IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්

(නිමල කොඩිතුවක්කු)

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.

ඒ සඳහා නාමික හෝ නිර්රාමිකව තොරතුරු ලබාදීමට ඕනෑම අයකුට අවස්ථාව සැලසෙන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතික සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් අත්හිටුවන ලෙස අපි ආණ්ඩුවට සහ පළාත් සභා බලධාරීන්ට අවධාරණය කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.

එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.

පළාත් පාලන සහකර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන් ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන් ම ක්ෂේත්‍රනිලධාරීන් ට ද මෙය බලපෑ ඇති බව වාර්ථා වේ.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටළු සහගතය.

තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් ද පැවැත්වේ. පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ සීග්‍ර ලෙස දේශපාලනිකරණය වීමක් සිදුවෙමින් පැවතීම, ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබේ.

මෙම මාරු කිරීම් තුළ ඒ ඒ ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවනවා පමණක් නොව එම නිලධාරීන්ටද පෞද්ගලිකව බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙනේ” යැයිද එහි සඳහන් වේ.



අදහස් (6)

අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්

ජයනාත් Thursday, 26 December 2024 04:41 PM

කට්ටිය ට නිකංම ඉන්න වෙයි. නේද

:       0       1

mangala Thursday, 26 December 2024 05:23 PM

කිනිතුල්ලොන් ව හලන්නම ඕන. මෙයාලා බලයේ ඉද්දී හරිම සත්ගුණවත්. කිසිම අයුතු මාරුකිරීමක් කරේම නෑ. ඒකනේ ජනතාව මෙයාලව කුල්ල කුජීත කරලම දැම්මේ. නිකන් බොරුවට තප්පුලන්නේ නැතුව ඉන්න තාක් තියෙන ඡන්ද ටික රැකෙයි, තපප්පුලන වාරයක් පාසා ඡන්ද කැඩෙයි.

:       9       2

අරවින්ද මොනරවිල Thursday, 26 December 2024 07:13 PM

අනේ විහිළු නොකර හිටපං බංඩෝ, ඔබලා 2015 දැම්ම සෙල්ලම් මතක් උනාද ?

:       11       2

ලක්විදු Thursday, 26 December 2024 08:21 PM

හොදයි හොදයි.., පියානෝගෙ කාලෙ ඉදලම හොයන්නකෝ…!

:       9       0

වික්‍රම විදුර්‍ර Thursday, 26 December 2024 09:33 PM

අත්තනෝමතිකව පත්කරපු අයව හොයන්න කියල නැද්ද? උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියලා 5000 ගෙවලා ඇවිලලා ඇගිලි සලකුණු ගහලා ඡන්ද කැම්පේන් කරන්න අමාත්‍යාංශයට දාපු 1000 වැටි පත්වීම් ?

:       7       0

වික්‍රම විදුර Friday, 27 December 2024 12:47 PM

උස නම් සිකුරිටි මිටිනම් කම්කරු දුන්නේ කොහ‌ොමද දන්නෑ... කොහොම හරි සජබේ උන්ටික හැරෙන්නේ සජියාව හිරේදාන්න.. හිරේ යන්නත් ඔ්නා කරපු ජඩ වැඩ වලට...

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වැඩ බලන අමාත්‍යවරු 5ක් පත් කරයි
2025 ජනවාරි මස 14 81 0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍


අයිස් සමග අයෙක් මාට්ටු
2025 ජනවාරි මස 14 34 0

අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.


මධ්‍යම අධිවේගයේ කෝටි 234ක් වතුරේ
2025 ජනවාරි මස 14 578 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක් වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇතැයි ජාතික


ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට
2025 ජනවාරි මස 14 710 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ස


මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා
2025 ජනවාරි මස 13 1299 0

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇ


අයිස් කිලෝ 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 13 352 0

අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයෙකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 181 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 540 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 290 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site