(ජේ.කේ.එල්. චාමින්ද සහ පියරත්න ජයවික්‍රම)
අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව ,නෙළුව ප්‍රදේශයේ පිහිටි තම ආත්තම්මාගේ නිවසට පැමිණි සිටියදි අතුරුදහන්ව සිටි වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවාගේ සිරුර නෙළුව සුදුවැල්ලාව රංකැට ඇළේ තිබි අද (16) පෙරවරුවේ දි සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.
පොලිසිය, යුධ හමුදාව හා ගම්වැසියන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදි දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇත.
දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු දරුවාගේ මරණයට හේතුව අනාවරණය කරගතහැකි බවද පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවෙකි. මෙම දරුවා තම දෙමව්පියන් සමග අලුත්ගම, දර්ගානගරයේ සිට අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇත. දරුවා සිය බිරිදගේ නිවසේ සිටියදි ඊයේ (15) අතුරුදහන් වි ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත.
බළපිටිය අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අතුරුදන් දරුවා ඇළෙන් හමු වේ
Sunil Sunday, 16 April 2023 03:01 PM
මේ දෙමව්පියන් සහ වැඩිහිටියන් මේතරම් නොසැලකිලිමත්ද?
පිටිගල මිලානෝ Sunday, 16 April 2023 03:59 PM
ලංකාවේ පමණක් දැන් කාලේ අම්මලා සහ ආච්චිලා නැත... ඉන්නේ නංගිලා සහ වයසක අක්කිලාය. ඒ අය ළමයි බලනවා වෙනුවට කරන්නේ මනමාලකම්ය.
කහදවලSunday, 16 April 2023 04:33 PM
අම්මගෙයි දුවගෙයි, අලගිය, මුලගිය කතා අවසානයේ දරුවත් අවසානය ලබා තිබුනේ ගුත්තිල කාව්‍යයේ නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා... ලෙසට වෙන්න පුළුවන් ගුත්තිලය ලියූ හාමුදුරුවෝ කාන්තාවන් යමකට යොමුවුණොත් සිදුවිය හැකි විනාශය විස්තර කළේ එහෙමයි... අනේ දරුවෝ නැවත උපතකදී තමන්ගේ දරුවන්ට ආදරය ඇති අම්මෙක් සොයාගෙන උපත ලබා ඉක්මන් ආත්මයක නිවන් දකින්න උත්සාහ කරන්න...
සෑම් Monday, 17 April 2023 07:07 AM
කතාව නම් ඇත්ත... වයසක අක්කයි, නංගියි බලන්නේ කොල්ලෙක් එක්ක පුළුවන් නම් සෙට් වෙන්න...
Wasantha Monday, 17 April 2023 04:29 PM
ඔය කියන හැටියට දරුවාගේ අම්මාට 22කුත් ආත්තම්මාට 40කුත් ඇති. ඉතින් සෑම් ඔහේ කියන හැටියක් වෙන්න පුළුවන්...
prasanna Sunday, 16 April 2023 07:23 PM
ලෝකයේ තිරිසන් ජනගහනයෙන් යුක්ත එකම රට ශ්‍රී ලංකාව...
පිටිගල මිලානෝSunday, 16 April 2023 09:17 PM
තිරිසන්නු මුන්ට වඩා හොදට උංගෙ පැටව් බලාගන්නවා…
ගමේ එකෙක් Monday, 17 April 2023 08:19 AM
ඔව් ඒක ඇත්ත. නමුත් මේ කතාවට ඒක ගැලපෙන්නේ නෑ. පව් මේකා පොඩි එකා. අම්මලාට ඉතිං කතාවකට වැටුණොත් ළමයි නෙමෙයි ඇඳගෙන ඉන්න රෙද්ද ගලවාගෙන ගියත් දන්නේ නෑ. වැඩිපුරම මිනිස්සුන්ට කරදරයක් වෙන තරමට බෝවෙලා ඉන්න සතෙක් තමයි රිලව්. ගෙවල් ඇතුලටම එනවා. රිලව් පන්නන්න තියෙන හොඳම ක්‍රමය තමයි වෙස්මුහුණු... පැත්ත පළාතේ එන්නේ නෑ. පස්ස නොබලා දුවන්නේ. හැබැයි අමතක වුණාමද දන්නේ නෑ... ටීක දවසකින් එනවා.
Bunny Preena Monday, 17 April 2023 08:49 AM
මව් පදවිය ලබන්නට නුසුදුසු අයට එම පදවිය ලැබුණාම වෙන දේවල් තමයි. අන්තිමට කියයි ළමයාට ලොකු මාරකයක් තියනවයි කියලා... ජෝතිෂයේ කීවා කියලා.
Udhuli Monday, 17 April 2023 02:12 PM
ඔයාට නිවන් සුව ලැබේවා චූටි බබෝ...!
විපරමා Monday, 17 April 2023 02:22 PM
තමන්ගේ දරුවා ගැන මීටවඩා කල්පනාවෙන් හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ. මේවා කාට කාටත් හොඳ පාඩම්...!