(ප්‍රියන්ත දසනායක)
පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල, කොඩිගහකන්ද යන ප්‍රෙද්ශයන්හි පවුල් 50 කට පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
පාචනය ,වමනය සෑදුණ පිරිස අතර කුඩා දරුවන් 10 දෙනෙකු සිටින බව වෛද්‍යවරු පැවසූහ.
බලකාවල කොඩිගහකන්ද ගම්වාසීන් දින 07ක් තිස්සේ ගංවතුරින් කොටු වී වටවී ඇති බවත් ලෙඩ රෝග පැතිරී අන්ත අසරණ වී ඇති බවත් කියති.
වෛද්‍ය කණ්ඩායමක් ඔරුවකින් අවශ්‍ය ඖෂධ රැගෙන ගම්මානයට ගොස් රෝගීන් පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීම සිදු කරති.
මේ සඳහා අතුරලිය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය රුවිනී විජේසිංහ, වෛද්‍ය හර්ෂ ලුණුවිල, මහජන සෞඛ්‍ය පරීක්ෂක තේනුවර යන මහත්ම මහත්මින් ඇතුළු කාර්යමණ්ඩලය එක්ව සිටිති.
එමෙන්ම ගම්මානයේ වෙළෙඳසැල් වල සිනී ඇටයක් හාල් ස්වල්පයක් නොමැති බවත් එබැවින් ගම්වාහු පවසති.
අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මිය ගෙන් විමසීමේදී නිසි සම්බධීකරණයෙන් පෙර සිටම වෛද්‍ය සායන පැවැත්වීමට සූදානම් කර තිබූ බවත් මී උණ කරල් විශාල පිරිසකටත් ලබා දීමට කටයුතු කළ බවත් කීය. පාචනය වැළදුණු දස දෙනෙකු අකුරැස්ස රෝහලට බෝට්ටුවෙන් ප්‍රවාහනය කොට ප්‍රතිකාර ලබා දිමට පියවරගත් බවත් පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අතුරලියේ පවුල් 50කට පාචනය
Tharindu Thursday, 06 June 2024 06:49 AM
රැකියාව අවශ්‍යතාව අනුව අකුරටම ඉටු කළ ඔබ සැමට උපහාරයක් වේවා
wedage Thursday, 06 June 2024 10:51 AM
අතුරලියේ රතන අතුරලියේ රතන ඔබ කොහිද රතන .අර මිනීමරුවා නිදහස් කරන්න ගත්තු සල්ලිවලින් හරි මේ මිනිස්සුන්ට උදව් කරන්න