IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අතුරුදන්වූ දැරියගේ සිරුර හමුවෙයි

ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේදී සෙනසුරාදා (12) අතුරුදන්වූ 5 හැවිරිදි දැරියගේ සිරුර නිවස අසල වතු යායක ඇළ ඉවුරක තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

දැරිය සොයා පරීක්ෂණ සිදුකළ පොලිසියට අද පෙරවරුවේ ඇගේ නිරුවත් මළ සිරුර එම ප්‍රදේශයේ අකරංගහ සමූපකාරය ඉදිරිපිට අරවින්දවත්ත ඇළ ඉවුරකින් හමුවී ඇත. දැරිය ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

SAM_4673[1] SAM_4675[1] SAM_4695[1] tony

DSC_0163[1]57 DSC_0159_1[1]  DSC_0161[1]12



අදහස් (0)

අතුරුදන්වූ දැරියගේ සිරුර හමුවෙයි

සිල්වි Sunday, 13 September 2015 02:15 PM

කෝ අර ගේනවා කියපු මරණ දඬුවම? යාපනේ ගැහැණු ළමයව මරපු වෙලේ මුළු රටම කුලප්පුවෙලා ඉටිපන්දම් පත්තු කරගෙන දැඟලුවා. ඒත් කිසිම ප්‍රතිඵලයක් නැහැනේ (නි)

:       0       0

සොපී Monday, 14 September 2015 05:14 AM

මගේ ඔලුව කැරකෙනවා වගෙයි මෙවන් දේ දැකලා (නි)

:       0       0

ඉනෝකා Sunday, 13 September 2015 02:37 PM

මේ දවස්වල කීයක් නම් පොඩි දැරිවියන් මේ විදිහට මරලා දැම්මාද?ලංකාවේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ?මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න දැන්වත්......! (බ)

:       0       0

සුපුන් Monday, 14 September 2015 05:41 AM

අනුරගේ කතාව හරි....මුන්ව අයුධ පෙන්නන්න එක්කන් යන්න ඕන තමා.....(බ)

:       0       0

ආරියසේන Monday, 14 September 2015 05:46 AM

මම මේ සම්බන්ධව ගොඩක් දේවල් මාධ්‍ය හරහා බැලුවා..මම හිතන්නේ මේ ගැන..ළමයගේ මවගේන් ඇසුරු කරන... ළඟම අය ගැන....... හොයල බැලුවා නම් දැන ගන්න පුලුවන් ....ඒ වගේම...සීයා...ඒ වගේම...සියල ගිය පස්සෙන් ළමයා හොරෙන් ගිහිල්ල අතර මන්වෙලා පාප තරයකුට හරි අහු වුනාද දන්නැහැ...(ම)

:       0       0

ගයේෂාන් රත්නායක Sunday, 13 September 2015 03:59 PM

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන (බ)

:       0       0

ලංකාසිරි Sunday, 13 September 2015 04:05 PM

ගේ බාගෙට හදන ගෙයක් නිසා බාසුන්නැහෙලත් සැකයි. පියා ගෙදර ඇවිත් තියෙන්නේ රෑ 12 ට උදේ වෙනකල් දරුවා ගැන බලල නැහැ එ්කත් සැකයි. (බ)

:       0       0

ටෙනිසන් Sunday, 13 September 2015 04:50 PM

මෙවැනි අපරාධ කරන උන්ව හඳුන්වන්න,කවුරුන් විසින් හෝ වචනයක් හඳුන්වා දෙන්න. මොවුන්ට තිරිසන්නු කියන්න බැහැ. ඒක හොඳ වැඩියි (නි)

:       0       0

සුජීව ප්‍රංශය Sunday, 13 September 2015 05:03 PM

මේ තිරිසනුන්ට පොඩි ළමයා මොන අපරාධයක් කළා කියලද? මේ වගේ අපරාධ විදියට මරන්නේ හිතක් පපුවක් තියනවද මන්දා? (නි)

:       0       0

විතාන Sunday, 13 September 2015 05:26 PM

උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

අජිත් Sunday, 13 September 2015 06:00 PM

මරන දඬුවම දෙන්න ඕනෑ මේ අපරාධය කළ කෙනාට (නි)

:       0       0

ඉර්ෆාන් Sunday, 13 September 2015 06:04 AM

මේවට මරණ දඬුවම දෙන්න ඕනෑ. නැත්නම් මේ සමාජය ගන්න දෙයක් නැතිවෙලා යයි (නි)

:       0       0

පද්මිණී Sunday, 13 September 2015 07:01 PM

මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

අනුර Sunday, 13 September 2015 06:15 AM

මේ අපරාධය කළවුන් එල්ලුම්ගස් යවන්න ඕනෑ (නි)

:       0       0

රූපවතී Sunday, 13 September 2015 07:09 PM

අනේ දෙවියනේ ඇයි ඒ තිරිසනාට පනපිටින් යන්න දුන්නේ? නයෙක්වත් ගැහුවේ නැත්තේ අැයි දෙවියනේ? ඒ මුහුණ මලක් වගෙයි. අනේ දෙවියනේ මේ කිරිසප්පයාට ඇයි මෙහෙම වුණේ? මොකක්ද මේ දරුවා කළ වරද? අපේ රටේ නීතියක් නැත්තේ ඇයි? අනේ දෙවියනේ මට නම් මේ දරු පැටික්කිගෙ මුහුණ බලන්න බැහැ. ඒ අහිංසක මුහුණ බලාගෙන මොන මිනිහටද දෙවියනේ මෙහෙම වැඩක් කරන්න පුලුවන් (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 13 September 2015 06:31 AM

පිස්සුද මහත්තුරුනේ..මේක යහපාලනය..මේ වගේ ඝාතකයෝ අල්ලලා එවලේම දෙන්න ඕන දඩුවම දුන්නේ මහින්ද මහත්තයාගේ කාලේ..දැන් ඒ කැලා නීති බැහැ.දැන් වැරදි කාරය අල්ලලා ඔහුගේ මානව හිමිකම් රැකගෙන උසාවියට ඉදිරිපත්කරලා හිරගෙට යවල ඔහුව අපේ බදු මුදලින් නඩත්තු කරවල දඩුවම් කාලය හමාර උනාම ගෙදර යවන්න ඕන පරිස්සම් කරලා..(බ)

:       0       0

භක්ති Sunday, 13 September 2015 07:18 PM

අනේ! පුංචි මල් කැකුල, ඔයාට මේ වගේ අකල් මරණයක් වෙන්න එපා මතු උපදින කිසිම අත්භවයක.ඔයාට නිවන් සුවයම ලැබේවා! අහිංසක කිරිසප්පයෝ මෙහෙම සත්තු වගේ තිරිසන් විදිහට මරලා දාලා කැලේට විසිකරලා දාන්නේ කොහොමද? මේවට සෞදි අරාබියේ වගේ ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෑ. අපේ රටේ ඉතින් කව්ද ඕවා කරන්නේ? අඩුමගානේ එල්ලුම් ගහ ගෙනවා නම් සතිය යනකොට අපරාධ අඩුවෙනවා (නි)

:       0       0

නුවන්සර Sunday, 13 September 2015 08:21 AM

දරුවන් අහිංසකයි. ඇයි දරුවන්ට මෙවන් දඬුවම් දෙන්නේ.මේවා මහම මහා අපරාධ...! (නි)

:       0       0

අජිත් Sunday, 13 September 2015 09:45 PM

මෙවන් අපරාධ කරන අයට හිතක් පපුවක් නැද්ද? (නි)

:       0       0

රුචිර Sunday, 13 September 2015 09:45 PM

මට ඔය මිනිහා හොයලා දෙන්න පුලුවන් නම්. එල්ලුම් ගස් යවන්න එපා. එයාට තව අවුරුදු ගානක් තියනවා ඉන්න. නියපොත්තෙන් පටන්ගමු දුක දෙන්න. (නි)

:       0       0

නිශාන්ත Sunday, 13 September 2015 10:06 PM

මේවා සහගහන අපරාධ දෙයියනේ (නි)

:       0       0

අසංග Sunday, 13 September 2015 10:55 PM

වැරදිකරුවන් ආයුධ පෙන්වන්න එක්කගෙන යන්නේ නැද්ද? (නි)

:       0       0

දුෂාන්ත Sunday, 13 September 2015 11:06 PM

සත්තුත් තමන්ගෙ වර්ගයාගෙ පොඩිඋන් හොඳින් රැකගන්නවා. මේ වැඩේ කරලා තියෙන්නෙ මිනිස් වර්ගයේ කෙනෙක්. අපි මිනිසත්බව රැකගන්න නම් ඔක්කොම එකතුවෙලා මේ වගේ අය හොයලා එයාලා ගැන තීරණයක් ගන්න ඕනෑ. අපි සත්තු මර මරා අපේ ප්‍රයෝජනයට ගන්නවා. නමුත් මේ මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු (නි)

:       0       0

ඒකනායක Sunday, 13 September 2015 11:20 PM

කවුරු කොහොම කිවුවත් මේ වරද කළ තැනැත්තාට ෂරියා නීතිය තමා හොඳ. අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්නම ඕනෑ (නි)

:       0       0

හෙසාන් Sunday, 13 September 2015 08:57 AM

මේවා අලුතින් ඇතිවුණ දේවල් නොවේ. කුඩා ගැහැණු ළමයින් හොරාගෙන මරාදමන සිද්ධි වසර ගානක සිට සිදුවෙනවා. ඒ කෙසේවෙතත් මිනීමරුවන් සොයා එල්ලුම් ගස් යවන්නම ඕනෑ (නි)

:       0       0

සාලින්ද Monday, 14 September 2015 11:34 AM

හෙණ ගහනවා (බ)

:       0       0

සචිත් Monday, 14 September 2015 01:23 AM

මේ වගේ අපරාධවලටවත් නැති මරණ දඩුවම කොස් කොටන්නද කියල තමයි මේ රට පාලනේ කරපු, කරන අයගෙන් අහන්න තියෙන්නේ.(නදී)

:       0       0

කෝලිත Monday, 14 September 2015 01:30 AM

ඒ දෙමාපියන්ට කොච්චර දුක ඇද්ද? (නි)

:       0       0

රංජිත් Monday, 14 September 2015 02:12 AM

වැරදී කරන අයට සමාව සහ අනුකම්පාව ලබාදීම පිලිබඳ දර්ශකයක් හැදුවොත් ශ්‍රී ලංකාව ලෝකයේ පළමු තැනට එයි (නදී)

:       0       0

ඉමේෂ් Monday, 14 September 2015 02:21 AM

සුනිල් පෙරේරා කියන ගායකයා කිව්ව දේ හරි නේද? මේ පින් කෙත රන් දෙරනේ ඉපදෙන්න හොඳ නැහැ ආයේ (නදී)

:       0       0

සිරිනිමල් කරුණාරත්න Monday, 14 September 2015 02:28 AM

මොන මරණ දඬුවම්ද? වැරදිකාරයා අල්ලගත්ත ගමන් පෙරකදෝරුවෝ පොරකනවා නඩුව අල්ලගන්න. මියගිය දියණියේ, මෙවැනි සමාජයක් ඇති රටක නැවත ඔබ නොඉපදේවා! සසර භවගමන ඉතාමත් කෙටි වී නිර්වාණය අවබෝධ වේවා! (නි)

:       0       0

ආරියසේන Monday, 14 September 2015 02:39 AM

රත්තරන් දුවේ, ඔයා වගේ කීදෙනක් මේ වනවිට මේ මාස ටිකට අපට අහිමිවුණාද? ඇත්තටම අපි කවුුරුත් මේ වැඩකරන ලද පාපතරයන්ට ශාප කරනවා.ඔවුන්ට යහතින් නම් ඉන්න වෙන්න එපා. ඇත්තටම මම දකින්නේ දෙමව්පියන් දරුවන් හැදුවට මොකද දෙමව්පියන්ගෙන් ඉටුවියයුතු යුතුකම් වල දරුවන්ට රැකවරණය ලබාදී යහපතේ යෙදවීම කියන කරුණ ගැන ප්‍රායෝගිකව ක්‍රියා නොකරන බවයි.ඇයි දෙවියනේ අම්මා කෙනකු නින්දට යන්න පෙර තමන්ගේ ළමයි ඉන්න හැටි හොයලා බලන්නේ නැත්තේ? මෙහි වැඩි විස්තර ලියන්න අමාරුයි.ඒ නිසා වැඩිහිටියනි, ඔබේ දරුවා පිටස්තර හෝ පවුලේ අවිශ්වාස අය සමඟ යවන්න එපා.නිවසේ තනිවම දමන්න එපා. (නි)

:       0       0

අමිත් Sunday, 13 September 2015 11:10 AM

අනේ ගෝඨභය ඔබ හිටියානම්...(බ)

:       0       0

ජනක Monday, 14 September 2015 03:02 AM

අර යාපනයේ සිද්ධියට වගේම මේ කාරණාව ගෑනත් සොයාබලා දඬුවම් දෙන්න (නි)

:       0       0

ජනහිත Monday, 14 September 2015 03:15 AM

පිවිතුරු යහපාලට පිස්සුද? මෙච්චර සන්වේදී වෙලාවක ඒකත් දේශපාලනයට ගාවගන්නේ ඇයි? කොයි ආණ්ඩු කාලෙත් මේ වගේ ම්ලේච්ඡ වැඩ සිද්ධවුණා.මේ වගේ තිරිසන් ලෝකෙක දුවේ නුඹ ආපසු නොඉපදේවා! (නි)

:       0       0

සුපුන් Monday, 14 September 2015 03:37 AM

අපේ රටට ගැලපෙන්නේ අරාබියේ දඬුවම්.(අ)

:       0       0

සුපුන් Monday, 14 September 2015 03:48 AM

පිවිතුරු යහපාල කියන්නේ කල දුටු කල වල ඉහින්න හදනවා. මුළු රටක් දුක් වෙන අවස්ථාවක දේශපාලනේ ගාවගන්න හදනවා. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 14 September 2015 04:17 AM

පිටස්තරයෙක් ගෙට ඇවිත් දැරිවිය රැගෙන යාමට ප්‍රධාන හේතුවක් තමයි තම දරුවන්ගේ ආරක්ෂාව ගැන වග කිව යුතු දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම. තම දියණිය ඇඳේ සිටියේ නැත්නම් අඩුම ගනනේ මේ දැරිවිය ඇත්තටම තම මිත්තනිය ගාව නිදි දැයි නැතිදැයි සැක හැර දන ගැනීමට විපරම් කර බලන්ට තිබුනා නේද? සියල්ලටම වැඩිය තමාගේ නින්ද ලොකු උනාද ? ඒ වෙලාවෙම සොයා බලල තිබුනානම් ගමේ අය අවදි කරවා දැරිය බේරාගන්න වැඩි ඉඩ ප්‍රස්ථාවක් තිබුන බවටයි මගේ හැඟීම. මොකද ගෙදර ජනෙල් හැර තියෙන වෙලාවක, අනෙක මේ වගේ සිදුවීම් මෙයට පෙරත් වාර්තා වෙලා සහ පොලිසියෙන් මහජනයා දැනුවත් කරලා තියෙන යුගයක මේ මෝඩ දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම නිසා අහිංසක දැරියකගේ ජීවිතය නැති වුනා. ඇයට නිවන් සුව පතමි. හැබැයි දුවේ, ඔබ මෙවැනි නොසැලකිලිමත් දෙමවුපියන්ට දාව ඉපදෙන්ට එපා දුවේ.

:       0       0

චාන්දනී Monday, 14 September 2015 04:19 AM

ඇයි මේ දැරිය ගැන හොයා බලා නැත්තේ? මීට කලිනුත් නිදාගෙන හිටි දැරියක් ජනේලයෙන් පැනලා අරගෙන ගිහින් තිබුනා නේද? (නදී)

:       0       0

රෝහණ Monday, 14 September 2015 04:30 AM

පිවිතුරු යහපාල කඩේ යන කතා එපා.මේ සිද්දියේ වූ පළමු දිනේ ඒ දරුවාගේ සීයා කතා කරපු විදිය නම් මට ඒ තරම් ඇල්ලුවේ නැහැ.මට දැනෙනවා ඒ සීයා ගෙන් මිට වැඩ යමක් දැනගන්න පුළුවන් වෙයි හැබැයි දෙකක් දීල.මොකද එදා මිනිහ කතා කලේ ඒ සිද්දිය ගැන කලකිරීමකින් නම් නෙවෙයි. මම වැරදි වෙන්න පුළුවන් නමුත් පොලිසියේ මහත් වරුණේ මේ ගැනත් ටිකක් හොඳයි කියල මට හිතෙනවා. (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 13 September 2015 12:58 PM

මෙවැන්නන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෑ.මොන පළිගැනීමක්ද මේ? මේ අහිංසක කිරිසප්පයෝ මොනවා කරන්නද? (නි)

:       0       0

අජිත් Monday, 14 September 2015 04:38 AM

මේ වරද කළ තැනැත්තාට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්නම ඕනෑ. දුවේ,ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

අනුර Monday, 14 September 2015 04:46 AM

මුන්ව ආයුද පෙන්නන්න එක්ක යන්නම ඕන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 247 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 266 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 368 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 423 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 402 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 740 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site