IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අතුරු කමිටුව අවලංගු කළහොත් තහනම අයින් වෙයි

(යොහාන් භාසුර)

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත්කිරීමට නම් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව අවලංගු කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (22) පැවසීය.

වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සංගම් තුනක් එම සංගම්වල ජත්‍යන්තර සංගම් පසුගිය කාලයේ තහනම් කර ඇති බවට අයි.සී.සී. රැස්වීමේදී අවදානයට ලක්වූ බව කී සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් ඉල්ලා සිටීම මෙම තහනමට ප්‍රධාන හේතුවක් වූ බව ද සදඟන් කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් කරුණාවෙන් ඉල්ලා පසුව දාමරිකව හැසිරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගකිව යුතු බවත් ශම්මි සිල්වා මහතා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අහමදාබාද්හිදී ඊයේ අවසන් වූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගිවීමෙන් පසුව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

 



අදහස් (13)

අතුරු කමිටුව අවලංගු කළහොත් තහනම අයින් වෙයි

fairoos Wednesday, 22 November 2023 08:06 PM

කරුණාකර නුඹලා ඉල්ලා අස්වෙන්න...

:       0       1

Bamunuarachchi Friday, 24 November 2023 12:58 AM

මස්කඩ කාරයෝ ක්‍රිකට් වලට නැහැ බන්.

:       0       0

චන්දන Wednesday, 22 November 2023 08:07 PM

තහනම දිගටම තිබුණාට කමක් නැහැ. මොවුන්ගේ මාෆියාව රජ කරන්නේ. රටේ අහිංසකයා වෙනුවෙන් සත පහක් වියදම් කරලා තියෙනවාද ක්‍රිකට් දියුණුවට...!

:       0       1

Rata Perata Wednesday, 22 November 2023 08:46 PM

ඔබලා අයින් කළොත් රටේ ක්‍රිකට් ඉතුරු වෙයි...

:       0       0

Bamunuarachchi Wednesday, 22 November 2023 11:48 PM

කමිටුව අයින් කරන්න එපා... ක්‍රිකට් මණ්ඩලය විසුරුවා හරින්න. ICC එකට‍ රටේ නීතියට ඉහලින් යන්න දෙන්න එපා. අතුරු කමිටුවක්‌ පිහිටුවන්න පනතින් ඇමැතිතුමාට බලය තිබෙනවා නේද? ශ්‍රීමත් ප්‍රේමදාස හිටියා නම් මුහුදු වෙරලෙන් හොයා ගන්න තිබුණා.

:       0       0

EWANA HENNEDIGE PRABATH SANDARUWAN SIRWARDANA Thursday, 23 November 2023 12:33 AM

20%ක් ඉල්ලන්නේ එතුමාගේ පවුද්ගලික සුඛවිහරණයට නෙවෙයි, අහිංසක දුප්පත් දරුවන් වෙනුවෙන්. ශම්මිලා වගේ අයට ඒ අයගේ අවශ්‍යතාවයන් පිරිමහන්න නෙවෙයි. වඳින්නම් ඔය පුටුව කාටහරි දීලා යන්න...!

:       0       0

Hussain Thursday, 23 November 2023 05:31 AM

SIC ඔක්කොම හොරු... ICC බෑන් කළ එක හොඳයි. තාවකාලිකව ක්‍රිකට් නවත්තලා හරි මේ හොරු පන්නන්න ඕනේ...

:       0       0

සිරිමල් Thursday, 23 November 2023 05:50 AM

අතුරු මිතුරු දඹදිව තුරු, රාජ කපුරු සෙට්ටියා...!

:       0       0

Aruna Manipura Thursday, 23 November 2023 06:41 AM

අපි හිතමු ක්‍රීඩා ඇමති සම්පූර්ණයෙන්ම වැරදියි කියල. අපි හැමෝම දන්නා දෙයක් අද ක්‍රිකට් ක්‍රීඩාව සුදු කරුවන්ගේ ග්‍රහණයට හොඳටම අසුවෙලා කියන එක. ශම්මි සිල්වා bookmaker කෙනෙක් නෙමෙයිද? තිලංග සුමතිපාල ගැන මම කියන්නේ නෑ! මෙතනම සබැඳියාව පිලිබඳ ප්‍රශ්නයක් නැද්ද? කොහොමටත් මේ රටේ ක්‍රිකට් විනාශ කලේ මේකත් පවුල් පාලනයකට සහ බූකි කාරයන්ගේ අතට ගියාට පස්සේ. ICC එක ගැනත් වැඩිය මොකවත් කියන්න බෑ අපේ අසල්වැසියා කෝප වෙනවනේ!

:       0       0

Akila Thursday, 23 November 2023 07:16 AM

ප්‍රේක්ෂකයෝ විදිහට අපිටනම් මේ තහනම කොච්චර කල් තිබුනත් ප්‍රශ්නයක් නැහැ ,(මොකද බලන්න ඉන්න පුළුවන් තරම් ක්‍රිකට් ගහන්නත් බැහැනේ දැන් ටීමේ එකේ ඉන්න නළුවෝ ටිකට) , කොහොම හරි අපේ ක්‍රිකට් ආයතනය අරක්ගෙන ඉන්න බුකි හොරු ටික එලවන්න ,ඊට පස්සේ අපහු නිලවරණයකින් මේ හොරු එන එක නවත්වන්න

:       0       0

aruna Thursday, 23 November 2023 09:25 AM

කමක් නැහැ ඔක තහනම් කරලම දාපුවාවෙ ඔය හොර සභාපතිල ගෙ පාලක මන්ඩල ඉන්නකම් ඔක තහනම් කරපුවාවෙ එතකොට අපිටත් අපෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නපුලුවන් ඔය කෙහෙමලට කාලෙ කන්නෙනැතුව.

:       0       10

A happy cricket fan Thursday, 23 November 2023 10:43 AM

හිතවත් ක්‍රීඩා ඇමතිතුමනි; අතුරු කමිටුව ඉවත් කරන්න එපා. මේ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් අත්හිටුවීම හොඳයි.

:       0       0

Bamunuarachchi Thursday, 23 November 2023 01:11 PM

මේ ශම්මිම ගිහින් හදාගෙන ආපු කොන්දේසි... ඔවුන්ගේ පැවැත්මට ක්‍රීඩා කරන්න ඉතුරු කරගෙන ආවා. ක්‍රීඩා නැතිවීම නිසා මිලියන 100 පාඩුයිලු. රටට පාඩුවක් නැහැ. ඒ මුදල් නැතිවුනේ ක්‍රිකට් මණ්ඩලේට, රටට ඒ මුදල් පාවිච්චි කරන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ජනතාවට ක්‍රීඩාවක් හැටියට පෙන්නුවාට මේක කැසිනෝ වලට වඩා අන්ත සූදුවක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 2 0

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 193 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 115 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 278 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 124 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 652 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site