IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අත්අඩංගුවට නොගන්නැයි ගෝඨා මහ උසාවියට යයි

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් එය වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම  ලබන ජනවාරි 28 වැනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ,ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවු අතර එහිදී පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මේ වන විට අමාත්‍ය මණ්ඩලය සංශෝධන සිදුව ඇති හෙයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ද ඇතුළත් කළ යුතු බවයි.ඒ සඳහා කල් ලබා දෙන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබීමට හා සංශෝධිත පෙත්සම් ඉදිරිපත් කිරීමට අවසර ලබාදීමටද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්, පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

අත්අඩංගුවට නොගන්නැයි ගෝඨා මහ උසාවියට යයි

අමල් Wednesday, 07 October 2015 11:23 AM

සක්‍රියව යුද බිමේ ඉඳගෙන යුද්ධය අවසන් කරමින් හමුදාවට නායකත්වය දුන් යුද විරුවා. (ර)

:       0       0

චානක Wednesday, 07 October 2015 07:27 AM

මහලොකු කම පෙන්නුවට බය නැහැ කියල , දැන් බයයි වගේ (බ)

:       0       0

දීපාල් Wednesday, 07 October 2015 07:30 AM

එතකොට තමන් වරදක් කර තිබුණොත්? (නි)

:       0       0

නව්ෆල් හරිඩ් Wednesday, 07 October 2015 11:28 AM

වරදක් කර ඇත්නම් දඩුවම් විදිය යුතුයි. (ර)

:       0       0

සංකල්ප Wednesday, 07 October 2015 07:47 AM

ඔහුගේ පැත්තෙන්,හදවතට එකඟව ඔහු නිර්දෝෂී කියා සිතෙනවා නම්,එවන් තත්වයක් යටතේ දිනකට හෝ අත් අඩංගුවට පත් වුණොත් එය ඔහුට වේදනාකාරී වන්නට ද පිළිවන.ඇතැම් විට ඒ නිසා වන්නට ඇති අත් අඩංගුවට පත් නොවී සිටීමට මෙතරම් නීතියේ පිහිට පතන්නේ.අපි බලමු මොනවද වෙන්නේ කියල!(ම)

:       0       0

දිනේෂ් Wednesday, 07 October 2015 07:54 AM

මෙන්න මෙයා බය වෙලා. (ස)

:       0       0

ලාල් Wednesday, 07 October 2015 11:49 AM

සෝබා හරි. (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 07 October 2015 11:53 AM

මම ගෝඨාට කවදත් ගරුකරනවා (නි)

:       0       0

සුපුන් Wednesday, 07 October 2015 08:16 AM

කුම්බලා මාළු කෑවනම් වද විඳපන් බළලෝ. (ස)

:       0       0

පද්මිණි Wednesday, 07 October 2015 12:27 PM

නීතිය සැමට සමාන විය යතුය. (ර)

:       0       0

විල්සන් Thursday, 08 October 2015 09:52 PM

ගෝඨා වරදක් කර නැත්නම් මොනවට බයවෙනවාද? (නි)

:       0       0

සෝබා Wednesday, 07 October 2015 08:24 AM

යුද්දේ දිනපු ගෞරවය හොරකම් කරන්න දුන්න ලයිසන් එකක් නෙමෙයි..(බ)

:       0       0

සේන Wednesday, 07 October 2015 08:35 AM

යුද්දය සදහා එතුමාට හිමි ගෞරවය ලබාදිය යුතුයි, නමුත් යුද්දය මුල්‍ය වංචා පටලවා ගන්න එක නම් හොද මදි.(ම)

:       0       0

දුමින්ද Wednesday, 07 October 2015 08:35 AM

අද පොලිසීය අත්අඩංගුවට ගැනීම් කිරීම ගැටලු සහගත නැද්ද (ම)

:       0       0

සදා Thursday, 08 October 2015 02:02 AM

තිලක්-ඩුබායි ඉන්න තිබුනේ ඩුබායි නොවේ ඇමෙරිකාවේ. (ර)

:       0       0

කල්පගේ Wednesday, 07 October 2015 08:47 AM

මේක තමයි රට. යුද්දය ඉවර කළා කියල වැරදි වැඩ කරන්න වරමක් ද? (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 07 October 2015 09:05 AM

ඔය දේවල් ගණන් ගන්න එපා.(හේ)

:       0       0

සොපි Wednesday, 07 October 2015 09:19 AM

මේ ඔක්කොටම හේතුව යුද්ධය ජය ගැනීමයි. (ර)

:       0       0

පාර්වතී Wednesday, 07 October 2015 09:24 AM

මේ මිනිසාට අත තබා සාපලත් ජාතියක් නොවෙමු .කොඳු නාරටි නැති පර ගැත්තනි මේ ගැන සිතා බලවු ....! (බ)

:       0       0

ජගත් Wednesday, 07 October 2015 09:32 AM

සරත් ෆොන්සේකාට නම් ඔය මොන ඓතිවාසිකමක් වත් තිබුනේ නෑ. (ර)

:       0       0

හමීස Wednesday, 07 October 2015 01:48 PM

බලයේ ඉන්න කාලයේ ඔහු කටයුතු කළේ දැලිපිහිය අතට ගත වඳුරා වගෙයි. ඔහු හොඳක් නොකළාමය කියලා කියන්න බැහැ. එහෙත් කරලා තියන වැරදි ඊට වඩා බරපතලයි වගේ පෙනෙන්නේ. පොල්පොට් සහ ඉයන්සාරි අනුගමනය කරපු කෙනෙක්. ජනරාල් සරත් ෆොන්සේකාට කරපු හතුරුකම් පල දෙන්ඩත් එපැයි ! (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 07 October 2015 02:10 PM

තිලක් -ඩුබායි , පිවිතුරු යහපාල කියන එකක් නම් ඇත්ත. දෙවෙනි කරුණනම් ඇත්තක් වගේ කියන්න ගියාට මටනම් පේන්නේ බොරුවක්ම කියලයි. මේනිසා පිවිතුරු යහපාලව ආදර්ශයට ගන්න කියන්නත් බැහැ. (අ)

:       0       0

වින්සන්ට් Wednesday, 07 October 2015 02:20 PM

පිටිගල-මිලානෝ, ඔබ කියන දේ නිවැරදි වුනත්, එය පිළිගැනීමට තරම් යම් ජනතාවක් රටේ දැනුවත් නොමැති එක කණගාටුවට කරුණකි. (හේ)

:       0       0

කිත්සිරි Wednesday, 07 October 2015 06:23 AM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 October 2015 10:05 AM

හැමදාම රජවරු බිසෝවරු,කුමාරවරු,රජාගේ සහෝදරවරු,ඒ සහෝදරයන්ගේ බිසෝවරු රටේ රජ කරනවා කියලයි හිතාගෙන හිටියේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 October 2015 10:07 AM

රාජ්‍ය සේවකයෙකුට පුලුවන්ද රුපියල් කෝටි 2000 ක් වියදම් කරලා මිනීකන මෝරු ආදරේට කියල ඇති කරන්න? (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 October 2015 10:09 AM

රටම නිදහස් කර දුන්නු ජාතික විරයව හිරේ යවල,ඒ ජාතික වීරයාට හරියට කන්න අදින්න වත් දෙන්නේ නැතිව පිළුණු වුන කෑම බෙලෙක් පිගානේ කනකොට,ජාතික විරය ජම්පරයක් ඇදගෙන හිරේ දුක් විදිනකොට අපි නම් සත්තකින්ම දුක් වුනා ශාප කළා..ඒ ශාපය තමයි දැන් පල දෙන්නේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 October 2015 10:10 AM

අනිවාර්යෙන්ම දැන්වත් රටේ පොදුවේ සලකන නීතියක් තිබෙනවා කියල පෙන්වන්න. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 October 2015 10:11 AM

ජෙනරල් සරත් ෆොන්සේකා නොහිටින්න කරයි යුද්ද? (බ)

:       0       0

විජිත් Wednesday, 07 October 2015 10:13 AM

දුක සැප නීති පෙරලේ - රිය සක ලෙස ලෝකේ (බ)

:       0       0

ධම්ම Wednesday, 07 October 2015 06:40 AM

කුමන හෝ හේතුවකට ගෝඨා අත්අඩංගුවට ගන්නා තුරු නින්ද නොයන අය මේ කුහක සමාජයේ ඉන්නවා. (ර)

:       0       0

කල්ප Wednesday, 07 October 2015 06:46 AM

වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

නානායක්කාර Wednesday, 07 October 2015 06:47 AM

හැමෝම අපරාධ කරලා අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි ගියොත් රටේ නීතියක් නැතිවෙනවා. මේවාට ඉඩනොදිය යුතුයි. (නි)

:       0       0

උපුල් Wednesday, 07 October 2015 06:53 AM

නිතිය කාටත් එක සමානව විය යුතුයs (ම)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 07 October 2015 10:23 AM

යුද්ධය දිනන්න දායක වුවන් අතර ඔබ එක්කෙනෙක් පමණයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , මහින්ද රාජපක්ෂ, දහසක් සොල්දාදුවෝ, හිටපු රාජ්‍ය නායකයෝ, ඉවසීමෙන් සියල්ල විඳ දරාගත් පුරවැසියෝ, ස්වේච්ඡාවෙන් කඳවුරු වල වැඩ කළ වෛද්‍යවරු වැනි මේ සියල්ල එකතු වෙලා තමයි අපට යුද්ධය දිනා දුන්නේ. ඒ අතර ලද නිදහසින් සහ බලයෙන් සොරකම් හෝ මිනී මැරුම් කළේ යයි ඔප්පු වුනොත් ඒවාට අදාළ දඬුවම් විඳිය යුතුය. (බ)

:       0       0

පරාක්‍රම Wednesday, 07 October 2015 03:18 PM

ලැජ්ජයි මේ වෙන දේවල් දැක්කම.(හේ)

:       0       0

එළුවාපොළ Wednesday, 07 October 2015 06:56 AM

ගෝඨා වැනි අය නොසිටින්නට තවමත් යුද්ධය! (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 07 October 2015 10:25 AM

මෝරු හදන්න කෝටි 2000 වියදම් කරලලු..කොහෙන් කඩා පාත් වෙන සිතුවිලිද මන්ද..බොරුවක් කියනකොට ඒක කියපන් බන් ටිකක් හරි ඇත්තක් වගේ පෙන්න. .. ඔහේ ඉදල හම්බ කරලා එවන ඒවායින් නිදහසේ සැප විදින්න රටක් හදල දීපු වරදට ගෝඨාභය මහත්තය හිරේ දාල මදි ...එල්ලන්න ඕන..(බ)

:       0       0

පාටලී Wednesday, 07 October 2015 10:49 AM

රුසියාවේ යුද හමුදාපති කවුද කියලා දන්නවද? මේ සියලු කරදර යුද්ධය ඉවර කල එකට. රටට සාමය ගෙනාපු එකට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 46 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1060 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1755 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 765 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 190 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 526 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site