අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න 18ක් විභාගයට පෙර පිටකළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු වන කැලණිය දික්පිටියේ අත්තටගේ චන්දන සම්පත්, ලක්ෂාන් ජයසිංහ, ඔහුගේ කාර්යාල සාහායකයකු බව කියන ලක්ෂාන් ජයසිංහ, ගම්පහ නයිවල සැලුන්හළක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, නයිවල ටියුෂන් පන්තියක් පවත්වාගෙන යන සිරිවර්ධන ජයසේකර සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්රිණ යන්ත්‍ර ක්‍රියාකාරුවකු වන මංගල ප්‍රිෂාන්ත යන පස් දෙනා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්රාරත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ එම විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන් ස්කෑන් පිටපත් 2000කට අධික ප්‍රමාණයක් කොළඹ ගම්පහ ඇතුළු ප්‍රදේශවල ටියුෂන් පන්ති කිහිපයක සිසුන් අතට පත් කර ඇති බවට සැකකරන බවයි. ඒ ගැන සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගතයුව ඇති බවත්, සැකකරුවන් නිදහස් කළහොත් පරීක්ෂණවලට බාධාවක් ඇති විය යුතු බවත් රහස් පොලීසිය පැවසීය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අත්තටගේ යළි රිමාන්ඩ්
දඩිගම Friday, 11 January 2013 12:29 PM
කීර්ති නාමය ගැනද කිවුවේ (දී)
පිටිගල Thursday, 10 January 2013 07:46 PM
ඔබ කර මේ විනාශයට දිවි ඇති තෙක් දඩුවම් ලැබිය යුතුයි (ස)
අර්ජුන Friday, 11 January 2013 01:35 PM
අනේ පව් (දී)
කිත්සිරි Friday, 11 January 2013 08:18 AM
මේවට දැඩි දඬුවම් දියයුතුයි, ඉදිරියටත් මේවගේ ළමයින් ගේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්න අයගෙත් ඇස් ඇරෙන්න. (ස)
ඉන්ද්‍රජිත් Thursday, 10 January 2013 09:58 PM
සියලු මාධ්‍ය වලින් සැබෑ ප්‍රශ්න පත්තරය සහ මොවුන්ගේ හොර කොපිය සසඳා පෙන්වත්දීත් 'මෙය මෙසේ වූයේ මොහුගේ ඉගැන්වීමේ අත්දැකීම් නිසාමය..' කියමින් හොරුන්ව සුද්ද කිරීමට තැත්කළ කමෙන්ට් කරුවන්ගේ අන්තර්ජාල සබඳතා පරීක්ෂා කලානම් මෙහි ලාභය බෙදාගත් ඉතිරි ටිකදෙනාත් අල්ලගන්න තිබුනා. (ස)
නිශාඩ් Friday, 11 January 2013 09:56 AM
ලබන O/L වෙනකම් ඒ අය හිටපුදෙන් (ස)