IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අතයි අලියායි එකම කාසියේ දෙපැත්තේ

ශ්‍රිලනිපය හා එජාපය එකම කාසියේ දෙපැත්තක් යැයි ජවිපෙ නායක අනුර  කුමාර  දිසානායක මහතා අද (28) රජරට  ගුවන් විදුලියට  මීට  ස්වල්ප වේලාවකට  පෙර  සජිවි සාකච්ඡාවකට  එක් වෙමින් කීවේය.

මේ නිසා  අපේ  දරුවන්ට   ස්ථාවර  රටක්  යහපත්  අනාගතයක්  ලබාදීම සඳහා  ජවිපෙ වටා  පෙළ ගැසී මෙවර  පාර්ලිමේන්තු මැතිවරණයේදී  ඡන්දය දෙන්නැයි දිසානායක මහතා පැවසුවේය.

“එජාපයත් ශ්‍රිලනිපයත් අවුරුදු  67 ක්  රට  පාලනය කළා  ජනතාවට  එදා ආහාර  වේල කන්න ලැබුණේ නෑ. ආහාර  වේලේ පෝෂණාත්මක ගුණය පහළ වැටී  තිබෙන අතර ගොවියාට  හරි  හැටි   ගොවිතැන්  කිරිමට  අවශ්‍ය පහසුකම්  හා  නවීන තාක්ෂණය ගොවිතැනට ලබා දිය යුතු බවත් ලංකාවේ  වී කිලෝ 1 ක්  නිපදවීම සඳහා රු 35.25  ක් වේ.  ජපානයේ   වැය වන්නේ  11.20 ක් වන අතර වී නිෂ්පාදයේ  යෙදවුම්  මිල අඩු කළ යුතු බව කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා  ළමයින්  වඩා ගැනීම වැනි  බාල වැඩ  රටට  ලෝකයට  පෙන්වන්න මාධ්‍ය  යොදා ගත්තා. මාධ්‍ය  නිදහස්ට  විශාල තර්ජනයක්  පසුගිය රජය සමයේ  තිබුණ බව මෙහි දි  දසානායක මහතා පැවසුවේය.”

 



අදහස් (0)

අතයි අලියායි එකම කාසියේ දෙපැත්තේ

නන්දන Tuesday, 28 July 2015 03:35 PM

එකම විකල්පය ජ.වි.පෙ. පමණයි. තම තමන්ගේ පුද්ගලික උවමනාවන්ගෙන් තොරව රට ගොඩනැගීමේ සැබෑ උවමනාව ඇත්තේ ඔවුන්ට විතරයි. 67 වසරක් ඔය පක්ෂ දෙකම කරලා තියෙන දේවල් ඇස් පනාපිට පේන්න තියෙද්දි ඇයි තවත් වරද්ද ගන්නේ.(බ)

:       0       0

සුමිත් Tuesday, 28 July 2015 11:35 AM

ඔව්, සීනුව කාසියේ අලියාගේ පැත්තේ.(නදී)

:       0       0

දිනේෂ් ශ්‍රී වර්ණකුල Wednesday, 29 July 2015 09:07 AM

ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්කම අපිට පේනවා ජේවීපී රජයක් යටතේ සිංහල බෞද්ධයාට ස්ථිර ස්ථාවර රටක් කියන එක හීනයක් කියලා. මේ සිංහල දේශයේ එදා ඉදලා තිබ්බ නීතිය හා සම්ප්‍රදාය තමයි රටේ නායකයා බෞද්ධයකු හා සිංහලයකු වීම කියන එක. ඉතිහාසය නොදන්නා ජේවීපී කාරයෝ ඒක වෙනස් කරන්න හදන්නේ කොහොමද ? (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 28 July 2015 12:24 PM

ජවිපෙ විශ්වාස කළ හැකි පක්ෂයයි (බ)

:       0       0

ජයමිණි චන්ද්‍රකුමාර Tuesday, 28 July 2015 12:32 PM

එහෙම බලලා තමයි 67 ක් ලනු කෑවේ (නදී)

:       0       0

සිංහ Tuesday, 28 July 2015 12:38 PM

අපිට නම් තේරෙන විදිහට දෙපැත්තේම සීනුව තියන කාසිය, අලියා සාක්කුවේ දමාගෙනය (නදී)

:       0       0

ධම්ම Tuesday, 28 July 2015 12:51 PM

ජේ.වී.පී පොඩි වෙනසයි තියෙන්නේ (නදී)

:       0       0

විජයබාහු Tuesday, 28 July 2015 01:06 PM

ඔව් සීනුව අලියාගේ නැට්ටේ ? (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 28 July 2015 01:55 PM

ඕක දැන් සීනුවක් නෙවෙයි. (බ)

:       0       0

සත්‍යයා Wednesday, 29 July 2015 06:17 PM

ශ්‍රී ලංකා නිල් කන්නාඩියෙන් බැලුවත් යු එන් පී කොළ කන්නාඩියෙන් බැලුවත් ජේ වී පී අතීතය ගැන පෙනෙන්නේ එකම පින්තුරයයි. ඒකයි රටේ ජනතාව ඔය පක්ෂ දෙක අයියයි මල්ලියි කියල හඳුනාගෙන තියෙන්නේ. තරුණයෝ අවි අරගෙන කළේ මොකක්ද කියන එක ගැන කතා කරන්න කලින් අවි අතට ගත්තේ ඇයිද කියල තේරුම් ගන්න මේ පක්ෂ දෙකම උත්සාහ නොකළේ ජේ වී පී කාරයින්ව නිහඬ කර ජනතාව දිගටම සුරා කන්න බව ජනතාව තේරුම් ගත්ත දවසට. හ්ම්ම් ප්‍රශ්නය තියෙන්නේ ඒ දවස උදාවෙයිද කියන එක. පිළිතුර දුක් විඳින ජනතාව අතේ. (නදී)

:       0       0

සෑම් Wednesday, 29 July 2015 12:36 AM

අර 87-89 කාලෙට ආපහු යන්න කැමති නම් , ටයර් වල ගිනි තපින්න කැමති නම් ජේ වී පී එකට දෙන්න. එක්සත් ජාතික පක්සේ ෆේස්-බුක් පිටුවේ තියෙන්නේ . ශ්‍රී-ලංකා එකේ සභාපති ගේ පින්තුරේ නේ ? අනේ කාලේ වනේ වාසේ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 0 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 254 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 23 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 652 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 658 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14027 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19788 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site