(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
පාන් සඳහා වන ගැසට් පත්‍රයේ නියමන් පරිදි නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරිමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
ගැසට් නිවේදනයේ නියමන් ක්‍රියාත්මක වන්නේ දැයි මෙම 5 වැනිදා දිවයින පුරා වැටලීම් ආරම්භ කළ බවත් මෙම බේකරි සහ වෙළෙඳසැල් 453 මේ දක්වා කළ වැටලීම්වලදී හදුනාගත් බවත් එම අධිකාරිය කීය.
සියලුම බේකරි සහ වෙළෙඳසල්වල විකිණීමට ප්‍රදර්ශනය කර ඇති පාන්වල බර සහ මිල පැහැදිලිව ප්‍රදර්ශනය කර තැබිය යුතු අතර පාරිභෝගිකයෙක් පාන්වල බර මැනීමට ඉල්ලූ විට ඒ සදහා කිරුම් මිනුම් ආයතනයේ ප්‍රමිති සහතික ලත් තරාදියක් බේකරි සහ වෙළෙඳසල් තුළ තිබිය යුතු බව ද එම අධිකාරිය සදඟන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා වැටලීම් අඛණ්ඩව කරන බවත් පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට ඇමතිය හැකි බවත් එම අධිකාරිය වැඩි දුරටත් පැවසීය.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අඩු බරට පාන් විකුණූ බේකරි 450 කට නඩු