IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘අතේ‘ ලොකු පිරිසක් මෛත්‍රීගේ අතේ නැහැ

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ යන සිංහල පිරුළ පැහැදිලි කරදීමට මෑත සමයෙන් ගත හැකි හොදම උදාහරණය වන්නේ එක්සත් ජනතා සන්ධානයට මුහුණදීමට සිදුව ඇති තත්ත්වයයි.අගොස්තු 17 වැනිදා පැවැති පාර්ලිමෙන්තු මැතිවණයෙන් ප‍්‍රතිවාදියා වූ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට ඔවුනට නොහැකි වුනි.එනිසාවෙන්ම රජයක් පිහිටුවීමටද හැකියාවක් නොතිබුණි.

 

නමුත් එක්සත් ජාතික පක්ෂය හඳුන්වාදුන් ජාතික රජයක සංකල්පය සන්ධානයේ කොටසකගේ පිළිගැනීමට ලක්වුනි.ඒ අනුව ඔවුහු ජාතික රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය හා එක්වූහ.එසේ කිරීමට තරයේම විරෝධය දැක්වූ ඉතිරි කොටසේ ඊළග අපේක්ෂාව වූයේ පාර්ලිමෙන්තුවේ විපක්ෂය ලෙස පෙනී සිටීමට අවස්ථාව ලබාගැනීමයි.නමුත් එම අපේක්ෂාව පසුගිය බ‍්‍රහස්පතින්දා පාර්ලිමෙන්තුව රැස්වූ අවස්ථාවේ කතානායක කරූ ජයසූරිය මහතා දෙමළ සන්ධානයේ නායක ආර්.සම්පන්දන් විපක්ෂ නායක ලෙස නම් කිරීමත් සමග සුන්වී ගියේය.විපක්ෂ නායක ධූරයට යෝජනාවී ඇත්තේ ඔහුගේ නම පමණක් යැයිද එක්සත් ජනතා නිදහස් සන්ධානය තමන් වෙත ලිපියක් එවමින් විපක්ෂ නායකධූරය භාරගැනීම සන්ධානයේ අරමුණ නොවන බව දන්වා ඇතැයිද කතානායකවරයා පැවසීය.මේ සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවුනි.නව විපක්ෂ නායක සම්බන්දන් අනතුරුව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නම් කළේය.

 

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 56 දෙනාට දැන් අවශ්‍යව ඇත්තේ විපක්ෂය නියෝජනය කරමින් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටය.ඔවුන්ගේ සාමාජිකයෙක් වන කුමාර වෙල්ගම විපක්ෂ නායකයා හැටියට පිළිගන්නා ලෙස ඉල්ලා ජනපතිවරයාට ලිපියක් යැවීමටද ඔවුන් සැළසුම් කර ඇත.

 

‘‘අපි ජනපති සිරිසේනට ආයෙමත් සැරයක් ලිපියක් ලියන්න ඉන්නේ.මේ සැරේ අපි කියන්න යන්නේ අපි ස්වාධීන කණ්ඩායමක් හැටියට පෙනී සිටින්න යනවාය කියන එක.එතකොට විපක්ෂයේ වැඩිම ආසන ගණනක් තියෙන්නේ අපට.ඒ කියන්නේ විපක්ෂ නායකධූරය ලැබෙන්න  ඕනෙත් අපට.ඒ කටයුතු කතානායකවරයා එක්ක සාකච්ඡා කරලා සිදුකරන්න අප සිතාගෙන සිටිනවා.‘‘

 

 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසීය.කුමාර වෙල්ගම විපක්ෂ නායක ලෙස නම්කරන බව කතානායකවරයාට දැනුම්දුන්නේ නැතිද යැයි විමසා සිටි විට ‘‘ඒක කරනකොට කාලය ගිහිල්ලා ඉවරයි.අපි ප‍්‍රමාද වුනා‘‘  වීරවංශ පිළිතුරු දුන්නේය.

 

‘‘ජනපතිවරයා අපි වෙනුවෙන් පෙනී සිටීවි කියන බලාපොරොත්තුවෙන් අපි හිටියේ‘‘.වීරවංශ වැඩිදුරටත් කීය.

 

ජනපතිවරයාගේ අවසරය මෙසේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීම සදහා ලබාගෙන තිබුණු බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසීය.‘‘නමුත් එතුමා කිව්වා එහෙම කළොත් රජයත් එක්ක ආයේ එකතු වෙන්න බැහැ කියලා‘‘.ඔහු කීය.

 

සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට හැකිවූයේ බ්‍රහස්පතින්දා පාර්ලිමෙන්තු සැසිය අවසානයේ බව ගුණවර්ධන හෙළි කළේය.කතානායකවරයා සමග පැවැති හමුවකදී ඔහු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් විශ්වා වර්ණපාල මහතා එවූ ලිපියක් ගැන සදහන් කළ බව ඔහු පැවසීය.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්ව සිටින මන්ත්‍රීවරුන් 95 දෙනාගෙන් 82 නෙකුම ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් බවත් නිදහස් පක්ෂයට විපක්ෂ නායකධූරය ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් එම ලිපියේ තිබුණේයැයි කතානායකවරයා තමන් සමග පැවසූ බව ගුණවර්ධන පැවසීය.ඒ අනුව සැළකුවහොත් සන්ධාන පාර්ශවයෙන් ඉතිරි වන්නේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකි.දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරුන් 16 දෙනෙක් සිටින බැවින් විපක්ෂ නායකධූරය සන්ධානයට ලැබීමේ අවස්ථාවක් නොමැත.

 

‘‘මේක සන්ධානයේ ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝණය කිරීමක්.වැඩ බලන මහලේකම් කෙනෙක් පත්කරන්න නායකයාට අවසරය තියෙන බව ඇත්ත.නමුත් එම ලේක්ම්වරයාට පක්ෂ කටයුතු වල නිතර වෙන්න අවසරය තිබෙන බවත් පක්ෂ නායකයා කටයුතු කළ යුතුයි.මෙතැන එහෙම දෙයක් වෙලා නැහැ.ඒ අනුව වැඩබලන මහලේකම් කෙනෙක් සන්ධානයේ නමින් මේ විදිහට ඉදිරිපත් කරන ලිපිවල කිසිම වලංගුභාවයක් නැහැ.එක්සත් ජාතික පක්ෂය සමග ජාතික රජයක් පිහිටුවන්න එකතු වෙලා ඉන්නේ සන්ධානය නෙවෙයි,ශ්‍රීලංකා නිදහස් පක්ෂය.මේක හැමදෙනාම හොඳට තේරුම්ගන්න වුවමනා දෙයක්.‘‘ ගුණරත්න වැඩිදුරටත් පැවසීය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ආසන 6 ක් පමණක් හිමි ජනතා විමුක්ති පෙරමුණට ලබාදීම ගැනද ඔහු විරෝධය පළකළේය.

 

විපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය.

 

‘‘පාර්ලිමෙන්තුවේ තියෙන්නේ දේශපාලන පක්ෂ 6 යි.ඒවායින් 3 ක්,ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය දැන් නියෝජනය කරන්නේ රජයේ පාර්ශවය.සන්ධානයේ මහලේකම්වරයා කතානායකවරයාට දැනුම්දී තිබෙනවා සන්ධාන මන්ත්‍රීවරුන් රජයේ පාර්ශවයේ අසුන්ගනු ඇති බව.ඒ එක්කම අගමැතිවරයා පාර්ලිමෙන්තුවට දැනුම්දුන්නා මේ පක්ෂ 3 අතර අවබෝධතාවක් තිබෙනවා කියලා.එතකොට විපක්ෂයේ ඉතුරු වෙන්නේ දෙමළ ජාතික සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ සහ ඊපීඩීපිය පමණයි.‘‘

 

පාර්ලිමෙන්තු සම්ප්‍රදායට අනුව විපක්ෂ නායකධූරය හිමිවන්නේ දෙවැනි තැනට වැඩිම ආසන ගණනක් දිනාගෙන සිටින පක්ෂයටය.විපක්ෂ නායකධූරයට දෙමළ ජාතික සන්ධානය හිමිකම් කියන්නේ ඒ අනුවය.

 

‘‘එහෙම වුනේ නැතිනම් එයාලා කියන්න ඉඩ තිබුනා රටේ ජීවත්වෙනකොට වගේම පාර්ලිමෙන්තුවේදිත් දෙමළ ජනතාව කොන්වෙලා ඉන්නේ කියලා‘‘.දිසානායක කීය.එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික රජයක් පිහිටුවීමට ජනවරමක් හිමිව නොමැති බවද මැතිවරණ සමයේ ජාතික රජයක් පිහිටුවීම ගැන අදහස් පළකළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවද ඔහු පෙන්වා දුන්නේය.

 

මේ සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාද සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය.ඔහු සෘජුවම චෝදනා කළේ ජනපතිවරයාටය.සන්ධාන මන්ත්‍රීන් 56 දෙනාගේ ඉල්ලීමට ඔහු කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැති බවද ඔහු කීය.

 

‘‘අපි ජනපතිවරයාට ලිපියක් මගින් දැනුම්දුන්නා අපි නියෝජනය කරන ඇත්ත විපක්ෂයෙන් විපක්ෂ නායකවරයෙක් නම් කරන ලෙසට.නමුත් ඔහු කිසිම දෙයක් කළේ නැහැ.අපි දැන් කතානායකගෙන් ඉල්ලලා තිබෙනවා විපක්ෂයේ වැඩි මන්ත්‍රීවරුන් ගණනක් නියෝජනය කරන්නේ සන්ධානය නිසා විපක්ෂ නායකධූරය සන්ධානයට ලබාදෙන ලෙසට.මේ ගැන තීරණයක් ගන්නා බව ඔහු අපට දැනුම්දී තිබෙනවා.විපක්ෂ නායකධූරය අපට හිමිවන එක වළක්වන්න එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක් දියත් කරලා තිබෙනවාය කියලා අපි දන්නවා.ඔවුන් කියන්නේ සන්ධානය දැන් ජාතික රජය එක්ක එකතුවෙලා ඉන්න හින්දා එහෙම කරන්න බැහැ කියලා.මේක පදනම් විරහිත කතාවක්.අපේ සාමාජිකයින් 56 දෙනා කටයුතු කරන්න යන්නේ ස්වාධීනව.යෝජනාවලට එකගවෙන එක,විරුද්ධ වෙන එක අපිමයි තීරණය කරන්න යන්නේ.‘‘ නානායක්කාර පැවසීය.

 

ජාතික රජයක් පිහිටුවීම මුල්කරගෙන නොයෙක් දේශපාලනමව හා නීතිමය ගැටලුද නැගෙමින් පවතී.සන්ධානයේ ප්‍රබල නායකයින් පවසන්නේ මෙවර ඔවුන් සියලුදෙනා මැතිවරණයට තරග වැදුණේ බුලත් කොළය යටතේ නිසා කිසිදු පාර්ශවයකට ජාතික රජයක් පිහිටුවීමට එක්විය නොහැකි බවයි.නමුත් වැඩි ආසන ගණනක් දිනාගෙන සිටින්නේ තමන් නිසා වෙනත් පාර්ශවයක් හා එක්ව ජාතික රජයක් පිහිටුවීමට හැකියාවක් තිබෙන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මතයයි.මෙම මතය පක්ෂයේ මධ්‍යම කාරකසභාවෙන්ද අනුමත කර තිබෙන්නකි.

 

තම පක්ෂයට ලැබී ඇති විපක්ෂ නායකධූරය ආරක්ෂා කරගැනීම දෙමළ ජාතික සන්ධානයේ උත්සාහයයි.පසුගිය සෙනසුරාදා එම පක්ෂය නිකුත් කර තිබූ නිවේදනයක සඳහන්ව තිබුණේ මෙසේය.

 

‘‘එක්සත් ජාතික පක්ෂයයි,සන්ධානයයි දෙකම දැන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා.ඒ කියන්නේ කැබිනට් එකේ තීරණ ගන්න වෙන්නේ දෙගොල්ලන්ගේම එකඟතාවය මත.ඒ ගන්නා තීරණ පාර්ලිමෙන්තුවේ වාදවිවාද වලට ලක්වෙද්දී දෙගොල්ලන්ටම සිදුවෙන්නේ එකම මතයක ඉදන් ඔවුන් නියෝජනය කරන ජාතික රජයට පක්ෂපාතීව අදහස් දක්වන්න.ඉතින් මෙහෙම තත්ත්වයත් තියාගෙන කොහොමද සන්ධානය විපක්ෂ නායකධූරයේ කටයුතු කරන්නෙ? ඒ නිසා විපක්ෂ නායකධූරය හිමිවිය යුත්තේ කාටද කියන එක හොඳටම පැහැදිලියි.කවුරුවත් ඒ ගැන ගැටලුවක් ඇතිකරගත යුතු නැහැ.‘‘

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතාගෙන්ද විපක්ෂ නායකධූරය මුල්කරගෙන පැනනැගී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් විමසීය.

 

‘‘විපක්ෂ නායකධූරය හිමිවිය යුත්තේ විපක්ෂයේ වැඩිම ආසන ගණනක් හිමි,ඒ වගේම ජාතික රජයත් එක්ක සම්බන්ධ නැති පක්ෂයකට‘‘.ඔහු පිළිතුරු දුන්නේය.

 

ඔහුගේ පිළිතුරෙන් ගම්‍ය වන අදහස වන්නේ එසේනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන්ගන්නා බවකි.නමුත් තම පක්ෂයේ නායකත්වය දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට කන්දී විපක්ෂ නායකත්වය එම පක්ෂයට ලබාදීමට තීරණය කර ඇති බව ඔහු නොදැන සිටි බවක් පෙනුනි.තම අදහස් දැක්වීමේදී දෙමළ ජාතික සන්ධානය ගැන ඔහු කිසිදු සදහනක් නොකළේ එහෙයින් විය හැකිය.

 

විපක්ෂ නායකධූරය ලබාගැනීම වෙනුවෙන් සන්ධාන නායකයින් දියත්කළ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය පාර්ලිමෙන්තුව පළමු වතාවට රැස්වුණු අඟහරුවාදා උදයේම ක්‍රියාවට නැංවින.ඔවුන්වද පුදුමයට පත්කරවමින් අවසානයේ ඊට අත්සන් 56 ක් ලැබී තිබිණ.ජනපතිවරයාද පාර්ලිමෙන්තුවට පැමිණ සිටි හෙයින් ඔවුන්ගේ සැළැස්ම වූයේ තේ පානයේදී මේ සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුම්වත් කිරීමටය.නමුත් නොයෙක් උත්සව අවස්ථා පැවැති හෙයින් තේ පානයට වේලාවක් ඉතිරිවූයේ නැත.පසුව එදින සවස්වරුවේම 56 දෙනාගේ අත්සන් සහිත එම ලියවිල්ල ජනපතිවරයාගේ නිල නිවසට යවනු ලැබිණ.

 

පසුගිය සඳුදා ජනපති ලේක්ම් කාර්යාලය දිනේෂ් ගුණවර්ධන,වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ සහ ඩී.එම්.පොඩි අප්පුහාමි යන සන්ධාන නායකයෝ සමග දුරකතනයෙන් සම්බන්ධ විය.උදයේම පැවැත්වෙන විශේෂ හමුවක් සදහා ජනපතිවරයා ඔවුන්ගේ පැමිණීම අපේක්ෂා කරන බව පණිවුඩයෙන් කියැවිණ.

 

ඒ අනුව ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.ඔවුන්ව පිළිගත් ජනපති සිරිසේන වත්මන් දේශපාලන තත්ත්වය පිළිඹද එකිනෙකා දරන අදහස් දැනගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව පැවසීය.සාකච්ඡාව ආරම්භ කළ දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ සන්ධාන රජයක් පිහිටුවීමට තවමත් අවස්ථාව තිබෙන බවය.නමුත් ඊට ජනපතිවරයාගේ අනුමැතිය හිමිවූයේ නැත.සන්ධාන රජයක් පිහිටුවීමට නම් පක්ෂ ගණනක සහය අවශ්‍ය වන බවත් එම සියලු පක්ෂ වල සිතැගි අනුව කටයුතු කරන්නට සිදුවන නිසා රටේ ජනතාවට සිදුවන්නේ අසාධාරණයක් බවත් ජනපතිවරයාගේ මතය විය.ප්‍රධාන පක්ෂ පමණක් එක්ව ජාතික රජයක් පිහිටුවීමට තමන් අනුමැතිය ලබාදුන්නේ ඒ නිසාම බවද ඔහු පැහැදිලි කළේය.කැබිනට් අමාත්‍යධූර සම්බන්ධයෙන් තවමත් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙන බවද ජනපතිවරයා ඔවුන් හමුවේ පිළිගත්තේය.සාකච්ඡාව අවසාන කර ඔවුන් පිටව යාමට සැරසෙත්ම එහි ඇතුල්වූයේ නිමල් සිරිපාල ද සිල්වා,දුමින්ද දිසානායක,ජෝන් සෙනෙවිරත්න හා අනුර ප්‍රියදර්ශන යාපාය.ඒ කැබිනට් මණ්ඩලයේ පත්වීම් පිළිඹදව ජනපතිවරයා හා වැඩිදුරටත් සාකච්ඡා කිරීමටය.

 

රජයක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇති හැකියාව ගැන දිනේෂ් ගුණවර්ධන පළකළ අදහස් හා සමානවම වාසුදේව නානායක්කාරද අදහස් දැක්වීය.‘‘අපි එක්සත් ජාතික පක්ෂය හා එකතුවෙන්න කොහෙත්ම කැමති නැහැ, ඔහු අවධාරණය කළේය.පසුගිය දින කිහිපයේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැඩි කණස්සල්ලෙන් සිටින බව වීරවංශ පැවසීය.සන්ධාන රජයක් පිහිටුවීමට ජනපති සිරිසේන කටයුතු කරනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටින බවද ඔහු කීය.මෙයට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කළේ ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණ වලින් පැහැදිලි ජයක් ලබාගැනීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හැකි බවය.එනිසා විපක්ෂ නායකධූරය කාහට හිමිවන්නේද යන්න මුල්කරගෙන නොබෙදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.ඇතැම් පළාත් ආවරණය වන පරිදි කේවල ක්‍රමය යටතේ මැතිවරණ ඡන්ද විමසීම සිදුකිරීම සම්බන්ධ ගැසට් පත්‍රයක්ද මේ වන විට නිකුත් කර අවසානය.

 

හැලහැප්පීම් මැද ගෙවුනු සමයක් අවසානයේ පාර්ලිමෙන්තු පිහිටුවා මන්ත්‍රීවරුන් දිව්රුම් දෙන අවස්ථාව පැමිණෙන තෙක් ජනතාව සිටියේ නොඉවසිල්ලෙනි.පෙර අවස්ථා වලදී මෙන් මෙම අවස්ථාව රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කෙරෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවූහ.නමුත් එම බලාපොරොත්තුව ඉටුවූයේ නැත.ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය යන රජයේ නාළිකා දෙකම සජීවී වැඩසටහන් විකාශනයෙන් වැළකී සිටියේය.මෙනිසා පෞද්ගලික නාළිකාවලටද පෙර මෙන් රාජ්‍යනාළිකා හා එක්ව වැඩසහටන් ප්‍රචාරණයේ යෙදීමට හැකිවූයේ නැත.දිව්රුම්දීම නැරඹීමට පහසුකම් සළසා දී තිබුණේ ශ්‍රීලංකා ටෙලිකොම් සපයන පියෝටීවී සේවාවෙන් පමණකි.කෙසේ නමුත් ජනපතිවරයා පාර්ලිමෙන්තුව අමතමින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කළ අවස්ථාව නම් සජීවිව විකාශනය කිරීමට රාජ්‍ය රූපවාහිනී නාළිකා කටයුතු කළේය.

 

පාර්ලිමෙන්තුවේ දිව්රුම්දීමට පැමිණ සිටියදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතාට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.පාර්ලිමෙන්තුවට ඇතුල්වීමට කොරිඩෝරය දිගේ ඇවිද යද්දී කිසිවෙක් ඔහුව පසුපසින් වැළදගත්තේය.සමරවික්‍රම පසුපස හැරී බලද්දී ඒ සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.‘‘මේ ඉන්නේ මෙතන ඉන්න වැදගත්ම මිනිහා‘‘ රාජපක්ෂ ඔහු සමග පැමිණ සිටියවුන්ට කීය.සමරවික්‍රම හා රාජපක්ෂ දෙදෙන මෙම මස ජනවාරි මස සිටිම සිටියේ එකිනෙකා සමග අමනාපවය.මේ සම්බන්ධයෙන් එදවස අදහස් දැක්වූ සමරවික්‍රම කියා සිටියේ තමන් හා මංගල සමරවීර එක්ව පදනම් විරහිත චෝදනා එල්ල කරන බව කියමින් රාජපක්ෂ අමනාපව සිටින බවයි.මේ සම්බන්ධව රාජපක්ෂ හා සිදුවූ දුරකථන සංවාදයක්ද ඔහු සිහිකැඳවීය.

 

‘‘මම හිටියේ සන්ධානයේ නුවර පාර්ලිමෙන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ එක්ක දුරකතන සංවාදයක.ඒ අවස්ථාවේදී ලොහාන් එතැන හිටපු ජනපති රාජපක්ෂට දුරකතනය දුන්නා.මංගලත් එක්ක එකතුවෙලා මම එයාට චෝදනා කරනවා කියලා ඔහු මට කීවා.ජනපතිවරණයෙන් ජය ලැබුවට පස්සේ අලුත් රාජපක්ෂ කෙනෙක් දකින්න හැකිවේවි කියලා ඔහු කීවා.එදාට වෙන දේ බලාගන්න කියලත් කිව්වා.‘‘

 

සැප්තැම්බර් මස පළමුවැනි අඟහරුවාදා ජනපති සිරිසේන ප්‍රථම වතාවට පාර්ලිමෙන්තුව ඇමතීය.එහිදි ඔහු නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කළේය.කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමෙන් අනතුරුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කිරීම පිළිගත් සම්ප්‍රදායයි.නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම අවස්ථාවේදී එම සම්ප්‍රදාය අනුගමනය කෙරුණේ නැත.කැබිනට් මණ්ඩලය පත්කෙරුණේ ඉන් දින තුනකට පසුවය.

 

දෙපාර්ශවයේ අවබෝධතාවය මත පිහිටුවාගත් රජයක් ලෙස ජනපතිවරයා නව රජය හඳුන්වාදුනි.

 

ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගතව තිබූ වැදගත් කරුණු කිහිපයක් මෙසේය.

 

අපි පාසැල් ගිය කාලයේ අකුරු කරන්න අරන් ගියේ ගල්ලෑල්ලයි ගල්කූරයි.නමුත් අද ළමයි ලැප්ටොප්,පරිගණක භාවිතයට හුරුවෙලා.මේක තවත් දුරට ගෙනයන්නයි අපේ සැළැස්ම.අපි පත්වෙලා ඉන්නේ රටේ සැබෑ වෙනසක් ඇතිකරන්න.මේ රජය කාලයේදීම පෙරපාසල් දරුවන් පවා අයිපෑඩ් වගේ උපකරණ අරගෙන අකුරු කරන්න යාවි.

 

මේ ඇතිවෙලා තිබෙන ජාතික රජය ක්‍රියාත්මක වෙන්නේ ජනපතිවරණ සමයේ මම ඇතුලු පොදු විපක්ෂය ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව.බහුතර ජනතාව එය පිළිඅරගෙනයි තිබෙන්නේ.එක්සත් ජාතික පක්ෂයේ පංචවිධ ක්‍රියාවලිය,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනාගතයට සහතිකයක්,ජනතා විමුක්ති පෙරමුණේ ජාතියේ හෘද සාක්ෂිය,ඒ වගේම දෙමළ ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය මේ ආදී සියල්ලකම අන්තර්ගතවෙලා තියෙන අදහස් හා යෝජනා පක්ෂ - පාට බලන්නේ නැතිව රටේ සංවර්ධන කටයුතු වලට යොදාගන්න නව රජය සූදානම්.ඒ වගේම මම ජනපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගතවෙලා තියෙන අනාගත දැක්ම තවදුරටත් වැඩිදියුණු කරන්නත් මේ විවිධ අදහස් හා යෝජනා යොදාගන්නත් මම කටයුතු කරනවා.

 

ජනතාව මට ජනවරමක් ලබාදුන්නේ යහපාලනය ඇතිකරන බවට,වංචාව හා දූෂණයට තිත තබන බවට,රාජ්‍ය දේපළ ආරක්ෂා කරගන්නා බවට, මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දුවක් දුන් නිසා.ඒ පොරොන්දු අකුරටම ඉෂ්ඨ කරන්න මම කටයුතු කරනවා.නව රජයේ ප්‍රතිපත්තිය වන්නෙත් එයයි.වැරදිකරුවන් අධිකරණය ඉදිරියට පමුණුවන්න මම කිසිම අවස්ථාවක පසුබට වෙන්නේ නැහැ.

 

අගමැති රනිල් වික්‍රමසිංහ රජයේ ඇමතිවරුන් සංඛ්‍යාව සම්බන්ධ යෝජනාවක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩල අමාත්‍යධූර සංඛ්‍යාව නියමිත ගණනට වඩා ඉහළ දැමීමට නම් ඒ සඳහා පාර්ලිමෙන්තු අනුමැතිය ලබාගැනීමට අවශ්‍යවීම මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතුව වුනි.

 

ජාතික රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමක් ඇතිව තිබෙන බව අගමැතිවරයා පැවසීය.මෙම ගිවිසුම ඇතිව තිබෙන්නේ ජාතික රජයක් පිහිටුවීමට එක්වන පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිසකට අමාත්‍යධූර ලබාදීම හා තවත් පිරිසකට යහපාලනය ස්ථාපිත කිරීම පෙරදැරි කරගෙන පිහිටුවෙන කමිටුවල අධීක්ෂණ කටයුතු භාරදීම යන පදනම්හි පිහිටා බව ඔහු කීය.ඇමතිවරුන් ගණන ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු විවාදයක් මුලින්ම ඉල්ලා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය.ජනවාරි මස 8 වැනිදා මෛත්‍රීපාලන සිරිසේනට ජනවරමක් ලැබුණේ නැවත වතාවක් මහා ඇමැති මණ්ඩලයක් ඇතිකිරීමට නොවන බව ඔහු පැවසීය.අගමැතිවරයා ඇමැති මණ්ඩලය ඉහළ දැමීමේ අවසරය ලබාගැනීමට ඉදිරිපත් කරන යෝජනාවේ ඇතිකිරීමට යන අමාත්‍යංශ කවරේද,එම අමාත්‍යංශ වලට පත්කෙරන පුද්ගලයින් කවුරුන්ද යනාදී අදහස්ද අන්තර්ගතව තිබිය යුතු බව ඔහුගේ අදහස වුනි.

 

විවාදය පැවැත්වෙන අතරතුර ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක තිරය පසුපස සිට වෙනස්ම ස්වරූපයක මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.සන්ධානයේ පෙරළිකාර කණ්ඩායමේ මන්ත්‍රීන් වෙත විශේෂ පණිවුඩයක් යැවූ ඔහු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙසට ඔවුන්ට නියෝග කළේය.එසේ නොකළහොත් දඩුවම් පැමිණවෙන බව ඔහුගේ නියෝගයෙන් නොකියවුනු පණිවුඩය වුනි.

 

දීගු කාලයක් පුරාවට පැවැති වාද විවාද අවසානයේ ඡන්ද විමසීමේ අවස්ථාව එළැඹුණි.

 

යෝජනාවට පක්ෂව ඡන්ද 143 ක් ලැබී තිබූ අතර විපක්ෂ ලැබී තිබුණේ ඡන්ද 16 ක් පමණකි.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමෙන්තු සභා ගර්භයෙන් පිටව ගියහ.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මලික් සමරවික්‍රම හා මඩකලපු දිස්ත්‍රික් පක්ෂ නියෝජිත අලි සහීර් මවුලානා පැමිණ සිටියේ නැත.කරූ ජයසූරිය කතානායකයා හෙයින් ඔහුද ඉවත් කළ පසු යෝජනාවට පක්ෂව ලැබී තිබූ ඡන්ද වලින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය ඡන්ද 104 කි.ඒ අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙන් ලැබී ඇත්තේ ඡන්ද 39 කි.ශ්‍රීලංකා නිදහස් පක්ෂයට මේ අගයේ දෙගුණයකට ආසන්න පාර්ලිමෙන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමිය.නමුත් ඔවුන්ගෙන් බහුතරය ඡන්ද විමසන අවස්ථාවේ සභාගර්භයේ නොසිටියෝය.ඔවුන් එසේ කර තිබුණේ ඡන්දය ප්‍රකාශ නොකළහොත් දඩුවම් පමුණුවන බවට පක්ෂයේ මහලේකම්වරයා දැනුම්දීමක්ද සිදුකර තිබියදීය.

 

එසේ දැනුම්දී තිබියදීත් ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ඇයි? ඒ සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව පක්ෂ නායකත්වය පියවර ගනීවිද?

 

‘‘අපි ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එක්ක අවබෝධතා ගිවිසුමකට අත්සන් කළා.ගිවිසුමේ විදිහට වැඩකරන එක එයාලගේ යුතුකම‘‘.නම සඳහන් නොකිරීමේ එකඟතාවය මත සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් කෝපසහගතව පැවසීය.ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින්ද එකම මතකයක පිහිටා කටයුතු කරන අයුරක් පෙනෙන්නට නැත.ඒ අතරවාරයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 56 දෙනෙක් ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂය නියෝජනය කිරීමට සැරසෙති.මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩහැරිහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරන ජනපති මෛත්‍රීපාල සිරිසේනට ඉදිරියේ මුහුණදීමට සිදුවන්නේ සුළුපටු ගැටලුවකට නොවේ.

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය පසුගිය බදාදා පොළොන්නරුව - කදුරුවෙලදී ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට සහභාගී වුනි.ඔහු පැමිණෙන බව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක හා උතුරු මැද පළාත් සභා සාමාජික ෂෙෂාලා ජයරත්න දැන සිටියහ.ඒ නිසාමදෝ ප්‍රධාන වේදිකාව ඉදිරියට වැඩියෙන් ජනපති සිරිසේනගේ ආධාකරුවන් රැස්කර තබන්නට ඔවුහු කටයුතු කළහ.දිසානායක පිළිගැනීමේ කතාව පවත්වමින් සිටියදී මහින්ද රාජපක්ෂ වේදිකාවට ගොඩවිය.පැමිණ සිටියෝ ඔහුව ජයගොස නගමින් පිළිගත්හ.හිටපු ජනපතිවරයාද සාදරයෙන් පිළිගන්නා බව දිසානායක එම අවස්ථාවේදී පැවසීය.රාජපක්ෂ වේදිකාවට ගොඩවීමේදී අසුන්ගෙන සිටියෝ කිහිපදෙනෙක් නැගිට සිටියද ජනපති සිරිසේන එසේ කළේ නැත.වේදිකාවේ සිටි සියල්ලන්ටම ආචාර කරමින් පැමිණි රාජපක්ෂ ජනපති සිරිසේන පසෙකින් වූ ආසනයක හිඳගත්තේය.කතාව දිගටම සිදුකළ දිසානායක ශ්‍රීලංකා නිදහස් පක්ෂයට නායකයින් දෙදෙනෙක් නොමැති බවත්,සිටිනා එකම නායකයා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන බවත් විශේෂයෙන් සඳහන් කළේය.අනතුරුව ජනපති සිරිසේන අදහස් දක්වමින් පක්ෂයේ 63 වැනි සංවත්සරයට සහභාගීව සිටි සියල්ලෝම 64 වැනි සංවත්සරයටත් සහභාගීව සිටිනු දැකීම සතුටක් බවත්,එයින් පක්ෂය වෙනුවෙන් සියලුදෙනා එක්ව සිටින බව හොදින්ම පැහැදිලි වන බවත් පවසා සිටියේය.උත්සවය අවසානයේ ජනපති සිරිසේනගේ ආධාරකරුවෝ ඔහුගේ පොළොන්නරුවේ නිවසේ රැස්වූහ.මහින්ද රාජපක්ෂගේ ආධාකරුවෝ ඔහු නවාතැන් ගෙන සිටි පොළොන්නරුවේ ඩියර් පාර්ක් හෝටලයට පැමිණියහ.අනෙක් කණ්ඩායම් නියෝජනය කරන සාමාජිකයින් ඒ අවට පිහිටි වෙනත් හෝටල වල රැස්වූහ.ජනපතිවරයාගේ ඉල්ලීම පරිදි බදාදා දිනයේ පොළොන්නරුවේ සියලු මත්පැන් අලෙවිසැල් තිබුණේ වසාදමාය.එහෙයින්මදෝ හබරණ මංසන්දියේ පිහිටි මත්පැන් අවන්හල දේශපාලඥයින්ගෙන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් පිරී තිබිණ.

 

එක් එක් අමාත්‍යංශ යටතට අයත් වන සංස්ථා හා ආයතනයන්ට නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයින් පත්ව සිටින්නේදැයි සොයා බැලීම තම පළමු වගකීම ලෙස ඉටුකළ යුතු බව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ අවස්ථාවෙන් පසු නව අමාත්‍යවරුන්ව ඇමතූ ජනපති සිරිසේන පැවසීය.දින සියයයේ වැඩපිළිවෙල සමයේ සපුරාගත නොහැකිවූ මේ ඉලක්කය දැන්වත් සපුරාගත යුතුබව ජනපතිවරයා අවධාරණය කළේය.

 

‘‘මේ පාර අගමැති සහ මම තීරණය කරලා තියෙන්නේ මේ පත්කරන පුද්ගලයින් ගැන සොයාබලන එක විශේෂ කමිටුවකට පවරන්න.අමාත්‍යවරුන්ට පුලුවන් ඔවුන් කැමති පුද්ගලයින්ව තනතුරු වලට නම් කරන්න.නමුත් ඔවුන් එම තනතුරට සුදුසුද,ගැලපෙන අධ්‍යාපන සුදුසුකම් තිබෙනවද කියන එක සොයා බලන්නේ මේ කමිටුව.කමිටුවේ නිර්දේශය මත අදාළ පුද්ගලයින් පත්වෙනවාද නැතිද යන්න තීරණය වේවි. ‘‘ ජනපතිවරයා පැවසීය.

 

මෙය ක්‍රියාත්මක වුවහොත් අතීතයේ මෙන් තමන්ගේ හිතෛශීන්ගෙන් අමාත්‍යංශ හා අනුබද්ධ ආයතනයන් පුරවාගැනීමට අමාත්‍යවරුන්ට තිබූ අවස්ථා සම්පූර්ණයෙන්ම පාහේ අහෝසිවනු ඇත.

 

රටේ පාලන කටයුතු වලට අමතරව තම පක්ෂයේ කටයුතු ගැන සැළකිලිමත්වීමටද ජනපති සිරිසේනට සිදුව ඇත.තමන් සතුව ඇති විධායක බලතල භාවිතා කිරීමටද ඔහුට ඇතැම් අවස්ථාවන්හිදී සිදුවිය.මෙය දැනටමත් දේශපාලන විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබෙන්නකි.19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල සීමා කෙරුණද පවතින බලතල ජනපතිධූරයේ විශ්වසනීයත්වයට හානිගෙන දෙන බව ඔවුන්ගේ අදහසයි.ජනපතිවරයා ඉදිරියේ ඇති අභියෝග දෙකකි.දඩුවම් ලබාදීමේ අනතුරු ඇඟවීම නොතකා හැරීමට ඔහුගේ පක්ෂයේ ඇතැම් සාමාජිකයින් කටයුතු කර ඇත.එය ඔහුගේ අධීකාරී බලය අභීයෝගයට ලක්කිරීමකි.අනෙක් පසින් වංචා දූෂණ වලට නැවතීමේ තිත තබන බවට ඔහු පොරොන්දුදී ඇත.දුන් පොරොන්දු එළෙසම ඉටුකිරීමද අභියෝගයකි.ඔහු මෙම අභියෝග වලට කෙසේ මුහුණදෙනු ඇතිද යන්න දැකගත හැකිවනු ඇත්තේ ඉදිරියටය.

 



අදහස් (0)

‘අතේ‘ ලොකු පිරිසක් මෛත්‍රීගේ අතේ නැහැ

ටෙනිසන් Sunday, 06 September 2015 04:33 PM

හැමදාම වාසනාව තියෙන්නේ නැහැනේ! (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 07 September 2015 12:40 PM

හේමන්ත මහතා කියන්නකෝ 18 තියෙන භයානකකම මොකක්ක්ද කියලා. ඔබතුමා කියන්නේ දෙපාරකට වැඩි වතාවක් ඉල්ලීමට මඟ පාදාගත්තා කියලා නේද? ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ නේද? කොන්ද පණ ඇති නායකයෝ විදේශ බලපෑම් වලට නැමෙන්නේ නැති නායකයෝ හැමදාම හැමතැනම හතු පිපෙනවා වගේ බිහිවෙන්නේ නැහැ. මහින්දගේ රනිල්ගේ වැරදි ඇත්නම් ඒවා නිවැරදි කරගත හැකියි. එහෙම නැතුව ව්‍යවස්ථා වල තිබෙන යල්පැන ගිය නීති මඟින් ජනතා පරමාධිපත්‍යය යටපත් කිරීම කොහොමද ප්‍රජාතාන්ත්‍රික වන්නේ? නිවැරදි කරන්න මා වැරදි නම් වැදගත් ලෙස. (නි)

:       0       0

ඩයස් Monday, 07 September 2015 07:08 AM

අලුත් පක්ෂයක් බිහිකර රටේ දියුණුවට වැඩ කරමු. අලුත් පක්ෂයට අලුත් නායකත්වයක් දෙමු. (නි)

:       0       0

සොපී Sunday, 06 September 2015 05:19 PM

කුමාර්,කොසොල් රජ්ජුරුවෝ හීනෙන් බලපු දේවල් අපි දැන් සජීවීව නරඹනවා (නි)

:       0       0

සිරිපාල ගම්ලත් Sunday, 06 September 2015 05:21 PM

අභිමානවත් ලංකාවක් තිබුනා ජනවාරි 08 වෙනතුරු.දැන්නම් අපිට එහෙම දැනෙන්නෙ නැහැ.මතක තියාගන්න, මේක අතීතයේ කිහිප වතාවක්ම බුදුන්ට පිදු පිං බිමක්.මේ බිමේ දැන් සිදුවෙන්නෙ ඒ ධර්මයට හානිකර දේවල්.දැනටමත් ඒ අති භයානක විනාශය සිදුවීමේ ශක්ති ඒකරාශි වීම ආරම්භවෙලා ඉවරයි.තවත් වසර 2ක් ඇතුළත මේ ශක්තිය මුදාහැරෙනවා.එතකොට කවුරු කවුරුත් ප්‍රමාද වැඩියි. (නි)

:       0       0

යෙනුර Sunday, 06 September 2015 05:21 PM

මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

පියලාල් Sunday, 06 September 2015 05:24 PM

අලුත් පක්ෂයකින් ඉල්ලුවා නම් මහින්දට ආණ්ඩු බලය ගන්න තිබුණා. නැතත් ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන්න තිබුණා. (නි)

:       0       0

උදයසිරි‍ Sunday, 06 September 2015 05:58 PM

ඇත්තෙන්ම හොඳ ලිපියක් (නි)

:       0       0

බණ්ඩාර Sunday, 06 September 2015 06:07 PM

දැන් නම් සමහරුන්ට අබ සරණයි! (නි)

:       0       0

සිල්වා Monday, 07 September 2015 08:00 AM

ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දයෙන් පත්කර ගැනීමයි. යහපාලනය යනු වෙන දෙයකි. වෙනස මාරයි රට හමාරයි (නි)

:       0       0

නිහාල් Sunday, 06 September 2015 09:40 PM

දැන් පාර්ලිමේන්තුව අච්චාරුවක් කරලා.මෙතන ජාතික ආණ්ඩුවක් නැහැ. තියෙන්නේ සභාග ආණ්ඩුවක්.හවුල් ආණ්ඩුවක්. (නි)

:       0       0

සමන් Sunday, 06 September 2015 10:32 PM

ඩුබායි වල ඉන්න අදහස් දාන කෙනා නොම්මර එකේ සුද්දන්ගේ වහලෙක් වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Sunday, 06 September 2015 11:03 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කවුද කියලා වෙන් කරගන්න එක ඔබට බාරයි (නි)

:       0       0

සචිත් Monday, 07 September 2015 01:55 AM

සිල්වි මහත්තයෝ, මරණාධාර සංගම් කියන ඒවා තවමත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවද? ඒවා ඔක්කොම දැන් විසුරුවා හැරලා ඇති කියලයි මම නම් හිතුවේ. (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 07 September 2015 03:22 AM

අන්තිමට ඔය චරිතය වටා ඉතුරු වෙන්නේ අතේ ඇගිලි දහයටත් අඩු ප්‍රමාණයක් තමයි.ඔය කරන්නේ රබර් බෝලයක් දියේ ඔබනවා වගේ වැඩක්..බොහොම තාවකාලිකයි.පාක්ෂිකයින්ගේ කැමැත්ත විශ්වාසය දිනු නායකත්වයකට තියෙන ආයුෂ පාක්ෂිකයින්ගේ අකමැත්තෙන් ඔවුන්ගේ වෛයිරයට සාපකිරීම් වලට ලක්වෙලා බලහත්කාරයෙන් තම බලතල වල ආණු භාවයෙන් තර්ජනයෙන් ගර්ජනයෙන් රැක ගන්න හදන නායකත්වයකට ඇත්තේ නැහැ..(ම)

:       0       0

හේමන්ත Sunday, 06 September 2015 11:38 AM

ලොකු අවදානමක් ගෙන එ්කාධිපතිවාදය අවසන් කළ ජනපතිතුමනි. ඔබ එදා කළ මෙහෙවරට ගොඩක් පින්. එදා බහුතර ජනතාව රවටල තිබුනේ.මහින්ද මහත්තය යුද්ධය අවසන් කර ශ්‍රේෂ්ඨ මෙහෙවරක් කළ බව ඇත්ත . නමුත් 18 වෙනි සංශෝදනය ලංකාව ලිබියාවක් වීමේ ආරම්භයක්. (බ)

:       0       0

කුමාර් Sunday, 06 September 2015 11:47 AM

මේවා බලනවට වඩා හොද නේද කබල් ටෙලි ඩ්‍රාමා එකක් බැලුවමනම් (බ)

:       0       0

ජගත් Sunday, 06 September 2015 12:14 PM

දැන්වත් හිතාගන්න පුලුවන්ද සමහරු පක්ෂයට කර තිබෙන විනාශය? මේ අය‍ට යටත්වෙන අය ඉන්නකම් ශ්‍රී ලංකා එකට ගොඩයාම බොරු (නි)

:       0       0

දිලිප් Monday, 07 September 2015 04:20 AM

"සංස්ථා හා ආයතනයන්ට නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයින් පත්ව සිටින්නේදැයි සොයා බැලීම" කාලෝචිත පියවරකි. බොහෝ රජයේ ආයතන කඩා වැටීමට හේතුව උගත් නැති , වයසක අත්දැකීම් නැති , සුදුසුකම් පවා නැති ආයතනයේ කළමනාකාරිත්වයේ රුකඩ ලෙස නැටවෙන අයව මෙම තනතුරු වලට පත් කිරීම නිසයි. මම ආයතන වල වැඩකටයුතුද කාලීනව සමාලෝචනයකට ලක් කළ හැකි පරිදි පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. (බ)

:       0       0

මොහොමඩ් Sunday, 06 September 2015 12:37 PM

කුමාර් හරි (නි)

:       0       0

දුමින්ද Monday, 07 September 2015 04:29 AM

බලය සමතුලිත කිරීමට වඩා ඉදිරි දේශපාල දැක්මක් රට ඇවැසිය (ම)

:       0       0

දහම් Sunday, 06 September 2015 12:54 PM

ජගත්, දැන් තමයි පක්ෂය විනාශ වෙන්නේ. (නි)

:       0       0

සිල්වි Sunday, 06 September 2015 01:00 PM

අපේ පාසැල් සමිති, මරණාධාර සමිතියක වුණත් තනතුරු වලට පත්වෙන්නේ හැමෝගෙම වැඩි ඡන්දෙන්. මෙතන වුණේ මොකක්ද? කෝ අර කිව්ව මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

අනුරසිරි Monday, 07 September 2015 04:39 AM

ප්‍රියලාල් හරියට හරි මීට පස්සේ මහින්ද මහත්තයා ශ්‍රී ලංකා එකෙන් ජන්දය ඉල්ලුවත් පොදු පෙරමුණේ මිනිස්සු දෙන්නේ නැහැ මොකද ඒ ජන්දේ එක්සත් ජාතික පක්ෂට දෙන ජන්දයක් වෙන නිසා (ම)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 07 September 2015 04:50 AM

රනිල් රට දියුණු කරයි කියලා බයියන්ට ලොකු බයක් තියෙනවා (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 September 2015 01:20 PM

තිබුණු පාලනය අවසන් කළා කියලා හිතුවට ඒ පාලනයත් සමඟ එකට එකතුවෙලා රටේ ධනස්කන්දය ගසා කෑ සමහරු බලන්නේ නැවත රටම ඒ පාලනයට යටත් කරවන්නයි.රටේ අසරණ මිනිසුන් වහල්ලු කරවන්නයි. (නි)

:       0       0

ධර්මදාස Sunday, 06 September 2015 01:25 PM

තමන්ගේ රට‍ ගොඩගන්න දැන්වත් හිතෙන්නේ නැද්ද කාටවත්ම? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 05:38 AM

සමන්, ඔය සුද්දන්ගේ වහල්ලු කියන ලංකාවේ දේශප්‍රේමීන්ට වගේ මට ඇමරිකාවේ අති සුඛෝපභෝගී පිහිනුම් තටාක සහිත රජ මැදුරක් නැහැ.මගේ භාර්යවගේ නමට ඇමරිකාවේ සුඛෝපභෝගී පිහිනුම් තටාක සහිත රජ මැදුරු 6 ක් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 05:41 AM

පිවිතුරු යහපාල කියපු ලක්ෂ 58 මාස තුන යනකොට ලක්ෂ 48 ට බැස්සා.බුලත් කොළෙන් නැතුව වෙන ලාංඡනයකින් තරඟ කළොත් තව මාස 3 න යනකොට ඔය ලක්ෂ 47 ලක්ෂ 20 ට බහිනවා.තවත් මාස 6 යක් යනකොට ලක්ෂ 10 යට බහිනවා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 06 September 2015 01:34 PM

අන්තිමට ඔය චරිතය වටා ඉතුරුවෙන්නේ අතේ ඇඟිලි දහයටත් අඩු ප්‍රමාණයක් කියලා තමයි මම නම් කියන්නේ.ඔය කරන්නේ රබර් බෝලයක් දියේ ඔබනවා වගේ වැඩක්.බොහොම තාවකාලිකයි. (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 06 September 2015 01:39 PM

දිනාගත් නිදහස පාවාදීලා ලබන සතුට මොකටද? දැන් කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ? මේවා කලින් වුණ දේවල් නොවේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 05:46 AM

ඒකාධිපති සහ ඒකාධිපති පවුල තව අවරුදු 2 ක් රට පාලනය කළා නම් අපේ රටත් ඉතියෝපියාවක්, සොමලියාවක්, උගන්ධාවක් ,බන්ගලිදේසයක්,කෙන්යාවක් කරලයි පස්ස බලන්නේ.දැනටමත් අපේ දරුවන්ට අවරුදු 1000 කට ගොඩ එන්න බැරි ණය කන්දරාවකට පටලවලයි තියෙන්නේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 September 2015 01:54 PM

නැවත ත්‍රස්තවාදයක් අවශ්‍ය නැතුවා සේම රටට ඒකාධිපතියෙක් හෝ ඒකාධිපති පවුලක් අවශ්‍ය නොවේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 September 2015 01:55 PM

සමාජවාදියෝ කියලා කියාගන්න සමහරු කා වෙනුවෙන්ද පෙනීසිටින්නේ? ලැජ්ජයි. (නි)

:       0       0

සුනිල් Sunday, 06 September 2015 01:56 PM

හොඳ හෙළිදරවුවක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 06 September 2015 01:57 PM

කට්ටිය බලාහිටිය අන්තිම වෑයමත් සුනේ සුන්. (නි)

:       0       0

අජිත් Sunday, 06 September 2015 02:29 PM

කතාකරලා වැඩක් නැහැ අනේ. කෝ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

කපිල Sunday, 06 September 2015 02:50 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

චන්න Monday, 07 September 2015 06:45 AM

ටිකක් ඉවසීමෙන් ඉන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 546 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 555 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 121 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 792 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 178 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1044 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14556 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site