IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අතුරුගිරිය රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු 11 ක් නිරෝධායනයට

(ශාන්ත ප්‍රදීප් කුමාර)

අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවු  රෝගියෙකුට  කොරෝනා වෛරසය ආසාදනය වු බවට වාර් තා වීමත් සමග එම රෝහලේ සේවය කරන  වෛද්‍යවරයකු ඇතුළු 11 දෙනකු  ස්වයං  නිරෝධායනයට කර  රෝගීන් ඇතුළත් කර ගැනීම අද (8)  සිට  තාවකාලිකව නවතා දැමිමට පියවර ගත් බව අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය  ජේ.පී සුබසිංහ මහතා පැවසීය.


එහෙත් රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ බාහිර ප්‍රතිකාර ප්‍රතිකාර ඒකකය පමණක් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බවද වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.

අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉකුත් දා පිහි ඇනුමකට  ලක්ව තුවාල ලබා අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගියාට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇතැයි පැවසේ.

එහිදී රෝගියා ශල්‍යකර්මයකට භාජනය කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී අහබු පී.සී.ආර් පරීක්ෂණයකට ද ලක් කර ශල්‍යකර්මයෙන් පසුව දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇතැයි පැවසේ.

ඒ අනුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ අදාළ රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව හෝමාගම මූලික රෝහලේ දැඩි  සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය තාවකාලිකව වසා දමා එහි සේවය කළ කාර් ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට  ලක් කිරීමට පියවර ගෙන තිබුණි .

මේ පිළිබඳව වාර් තාවීමත් සමග අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රෝගියා ඇතුලත් කරන විට සේවය කළ වෛද්‍ය වරයකු,හෙදියන් හය දෙනෙකු සහ සුළු කාර් ය මණ්ඩලයේ  හතර දෙනකු ඇතුළු 11 දෙනකු මෙසේ ස්වයං  නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ,ජේ.පී. සුබසිංහ මහතා පැවසීය .



අදහස් (0)

අතුරුගිරිය රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු 11 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 4 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 307 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 912 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2259 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 663 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1515 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site