලිලා හිටපු දේශපාලුවන් ටිකත් අලියා පිටේ නැගලා යන්නයි ලෑස්තිය...

:       2       51

BamunuarachchiSunday, 30 October 2022 06:52 AM

මේ වෙලාවේ රජය වැටුණොත් රටට ඇතිවෙන අතුරු ආබාධ ගැන අවබෝධයක් ඇතිවද ඔය කතා කරන්නේ? තිබෙන ආණ්ඩුව වට්ටන එක නොවෙයි සිදුවිය යුත්තේ. මේ ආණ්ඩුව වැටුණාම පත්වෙන අනික් ආණ්ඩුවකට ඔය කියන බදු බර නැතුව සහනාධාර දීලා රට කරන්න පුළුවන්ද? ඒ ආණ්ඩු රට කරගෙන යන්න ඩොලර් හොයන්නේ කොහොමද? ඒවා ගැන කතා කරන්න කොමිස් ගහපුවා, අලියාගේ නැට්ට ගැන නොවෙයි. හරියට අදාළ විෂය ගැන කතා කරන්න ගොන් පාට් දමන්නේ නැතුව...!

:       8       69

පිටරැටියා Sunday, 30 October 2022 03:33 PM

ලංකාවේ දූෂිත නායකයින් සහ දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් වහලුන්ට හොඳ ඇති... ආණ්ඩුව හරියට කරගෙන යනවා නම් ලංකාවේ ජීවත් වෙන අයට හොඳයි...

:       22       6

සුරංග Sunday, 30 October 2022 07:44 PM

කාලෙකට පස්සේ බමුණු ආරච්චි ඇත්තක් කියලා තියෙනවා මෙහෙම වහින්නේ ඒකද මන්දා...?

:       2       9

BamunuarachchiMonday, 31 October 2022 11:20 AM

සුරංග ඇත්ත, බොරු, ලස්සන, අවලස්සන, රස, නීරස අහන, දකින පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. අපි කවුරුත් මෙතැන කියන්නේ ලියන්නේ අපේ ඔපීනියන් එක... නැතිනම් අපේ අදහස. එය තේරුම් ගන්න පුද්ගලයාගේ දැනුමමත වෙනස් වෙනවා. ගැලීලියෝ පොළව ඉර වටේ යනවා කිව්වාම ඒවාට හිටපු පාප්තුමා, Pope Urban VIII... ගැලීලියෝ බොරුකියනවා කියලා ඔහුව නිවාස අඩස්සියේ තිබ්බා.

:       0       1

BamunuarachchiMonday, 31 October 2022 11:28 AM

අපි දෙදෙනෙක් හෝටලයකට කන්න ගියාම මම කන්නේ මේවා ඔබට කැමති දෙයක් ඕඩර් කරලා ගෙවා ගන්න කියලා දෙන්නම එකට කනවා. හැබැයි දෙන්නම දේශපාලනය කතා කරන්න ගියාම මම ජෙප්පෙක් උඹත් ජෙප්පෙක් වෙයන් වෙන්න බැරිනම් උඹ වහලෙක් කියා එකට කාපු දෙන්න බීලා හිටියානම් අනිකාට පිහියෙනුත් ඇනලා. මොවුන්ට දේශපාලනයේදී මුන් ජෙප්පෝ වෙනකොට අපිත් ජෙප්පෝ වෙන්න ඕනේ. මුන් සජබ වෙනකොට අපිත් සජබ වෙන්න ඕනේ. අන්න එහෙම හිතන පිටරට ගොබ්බයො තමයි මේ.

:       4       2

Prabha Saturday, 29 October 2022 05:34 PM

ඇමැතිකම් ටිකක් දෙන්නම් කිව්වා නම් 2/3 නෙවෙයි 3/3 ගන්න පුළුවන්...

:       1       8

සෙනවි Saturday, 29 October 2022 08:09 PM

කවදාවත් වෙන්නේ නැහැ. අවුරුදු 5ක් ඉන්න ඕනෑ නිසා විශ්‍රාම වැටුප ගන්න. මහ ලොකු දේශමාමක අයනේ ඉන්නේ...!

:       0       17

Perera Saturday, 29 October 2022 11:02 PM

ඔය මිලියන 10ක් 15ක් ගානේ දුන්නාම ආණ්ඩුව වැටෙන්නේ නැති විදිහට කවුරු කවුරුත් මුක්කු ගහවි...

:       1       13

ranjith Sunday, 30 October 2022 06:43 AM

දෙය්යන්ගේ නාමයෙන් එහෙමවත් වෙනවා නම්...!

:       7       9

Anura Nanayakkara Sunday, 30 October 2022 09:51 AM

අවශ්‍යතාවය රජය බිඳදැමීම නම් එය කරන්න. පාර්ලිමේන්තුවේ ඔක්කොම එළවලා අරගලකරුවන්ගේ/ජවිපයේ ආණ්ඩුවක් හදමු...!!

:       16       11

janahitha Sunday, 30 October 2022 10:41 AM

ලාංකීය කලුකුරුල්ලා බලවත් ඔක්කොම අහුවෙනවා. ජනතාවගේ මුදල් සහ අහුලගෙන කන කෑම ටිකක් මන්ත්‍රීවරුන්ට බෙදනවා. ඔක්කොම දිනනවා... අයවැය දිනනවා. මීළඟ පියවර ඉදිරි ඡන්දයකදී සංවිධානය වී ආසන ටිකක් ලබාගෙන සංධානයක් සාදා බලය ගැනීමට රනිල්ද එකතුවනු ඇත. ඔන්න ඕකයි තත්වේ...!

:       5       11

Nelum Pushpasiri Sunday, 30 October 2022 11:25 AM

මේවා කතන්දර පමණයි. කෂේරුවක් තියනවා නම් කරන්න තියෙන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ඔහුව ඉවත් කරන්න. වර්ථමාන පාර්ලිමේන්තුවේ එහෙම දේශප්‍රේමීන් නැහැ. බහුතරය අසමජ්ජාති, කාලකණ්ණි, අමන, තකතීරු දේශපාලකයින් ඉන්⁣නේ. හැමදාම බයිලා කිය කියා ඉන්න අමන අපතයන් රැලක්...!

:       4       16

චින්තක Sunday, 30 October 2022 07:52 PM

රනිල් එන්න පෙර තත්වය ප්‍රභාකරන් කිව්වා වගේ අමතක වෙච්චි නෙලුම් රනිල් එලවන්න මාර්ග කියනවා... රනිල් එලවලා රට කරන්නේ අම්මද බොල? රාජපක්ෂ පරම්පරාව කාපු රට හදන්න වයිමා ආවත් තවත් අවුරුදු 25ක් වත් ගතනොවී බැහැ කියලා හිතන්නේ නැද්ද? පළාත් සභා අහෝසි කළොත් අවුරුදු 15කින් පමණ පුළුවන් කියලා හිතෙනවා...

:       4       3

fairoos Sunday, 30 October 2022 01:55 PM

කටුකන මන්ත්‍රී සෙට් එකක් ඉන්නකන් ඔහොම වෙන්න ඉඩ නැහැ...

:       1       9

සමන්ත Sunday, 30 October 2022 02:32 PM

හොර ආචාරියා.. දෙවියන්ගෙන් උපදෙස් අරන් රටම විනාශකළා. මේ අයව හිරේ දාන්න ඕනෑ රටට කරපු දේට...!

:       0       14

de silva Sunday, 30 October 2022 02:43 PM

බල්ලා මරන්න මැක්කෝ සෙට් එක කැමැති නැහැ.. අපිට තව අවුරුද් 2-3 දුක විඳගෙන ඉන්න වෙනවා..

:       2       11

amila Sunday, 30 October 2022 06:38 PM

වට්ටන්න නෙමෙයි ගහලා පන්නන්න ඕනෑ...

:       1       7

Santhu Sunday, 30 October 2022 06:39 PM

අප්සෙට් නම් තමයි ඒත් මේ විදියෙන් හරි රට ඩිංගිත්තක් විතර ගොඩට ගත්තේ මෙයාලනේ... අනික, ලෝකය පුරා රට රටවල ඇවිදලා ඒ වැඩ කරන්නත් හොඳ පෞරුෂත්වයක් තියෙන්නත් ඕනෑනේ. ඒ හපන්කම කරන්න කවුරුත් ඉස්සරහට ආවේ නැහැ ඇරයුම් දීලත්...

:       11       5

නිමේෂ් Sunday, 30 October 2022 10:40 PM

රනිල් නම් ලෝකේ පුරා ගිහිල්ල නිකන් ලජ්ජා වෙලා ආව විතරයි , එංගලන්තේ ගියා ,ලනක්වේ උන්දලට ෂෝ එකක් දැම්ම , සුමානයක් යන්න කලින් , අපේ රටට විරුද්ද මානවහිමිකම් යෝජනාවට එංගලන්තේ උඩින්ම සපෝර්ට් කරා , ජපනෙත් එහෙමයි, රනිල් සම සබාපති කම ගැන රටට් හෙන පචයක් ගැහුවා විතරයි හැරෙන තැපෑලෙන් ජපානේ කියුවේ එහෙම එකකට කැමති උනේ නැහැ කියල.

:       1       28

sharm warn Monday, 31 October 2022 09:41 AM

මොකක්?වැටෙයි ?එතකොට තවම වැටිලා නැද්ද/එහෙනම් මොකෝ අර වයසක මනුස්සයාව කර ගහගෙන "නැගිටිමු නැගිටිමු "කිය කියා ගමින් ගමට යන්නේ ?එතකොට ඒ ගොබිලෝ ආණ්ඩුවේ උන් නෙමෙයිද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 143 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1060 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3766 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 998 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1456 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1141 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site