අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් එජාපයත් ශ්‍රීලනිපයත් පත්කළ කොමිෂන්වලට අපි සාක්කි දුන්නා. එහෙත් මේ වනතෙක් යුක්තිය ඉටුවී නැහැ යැයි ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද 15 පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත පිළිබඳව රට තුළ විවිධ මතවාදයන් ඇතිවෙමින් තිබෙනවා. එක් පැත්තකින් ත්‍රිවිධ හමුදාව අපහසුතාවයට පත්කරනවා කියනවා. තවත් පැත්තකින් අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටුකිරීමේ පනතක් කියනවා. සුළු කල්ලියක් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කළා කියලා චෝදනා කරනවා. අතුරුදහන් කිරීම පිළිබඳ ප්‍රශ්නය 1971 දක්වා දිව යනවා. 1971දී රාජ්‍ය මැදිහත්වීම් මත අතුරුදහන් කිරීම් සිදුවුණා. 86-80 කාලයේදී 90 සිට 2009 යුද්ධය පැවති කාලය තුළදීත් 2009 සිට 2015 දක්වා දේශපාලන අතුරුදහන් කිරීම් වශයෙන් ප්‍රධාන අවස්ථා ගණනාවකදීත් අතුරුදහන් කිරීම් පිළිබඳව වාර්තා වුණා. රාජපක්‍ෂ පාලනයේ දෙවැනි යුගයේදී 2012දී මෙම කරුණ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කරන වෙලාවේදී අපි කොන්දේසි සහිතව පනතට සහාය දෙනවා කියලා කිව්වා‘ යැයි ද ඔහු කීය.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අතුරුදන්වූවන්ට මෙතෙක් යුක්තිය ඉටුවී නෑ‘
රුවන් Monday, 15 August 2016 04:31 PM
බලන් ඉමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
හේවාවසම් Monday, 15 August 2016 05:40 PM
හැත්තෑ එකේ කැරැල්ලේ අතුරුදහන් වූ හැටදාහක් පමණ වවූ තරුණ තරුණියෝ ගැන මොකක්ද ගන්න පියවර? (නි)
වින්සන්ට් Monday, 15 August 2016 07:20 PM
අනේ මහත්තයෝ, ඔයගොල්ලන් කියන ඒවා පමණයි අපට පිළිගන්න පුළුවන් දැන්. අඩුතරමින් ඇත්ත තේරුම් ගැනීමටවත් අපේ සමහරක්ට හැකියාවක් නැත්තේ වන්දනා කරමින්ම සිටින නිසා වෙන්න ඇති. (නි)
ධම්ම Monday, 15 August 2016 10:09 AM
මා බලා ඉන්නේ 1971 කැරැල්ල කාලයේ හෙම්මාතගමදී අතුරුදන් වූ මගේ පොඩි අයියා පිලිබඳ හරි තොරතුරක් ලැබෙන තුරු. (බ)
ඉසුරු Monday, 15 August 2016 10:45 PM
එහෙනම් 88-89 ගැනත් හොයමු නේද මහත්තයෝ (නි)
මාලිංග Monday, 15 August 2016 10:53 PM
මොකටද අපි මේවට උත්තර දීලා නිකන් ඇඟේ ලේ කෝප කරගන්නේ? (නි)
සෙනරත් Monday, 15 August 2016 10:16 AM
අතුරුදන්වීම් සිදු වුනේ 88 89 කාලේ. එකට කළගුණ සලකන්න වෙන්න ඇති ජවිපෙ එජාප ආණ්ඩුවක් බලයට ගේන්න උදව්කළේ (බ)
සරත් රණසිංහ Monday, 15 August 2016 10:26 AM
88/89 කාලේ 60000 කට වැඩි පිරිසක් අතුරුදහන් කළ උන්ටත් දඩුවම් දෙන්න මේක හොද ආයතනයක් වේවි (බ)
ඇසළ Monday, 15 August 2016 10:47 AM
එහෙනම් යුක්තිය ඉටු කරන්න.(හේ)
බමුණු ආරච්චි Monday, 15 August 2016 11:22 PM
රුවන්, ඊටපස්සේ මොනවද කරන්නේ? වෙලා ඉවරනේ. (නි)
ටෙරන්ස් Tuesday, 16 August 2016 01:02 AM
අනේ මන්දා, හැමෝටම දැන් තමයි මේවා මතක්වෙලා තියෙන්නේ (නි)
මුණසිංහ Tuesday, 16 August 2016 01:02 AM
යු එන් පීය මේ පනත ගෙනෙනකොටද 88-89 කාලේ මතක්වුණේ? මෙච්චර කාලයක් අනුර කුමාරලා ඔවුන් සහ පක්ෂය වෙනුවෙන් දිවි පිදූ අය වෙනුවෙන් මොකද කළේ? මෙයාලා කියන විදියට 88-89 කාලේ මරාදාපු එක සහෝදරයෙක්ගෙන්වත් පටන්ගත්තොත්! මොනවාද ඔට්ටු? ඒවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම උතුරට. (නි)
විජිත Monday, 15 August 2016 11:50 AM
පටන් ගන්න 88/89න් (හේ)
රංජිත් Monday, 15 August 2016 12:17 PM
යුක්තිය ඉටු වෙනකන් බලන් ඉමු.(හේ)
ප්‍රියාන් Monday, 15 August 2016 12:53 PM
මේ ආයතනය වහගන්න ඕනේ නම් 88/89 කාලේ ගැන කතා කරන්න..(හේ)
මහේෂ් ඩුබායි Monday, 15 August 2016 01:10 PM
අනේ මහත්තයෝ ඔයගොල්ලන් කියන ඒවා මිනිස්සු පිළිගන්නේ නෑ දැන්. (ර)
කපිල Tuesday, 16 August 2016 03:40 AM
මමත්වය මුල් කරගත් ලංකා දේශපාලනය ගැන දුකයි රට ගැන දුකයි අපි ගැන දුකයි (බ)
අමල් Monday, 15 August 2016 03:39 PM
සත්‍ය කවදා හෝ ජයගනිවී. (ර)
දිනේෂ් Monday, 15 August 2016 03:45 PM
යුක්තිය ඉටු වෙනවා සහතිකයි. (ර)
රජින්ද Tuesday, 16 August 2016 07:04 AM
ගෝනි බිල්ලන්ට ඇඳලා සහෝදර සහචරයින්ව පාවල දීපු කට්ටිය ඔවුන්ගේ මළ කඳන් මතින් අද මෙයාලගේ පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවටත් ඇවිත් ඉන්න මේ අබුද්දස්ස කාලේ මෙයාලගේ කටින් මෙහෙම දේවල් පිට වෙන එක අරුමයක් නෙවෙයි. (බ)