IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ඩයස්පෝරා වුවමනාවක්‘

අද පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත දෙමළ ඩයස්පෝරාව ආදී බෙදුම්වාදීන්ට මෙන්ම ඔවුන්ට අවැසි පරිදි අපේ රටට එරෙහිව මානව හිමිකම් මුවාවෙන් රට අස්ථාවර කිරීමට ක්‍රියාකරන මානව හිමිකම් සමුළුව හරහා ක්‍රියාත්මක වන්නක් බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ කියති.

පසුගිය වසරේ රජය වෙනුවෙන් මංගල සමරවීර අත්සන් කළ මානව හිමිකම් කාර්යාලයට ඉදිරිපත් කළ ඇමරිකා යෝජනාවලියේ ජාත්‍යන්තර යුද අධිකරණය පිහිටුවීම, සත්‍ය සෙවීමේ කොමිසම, සහන සැලසීමේ ක්‍රියාවලිය හා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම යන කරුණු හතරම ඇතුළත් බවත් ඒ හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එම කාර්යාලයට අධිකරණයට සමාන බලතල හිමි බවත් සාක්කි ලෙස විදෙස් රටවල සිට වීඩියෝ එවිය හැකි බවත් එම කාර්යාලය ගොනු කරන කරුණුවලට කිසිවකුට එරෙහිවිය නොහැකි බවත් කියන ඒ හිමියෝ මෙය ත්‍රස්තවාදය තුරන් කළ රණවිරුවන්ට හා දේශපාලන නායකයින්ට දඬුවම් කිරීමට හා ත්‍රස්තවාදය සුරැකීමට මෙම කාර්යාලය ක්‍රියාත්මක වනු ඇති බවත් සඳහන් කරයි.



අදහස් (0)

‘අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ඩයස්පෝරා වුවමනාවක්‘

රෙක්ස් Friday, 12 August 2016 01:50 AM

හාමුදුරුවන්ට මේ රජය කරන ඔක්කොම වැරදියි. පහුගිය ආණ්ඩුව කළ ඔක්කොම හරි. අනේ හාමුදුරුවනේ, ඔය සිවුර පැත්තකින් තියලා දේශපාලනේට බහින්නකෝ! (නි)

:       0       0

රොකී Friday, 12 August 2016 01:53 AM

බමුණු, ඔබටත් මේ ආණ්ඩුව කරන හැමදෙයක්ම වැරදියි. පහුගිය ආණ්ඩුව කළ හැමදෙයක්ම හරි. (නි)

:       0       0

මුදියන්සේ Friday, 12 August 2016 02:04 AM

අනේ මන්දා මෙහෙම ගියොත් රටක් ඉතුරුවෙයිද කියලා (නි)

:       0       0

මුණසිංහ Friday, 12 August 2016 02:04 AM

මොහාන්ගේ කතාවට සංශෝධනයක් කරන්න තියෙනවා. එක්සත් ජාතීන්ට නොවෙයි ඇමරිකාවට යටත්. එක්සත් ජාතීන් කියන්නේ ඇමරිකාව. එයාලා කියන විදියට වැඩ කළොත් තමා මේ ආණ්ඩුව තියෙන්නේ. මේ සියල්ල යුද්ධය දිනූ නිසා. මහින්ද කරපු ලොකුම වැරැද්ද එ්ක. (නි)

:       0       0

නිල්හාන් Friday, 12 August 2016 02:16 AM

රටේ තිබෙන ප්‍රශ්න මදිවාටද තවත් මේ ප්‍රශ්න? (නි)

:       0       0

නිමල් ලලිත Friday, 12 August 2016 02:16 AM

රෙක්ස්, රොකි, ඔබ එදා කොටියාට බියෙන් සිටිද්දී මේ නාලක හිමියන් කොටි කටට ගොස් විපතටපත් සිංහලයන් ගැන සොයපු හිමිනමක්. හිටපු ජනපතිතුමාගේ කාලයේත් වැරදි සිදුවුණා. මම මේ බලපෙරේත දේශපාලන අජීර්ණය ඇති කෙනෙක් නොවෙයි. (නි)

:       0       0

රෝහණ Friday, 12 August 2016 02:16 AM

මුණසිංහ මහත්තයෝ, යුද්ධය දිනුවේ මහින්ද කියන්නේ, එයාද යුද්ධයට ගියේ? (නි)

:       0       0

රොකී‍ Saturday, 13 August 2016 05:29 AM

දිල්ෂාන්, ශාසන ඉතිහාසය කියවන්න. සමහර හාමුදුරුවරු, ශාසනය රැකගැනීම කොහොම වුණත් ශ‍ාසනය දූෂණය කළ වග ඔබ නොදන්නවා වගෙයිනේ කතාකරන්නේ (නි)

:       0       0

ඉසුරු Friday, 12 August 2016 02:26 AM

සමහරුන්ගේ අදහස් ගැන මට කණගාටුයි (නි)

:       0       0

උදය Friday, 12 August 2016 02:26 AM

කාගේ වුවමනාවක් වුණත් අසාධාරණයට ඉඩදෙන්න බැහැ (නි)

:       0       0

මුණසිංහ Friday, 12 August 2016 02:21 AM

රෝහණ, ඔයාද යුද්ධයට ගියේ? ඔයා වගේ අය තව කීපදෙනෙක් ඉන්නවා (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 11 August 2016 11:55 AM

එන පොට හොඳ නැහැ කියලා තමයි හිතෙන්නේ (නි)

:       0       0

ඇසළ Thursday, 11 August 2016 12:01 PM

සිංහල ජාතිය නැති කරන්න ගෙනා පනතක් ලෙසයි අපි නම් දකින්නේ (නි)

:       0       0

අනුර Friday, 12 August 2016 03:05 AM

මුණසිංහ මහත්තයෝ, ඇමරිකාව අපිව පාලනය කරන්න ගත්තේ යුද්ධය දිනුවට පස්සේ නෙමෙයි. අවුරුදු 50 ක ඉඳලා ලංකාවේ ආර්ථිකය තියෙන්නේ ඇමරිකාව මත. ලංකාවේ අපනයන වෙළදපොළෙන් 60% ක් ඇමරිකාව. (නි)

:       0       0

සංජීව Thursday, 11 August 2016 04:25 PM

මම එක ප්‍රශ්නයක් අහන්නම්. 87-90 කාලයේදී දකුණේ තිබුණු කැරැල්ල කාලයේදීත් සිංහල තරුණයින් දහස් ගණනක් මියගියා. අතුරුදහන් වුණා. ඒ කාලයේදී හිටිය මහා වීරයෙක් අම්මලාගේ කඳුළු ඉස්සරහට දාගෙන ඔය දැන් ඉඳගෙන පතුරු ගහන ජිනීවා ගිහිල්ලා පින්තූර පෙන්නලා කිව්වේ ලංකාවට ආධාර කරන්න එපා කියලා. මානව හිමිකම් උල්ලංගනයවීම් සිද්ධ වුණා කිව්වා. එදා එහෙම කෙරුවේ සිංහල කොල්ලෝ කෙල්ලෝ මරුන නිසානේ. දැන් කෑගහන්නේ ඇයි ? යුද්ධය ඉවරකළානේ. මේ සිංහල අපගේ රටයි කිය කියා අන්ධභාවයෙන් බැණ බැණ තෝසේ මසල වඩේ කන සිංහල බෞද්ධයෝනේ මේ අපි. (නි)

:       0       0

නාගින්ද Thursday, 11 August 2016 11:56 AM

පක්ෂ බේදයෙන් තොරව සෑම ශ්‍රී ලාංකිකයෙකුම මෙම පනත සම්මත කිරීම තරයේ හෙළාදැකිය යුතුයි. (නි)

:       0       0

රාධා Friday, 12 August 2016 02:21 PM

"ඩයස් පෝරාව "කියන්නේ මොකක්ද?වදාරනු මැනව (අ)

:       0       0

රොහාන් Friday, 12 August 2016 03:35 AM

මේ හැමදේම බලාගෙන යනකොට මෙයාලා එක්ක මුකුත් කරන්න බැහැ කියලා තේරෙනවා (නි)

:       0       0

සමන්ත Friday, 12 August 2016 03:42 AM

හාමුදුරුවනේ , ඔබ වහන්සේට දේශපාලනේ කරන්න ඕනෑ නම් ගිහියෙකු වශයෙන් ඉන්න තිබුනානේ. හා මේක ඩයස්පොරා උවමනාවක් කියමුකෝ. එතකොට රටේ ඉන්න සිංහල තරුණයෝ එදා අසරණ වෙලා, යන්න එන්න තැනක් නැතුව පාරක් පාරක් ගානේ දානකොට ඔබ වහන්සේලා කොහෙද හිටියේ? අද ලොකු කතා කිව්වට අපි අසරණවෙද්දී අපිට කිසිම රැකවරණයක් තිබුනේ නැහැ. (නි)

:       0       0

සුමිත් Thursday, 11 August 2016 12:04 PM

මේ ආකාරයෙන් පනත සම්මත කිරීම ඉතාම අසාධාරන දෙයක්. (හේ)

:       0       0

සුබාසිරි Friday, 12 August 2016 03:54 AM

ඔබවහන්සේ කියන කතාව හරියට හරි (නි)

:       0       0

තිසා Thursday, 11 August 2016 05:31 PM

ජනතාවට ද්‍රෝහීව ඩයස්පෝරාව පිනවන්න රජය ගත් මේ තීන්දුව විසින් මේ ආණ්ඩුව අවසන් ගමන් යවනු ඇත. (නි)

:       0       0

අශෝක Thursday, 11 August 2016 05:43 PM

ගරුතර හාමුදුරුවනේ, ඉස්සරහට තැබූ පය පස්සට ගන්න එපා. සිංහල නම් තියෙන ජාතිද්‍රෝහීන් පන්නනතුරුම සටන් කරමු. අපි ඔබ වහන්සේලා සමඟයි (නි)

:       0       0

දර්ශන Thursday, 11 August 2016 05:59 PM

අර පසුගිය සමයේ දුෂණ වංචා කළ අය අත්අඩංගුවට ගන්නවා කියලා පාර්ලිමේන්තුවේ කෑගසන විපක්ෂයේ කට්ටිය අද සද්ද නැතුව හිටියේ ඇයි. ඒගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න ගැන තැකීමක් නැද්ද? (නි)

:       0       0

දිල්ශාන් Friday, 12 August 2016 06:00 AM

සමන්ත, හාමුදුරුවරු ඉදිරිපත් නොවී ශාසනේ රැක ගන්නේ කවුද දැන්?(හේ)

:       0       0

මොහාන් Thursday, 11 August 2016 12:31 PM

ඔබ වහන්සේ හරි , මේක ඩයස්පෝරාවේ උවමනාවක්. එහෙම නැතුව මේ ආණ්ඩුවේ උවමනාවක් නෙවේ. ඒත් හාමුදුරුවනේ අපිට ඕන විදියට කරන්න බැහැ. අපි එක්සත් ජාතීන්ට යටත්. අපිට ආධාර දෙන රටවලට යටත් . ඔය ලොකුවට කතා කිව්වට එදත් එහෙම තමා, අදත් එහෙම තමයි.(හේ)

:       0       0

සුනිල් Friday, 12 August 2016 08:15 PM

මෙම පනතේ අන්තර්ගතය ගැන පළමුව දැනගෙන ගෙන අදහස් පලකරනවානම් හැමටම ප්‍රයෝජන වෙනවා ඇත. ගරු නාලක හිමියන්මෙම අදහස් පළ \nකරනුයේ පනතේ සදහන් භයානක කරුනු පිලිබඳව සමාජය දැනුවත් කිරීමටයි. ගරු හිමියන්හට පහර ගසනු වෙනුවට මෙම දේශද්‍රෝහී පනත සම්මත කරගත් කුමන්ත්‍රනකරුවන්ට එරෙහි වෙනු(රේ)

:       0       0

වීරවර්ධන Friday, 12 August 2016 06:20 AM

පසුගිය රජය මේක කරානම්. කිසි ප්‍රශ්නයක් නැහැ.(හේ)

:       0       0

සුනිමල් Friday, 12 August 2016 06:26 AM

අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය කියන දේවල් මේ පනතේ අඩංගු වෙලා තියෙනවා දැක්කද.? (හේ)

:       0       0

බමුණු Thursday, 11 August 2016 01:28 PM

ඔව් හාමුදුරුවනේ පෙනෙනවා නේද ත්‍රස්තවාදී කාලේ පාරට බැස්ස නැති නිවටයෝ දැන් ලියන දේවල්. ප්‍රබාකරන් කීවා හරි සිංහලයට මතක තිබෙන්නේ සුමාන දෙකයි. (බ)

:       0       0

සිරි Thursday, 11 August 2016 08:40 PM

සහතික ඇත්ත හාමුදුරුවනේ. මේ ආණ්ඩුවට කියන ඒවා හරියට "බීරි අලින්ට වීණා වැයුවා වගේ" (නි)

:       0       0

රොහාන් Thursday, 11 August 2016 08:52 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

රසික Thursday, 11 August 2016 08:52 PM

අපි වැරදිකාරයො කියලා ලෝකෙටම අණබෙර ගහනවනෙ දැන්ම ඉඳන්ම. නොකියා කියන්නෙ අපේ හමුදාව මිනිසුන්ව අතුරුදහන් කළා කියලද? අපි වරදක් කළේ නැහැ කියලා පෙන්නන්න තියෙන හොඳ අවස්ථාවක්නෙ මේක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 151 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 480 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 281 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 197 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 942 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 802 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site