(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
සිය මව පිය සහ තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ අතුරුදහන් වූ එම දැරිය සොයා ප්‍රදේශවාසීන් මෙන්ම නාවික හමුදාවේ කිමිදුම් කරුවෝ සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු ප්‍රදේශයේ දියබිම් පීරූහ. එහෙත් දැරිය සොයාගැනීමට අපහසු විය. ඊට පසු දින ඇල ආසන්නයේ ගෙවත්තක දී අඩි 11 පමණ දිගැති කිඹුලකු කිසියම් පිරිසක් විසින් මරා දමා සිටියදි ගම්වාසීන් විසින් දැක කිඹුලාගේ බඩ කපා බැලීමේ දී අතුරුදහන් වූ දැරියගේ බවට සැකකරන ශරීරියේ කොටස් හමු වූ බව නෑගම්පහ මරණ පරීක්ෂක ඩී.එම්. ජයන්ත ධර්මශ්‍රී දිසානායක මහතා පැවැසීය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ
chamal Sunday, 30 April 2017 04:59 AM
වෙන සයිට් එකක තිබුන මේ කට්ටිය මෙතන කිඹුල්ලු ඉන්නවා කලින් දැකලත් තිබුනලු. එහෙවු එකේ මොකටද මෙතන නාන්න ගියේ. මේ කිඹුලට වෙඩි තියල මරල තියෙන්නේ මේ ළමයාගේ මාමලු. කිඹුලට මැරුම් කන්න කිඹුලා කරපු වැරැද්ද මොකක්ද. අපි නේද පරිස්සම් වෙන්න ඕනේ. මට බැන්නත් එක නේද වෙන්න ඕනේ.
upasakeSunday, 30 April 2017 07:55 AM
ගමේ, රටේ, ඇළක, දොළක නාන්න බැරි තත්වයක් උදාවෙලා නම් ඒ ගැන බලන්න ඕනෙ ඒ අවට ඉන්න මිනිසුන් මිසක් වෙන කව්ද?
ජයරත්න Sunday, 30 April 2017 08:57 AM
කිඹුලෝ මරලා වීරයෝ වෙන්න හදන්නේ තමන්ගේ දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම හරියට කරපු නැති මිනිස්සු. මෙහෙම අනාරක්ෂිත තැන්වලට දරුවෝ යවන අයට දෙන දඬුවම මොකක්ද?
Jayantha Sunday, 30 April 2017 05:38 AM
මෙවැනි සිදුවීම් නැවත අසන්න නොලැබේවා..!!
තිලකරත්න Sunday, 30 April 2017 07:28 AM
සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජීවින් හා අයාලේ යන ගෘහශ්‍රිත සතුන් පාලනය කිරීම ගැන කිසිම ක්‍රියාකාරී වැඩපිලිවෙලක් ලංකාවේ නැත. වන අලි, වල් ඌරන්, රිලවුන්, මොනරුන්, මුවන්, ගෝනුන්, දඬු ලේනුන් සහ අයාලේ යන ගවයින් නිසා වසරකට රුපියල් කෝටී 100 ක පමණ අස්වනු හානියක් සහ ගොවි ජීවිත 10-15 ක පමණ හානියක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට පමණක් සිදුවේ. කිඹුලන්, වන අලි, වල් ඌරන්, මදුරුවන්, අයාලේ යන ගවයින් සහ සුනඛයින් නිසා මුළු සමාජයම බැටකයි. මීට කඩිනම් වැඩ පිලිවෙලක් රටට අත්‍යාවශ්‍යය.
sisira Sunday, 30 April 2017 07:40 AM
දැරියගේ මව් පිය ඇතුළු නෑ හිතවතුන්ට දැඩි ශෝකය පළකරනවා. එත් මෙයින් කාට කාටත් ඉගෙනගත හැකි පාඩමක් තියෙනවා. අපගේ ජීවිතය කොයි වෙලාවක කවදාක මොන අන්දමට වේවිද? දන්නේ නැහැ. ජීවත්වන කාලයට වඩා ජීවත්වූ අන්දමයි වටින්නේ. ලද දෙයින් සතුටුවෙලා ධනය පසු පස නොගොස් ලොවට වැඩදායීව ජීවත් වන්නන්ගේ ගුණ සුවඳ ඔවුන්ගේ මරණයෙන් පසුත් මේ වායු තලයේ අපට දැනේවි.
Upasake Sunday, 30 April 2017 07:44 AM
ලෝකයේ වෙනත් රටවල් දිහා බැලුවම අපේ රටේ තරම් අවාසනාවන්ත සිදුවීම් වෙන රටවල් තවත් තියෙනවද කියල හිතෙනවා. මේ තරම් රටේ කිඹුල්ලු බෝවුන හැටි කව්රුවත් නොදන්නේ ද? අනික ඔය ගම්වල ඉන්න කොල්ලන්ට කිව්වම ඔය ටික සති 2ක් යනකොට පාලනය කරාවි. අනික ඔය තරම් කිඹුල්ලු වැඩි වෙන්න අරින්නේ කිරි බොන්නද? මනුෂ්‍යයා තවම කිඹුලන්ට වඩා වටිනවා කියන එක අපේ අමනුෂ්‍යයෝ වටහාගෙන නැද්ද?
ruchira Sunday, 30 April 2017 09:04 AM
සසර වසනා තුරා මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා චූටි දුවේ, ඔබට නිවන් සුව !!!
kimbullu Sunday, 30 April 2017 10:34 AM
අපි අතරෙත් මිනීකන උන් ඉන්නවා. නමුත් අපි අපි මරාගන්නේ නැහැ. උසාවි නැහැ. ඇප නැහැ. පාතාලයක් නැහැ. මේවා මර්ධනයට අපි කෙනෙක් හොයනවා. මනුස්ස ලෝකෙන් විශ්‍රාමික හමුදාවේ අය විශේෂයි. අපි කඳුළු සලනවා මේ දරුවා ගැන...
ranjith Sunday, 30 April 2017 01:49 PM
මිනිසා...මේ පරිසර පද්ධතියේ එක සාමාජිකයෙක් පමණි. මිනිසාට මෙන්ම වන සතුන්ටද ජීවත්වීමේ අයිතිය ඇත. මිනිසා විවිධ ක්‍රමයන්ගෙන් ආහාර සපයා ගන්නා අතර වනසතුන් මරා කෑමද සිදු කරයි. එවිට එම සතුන් සංවිධානයවී මිනිසුන් මරා බඩවල් පලන්න ගත්තොත් අපේ අය කිදෙනෙකුට ජිවිත අහිමිවේද? මිනිසාට ආගමක් හා හික්මීමක් තිබෙනවා. එබැවින් මිනිසා අනෙකුත් ජිවින්ට වඩා උසස් සත්ව කොට්ටාසයක්. මෙවැනි ක්‍රියාවන් ඔවුන්ගේ මේ උසස් යයි කියාගන්න තත්වයට මදිකමක්. තම ජිවිත ආරක්ෂා කරගැනීමට මිනිසුන්ට විවිධ ක්‍රම ඇත. එබැවින් මෙම කිඹුලා ඝාතනය මම පිළිකුලෙන් හෙළාදකිමි.
mahinda Sunday, 30 April 2017 01:53 PM
මේකත් හරියට හදිසි අනතුරකින් මිනිසෙක් මියගියාම වාහනයට ගිනි තියනවා වගේ මෝඩ තකතීරු ක්‍රියාවක්...
frank Sunday, 30 April 2017 02:10 PM
දුවේ ඔබේ ජීවිතය අපිට වටිනවා. නමුත් අහිංසක නිරායුධ තේරුම් ගැනීමේ ශක්තියක් නොමැති පරිසර සමතුලිතභාවයේ වැදගත් කාර්ය භාරයක් ඉටුකරන සත්වයන්ගෙන් හැඟීම් වලට වහල් වී පළිගැනීම උසස් චින්තනයක් සහිත මිනිසාට නොසුදුසු කාර්යයකි. වනජීවී නිලධාරී මහත්වරුනි, නීතිය ක්‍රියාත්මක කරන්න. හැඟීම්වලට වහල් වුණු මහජනයාගේ විරෝධයට යටනොවන්න.
Ks jayarathna Monday, 01 May 2017 12:46 AM
මෙවැනි අකාල මරණයකට කිසිදා හසු නොවේවා!