( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
එම කොට්ඨාස විසින් තමන් අත්අඩංගුවට ගත හොත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුව ඇති බවට ප‍්‍රකාශ කරන්නැයිද ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
ඥානසාර හිමියන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පසුගිය දිනවලදී දිවයිනේ වාර්තා වූ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වී ඇති බවත් ,ඒ සම්බන්ධයෙන් පොලීසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබුණු බව පෙත්සමේ සඳහන් වේ.
එම විමර්ශනයන්ට අවසන්ව නොතිබියදී තමන් අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කටයුතු කරන බවත් ,පෙත්සම්කාර ඥානසාර හිමියෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අත්අඩංගුවට නොගන්නැයි ඥානසාර හිමිගෙන් පෙත්සමක්
tony-maharagama Tuesday, 13 June 2017 11:34 AM
දැන් දැන් රටේ සිදුවෙන්නේ තනිකරම නාඩගම්. කතාව , තිර රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නෙත් බවලත් රටේ ලොකු ලොකු ඇත්තෝ. රඟපෑම විතරයි ඔය කුලියට කරන උදවිය කරන්නේ. ක්‍රමක්ක්‍රමයෙන් රට ආයෙමත් අගාධයකටයි තල්ලුවෙන්නේ. දේශපාලුවෝ කියන්නේ ' තනිකරම ගුණමකුවෝ ' කොටසක් කියන එක තවදුරටත් ඔප්පු වුණා.
ලුම්බිණි Wednesday, 14 June 2017 12:37 AM
අපේ හාමුදුරුවෝ ඔය තරම් නීතියට බය මොකද?
amali Wednesday, 14 June 2017 03:36 AM
ලුම්බිණි රවුෆ් හකීම් නම් නීතියට බය නැහැ වගේ නේද.
Padmini Wednesday, 14 June 2017 04:32 AM
නීතියෙන් ඉවතට රිංගමින් රටම විනාශකළ දේශපාලකයොයි, නීති නමන කළු කෝට් කරුවන් ටිකයි නැවත රට අගාධයට ගෙන යමින් සිටියි. අහිංසක ජනතාවට නම් අබ සරණම තමයි.
lanka Wednesday, 14 June 2017 05:07 AM
කොච්චර සද්දේ දැම්මත් බෙරය ඇතුලේ හිස්...
sachith Wednesday, 14 June 2017 05:07 AM
නීතිය හැමෝටම එක වෙන්න ඕනේ... අන්තවාදී ලෙස වැඩකරන දේශපාලකයෝ කොච්චර ඉන්නවද? මේ ලඟදී තේ ෆැක්ටරි එකකට ගිනි තිබ්බ කිවේ. ඒවා හදලා වීඩියෝ අන්තර් ජාලෙටත් දාලා ඉවරයි. මේවා දන්නේ නැති විදේශිකයෝ හිතන්නේ අපිත් ජාතිවාදී කලබල කරනවා කියලා...
sena Wednesday, 14 June 2017 05:51 AM
මොනවා වුණත් අපි ගැන නිකමට හරි කතාකරන්න ඉන්නේ උන්වහන්සේ විතරයි...