(ෂේන් සෙනෙවිරත්න)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රතිඵල ලබාගෙන තිබේ.
ක්‍රිස්ටීන් ප්‍රාණකේශිණී නමැති එම සිසුවිය නිවසේ ස්වයං අධ්‍යාපනය ලබා 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඇයි එහිදී ඒ සමාර්ථ එකක්, බී සමාර්ථ තුනක් සහ සී සමර්ථ පහක් ලබාගෙන ඉහළ ප්‍රතිඵල පෙන්වා තිබේ.
ඇයගේ මව සහ පියා ගුරුවරුන් වන අතර එම දැරිය ලබන වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ද සූදානම් වෙමින් සිටින බව මව්පියන් පවසයි.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අඩු වයසින් සාපෙළ ලියා ලොකු ජයක් ලබලා
ලංකාමිත්‍ර Sunday, 03 December 2023 06:46 PM
ඇත්තටම හැකියාව තියෙන දරුවන්ට හැරමිට්ටෙන් යමින් කරන අධ්‍යාපනය නැවතීමට අවස්ථාව දීමට කටයුතු කරන්න ඕනෑ සාමාන්‍යයෙන් අවුරුදු 24ට පෙර උපාධිය ගන්න අවස්ථාව ඇතිවීමට විධිවිධාන යොදනවා නම් රටට වාසනාවක් කියන්න පුළුවන් එම දැරියගේ අනාගත අපේක්ෂා සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව ඉෂ්ට සිද්ධවේවා...!
ana Sunday, 03 December 2023 07:22 PM
මේක අනෙක් දරුවන්, දෙමාපියන් ආදර්ශයට ගතහොත් දරුවන්ගේ ළමා ලෝකය තවත් අඳුරු වනු ඇත.
සෙනෙවිරත්න Sunday, 03 December 2023 08:22 PM
මම දන්න ළමයෙකුත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වසරකට පෙර ලියලා, ඔයිට වඩා හොඳ ප්‍රතිඵල ගත්තා. කාලය නාස්ති නොකර යන්න හැකි කෙනාට යන්න දෙන එක හොඳයි. ඒ නමයක්ම ගන්න අවශ්‍ය නැහැ.
Nalins Monday, 04 December 2023 11:37 AM
වැඩක් නෑ.....දෙමව්පියෝ අනවශ්‍ය විදියට ළමයි තල්ලු කරනවා....
ප්‍රියදර්ශනී Monday, 04 December 2023 12:06 PM
විභාගය කියන්නේ කට පාඩම් කර ගිරවා වගේ නැවත පුනරුච්චාරනය කිරීම මිස බුද්ධිය අවබෝධ ඥාණය වර්ධනය කිරීමක් නොවේ. ස්වභාවධර්මය ට ගරු කරමින් මිනිසාට පමණක් නොව වනසතුන්, ගහකොළ, ජීවත්වන වායුගෝලය සුරකිමින්, මතු අනාගත පරපුර ට අතීතයේ, වර්තමාන යේ භුක්ති විඳින සම්පත් සුරැකීම ට සහජීවනයෙන් ජීවත්වීමට, පංචශීලය පිළිපැදිමට දරුවන් කුඩා කට සිට යොමු කළ යුතු වේ. පෙර පාසල් දරුවාගේ සිට දෙමාපියන් ගේ ආධාර නොමැති ව වූවද තනිවම තම කාර්යයන් කරගැනීමට ස්වයං වගකීම පැවරෙන ලෙස දරුවන්ට අධ්‍යාපනය පළමුව දෙමාපියන්ගෙන්, දෙවනුව ගුරුවරුන් ගෙන් තෙවනුව ජීවත්වන සමාජයෙන් ලැබීමට සැලැස්වීමෙන් ජපානයේ මෙන් බුද්ධිමත්, තමන්ට, අනුන්ට කරදරයක් නොවී ජීවත් වන වර්තමාන දරුවා හෙට ජාතියට වටිනා දායාදයකි.
චන්දන Monday, 04 December 2023 01:15 PM
රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි කියන්නේ මේකට. මෙතැන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. 8 පන්තියේ ළමයෙක් සාමාන්‍ය පෙළ ලියන්න නම් පාසලෙන් අස්වීමේ සහතිකය ගන්න ඕනෑ. පුද්ගලිකව ලියන්න පුළුවන්. එහෙම නම් මෙයා අහවල් ස්කෝලේ කියලා දාන්නේ කොහොමද? මේ ගැන විභාග දෙපාර්තමේන්තුවත්, මහනුවර උසස් බාලිකා විදුහල්පතිනියත් උත්තර දිය යුතුවෙනවා. මේ දැරියට උණුසුම් සුබපැතුම්!