IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘අත එකතු කරන්න චමල්‘ - සරත් අමුණුගම

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට ඇතිවී තිබෙන දෙකඩ වීම සමතයකට පත්කිරීම සඳහා එම දෙපාර්ශවයටම එකඟ විය හැකි අයෙකු වන කතානායක චමල් රාජපක්‍ෂ  අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂක ලෙස නම් කිරීම කෙරෙහි   අවධානය යොමුව ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.

පක්‍ෂයේ බොහෝ දෙනෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වෙනත් පක්‍ෂ නියෝජිතයන් ද චමල් රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර ඇතැයි ඇමතිවරයා ස`දහන් කළේය.

මේ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයාට ද දැනුම් දී ඇති බව  අමුණුගම මහතා කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වෙනත් පක්‍ෂ සම`ග සාකච්ජා කර තීන්දු තීරණ ගැනීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට බොහෝ දෙනෙක් මෙම යෝජනාව කළ බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

අමාත්‍ය සරත් අමුණුගම මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මීට අමතරව පක්‍ෂයේ දෙපාර්ශවයටම එකඟ විය හැකි පිරිසකට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීම කෙරෙහි පක්‍ෂ නාමයෝජනා කමිටුවේ අවධානය යොමුව ඇති බව ද ඇමතිවරයා කීවේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා කතානායක චමල් රාජපක්‍ෂ මහතා පසුගිය 30 වැනිදා මුණගැසී සාකච්ඡා කර ඇති අතර එය ඉතා සාර්ථක වී ඇති බවයි.

දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට චමල් රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස මෙන්ම  ඉදිරි මහ මැතිවරණය සදහා තරග කරන ලෙසද ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බව  ද සුමතිපාල මහතා කීවේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ ගයාන් අමරසේකර)

GLA_5642 GLA_5645 GLA_5654

 

 



අදහස් (0)

‘අත එකතු කරන්න චමල්‘ - සරත් අමුණුගම

සිල්වා Thursday, 02 July 2015 03:10 PM

ඔය මොන ගේම් ගැහුවත් මහින්ද රාජපක්ෂ එන එක කට්ටියට නවත්වන්න බැහැ, ඒක ජනතා තේරීම නිසා. (ර)

:       0       0

සිරිපාල Thursday, 02 July 2015 03:58 PM

අගේ ඇති තීරණයක්. (ර)

:       0       0

සුරන් Thursday, 02 July 2015 10:09 AM

කොහොමද මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ ගැටය, (අ)

:       0       0

ඉන්ද්‍රා Thursday, 02 July 2015 04:07 PM

හොද තීරණයක් අතේ ඇගිලි පහම එක වගේ නෑ. කාව පත් කරත් මේ රජය සංවර්ධනය පටන් ගන්න ඕනේ ගමෙන්. (ර)

:       0       0

අමිත් Thursday, 02 July 2015 10:17 AM

සියලු බෙදීම් ඇතිවී තිබෙන්නේ බලයට ඇති දැඩි ආසාව නිසයි (ම)

:       0       0

ද මෙල් Thursday, 02 July 2015 10:31 AM

දේශපාලනයෙන් අයින් වෙන්න ඉන්න මොහොතක තමාගේ ගරුත්වය නැති කරගන්න තරම් චමල් මෝඩ නැහැ. මේ මහත්වරු ගහන්නේ තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීම පිණිස අසාර්ථක තුරුම්පුවක් (ම)

:       0       0

පද්මිණී Thursday, 02 July 2015 04:19 PM

මේ පවුල් ගහේ අතු විතරමද ශ්‍රී ලංකා එකට තියෙන්නේ. තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා.. (බ)

:       0       0

ජයන්ත Thursday, 02 July 2015 04:19 PM

මේ කට්ටියට කවුරු ආවත් කමක් නැහැ. ලැජ්ජ නැහැනේ. (බ)

:       0       0

දුමින්ද Thursday, 02 July 2015 10:40 AM

අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ- අයියා මල්ලී වාගේ (ම)

:       0       0

අමන්දා Thursday, 02 July 2015 04:22 PM

රාජපක්ෂලා තවත් එපා...!! ලංකාව රකින කුමන හෝ දෙවි කෙනෙක් රාජපක්ෂ අයින් කළා.නැවත කවදාවත් එපා (බ)

:       0       0

ජෝ Thursday, 02 July 2015 10:48 AM

යහපත් හොඳ අදහසක් (ම)

:       0       0

නිරන්ජන් Thursday, 02 July 2015 11:51 AM

අමිත් මහත්තයෝ මහින්දව හොයාගෙන ජනතාව ගියා මිසක් මහින්ද ජනතාව පස්සේ අාවේ නැහැ ඵ් ගරුත්වය තවමත් ලක්ෂ 58ක් වු ජනතාව ගාව තිබෙනවා... (ම)

:       0       0

සිරිමල් Thursday, 02 July 2015 04:55 PM

අපි බලමු එහෙමවත් කරලා... (නි)

:       0       0

සුනිල් Friday, 03 July 2015 10:26 PM

චමල් කියන්නේ හොඳ කෙනෙක්. අපි බලමු (නි)

:       0       0

මහින්ද Thursday, 02 July 2015 12:29 PM

මේ තීරණය සම්බන්ධයෙන් යටි අරමුණක් තිබිය හැකිද?(හේ)

:       0       0

අශේන් Thursday, 02 July 2015 12:33 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)

:       0       0

ජයන්ත Thursday, 02 July 2015 12:34 PM

නිරන්ජන්, පුදුමය කියන්නේ ඒ ලක්ෂ 58 ට බලෙන් රිංගාගත් අයිතිකාරයොත් ඉන්නවනේ දැන්. පටන්ගැන්මේ සිටම ඔවුන් කළේ බලය අයුතුලෙස පාවිච්චි කිරීමයි. (නි)

:       0       0

චාමර Friday, 03 July 2015 11:15 PM

ජයවේවා! (නි)

:       0       0

විදුසර Thursday, 02 July 2015 12:48 PM

මම හිතන්නෙත් මේක හොඳ තීරණයක් (නි)

:       0       0

සිල්වා Thursday, 02 July 2015 12:51 PM

තව රාජපක්ෂ කෙනෙක්නේ! (නි)

:       0       0

අනුර Thursday, 02 July 2015 07:25 PM

ඇමෙරිකාවේ ජීවත්වෙන මම යූඑන්පී පාක්ෂිකයෙක් වෙලත් මහින්ද මහතා මගේ රට වෙනුවෙන් කළ මෙහෙවරට ණයගැතියි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 02 July 2015 07:30 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුනිල් Thursday, 02 July 2015 07:32 PM

පද්මිණි නංගි හරියටම හරි (නි)

:       0       0

සමන් Thursday, 02 July 2015 01:49 PM

මේ තීරණයට මම නම් අකමැතියි. රාජපක්ෂලා තවත් එපා...!! (නි)

:       0       0

සසිත් Friday, 03 July 2015 07:55 AM

ඔය මොන ගේම් ගැහුවත් මහින්ද රාජපක්ෂ එන එක කට්ටියට නවත්වන්න බැහැ, ඒක ජනතා තේරීම නිසා.(ම)

:       0       0

සමන්ති Thursday, 02 July 2015 02:18 PM

ඒ අදහසත් නරකම නෑ.(හේ)

:       0       0

සඳුනි Friday, 03 July 2015 12:58 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 3 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 958 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 919 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 733 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6916 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2156 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34232 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site