(ගයාන් සූරිය ආරච්චි)
ග්‍රෑන්ඩ්පාස්, බබාපුල්ලි හංදිය අසල මාර්ග බාධක රාජකාරියේ සිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගෙ අණ නොතකා පලා ගිය නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් තිබූ කාර් රථයකට වෙඩි තබා නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී කාර් රථය තුළ තිබූ ජීව අත්බෝම්බයක් පොලිසිය දෙසට දමා ගැසීමට සැකකරුවන් සූදානම් වූ බවද පොලිසිය කියයි.
එම වෙඩි තැබීමෙන් සුළු තුවාල ලැබූ සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් මෝටර් රථය කඩවත සූරිය පාලුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමින් ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
කොළඹ උතුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සමර පාල මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් , වායු පිස්තෝල , තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකු ගල්කිස්ස විමල
වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහ
පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී ඇති ඉඩම් අක්කර 1 ,539 ක් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත රුපියල් 354,658,614 ක හිඟ බදු අ
ලොව අටවන පුදුමය ලෙස හඳුන්වනු ලබන සිගිරි පව්ව පෙනෙන මානයේ පිහිටා ඇති දියකැපිල්ල ප්‍රාථමික විදුහල වැසී යෑමේ අවදානමක් පවතින බව මව්පියෝ පවසති.
ඌව සහ දකුණු පළාත්වල අම්පාර, මඩකළපුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අණ නොතකා පලා ගිය මෝටර් රථය වෙඩි තබා අල්ලයි