IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘අතුරුදන්වූවන් සොයන කාර්යාලය හමුදාවට තර්ජනයක්‘

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ආරම්භ කිරීමට නියමිත කාර්යාලය මෙරට දේශපාලන නායකයන්ට හා හමුදාවට දරුණු තර්ජනයක් යැයි ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (9) පැවැසීය. 

වගවීම් ක්‍රියාවලියේ පළමු පියවර ලෙස මෙම කාර්යාලය ආරම්භ කිරීමට සූදානම් යැයි කී විතාරණ මහතා එම කාර්යාලය රටේ ව්‍යවස්ථා හා අධිකරණය පද්ධතියට යට නොවී එම බලතල ඉක්මවා කටයුතු කරන බව ද කීවේය. 

බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ සතිපතා මාධ්‍ය හමුව අමතමින් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඒ බව සඳහන් කළේය.

 

 



අදහස් (0)

‘අතුරුදන්වූවන් සොයන කාර්යාලය හමුදාවට තර්ජනයක්‘

නාමල් - නිව්යෝර්ක් Tuesday, 09 August 2016 10:46 PM

2005-15 කාලයේ ලංකාවේ හැමතැනම මිනිස්සු අතුරුදහන් වුණා. එ්කේ අමාරුව දන්නේ අතුරුදහන්වූවන්ගේ පවුල්වල අයයි. කාට උවමනා නැතිවුණත් මේවා ගැන සොයාබලා වගකිවයුත්තන් කොහේ හිටියත් දඬුවම් දියයුතුයි (නි)

:       0       0

අමිත් දර්ශන Wednesday, 10 August 2016 05:52 AM

ලංකාව තමා හමුදාව පාවා දෙන්න යන ලෝකේ පළමු රට. මොන වැරදි තිබ්බත් කිසිම රටක් හමුදාව පාවා දෙන්නේ නෑ (බ)

:       0       0

ශාන් සෞදි Wednesday, 10 August 2016 05:47 AM

අතුරුදහන් වුණ අය හොයන්න කලින් 1983 පස්සේ 2009 දක්වා සිංහල ගම්මානවල හා පන්සල්වල අය ජනතාව හා හාමුදුරුවන් ඝාතන කළ කරුණ අම්මාන් පිල්ලයාන් කේ පී ඇතුළු දැනට සිරගතකර ඇති කොටි සාමාජිකයනට ඒ කළ අපරාධවලට දඩුවම් ලබා දී ඉන්න (බ)

:       0       0

ගයාන් Wednesday, 10 August 2016 06:02 AM

ඇමරිකාව මොන වෙට්ටුව දාලා හරි ලංකාව යටත් කරනවා. සංහිඳියාව ඔවුන්ගේ සටන් පාඨය. සිංහලයන්ට මේක තේරෙන්නේ රට බටහිරට යටත්වූ දිනයටයි. බලාඉන්න, 2020 වෙනකොට මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

මොහාන් Wednesday, 10 August 2016 06:03 AM

මේ කොමිසම පත් කරන්නේ නැත්නම් මමත් කැමතියි. ඒ වගේම මේ රටේ වගකිවයුත්තොත් කැමති ඇති මේක පත්නොකර ඉන්න. එ්ත් අපි ඔක්කොම ලොකු කතා කිව්වට අමතක කරපු එක දෙයක් තියෙනවා. අපි දැන් දශක 50 ක ඉඳලා යැපෙන්නේ ඇමරිකානු ආධාර සහ වෙළඳපොළ මත. ඒ වගේම අපි එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙක්. එපිට ලෝකයෙන් හුදකලා වෙන්න බැහැ. ලෝකයේ චෝදනා වලට මුහුණ දෙන්න ඕනෑ ආණ්ඩුවක් වශයෙන්. අපි ලිප්ටන් වටරවුමේ පපුවට ගහගත්තට වැඩක් නැහැ. අන්තිමේ රටට ආර්ථික සම්බාධක පැනවෙන තැනට වැඩ සිද්ධවුණා. දැන්වත් යථාර්ථයට මුහුණ දෙන්න (නි)

:       0       0

ලකී Wednesday, 10 August 2016 01:23 AM

එතකොට 83 සිද්ධි? 88 භිෂණ කාලයේ සිද්ධි? (නි)

:       0       0

අනුර Wednesday, 10 August 2016 06:39 AM

ගයාන් මහත්තයෝ. ඇමරිකාවට ලංකාව නටවන්න වෙට්ටු දාන්න ඕන නැහැ. මේකේ මොහාන් මහත්තයා කියපු දේ 100% ක් හරි, අපේ අපනයන වෙළදපොලෙන් 70% ක් පවතින්නේ ඇමරිකාව මත. ලෝකෙන් උතුම් රට කියලා පපුවට ගහ ගත්තට අපිට මොනවද නිෂ්පාදන ආර්ථිකයක් කියලා තියෙන්නේ? පොහොර සහනාධාරය දුන්නට , රටේ ඉඩම් තිබුනට අපි මොනවද පිටරටින් ගෙන්වන්නේ නැත්තේ? මිරිස් වලින් 80% ක් රටින් එන අපි අපේ රටේ ස්වාධීනත්වය ගත පම්පෝරි ගහනවා. ඕව ඔක්කොම දේශපාලකයෝ තමන්ගේ පැවැත්මට හද ගත්ත වචන. අන්තිනේ බැලුවම ඔබතුම සහ මම ගව තියන රටට ආදරේ ප්‍රමාණයෙන් දශමයක් නෑ ඔය හිටපු ලොක්කෝ සහ දැන් ඉන්න ලොක්කෝ දෙගොල්ලම ගාව.(හේ)

:       0       0

ඉමේශ් Wednesday, 10 August 2016 01:48 AM

අනේ මන්දා අපි මොනවා කරන්නද කියලා (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 10 August 2016 01:48 AM

එදා ඉඳලම යුද්ධය දිනන්න බහ කියපු දේශපාළුවන් අද, ඇස් ඉස් මස් ලේ පුජාවෙන් යුද්ධය දිනූ වීරෝධාර රණවිරුවන්ට කෙනෙහිලිකම් කරනවා. දඬුවම් කිරීමට ක්‍රම සොයනවා. (නි)

:       0       0

සුමුදු Wednesday, 10 August 2016 06:48 AM

හමුදාවට ඕනෙම කෙනෙක් අත්රුදහන් කෙරීමට බලයක් තිබිය යුතුයි . අපි ශීලාචාර ශිෂ්ඨ සම්පන්න ජාතියක් හැටියට ඒවාට වට කොටු බැඳිය නොහැකිය. හමුදාව ඒ අයව අතුරුදහන් කලේ ඒ අය රටේ ආරක්ෂාවට තර්ජනයක් නිසයි.(හේ)

:       0       0

මුණසිංහ Wednesday, 10 August 2016 02:22 AM

නාමල්, එතකොට 88-89 කාලේ අතුරුදන්වුණේ නැද්ද? ඔයා ඉපදුනේ 2005ද? කොහොම වුණත් මේ හදන්නේ 2009 ජයග්‍රහණය ආපස්සට හරවන්න බව හැමෝම දන්නවා. රටට ද්‍රෝහීවෙන්න එපා. විදේශ නායකයෝ එන්නේ උතුරට විතරයි. ඒ ගැන අධ්‍යනයක් කවුරුත් කළාද? මේ සේරම එකතුවෙලා රණවිරු දඩයමේ යනවා. එය නතර නොකළොත් හැම දෙනාටම අනිටු විපාක විඳින්න වෙනවා. ස්ථිරයි. කණගාටුයි කියන්න යූ එන් පී ආණ්ඩු ආ හැම පාරකම කරලා තියෙන්නේ මේ වගේ දේවල්. (නි)

:       0       0

අසේල Wednesday, 10 August 2016 07:15 AM

සුමුදු, ඔබ මේ කියන්නේ විහිලුවටද? ඔබ කියන්නේ ඇත්තට නම් මට කියන්න ඇත්තේ එක දෙයකි. අද රටට මෙවැනි ඉරණමක් අත්ව තිබෙන්නේ ඔබ වැනි අදහස් ඇති උදවිය නිසාය. (නි)

:       0       0

උපුල් Wednesday, 10 August 2016 07:12 AM

1948 සිට අද වනතුරු සියලු අතුරුදහන්වීම් සෙවිය යුතුය. ඕනෑම තරාතිරමක වරදකරුවකුට දඬුවම් කළයුතුය. කාටවත් කවුරුවත් අතුරුදහන් කළ නොහැකිය. (නි)

:       0       0

සුසන්ත Wednesday, 10 August 2016 03:04 AM

මෙම කාර්යාලය නොවෙයි, එය ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය සහ එයට පනතෙන් ලැබෙන බලතලයි ඉතාම භයානක. මේ කමිටුව අපේ නීති පද්ධතියට ඉහළින් ඉන්නා අතර, එහි කිසි තීරණයක් අභියෝගයට ලක්කළ නොහැකි බවයි මගේ හැඟීම. (නි)

:       0       0

අනිල් Wednesday, 10 August 2016 03:06 AM

ශ්‍රීමාලි, නාමල්, මේ පනත හමුදාවට කෙතරම් තර්ජනයක්ද කියා තේරේවි ඔබ පනතේ වගන්ති කියෙවුවොත්. ඇත්ත සෙවීම හා කිසිවකු වැරදි කර ඇත්නම් දඬුවම් කිරීම වෙනම දෙයක්. නමුත් රටේ ජාතික ආරක්ෂාවට ඉතාම භයානක සහ කොටින්ගේ ශක්තින් සහ ඔවුන්ගේ උපාය දැන දැනත් ඒවාට අසුවීම ලොකු මෝඩකමක් සහ අපේ රටම පාවාදීමක් (නි)

:       0       0

අතුරා Wednesday, 10 August 2016 03:16 AM

මුණසිංහ, මේ යූ එන් පී ආණ්ඩුවක් නෙමෙයි, මේ ජතික ආණ්ඩුවක්. අනෙක යුද්ධයට මුවාවෙලා ආණ්ඩුවට විරුද්ධව ගිය මිනිස්සු මරපු ඒවා හොයන්නම ඕනෑ. (නි)

:       0       0

තිළිණ Wednesday, 10 August 2016 03:36 AM

නාමල් නිව්යෝර්ක් හිටියට අපි ඉන්නේ ලංකාවේ. රටට හතුරුකම් කරපු මිනිස්සු, පාතාලයෝ ඇරෙන්න අතුරුදහන් වුණ එක අයෙකුගේ නමක් පුලුවන්නම් කියන්න. මේ රටේ තිබුණේ 30 අවුරුදු යුද්ධයක් කියලා මේ මිනිසුන්ට අමතකයි

:       0       0

රණාල Wednesday, 10 August 2016 03:38 AM

අනේ මේ නාමල්ට ඕවා කියල වැඩක් නැහැ. පනතක් තියා මළපොතවත් කියවාගන්න පුලුවන්ද දන්නේ නැහැ. ඔහොම යමු! (නි)

:       0       0

එරන්ද Wednesday, 10 August 2016 03:47 AM

ශ්‍රී ලංකාව යනු රටක්ද? සෙල්ලම් ගෙයක්ද? මට පැහැදිලි කරදෙන්න (නි)

:       0       0

ශාන්ත Wednesday, 10 August 2016 04:24 AM

තිස්ස විතාරණ මහතා සමාජවාදියෙක්ද කියන එක ප්‍රශ්ණයක්. සැබෑ සමාජවාදියෙක් නම් අතුරුදන් වුවන් ගැන හඬක් නැගිය යුතුයි. මෙපමණ කල් උතුරේත් දකුණේත් අතුරුදන් වූ දරුවන් ගැන ඔහු නගපු හඬ කුමක්ද? ඔහු මේ කරන්නේ පරාජිත රෙජීමයේ ප්‍රචාරක කටයුත්තක්. මෙහිදී උතුරේ පමණක් නොව දකුණේත් අතුරුදන් වීම්, සුදු වෑන් වලින් පැහැරගැනීම් ගැන සෙවිය යුතුයි. (බ)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 10 August 2016 04:30 AM

නීතිවිරෝධී ක්‍රියා කර ඇතිනම් කාට වුනත් දඩුවම් කළ යුතුය. ලේබල් අල්වාගෙන සිටීම දඩුවම් නොලැබීමට හේතුවක් නොවේ. නීතිවිරෝධී ක්‍රියා වලට අණදුන් අය මෙන්ම ඒවා කළ අයටද එකසේ දඩුවම් ලැබිය යුතුය. උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තේ එයයි. (බ)

:       0       0

ජයරත්න Wednesday, 10 August 2016 04:52 AM

මොන කතා කිව්වත් සමහරු හිතන්නේ මිනිසුන්ට මොනවා කරලා හරි යුද්ධ දිනුවත් කමක් නැහැ කියලා. රට ජාතිය ආගම ඔක්කොටම කලින් මනුස්සකම තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සවනත් Wednesday, 10 August 2016 05:07 AM

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය අපේ ව්‍යවස්ථාවට එළියෙන් තිබෙන බව පසුගිය දිනවල පැහැදිලිවම ප්‍රකාශ කළා. 88-89 කට්ටිය ගැන හොයනකොට හමුදාවට උඩින්ම අණදීපු දේශපාලකයන් ගැනත් හොයනවාද? නැත්නම් මේකේ අපේ දකුණට වෙච්ච දේ ගැන හොයන්නේ නැද්ද? (නි)

:       0       0

දේවා Wednesday, 10 August 2016 05:29 AM

මුණසිංහ මහත්මයාගේ අදහස 1000%ක් හරි. ලංකාවේ වැඩිහරියක් නිරායුධ මිනිස්සු අතුරුදහන් වුණේ 88-89 කාලේ. මෙතන වෙන්න යන්නේ උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු අපේ රණවිරුවන්ව පෝරකයට යවන්න සැළසුම් හදන එක. දේශපාලනය කුමත් වුවත් අපේ මිනිසුන්ට මේවා නොතේරෙන එක පුදුමයි. (නි)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 09 August 2016 05:39 PM

එතකොට මේ නොකියා කියන්නේ රටේ අතුරුදහන්වීම් වලට දේශපාලන නායකයන් හා හමුදාව වගකිවයුතුයි කියලද? මෙම කාර්යාලය හමුදාවට නම් කිසිම තර්ජනයක් නැත. නමුත් නීතිවිරෝධි වැඩ කළ අපරාධකරයින් නම් දැන් උද්ඝෝෂණත් පටන්ගනීවි (නි)

:       0       0

සිරිල් Tuesday, 09 August 2016 08:56 PM

ඔය ටික යහපාලනයට නොතේරෙන එකයි අපේ අවාසනාව! (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 09 August 2016 10:13 PM

ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජමඟුල් කිවුවලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 16 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 50 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 85 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 632 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 539 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 735 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site