IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අතුරුදන් තරුණයා දින 11කට පසු කොළඹ එයි

හම්බන්තොට පොලිසියෙන් අතුරුදන්වූ බව කියන බඳගිරියේ ජී.ජී.ගයාෂාන් (22) දික්වැල්ලේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් කොළඹ පොලිස් මූලස්ථානයට ගෙන එනු ලැබූහ.

ඔහුගේ මවද විහාරයට පැමිණ සිටියාය. එම තරුණයා දික්වැල්ල දීඝවාළුකාරාම රජමහා විහාරයේ අඹකොළවැව බුද්ධික හිමියන් හමුවට අද උදේ පැමිණි බව ඒ හිමියෝ පැවසූහ.

ඒ හිමියන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට ඒ බව දන්වා කොළඹ වැඩම කළ බවත් පොලිසිය කියයි. එම තරුණයා හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන යනු ලැබීය.

මෙම තරුණයා පසුගිය 5 වැනිදා හම්බන්තොට පොලිසියට රැගෙන ආ පසු අතුරුදන් වී යැයි කියති. ඔහු සමග තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් පොලිසිය ඒ බව සටහන් කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියේ සිව් දෙනකුගේ වැඩ තහනම් කර ඇත. 

DSC_2763 DSC_2724_86 DSC_2754

 



අදහස් (0)

අතුරුදන් තරුණයා දින 11කට පසු කොළඹ එයි

කුමාර Thursday, 15 September 2016 10:52 AM

සියලු පොලිසි වලට සී සී ටී වී සවි කරානම් හොදයි.(හේ)

:       0       0

චාන්දනී Thursday, 15 September 2016 11:19 AM

සාමාන්‍ය පුද්ගලයෙක් පොලිසියට බයේ හැංගෙන හේතුව තේරුම් ගන්න පුළුවන්. පොලිසිය අත්අඩංගුවට ගත් කෙනා අතුරුදහන් වුණාම පොතෙන් නම මකන්න හේතුව මොකක් වුණත් මේක සිවිල් පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන බය හිතෙන සිද්ධියක්. දියුණු රටවල වාගේ පොලිසියට ගන්න ඕනෑ බුද්ධි මට්ටමත් බලලා. (නි)

:       0       0

සජිත් Thursday, 15 September 2016 11:29 AM

කුමාරගේ අදහස හරි. (නි)

:       0       0

මහේෂ් Thursday, 15 September 2016 11:34 AM

මේකත් පොලිසියේ නාට්‍යයක්ද දන්නේ නැහැ. (හේ)

:       0       0

දයානි Thursday, 15 September 2016 12:05 PM

අනේ මන්ද මේවාට මොනවා කියන්නද කියලා.(හේ)

:       0       0

රත්නායක Thursday, 15 September 2016 12:03 PM

පුදුම වැඩ වෙන්නේ රටේ (හේ)

:       0       0

දිලන්ක Thursday, 15 September 2016 12:10 PM

අනේ මන්දා අපේ ශ්‍රී ලංකා පොලිසියේ වැඩ! (නි)

:       0       0

යමුනා Friday, 16 September 2016 05:34 AM

මේකට දැන් කවුද වැරැදි.(හේ)

:       0       0

නුවන් Thursday, 15 September 2016 12:29 PM

අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ හිටියම ඇති ; ඔහුගේ වචන හැසිර වීම ප්‍රසංසනියයි ; (හේ)

:       0       0

නිස්සංක උදලාගම Thursday, 15 September 2016 12:22 PM

ස්වාමීන්වහන්සේට බොහොම පින් මේ කළ ක්‍රියාවට. (හේ)

:       0       0

සමන්ත Thursday, 15 September 2016 12:59 PM

මේ වෙන දේවල් දැක්කම හිනත් යනවා.(හේ)

:       0       0

අනුරාධ Thursday, 15 September 2016 01:29 PM

පොලිසිය වැඩ වැරැදීගෙන එන්නේ කියලා දැනගෙන ක්‍රියාකාරී වුනා (හේ)

:       0       0

නිමල් රණසිංහ Thursday, 15 September 2016 01:54 PM

කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පොලිසියට මොනතරම් අපහාස කලාද.අද ඔය ඉන්නේ දෙයියනේ කියලා කිසිම සීරිමක්වත් නැතුව.(හේ)

:       0       0

සමිත් Thursday, 15 September 2016 02:13 PM

මේක නම් කුමන්ත්‍රණයක් (හේ)

:       0       0

ජයනාත් Thursday, 15 September 2016 02:15 PM

සත්‍යය එළියට එයිද? (හේ)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 05:55 AM

හැබැයි ඒ කොල්ලා අහිංසක පාටයි. නිදොස්කොට නිදහස් කළා නම් හරි. (නි)

:       0       0

ශාන්ත Thursday, 15 September 2016 03:14 PM

මීට පස්සේ වී වගේ දෙයක් හොරකම් කලාම හාමුදුරු කෙනෙක් එක්ක පොලිසියට බාරවෙන්න පුළුවන්. නීති වේදීන් අවශ්‍ය නැහැ (හේ)

:       0       0

ශාන් Thursday, 15 September 2016 03:16 PM

එකට නම් පොලිසිය කිසිදාක ඉඩ දෙන්නේ නෑ මොකද ඕවා ඇතුලේ වෙන දේවල් සාමාන්‍ය ජනතාව දන්නේ නෑ (හේ)

:       0       0

ලසන්ත Thursday, 15 September 2016 03:11 PM

මෙම පුද්ගලයාට සහ ඔහු වෙනුවෙන් බොරු ප්‍රකාශ නිකුත් කළ සියලුම දෙනාට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට දඩුවන් ලබාදිය යුතුය නැති නම් පොලිස් සේවයේ සේවයට හානියක් (හේ)

:       0       0

ලකී Thursday, 15 September 2016 03:51 PM

නුවන් ඔබ කියපු දේ හරියට හරි.(හේ)

:       0       0

ටෙස්ලා Thursday, 15 September 2016 06:23 PM

ඉදිරියට අපිට ඇත්ත මොකක්ද කියලා දැනගන්න ලැබෙයි (නි)

:       0       0

කුමාරි Thursday, 15 September 2016 06:31 PM

ලසන්ත, ඔබ හරියටම හරි. කොච්චර මිනිස්සු පොලිසියට බැන්නද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 15 September 2016 07:35 PM

වන සිවුපාවුන් මැද බෝසත් ගුණ ඇත්තවුන්ද සිටිති. කාකි ඇඳුම ඇඳගත් පළියට මිනිසත්බවට නිගාදෙන්නවුන්ට වෙනම අපායක් වෙන් කර ඇත. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 15 September 2016 07:56 PM

ශාන්ත, ඔබ මෙම තරුණයා දැනටම වරදකරු කර කතාකරන්න එපා. ලංකාවේ පිටිසර ගැමියන් තවමත් පොලිසියකට නිවැරදි වුවත් යන්න බයයි. නීතිවේදීන්ගේ සහාය ඔබට ලබාගන්න හැකියාව තිබුනත් ගමේ සිටින අපිට එකම පිහිට ලොකු හාමුදුරුවෝ හරි පල්ලියේ පියතුමා හරි පමණයි (නි)

:       0       0

හේවා Thursday, 15 September 2016 08:01 PM

ලංකාවේ සිදුවෙන්නේම මෙවන් බොළඳ ක්‍රියා තමයි (නි)

:       0       0

කමල් ගුණරත්න Thursday, 15 September 2016 08:36 PM

දැන් කාලේ හැටියට පොලිසියට බාරවෙන්න නීතිවේදියෙක්ම අවශ්‍ය නැහැ. පළාතේ පිළිගත් ප්‍රභූවරයෙක් එක්ක යන්න පුළුවන්. (නි)

:       0       0

සමනේරිස් Thursday, 15 September 2016 11:27 PM

ශාන්ත, ඔබ මනුස්සයෙක්ද? ඇයි ඔහොම කතාකරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 92 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 276 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 449 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 703 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 577 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1233 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site