IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අත්තටගේත් යළි රිමාන්ඩ්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු පස් දෙනා ජනවාරි 10 වැනි දින තෙක් නැවතත් රිමන්ඩ් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරියකගෙන් ප්‍රශ්න කරගෙන යන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වුවාය.

ප්‍රධාන සැකකරුගේ සහායකයකු වන ලක්ෂාන් ජයසිංහ, නයිවල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු වන සිරිවර්ධන ජයසේන, නයිවල රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රිය ශාන්ත සෙසු සැකකරුවෝ වෙති.

මෙම සිද්ධිය සුළු කොට තැකිය නොහැකි බවත් විභාග රහස් විභාගයට කලින් පිට කිරීම විශාල වරදක් බවත් මහේස්ත්‍රාත්වරිය පැවැසුවාය.

අත්තටගේ ඇතුළු සැකකරුවනට ඇපදෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලූහ. ඔවුනට ඇප දීමෙන් විභාගයට පෙනී සිටි සිසුනට ලොකු අගතියක් වන බව මහේස්ත්‍රාත්වරයි ප්‍රකාශ කළාය. ඇප ප්‍රතික්ශේප කළ මහේස්ත්‍රාත්වරිය අත්තටගේ ගෙන් හා ටියුෂන් ගුරු සිරිවර්ධන ජයසේන ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දුන්නේය.



අදහස් (0)

අත්තටගේත් යළි රිමාන්ඩ්

ඉන්ද්‍රජිත් Friday, 28 December 2012 10:21 PM

මෙයාගේ අත්දැකීමෙන් අනුමාන කිරීමේ ශක්තිය ගැන ගල් පැලෙන බොරු ඇදබාන්න කෙනෙක් දැන් නම් කුලියටවත් හොයාගන්න බැරිවා වගේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 30 December 2012 04:09 AM

දැන්නම් අත්තට 'ගේ' වත් තියෙනවා. නඩුව අවසන් වෙද්දි 'ගේ' තියා ඉඩමවත් ඉතුරුවෙලා තිබේවිද සැකයි. (නි)

:       0       0

රුවන් Friday, 28 December 2012 11:08 PM

මෙවන් අයට ගුරු වෘත්තිය තහනම් කළ යුතුයි. (නි)

:       0       0

නිමල් Friday, 28 December 2012 11:20 PM

ප්‍රශ්ණ 19 ක් අනුමාන කළ මෙයාට ‍මේක අහුවෙයි කියලා අනුමාන කරන්න දැනුමක් තිබිලා නැද්ද? (නි)

:       0       0

ලාල් Saturday, 29 December 2012 12:38 PM

එයාටත් මොකක් හරි බලයක් ඇති (ස)

:       0       0

කිවි Sunday, 30 December 2012 07:46 AM

එයා දැන් රිමාන්ඩ් එකෙත් ටියුෂන් දෙනවද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 29 December 2012 02:24 AM

මෙයාගේ තටු ගලවන්නයි තිබුණෙ...!(නු)

:       0       0

ජනක Friday, 28 December 2012 04:15 PM

අනේ අපේ රටේ රහස්? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 28 December 2012 04:17 PM

ගුරුකමෙන් හොරකමට... (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 29 December 2012 02:49 PM

කාන්තාවක් නොසිටියොත් ඒක අඩුවක් (ස)

:       0       0

ඇන්ඩ්‍රෑ Friday, 28 December 2012 04:25 PM

අයියෝ! (නි)

:       0       0

කල්පගේ Friday, 28 December 2012 04:48 PM

පුලුවන් නම් විභාගය නැවතත් තියන්න. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. (නි)

:       0       0

ධනුක Saturday, 29 December 2012 05:15 PM

මෙයාට දෙන්න ඕනෑ දඩුවම තමයි සර්කස් වල කඩු ගිලින වැඩේ..! (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 29 December 2012 09:16 AM

තණ්හාය ජායතී සෝකෝ! (නි)

:       0       0

අජිත් Saturday, 29 December 2012 10:44 AM

මේ ගුරුවටයට බැනලා වැඩක් නෑ . මේක මෙයාට ගෙනැත් දීපු නිලධාරියා අල්ලාගන්න (ස)

:       0       0

පද්මි Saturday, 29 December 2012 10:50 AM

අපේ රටේ කොතන ගියත් හොරු.. (ස)

:       0       0

අජිත් Saturday, 29 December 2012 10:46 AM

කවුද ඔය නැවත විභාගේ තියන්න කියන්නේ . දැනටමත් ලකුණු දාලා ඉවර ඇති (ස)

:       0       0

ආනන්ද Friday, 28 December 2012 08:56 PM

යළිත් ඔවුන්ට ගුරු වෘත්තිය තහනම් කළයුතුයි. (නි)

:       0       0

ජයන්ත Saturday, 29 December 2012 10:22 PM

ඊළග පාර ප්‍රශ්න 45ම පිටකරන්න.. එතකොට ලකුණු 45ක් ලැබිලා හැමෝම පාස් වෙනවා.. එතකොට සාක්ෂරතාවය ඉහළයි කියන්නත් පුළුවං නේ..(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 6 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 44 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 81 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 625 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 534 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 732 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site