IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අතුරුදන් කිරීම්වලින් වැළැක්වීමේ පනත අද පාර්ලිමේන්තුවට නොඑන ලකුණු

(සුජිත් හේවාජුලිගේ / ආරියරත්න රණබාහු)

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත අද(5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රජයේ ආරංචි පවසයි.

එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පැහැදිලි කරගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනපති උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද මෙම පනත ඉදිරිපත් කිරීම ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුති පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා කියා සිටියේය. රටට අහිතකර පනත්වලට පක්ෂව ඡන්දය දිය නොහැකි බවත් මන්ත්‍රීකම නැතිවුවත් තමා එසේ නොකරන බවත් ඔහු ලංකාදීපයට පැවසීය.



අදහස් (10)

අතුරුදන් කිරීම්වලින් වැළැක්වීමේ පනත අද පාර්ලිමේන්තුවට නොඑන ලකුණු

suranga Wednesday, 05 July 2017 04:08 AM

පනත් කෙටුම්පතෙහ අන්තර්ගතය දන්නේ නැතුවත් පනත් පාර්ලිමේන්තුවට දානවද? මේක මාර අන්දුවක්නේ... :)

:       124       527

මැක්ස් Wednesday, 05 July 2017 05:26 AM

මහනායක හාමුදුරැවන් වහන්සේලාට පින් සිදු වන්නට! මේ වගේ පනත් අරං එන්නෙ මේ යහපාලන ආංඩුවට පිස්සු ද?

:       642       689

mohan Wednesday, 05 July 2017 05:56 AM

බලහත්කාරයෙන් අතුරුදහන් වීමෙන් ආරක්ෂා වීම නරක දෙයක්ද?

:       155       247

sampathWednesday, 05 July 2017 07:53 AM

පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය ජනපතිතුමා දන්නෙත් නැහැලු. "මොහාන්" දන්නවද අන්තර්ගතය මොකද්ද කියල?

:       0       0

Nuwan Wednesday, 05 July 2017 06:22 AM

මහනායක හිමිවරුන්ට අනුව මේ පනතමගින් මිනිසුන් අතුරුදහන් කිරීම වැලැක්වීම බරපතල අකුසලයක් , උන් වහන්සේලාට පින් සිද්ද වෙන්න ඕන මේ පනතට බරපතල ලෙස විරුද්ද වීම සම්බන්දයෙන්

:       774       717

vipulaWednesday, 05 July 2017 07:23 AM

නුවන්, මම හිතනවා ඔබට වයස 18 ට වැඩි ඇති කියල. එහෙම කෙනෙකුට දැනට වසර 10 කට කලින් අති බිහිසුණු යුද්දයක් රටතුල තිබුන බවට යන්තම් හරි මතකයක් ඇති. (ඔයාට ඒගැන මතක නැත්තම් , දෙමාපියන්ගෙන් හරි, වැඩිහිටියෙක්ගෙන් හරි අහගන්න). මෙන්න මේ යුද්ධයට අපේ ත්‍රිවිධ හමුදාවේ තරුණ තරුණියෝ විශාල පිරිසක් ජීවිත දානය දීල රට ආරක්ෂා කර ගත්තා. සමහරු තවමත් ආබාධිතයි. ජීවත්වෙලා ඉන්න පිරිසත් විශාල වශයෙන් කැප කිරීම් කල පිරිසක්. ඉතින් අපිට නිදහසේ සාමයෙන් ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්නු පිරිසට විවිධ ආකාරයේ ගැටළු එන කොට, අපි ඒ අය ගැන බලන එක යුතුකමක් නේද? බුදුදහමට අනුව එක තමයි කල ගුණ සැලකීම, බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් පසුව පළවෙනියෙන්ම කලේත් සත්සතිය තුල කෙලෙහිගුණ සලකීමනේ... මේක ජාතිය වෙනුවෙන් කරන වගකීමක්... අවදියෙන් ඉන්න. විමසා බලන්න. හොද දේ ගරු කරන්න. ඔබට ජය ශ්‍රී ... !!!

:       0       0

සමන්Wednesday, 05 July 2017 07:29 AM

මේ පනත් කෙටුම්පත දැකලාද ඔහොම කියන්නේ? මම නම් දැකලා නෑ. දැක්කා නම් අපිටත් කියන්න.

:       0       0

tony-maharagama Wednesday, 05 July 2017 07:07 AM

ඔය පනතට විරුද්ධ වෙනවා කියන්නේ .., බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට කැමතීයි කියනෙකනේ..? තමන්ගේ පවුලේ, ඥාති සහ සමීප උදවිය හෝ සමාජයේ යමෙක් අතුරුදහන් වෙනවනම් හෝ කරනවානම් මනුස්සකමක් සහ හිතේ තෙතක් ඇති යමෙක් එම ක්‍රියාව අනුමත කරයිද..? මෙතන තනිකරම තියෙන්නේ, ජාතිවාදය සහ ජාතිබේෙදවාදය මිසක් අනෙකක් නොවේ. අපි දකිනවා, රටේ නොයෙක් පාර්ශවයේ මහා නායක හාමුදුරුවන් පවා අවධානය යොමු කරන්නේ බෞද්ධයින් ගැන පමණයි. සුළු ජාතීන්ට හෙණ ගැහිලා ගියත් ඔවුන්ට ගානක් නැහැ. පහුගිය ටිකේ රටේ මුස්ලිම්වරුන්ට වෙච්ච අසාධාරණකම්වලට විරුද්ධව එකදු 'නායක' හාමුදුරුනමක් හෝ වචනයක් හෝ කතා කරේ නැහැ. අන්‍යාගමිකයින් සමඟ සහජීවනයෙන් ජීවත්වීම සම්බන්ධව බුදු දහමේ උගන්වලා නැද්ද..? එහෙම නැත්නම්, අපේ රට ආයෙමත් යමින් පවතින්නේ වනචාරී ගල් යුගයටද..?

:       0       0

Hafeel Wednesday, 05 July 2017 08:37 AM

මේ රජය කටයුතු කරන්නේම ඩයස් පෝරාව සතුටු කරන්න. එහෙමනං කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් අය පිළිබඳව වගකීම කව්ද බාරගන්නේ?

:       0       0

Deeapal Nirosh Wednesday, 05 July 2017 09:22 AM

අද විතරක් නොවෙයි හෙටත් එපා. සදහටම එපා. කෙනෙක් බලහත්කාරයෙන් අතුරුදහන් කළොත් හෝ කර තිබේ නම් හෝ විත්තිකරුට එරෙහිව පවතින නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. අවශ්‍ය වන්නේ එපමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 736 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2296 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 568 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 588 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 296 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 530 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site