IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අඬන සින්දු කියලා පොරක් වෙන්න බෑ

2016-12-04-ent-90

ඉරාජ්  වීරරත්න  කියන්නේ තාරැණ්‍යයේ බොහෝදෙනා අතර ජනප්‍රිය චරිතයක්. ජාත්‍යන්තරව පවා ඔහුගේ  නිර්මාණ ඇගයීමට ලක්ව තිබෙනවා. ඔහුගේ අලුත්ම ගීතයත් මේ වනවිට You Tube එක හරහා, සමාජ ජාල හරහා ගොඩාක් ජනප්‍රියයි. ඉතින් ඒ නිර්මාණ ගැන සහ ඔහුගේ ඉදිරි නිර්මාණ ගැන හදසර කළ කතාබහයි මේ. 

 

ඉරාජ් මේ දවස්වල මොකද කරන්නේ?

2016-12-04-ent-91පසුගිය සුමානේ මම අලුත් Music Video එකක් Release කළා, හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන්  මේ දවස්වල බොලිවුඩ්වල ගොඩක් ජනප්‍රිය කෙනෙක් වන නේහා කාකර් (Neha Kakkar) එක්ක. ඒක මේ දවස්වල You Tube එක හරහා ගොඩක් ජනප්‍රියවෙලා තියෙනවා. තව ඊළඟ මාසේ අලුත් සින්දු දෙකක් එනවා. එකක් ලංකාවට හැදුවා. අනිත් එක අමෙරිකාවේ බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ අංක එක ( Billboard - Music Charts  - No 1) වුණු ගායකයෙක් එක්කත් මම ගීතයක් හැදුවා. ඒ දේවල් ඉදිරියේදී දකින්න පුළුවන්. 

 

අන්තිමට Release කළ නච්නා ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

ඒක You Tube වලින් No 1 වෙලා තියෙනවා නේපාලයේ සහ ලංකාවේ. ඒ වගේම ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් මේ ගීතය බලලා තියෙනවා. ඉතින් හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙමින් පවතිනවා.

 

ඉරාජ් හිතන්නේ ලංකාවේ Music Field එකේ  තරගකාරිත්වයක් තියෙනවද?  

අනේ නැහැ. මම නම් කිසිම තරගකාරිත්වයක් දකින්නේ නැහැ. නමුත් මම විශ්වාස කරන්නේ  ඕනෙම ක්ෂේත්‍රයක් තුළ තරගකාරිත්වයක් තියෙන්න ඕනේ. එතකොට හොඳ නිර්මාණ කරන්න පෙළඹීමක් වෙනවා. බලන්න දැන් තියෙන ගීත ටිකක් අරන්. එකම විදියේ අඬන සින්දු කරන්නේ Ringing tone වලට. ඉතින් කොහොමද තරගකාරිත්වයක් හැදෙන්නේ.

 

ලංකාව තුළ කොහොමද ඉරාජ් එක්ක ඉන්න පිරිස? 

මට එදා ඉඳන්ම ඉන්නේ රුප් සංගීතය අහන අය. ඒ අය බලාගෙන ඉන්නේ මම අලුත් සින්දුවක් කරනකම්, ඒ වගේම තමා තව පිරිසක් ඉන්නවා මට බණින්න බලාගෙන ඉන්නේ. හැබැයි කියන්න ඕනේ, ඒ බණින අය නිසා තමා ඒ සින්දු  ජනප්‍රිය වෙන්නේ. 

 

ඉරාජ්ට ඒ ලැබෙන බැණුම් ඉරාජ් දකින්නේ කොහොමද? 

මම 2004 අහංකාර නගරේ සින්දුව කරපු කාලෙත් මට බැන්නා, මොකක්ද මේ කරන්නේ නටනවා දඟලනවා කියලා. නමුත් මම කවුරැ කෑගැහුවත් මම බය නැහැ. මොකද මම කරන්නේ මට ඕනේ දේ. අනික මම ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ වටේ ගිහින් තියෙනවා, සංගීතය දැකලා තියෙනවා. ඒ වගේම දකුණු ඉන්දියාවේ විජයගේ ෆිල්ම්වලට මම ගීත කරලා තියෙනවා. ඉස්සරහට මම බොලිවුඩ් චිත්‍රපට කිහිපයකත් වැඩ කරනවා. ඉතින් මේ රටේ අය තවම එහෙම දේවල් කරලා නැහැ. තවම අපේ අය ළිඳේ ඉන්න මැඩියා වගේ දූපත් මානසිකත්වයෙන් ඉන්නේ. බලන්න පොඩ්ඩක් හිතලා, අපේ සිංහල ගීත ආසියාතික රටවල්වල අය අහනවද? නැහැනේ. නමුත් අපි හින්දි ගීත අහනවනේ. ඕක තමා ඉතින් ඇත්ත තත්ත්වේ. 

 

ලංකාවේ සංගීතය දකින්නේ කොහොමද? 

ජාත්‍යන්තරය එක්ක බලද්දී ලංකාවේ අපේ සංගීතය ඉන්නේ ගොඩාක් පිටිපස්සේ. අපේ අමරදේව සර් එහෙම ලොකු සේවයක් කළා, ලංකාවේ සංගීතයට. ඊට  පස්සේ ක්ලැරන්ස් මහතා, රෑකාන්ත අයියා, භාතිය සන්තුෂ් වගේ අය සංගීතයේ වෙනස්කම් ඇති කළා, නමුත් එතැනින් එහාට අද පරම්පරාව සින්දු කරන්නේ Ringing tone වලට දාන්න බලාගෙන. ඉතින් මම දකින්නේ එතැනින් එහාට අපේ පරම්පරාව හිතන්න ඕනේ. බලන්න කොලවරී ගීතය එහෙම, මුළු ලෝකය පුරාම ජනප්‍රිය වුණානේ. ඉතින් එහෙම දෙයක් කරන්නවත් අපේ අය උනන්දුවක් නැහැ.

 

Music Video? 

මම සින්දුව වගේම තමා Music Video එක ගැනත් වෙනස් විදියට අලුත් විදියට හිතනවා. පසුගිය කාලේ මම  කරපු ‘සිල් බිඳගත්ත’  ගීතය  ගැන ලොකුවට කතා කළා. විවේචනය කළා. නමුත් රටේ ජනගහනයෙන් හතරෙන් එකක් බලලා තියෙනවා. ඒ කියන්නේ  You Tube එක හරහා විතරක් ලක්ෂ 55ක් බලලා තියෙනවා. කොච්චර බැන්නත් 2016 අවුරැද්දේ වැඩියෙන්ම බලලා තියෙන ගීතය. 

 

කරපු ගීත අතරේ වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු ගීතය මොකක්ද? 

මෙහෙමයි. මම කරලා තියෙනවා වෙනස් වෙනස් ගීත. ලංකාවේ අපේ කාන්තාවන්ට සවුදි ගිහින් වෙන දේවල් ගැන, එතකොට පොලීසියෙන් වෙන දේවල් ගැන. තව මනුසතා කියලා ගීතයක් කළා, සිංහල මුස්ලිම් අන්තවාදීන් ගැන. නමුත් එහෙම යම් පණිවිඩයක් දෙන Music Video ගැන වැඩි කතාවක් නැහැ. අපේ මිනිසුන්ට ඕනේ මොකක් හරි දෙයක් අල්ලගෙන බැණලා ඒ මනුස්සයව වට්ටන‍්න කවුරැත් කැමති නැහැ කෙනෙක් ඉදිරියට යනවට. මම ඒක දකින්නේ කුහකකමක් විදියට. නමුත් වෙන රටවල් එහෙම නැහැ, එයාල හිතන්නේ ඔක්කොම එකතුවෙලා රටක් විදියට ඉස්සරහට යන්න. මේ රටේ එහෙම එකක් මම දකින්නේ නැහැ. ඔක්කොම තමන්ට කරගන්න තමා උත්සාහ කරන්නේ. 

 

2017 අවුරැද්දේ බලාපොරොත්තු? 

ඔව්. 2017 දී මගේ බලාපොරොත්තුවක් තියෙනවා, Akon එක්ක සින්දුවක් කරන්න. දැනටමත් ඒක කතා කරලා තියෙන්නේ. තව ඉතින් ජාත්‍යන්තරයේ ඉන්න ලොකුම අය එක්ක වැඩ කරන්න  මම බලාපොරොත්තු වෙනවා.

 

ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරද්දී කොහොමද ඉරාජ්ට ලැබෙන ප්‍රතිචාර? 

ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මගේ තියෙන ආසියාතික හඬට ගොඩක් කැමැතියි. ඒ වගේම තමා FB සහ You Tube හරහා ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මේ ආසියාතික රටවල අය ඒවා ගැනත් ගොඩක් හිතනවා. ඉතින් එයාලා කැමැතියි මා එක්ක වැඩ කරන්න.  

 

ඉරාජ් Gossip ගැන මොකද හිතන්නේ?

ඒ ඉතින් පහර ගහන්න කරන දේවල්. මොකද, අපි කියන දේ සම්පූර්ණයෙන් දාන්නේ නැහැනේ. මම කියන දෙයින් වචන දෙක තුනක් අල්ලගෙන පහර ගහන්න කරන දේවල් තමා ඉතින් Gossip වලින් කරන්නේ. මම නම් ඒවා ගැන හිතන්න කාලය යොදවන්නේ නැහැ. මම මගේ ගමන යනවා. මොකද, Ringing tone වලට ගීත කරලා ඒ හරහා මහා ගොඩක් සල්ලි හම්බකරගෙන කලාකාරයෙක් විදියට මැරිලා යන්න මට ඕනේ නැහැ.

 

අවසාන වශයෙන් කියන්න යමක් ඇති? 

මගේ FaceBook  Page  එකක් තියෙනවා, ඒක like කරලා අලුත් සින්දු  තියෙනවා නම් මට එවන්න පුළුවන්. ඒ වගේම තමා අලුත් Music Video තියෙනවා නම් ඒවා වුණත් එවන්න පුළුවන්. මොනවා හරි අලුත් දෙයක් තියෙනවා නම් ඒවා වුණත් එවන්න පුළුවන්. ඒ වගේම මගේ අලුත් නිර්මාණත් ඒ හරහා බලන්න පුළුවන්. 

 

අනූෂා රණසිංහ

 

 2016-12-04-ent-92



අදහස් (0)

අඬන සින්දු කියලා පොරක් වෙන්න බෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 10 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 642 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4637 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2020 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8830 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1486 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site