කුරුණෑගල මකුල්පොත පාලමගම දී අතරමංව සිටියදී සොයාගත් මාස 4 ක් පමණ වයසැති කබැල්ලෑ පැටවකු පිබිදුනගම වනජීවී අඩවි සහකාර කාර්යාලයයට භාරදී ඇත.
එච්. එම්. හේරත් මහතා මෙම කබැල්ලෑ පැටවා සොයාගෙන ඇති අතර වනජීවී ඇමැතිවරයාගේ අනුමැතිය මත සත්ත්වයා පින්නවල සත්වෝද්‍යානයට භාර දිමට තීරණය කර තිබේ.
ඈයා ලෙසද හඳුන්වන කබැල්ලෑවා ශ්‍රි ලංකාවේ වියළි කලාපයේ ද තෙත් කලාපයේද ජීවත්වන සතෙකු වන අතර වඳවී යන සතකු ලෙස රතු දත්ත පොතට ඇතුළත්ව ඇත.
ඇඟේ ලොම් නැති එකම ක්ෂීරපායී සත්වයාද කබල්ලෑවාය.
කබැල්ලෑවා 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩි ආරක්ෂිතව සංරක්ෂණය කරන සතෙකි.
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අතරමංවූ කබැල්ලෑවා පින්නවල යයි
සෞම්‍යා Tuesday, 12 July 2016 02:14 AM
පවු. හරිම සුරතල් සතෙක් (නි)
ලුම්බිණි Tuesday, 12 July 2016 02:37 AM
මෙවැනි සතුන් කැලයට නිදහස් නොකර සත්තු වතු වලට බාරදෙන එක වැරදි දෙයක් කියලයි මම නම් කියන්නේ (නි)