ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම මාලාවක් සැකසු බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත මහතා (04) පැවසීය.
කරුණු 10 කින් යුතු එම ආචාර ධර්ම මාලාව මධ්‍යම කාරක සභාවෙන් අනුමත වී ඇති බවත්,පළාත් පාලන,පළාත් සභා හා පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝතයින් සියලු දෙනා ඊට ගරු කළ යුතු බවත් ඔහු පවසයි.
මෙම ආචාර ධර්ම කඩ කරනවුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අත අචාර ධර්ම පද්ධතිය අතට ගනී
නිශාන්ත Wednesday, 04 March 2015 12:33 PM
මහින්ද මහත්තයා ඉවත් කලොත් අචාර ධර්ම මාලාව සහ බංකොලොත් මැති ඇමතිවරු පිරිසක් විතරක් ඉතිරිවේවි සමාජිකයන් නොමැති පක්‍ෂයක.(නදී)
රුවිඳු Wednesday, 04 March 2015 12:39 PM
මෙයාට නිදහස් පක්ෂයේ තීරණයට විරුද්ධව ගිහින් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා වෙලා පක්ෂයේ නායකයා වෙන්න පුළුවන්. අනිත් අයට මීටීන් එකකට ගියාම විනය විරෝධීයි (නදී)
අභය Wednesday, 04 March 2015 01:06 PM
බුලත් කොලයටවත් පුටුවටවත් අතටවත් නෙවෙයි අපි ඡන්දෙ දුන්නේ රට නිදහස් කරපු ජාතියේ නායකයට. (නදී)
විජයබාහු Wednesday, 04 March 2015 01:20 PM
හෝ ගාලා කඩේ යනවා(නදී)
අනුර Wednesday, 04 March 2015 01:33 PM
ඔබ කියන ආචාර ධර්ම පද්ධතිය, ඡන්දය දෙන අප ඉදිරියට ප්‍රසිද්ධ කල යුතුය. මෙවර අලුතින් මහජනයා පිළිගන්නා නාම ලේඛනයක් නාවොත්, 1994 සිට චන්ද්‍රිකාට ආවතේව කළ අයනම් ගෙදර යවන්න මහජනතාව බලාගෙන ඉන්නේ. ඒ බව නුගේගොඩ රැළියෙන් පෙන්නුවා.(නදී)
රෝයි Wednesday, 04 March 2015 01:38 PM
අලුත් ආචාර ධර්ම හඳුන්වා දීමට අවශ්‍ය නැහැ. මේ ශිෂ්ට මානව සමාජයේ සියලු දෙනා විසින් කෙනෙකුගේ බලපෑමකින් තොරව අධිකරණයට යාමට අවශ්‍ය නැති ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කරනවා. දේශපාලකයා යහපත් ප්‍රිය වචන කතා කරනවද? නැහැ, ඒ සදහා නීතියක් අවශ්‍ය නැහැ. ඔවුන්ට අද්‍යාපනය ලබාදිය යුතුයි. එසේ නැතිනම් හොද අධ්‍යාපනයක් ඇති අය ඒ සදහා යැවිය යුතුයි.(නදී)
දිල්ශාන් Wednesday, 04 March 2015 02:13 PM
අපිව ඔය කොළ කෑලි පෙන්නලා රවටන්න බැහැ. ඔය ආචාර ධර්ම ගැන කතා කෙරිල්ල පැත්තක තියලා අවංකව ආචාරශීලීව හැසිරිලා වැඩක් කරලා පෙන්විය යුතුයි. පාර්ලිමේන්තුවේ බල්ලෝ බළල්ලු වගේ පොරකාල, කුණුහරුප කියල, අපිට ආචාර ධර්ම ගැන කියවනවා. (නදී)
අබේරත්න -ටෝකියෝ Wednesday, 04 March 2015 03:38 PM
ආචාර දර්ම අර ගස් බැන්ද කෙනාට වලංගුද ? ඕවා මහජනයා රවට්ටන්න කියන ඒවා . වසර 20 පමණ බලයේ ඉදලා කරන්න බැරි උන ආචාර දර්ම දැන්ද මතක් උනේ. (නදී)
විජය Wednesday, 04 March 2015 04:47 PM
ඡන්දයක් කිට්ටුවෙනකොට මොකක්හරි ඉදිරියට ගෙනෙනවා. "සුබ අනාගතයක්, මහින්ද චින්තනය, යහපාලනය, ආචාර ධර්ම".... අනේ අපිට දැන් හොඳටම මහන්සියි. කරුණාකරලා රටේ අනාගතය වෙනුවෙන් මොනවාහරි කරන්න. (නි)
කුමාර Wednesday, 04 March 2015 05:36 PM
මේ කෙනෙහිලිකම් සියල්ල කරන්නේ රට දිනවාදුන් අපේ නායකයාණන්ටයි. ඔය කට්ටියටම අපි හොඳ පාඩමක් උගන්වන්නම් (නි)
නඩරාජා Wednesday, 04 March 2015 07:32 PM
ආචාර ධර්ම කියමින් කරන දේශපාලනය ගැන අපි දන්නවා (නි)
රෙජි-සිඩ්නි Wednesday, 04 March 2015 10:16 PM
එහෙත් ලංකාවේ දේශපාලනය කරන්න "ආචාර ධර්ම පද්ධතියක් " අවශ්‍ය නැහැ නේද? (නි)
දුමින්ද Thursday, 05 March 2015 05:06 AM
ලොකු ලොක්කන්ටත් ආචාර දර්ම අදාලද (නදී)
දිල්රුවන් Wednesday, 04 March 2015 12:10 PM
කෝ ඔය ආචාර ධර්ම පද්ධතිය.(හේ)