(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ලංකා අර්තාපල් කිලෝවක් රුපියල් 300 ක්, ඉන්දීය අර්තාපල් කිලෝවක් රුපියල් 240 ක්, රට ලූණු කිලෝවක් රුපියල් 135 ක් සහ රතු ලූණු කිලෝවක් රුපියල් 400 ක් දක්වා මිල ඉහළ ගොස් තිබුණි.
සිල්ලර වෙළදුන් පවසන්නේ තොග මිල වැඩි වීම හේතුවෙන් පිරිප්පු, සීනි, අල, ලූණු සහ හාල්මැස්සන් කරවල ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූ බවයි.
සතොස කිලෝවක් රුපියල් 115 කට අළෙවි කළ රතු සීනි කිලෝවක් අද (26) රුපියල් 120 කට අළෙවි කළ අතර සතොස රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 250 දක්වා ඉහළ දමා තිබුණි.
සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේ ඉදිරි දින දෙකේදී සතොසට සුදු සීනි තොගයක් ලැබෙන බවත් ඉන් පසුව සුදු සීනි විවෘත වෙළෛඳපොලට වඩා අඩු මිලට ලබාදීමට බලාපොරොත්තු වන බවත්ය.
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළට
Sriland Thursday, 26 August 2021 07:40 PM
රට වහපු එකේ විපාක, දැන් රට වහන්න කියපු අයත් එක්ක බලාගන්න.
සෙනෙවිරත්න Friday, 27 August 2021 07:42 AM
රට වහපු නිසා පරිප්පු සීනි මිල වැඩිවන්නෙ කොහොමද? දේශීය එළවළු ,මාළු, බෙදාහැරීමේ අවහිරතා නිසා කෘතීමව වැඩි වෙන්න පුළුවන්. තවම කඩේ යන අ ය ඉන්නව වගේ
ksFriday, 27 August 2021 08:55 AM
රට වහපු ඒකේ විපාක නෙමෙයි මේ රට ඇරපු ඒකේ විපාක.නිසි වේලාවට රට වැහුව නම් මේ අවුල් නැහැ.පැනි මුට්ටි දදා රට ඇරපු ප්‍රතිපල තමයි මේ. දැන් ඇරියත් වැඩක් නැහැ. කොයි රටක් වත් කොරෝනා ව්‍යප්ත උන රටක් ඒක්ක වැඩ කරන්න බයයි. ආනයන අපනයන ගැන ඒ් නිසා විශ්වාශය තියන්න බැහැ කලක් යනකම්. එක පැත්තක් විතරක් බලලා තීරණ ගත්ත පාලකයින්ගේ ගොන්කම්වලට විදවන්න උනේ අපිට
fairoos Thursday, 26 August 2021 07:53 PM
එතකොට අපේ සර්ගේ ගැසට් එකෙන් වැඩක් වෙන්නේ නැද්ද.?
medamulana Thursday, 26 August 2021 08:04 PM
රාජ පක්ෂ වරුන්ටනම් බනින්න එපා ඒගොල්ල තමයි එදත් හොඳට කරේ, අදත් හොඳටම කරන්නේ මේ හැමදෙයක්ම කොරෝන නිසා. අපේ රාජපක්ෂලාට කරන්න දෙයක් නෑ මේවට
JAYAMANNA Thursday, 26 August 2021 09:34 PM
කෝ දැන් අර බැසිල් ආවම ඔක්කොම අඩු වෙනවා කියලා නටපු අය.
saman Friday, 27 August 2021 12:18 AM
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් දුක් විදින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැඩි වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදු මුදල ප්‍රමාණවත් නොවීම නිසයි. මෙම ඉහල වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් තමන්ගේ පන්තිය නඩත්තු කිරීම සදහා මිල අධික සුකෝප භෝගී වාහන ,මිල අධික ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම සිදු වෙනවා. එවිට ඩොලරය ඉහල යනවා. එවිට බඩු මිල ඉහල යනවා.
සෙනෙවිරත්න Friday, 27 August 2021 07:40 AM
ඔබ නිවැරදියි. මමත් මාසිකව සැලකිය යුතු මුදලක් උපයන විට බදු ලෙස ගෙව්වා , මට වඩා වැටුප් ලබන අය ඊටත් වඩා ගෙව්වා , බන්දුල උන්නැහැ ඒවා සේරමත් වැට් එකත් අඩු කලා. මේ සේරම වලින් වාසි උනේ යමක් ඇති අයට, සමහරු මාසික වැටුපින් කරන්න දෙයක් නැතිව ඉන්නව. ඒ අය ඩොලර් වැයවන දේවල් කරනව, විදෙස් ගමන්, භාණ්ඩ මිලදී ගැනීම් වගේ. දුප්පත් පොහොසත් වෙනස ඉතා දරුණු විදියට වැඩි වෙලා. අවාසනාවට මේක තේරුම් නොගන්න අයම තමයි මේකෙන් බැට කන්නෙ. ඒ අය මේක තේරුම් ගන්න තුරු මේ විශම චක්‍රය තිබේවි. මොකද මන්ද මානසිකයටත්, නූගතාටත්, උගතටත්, බේබද්දටත් තියෙන්නෙ එක චන්දය බැගින් නිසා
SunethFriday, 27 August 2021 09:55 AM
අන්තිමට බැලුවාම පේන්නේ පෝසත් උදවියගේ මිලදී ගැනීම් වලට දුප්පතා වන්දි (බදු) ගෙවනවා වගේ වැඩක්...
Lalith M Friday, 27 August 2021 11:38 AM
සමහර කතාවලට මම විරුද්ධයි. ඉහල වැටුප් ලබන අය මහන්සිවී අධ්‍යාපනය ලද හෝ ස්වභාවයෙන්ම බුද්ධිමත් අය හෝ අවදානම ගෙන ව්‍යාපාර කර සාර්ථක වූ අය. ඒ අයට අවශ්‍ය විදියට ජීවිතය ගෙන යන්න බාධා කලොත් රට හැර යාම නියතයි. එතකොට මේ රටේ ඉතිරි වෙන්නේ නූගත් අය, මෝඩයෝ සහ වියපත් ප්‍රජාව. මුලින්ම බලන්න මේ අසාර්ථක පාලකයන් පත් කරගන්නේ කවුද කියල. බොරු පොරොන්දු වලට රැවටෙන මෝඩ හෝ නූගත් අපිමයි
Shamila De Mel Friday, 27 August 2021 05:24 AM
විශ්වය පුරා විහිදීගිය පොදුජනරාවේ.
swene Friday, 27 August 2021 06:06 AM
මගේ රටට රාජ පක්ෂ පවුල සරණයි!
Ranjith Friday, 27 August 2021 10:10 AM
සමන් මහත්තයා බොරු කියන්න එපා. අපි විශාල බදු මුදලක් දැනටත් ගෙවනවා.
kamal Friday, 27 August 2021 10:56 AM
කොරෝනා නිසා ලෝකයම ආර්ථිකයෙන් වැටිලා ඉන්න වෙලාවේ මෙවන් දෙයක් වීම සාමාන්‍යයි .ඒ නිසා අපි මේ මොහොතේ රජයට සහයෝගය දීම අත්‍යවශ්‍යයි .පෙට්‍රල් ,ඩීසල්,ගෑස් ,සීනි ,හාල් ,ලූනු ,අල .මේවා කන ගමන් රට ලස්සන කරන එකත් නවත්වන්න හොඳ නෑ . ඉතුරු තාප්ප ටිකෙත් ලස්සනට අඳිමු .රැල්ලක් යවමු .අපි 69 ලස්සේම එකතු වෙමු
Sarathkumaramudannayake Friday, 27 August 2021 02:05 PM
බඩු මිල ඉහළ යෑමට ප්‍රධානම හේ්තුවක් තමයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම රජය සතු නොවීම.. අද එ්කාධිකාරය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය සතුව ඇත. මීට වසර ගණාවකට පෙර අප රටේ ආහාර දෙපාර්තමේන්තුව තිබිණි. එහි සාමාන්‍යයෙන් මාස 6ක පමණ කාලයට අත්‍යාවශ්‍ය බඩු තොග රැස්කර තිබිණි.. ආහාර ගබඩා මින් සමහරකි. මෙවැනි ගබඩා දිවයින පුරා තිබිණි. නමුත් නිදහස් වෙළෙඳ ආර්ථිකයත් සමග ආහාර ඇතුළු බොහෝ දේ ගෙන්වීම පෞද්ගලික අංශය සතුවිය. ඉහත කී ගබඩා අද ආර්ථික මධ්‍යස්ථාන බවට පත්විය. අද අප රටේ මිල යාන්ත්‍රණය හසුරවනු ලබන්නේ රජය නොව පෞද්ගලික අංශයයි. මේ ක්‍රමය අනුව මොනම රජයකටවත් මිල පාලනයක් කිරිම ලෙහෙසි පහසු දෙයක් නොවනු ඇත...