IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘අත කැඩීමේ පවට හවුල් වෙන්න එපා‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව මධ්‍යම පළාත් මහාමාර්ග,  විදුලිබලෙ, නිවාස හා ප්‍රවාහන අමාත්‍ය   එදිරිවීර වීරවර්ධන මහතා පැවසීය.

‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක දෙකඩ වෙන්නේ නෑ. ඒ සදහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඩ දෙන්නේ නෑ.  ඒ වගේම ‍ මගේ විශ්වාසයේ හැටියට මහින්ද රාජපක්ෂ මහතාත් වෙනම පක්ෂ හදා පක්ෂය දෙකඩ කරන්න ඉදිරිපත් වන එකක් නෑ. එහෙම නැතිව පක්ෂයට සම්බන්ධ නැති පිරිසකගේ වුවමනාවට  වෙනම පක්ෂයක් හදන්න මහින්ද මහතා සහාය දුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට හවුල් විමක් වෙනවා. මහින්ද මහතා අපි ගරු කරන නායකයකු ඒ නිසා අපි එතුමගෙන් ඉල්ලනවා ශ්‍රිලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී  ගෞරවාන්විතව විශ්‍රාම යන ලෙස.

අද මේ පක්ෂය දෙකඩ ‍ කර  වෙනම පක්ෂයක් හදන්න උත්සාහ කරන කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවෙයි. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලිලා ඔවුන්ගේ දෙශපාලන ගමන ගිය අයයි.   ඔවුන්ගේ  වුවමනාවට පක්ෂය කඩන්න කවුරුවත් ඉඩ දෙන්නේ නෑ.   මහින්ද රාජපක්ෂ  විශ්‍රාම ගියහොත් මේ සියලු දෙනාගේ ‍දේශපාලනය සුනාමියට හසු වුණා වාගේ  විනාශ වී යනු ඇති.  ඒ නිසාම තමයි ඔවුන් මේ විදිහට මහින්ද මහත්තයා ඉසස්රහට දාගෙන අලුත් පක්ෂයක් පිහිටවා ගන්න උත්සාහ කරන්නේ. ‘‘

 



අදහස් (0)

‘අත කැඩීමේ පවට හවුල් වෙන්න එපා‘

නිහාල් Sunday, 21 February 2016 02:56 PM

පක්ෂයේ බෙදීමක් ඇතිවුණේ 2014 ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දිනයේ සිටයි. මෙයට වගකිවයුත්තේ එදා පක්ෂය හැරදමා ගිය අයයි (නි)

:       0       0

නිම්මි Sunday, 21 February 2016 03:01 PM

ගමගේ හරි. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් දැනට ඉන්න අයගෙන් මහින්ද මහත්තයට විතරයි. ඒකයි මිනිස්සු තාම එතුමාව ඉල්ලන්නේ. අපිට පක්ෂ වැඩක් නැහැ. අපිට ඕනෑ වැඩ. (නි)

:       0       0

උපාලි Monday, 22 February 2016 06:37 AM

පක්ෂ හැදෙන්නේ එක කෙනෙකුගේ උවමනාවට වෙන්නත් පුළුවන් කීප දෙනෙකුගේ උවමනාවට වෙන්නත් පුළුවන්. හැබැයි පක්ෂේ නායකයා දෙවියෙක් වුනත් වැඩක් නැහැ ජනබලයක් පසුබිමේ නැත්නම්. අලුතින් බිහිවුන පක්ෂ කීයක් අද වන විට නිකම්ම අහෝසි වෙලාද? හොර මැර දුෂණ නැති, ඉහලින්ම ප්‍රතිපත්ති රකින බව කියන ජ.වී.පෙ. ට වත් නොවැටී ඉන්න මිසක් රජයක් පිහිටුවන්න තරම ජන බලයක් නැත්තේ ඇයි? මහින්ද අලුත් පක්ෂයක් හැදුවත් හොඳ ජන බලයක් නැත්නම් බිම. (බ)

:       0       0

ෆාරු Monday, 22 February 2016 07:03 AM

එහෙයියන් (අ)

:       0       0

යසපාල Sunday, 21 February 2016 05:26 PM

අපිට දැන් මොනවා වුණත් ගාණක් නැහැ (නි)

:       0       0

සිරි Sunday, 21 February 2016 05:50 PM

ඇත්තම කිවුවොත් අපිට දැන් කඩන්න හිතිලා තියෙන්නේ දේශපාලකයන්ගේ අත් (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 21 February 2016 07:54 PM

අත පමණක් නොවේ, සියල්ල කඩා හෙළා දමන්න ක්‍රියා කරන්නේ නව පක්ෂයේ නායකයන් බවයි අපිට නම් පෙනෙන්නේ (නි)

:       0       0

ශානක Sunday, 21 February 2016 10:07 PM

මම නම් කියන්නේ මහින්ද මහතා අළුත් පක්ෂයක් හදන එක හොඳයි (නි)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 21 February 2016 10:13 PM

මොනවද මේ කියන්නේ? දැනටමත් පක්ෂය කැඩිලානේ තියෙන්නේ. (නි)

:       0       0

ඇසළ Sunday, 21 February 2016 08:45 AM

දැන් ඔකේ කඩන්න දෙයක් ඉතුරු වෙලා තියනවද ? (ර)

:       0       0

සුරංග Sunday, 21 February 2016 08:49 AM

හරියටම හරි. (ර)

:       0       0

චාමර Sunday, 21 February 2016 09:01 AM

මේ ගොල්ලන්ට ඔක්කොටම වඩා ලොකු වෙලා තියෙන්නේ පක්ෂ දේශපාලනේ මිසක් රටේ සංවර්දනය නෙමෙයි. (ර)

:       0       0

සත්‍යපාල Sunday, 21 February 2016 08:54 AM

පක්ෂයක් සහ එහි සලකුණක් යනු එකම දේශපාලන මතයක් දරන ජන කණ්ඩායමක් හදුන්වන නම සහ එහි සංකේතයයි. එම සංකේතය සහ නම කිසියම් සුළු පිරිසක් උප්පරවට්ටියකින් තබාගත් නිසා මුළු ජනකණ්ඩායම ඒ ලකුණ වටා සිටියි සිතීම අමනකමකි. එම මතය දැරූ පිරිස සදහා නම් සහ සලකුණු අනන්ත ප්‍රමාණයකින් එකක් සොයාගත හැකිය. එය අත නොව කකුල ඇගිල්ල හෝ නියපොත්ත වියහැක. වැදගත් වන්නේ එම මතය දැරූ පිරිස ඉන්නේ කොතනද යන්නය. (ර)

:       0       0

මහින්ද සෞදි Sunday, 21 February 2016 09:09 AM

අත කැඩීමේ පවට මුල්ගල තිබ්බේ කව්ද කියලා ඔබ නොදන්නා එක ගැන කනගාටුයි. (ර)

:       0       0

කේ පෙරේරා Sunday, 21 February 2016 09:13 AM

හිටපු ජනදිපතිවරුන්ව ආදර්ශයට ගෙන ගෞරවාන්විතව විශ්‍රාම ගියොත් තමා හොද. (ර)

:       0       0

වින්සන්ට් Sunday, 21 February 2016 09:15 AM

මෙතුමාගේ ප්‍රකාශය කාලෝචිතය. අත කැඩීම දෙපාර්ශවයක් ආරක්ෂා වීමකි. අත කැඩීම මඟින් වැරදි කරුවන් නිවැරදි කරුවන් වන්නේද යන්න අපි බලා සිටිමු. . පිරිසිඳු අතක් රටේ අවශ්‍යතාවයකි. (ර)

:       0       0

සාගර Sunday, 21 February 2016 09:42 AM

සම්පුර්ණ ඇත්ත... (ර)

:       0       0

බමුණු ආරච්චි Sunday, 21 February 2016 11:35 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යු එන් පීය සමඟ එකතුවෙලා අත කැඩීමේ පවට මුල්වුයේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 21 February 2016 11:38 PM

අත දෙකඩවීම ඔබලාගේ බලතණ්හාව නිසා වූ දෙයක්. රැවුලයි කැඳයි දෙකම බැහැ. (නි)

:       0       0

බමුණු Sunday, 21 February 2016 10:47 AM

අපි මහින්ද මහතා සමග ඉදිරියට යන්නයි බලන්නේ. (ර)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 22 February 2016 12:17 AM

අනේ! පුදුම වෙනස්වීමක්. මතකද ඒ දවස්වල පෝස්ටර් ගැහුවා අපි මහින්ද සමඟ කියලා. කරුණාකර රාජපක්ෂ නමට පහනක් පත්තු කරන්න. එය එතුමාට කරන ගෞරවයක්. ඒ වගේම යහපාලනය පැත්තට හැරෙන්නවත් එපා (නි)

:       0       0

ධර්මසිරි Sunday, 21 February 2016 12:15 PM

අප හැමදාම එහෙම තමියි. (ර)

:       0       0

ගමගේ Sunday, 21 February 2016 01:09 PM

ලකුණ පමණක් ඇත, පාක්ෂිකයා නැත. (ර)

:       0       0

රංජිත් Sunday, 21 February 2016 01:36 PM

මේක තමයි ඇත්ත කතාව. (ර)

:       0       0

අනුල Monday, 22 February 2016 03:16 AM

කඩන්න එපා මෛත්‍රී වගේ අන්තිම මොහෙතේ ආප්පයක් කාලා හැරෙන්න එයාට පුලුවන්නම් මහින්දට බැරිමොකද ඒ වෙලාවේ මෙයා හිටියේ කොහිද ඇයි මේ දැන් බයවෙලා මහින්ද පැරදුනත් කමක් නැහැ අලුත් පක්ෂයෙන් ඉල්ලිය යුතුයි (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 21 February 2016 02:15 PM

අතද, කකුලද කියන එක නෙමෙයි ප්‍රස්නේ, රට සංවර්දන කරන්න පුළුවන් කාටද, අපි ඔහු සමගයි. ඒ කව්රුත් නෙමෙයි හිටපු ජනපති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 492 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3205 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1139 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 595 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1971 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site