IMG-LOGO

2024 දෙසැම්බර් මස 24 වන අඟහරුවාදා


අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක්

(සුජිත් හේවාජුලිගේ)

රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට  ලිපියක් යවමින් දැනුම් දුන්නේය.

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දුෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත් සංගමයේ සභාපති ඩී.ජී.ඒ උඩුගම මහතා පැවසීය.

නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීමේ සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමේදී නිහඬව සිටි මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ජාතික සංඝ සම්මේලනය නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සාධනීය ක්‍රියා කලාපය විවේචනය කිරීම ඉතාමත් කණගාටුදායක බවද ඔහු පෙන්වා දුන්නේය.

සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන එම සංගමය එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අද මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිතා කරන බවද පෙන්වා දෙයි.

දැනට වෙළඳපොළේ ඇති නිත්‍යානුකූල බියර්වල ප්‍රමිතිය ගැන නිසි විමර්ශනයක් කළ යුතු බව උඩුගම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

 



අදහස් (3)

අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක්

Vipula Tuesday, 24 December 2024 09:25 AM

නිතීවිරෝධි විෂ මත්පැන් බීම අවම කිරිමට මෙමඟින් හැකියාව ඇත

:       3       16

Lalla Tuesday, 24 December 2024 11:45 AM

දැනට පවතින සුරා බද්ද අරක්කු බෝතලයේ මිලෙන් 85%ක් පමණ බව ඇත්තද? එසේ නම් අඩුමිලට දීමට ඇල්කොහොල් සාන්ද්‍රණය අඩු නොකර සහ බදු අඩු නොකර බෑ නේද?

:       0       3

වීරමුණි Tuesday, 24 December 2024 01:13 PM

ඔය මොකුත් නැහැනේ මිනිස්සුන්ට කස්සිපු වල තියෙන විෂ පෙරලා ඉවත් කරගෙන බොන්න ෆිල්ටරයක් හදලා දුන්නනම්. මත්පැන් කොහොමත් ශරීරය ට අහිතකර ය්. නොබී ඉන්න එක තමයි හොඳ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපනුන් වංචාවලට හසුකර ගන්නා සංවිධානයක් ගැන කියෝඩෝ පුවත් හෙළි කරයි
2024 දෙසැම්බර් මස 24 237 0

ජපන් ජාතිකයන් ආයෝජන වංචාවලට හසුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකාවේ වංචනික සංවිධානයක් ජපන් බස කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන


වැඩ තහනමට ලක් වූ ලංවීම 62ක් හිටපු තැනටම
2024 දෙසැම්බර් මස 24 593 0

ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව උද්ඝෝෂණය කළ හේතුවෙන් වැඩ තහනමකට ලක් කොට පසුව සේවයේ පිහිටුවා සිටි සේවකය


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල් පත් කරයි
2024 දෙසැම්බර් මස 24 689 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


‘කුෂ්‘ සමඟ තවත් අයෙක් කටුනායකින් අල්ලයි
2024 දෙසැම්බර් මස 24 165 0

රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel )


තෙරපි වේශයෙන් ඇවිත් දොස්තරගේ සේසතටම සුද්දයක් දීලා
2024 දෙසැම්බර් මස 24 1328 0

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු අන්තර්ජාලයෙන් සිදු කළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළලසේකර මාවතේ නිවසකට තෙරපීවරයකු වේශයෙන් පැමිණි පුද්ගලයකු වෛද්‍යවරයා මත්


චීන රෝහල් නෞකාව බලන්න අග්‍රාමාත්‍ය හරිනි යයි
2024 දෙසැම්බර් මස 24 996 0

කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක්වූවාය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 26 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 81 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 51 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site