IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අදටත් අපි කවුද කියලා අපි දන්නවා

2016-10-19-ent-37

සංගීත ක්ෂේත්‍රය තුළ සුවිශේෂ නිර්මාණකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් දෙදෙනා හඳුන්වා දිය හැකිය. සිය රසිකයන්ගේ මතකයෙන් නොමැකෙන ගී නිර්මාණ කිහිපයක්ම ගායනා කළ ඔවුහු මෙවර "එක වගේ දෙන්නෙක්" හා එක්වූහ.

කීර්ති පැස්කුවල් ගායකයෙකු සේම ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපතිද වන්නේය. ඔහු ගුරුවරයෙකුද වෙයි. මෙවර ඔහු හා එක් වූයේද ගුරුවරයෙකි. ඔහු විශාරද ජගත් වික්‍රමසිංහය.

 

වර්තමානයේ ගායන ක්ෂේත්‍රය තුළින්ම අපි කතාව පටන්ගමු?

කීර්ති පැස්කුවල්

2016-10-19-ent-36වර්තමානයෙ ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන්නෙ පිරිසක් කාර්ය බහුලවෙලා, පිරිසක් අකර්මන්‍යවෙලා වගේ තත්ත්වයක්. විශේෂයෙන් ප්‍රවීණ ශිල්පීන් වැඩකටයුතුවලට උදාසීන වෙලා. එහෙම වෙලා තියෙන්නේ ඔවුන්ට වැඩකටයුතු නොමැති වීම නිසා. සීඩීපට, කැසට්පට අද සිදුවෙන්නෙ නැහැ. චිත්‍රපට ගීතත් නිර්මාණය වෙන්නෙ අඩුවෙන්. ටෙලි නාට්‍යවලටත් එහෙඑමයි. ඒ නිසා යම් පසුබෑමක් මෙහි තිබෙනවා. නමුත් තරුණ ශිල්පීන් සෑහෙන්න උනන්දුවෙන් වැඩකරනවා. ඒ අයගේ පරමාර්ථය මේ ක්ෂේත්‍රය තුළට කෙසේ හෝ ප්‍ර‘වේශවීම. විවිධ අත්හදාබැලීම් කරමින්, විවිධ සංගීත ශෛලීන් ආදේශ කරමින්, පරීක්ෂණාත්මකව නිර්මාණකරණයේ යෙදෙනවා. ප්‍රවීණයෝ ගුණාත්මක ගීත බලාපොරොත්තු වුණා. අවසාන ප්‍රතිඵලය ලෙස දකින්නෙ මේවා කොහෙටද ගෙනි යන්නේ කියන එක. අද ගුවන්විදුලිය, රූපවාහිනිය හෝ සමාජ මාධ්‍යය මගින් ගීතයක් ප්‍රචාරය කිරීම තමයි තරුණ නිර්මාණකරුවන්ගෙ ක්‍රම‘වේදය වෙලා තියෙන්නේ. මෙවැනි තත්ත්වයක් තමයි අද ක්ෂේත්‍රය තුළ තිබෙන්නෙ.

 

ජගත් වික්‍රමසිංහ

මම ඒ කියපු කතාවට සීයයට සීයක්ම එකඟයි. ප්‍රවීණ අය එදා තිබුණු මාධ්‍ය පසුබිමට හුරුවෙලා ගීත ගැයුවෙ. මේ වනවිට තාක්ෂණික වශයෙන් ඉතා දියුණු ක්‍රම‘වේද තිබෙනවා. ඒවාට අනුගත වෙන්න අපහසුයි. ඒ ප්‍රවීණයන් එකල සිටි පිරිස සමග කටයුතු කළේ. එහි විවිධත්වයක් තිබුණා. මේ වනවිටත් ක්ෂේත්‍රයට විශාල පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඒ නිසා ඒ අවකාශය ඔවුන්ට අඩුවෙනවා. පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි වගේ ශිල්පීන් පවා අදටත් නිර්මාණ කරනවා. නමුත් ඒවා සමාජගත වෙන්නෙ නෑ. එවිට ඔවුන්ට කලකිරීමක් ඇතිවෙනවා. කුඩා ළමයි එක්ක තරග කරනවා වගේ හැඟීමක් ඔවුන්ට දැනෙන්නේ. එහෙම තැනකට තමයි අද ක්ෂේත්‍රය ඇවිත් තියෙන්නේ. අලුතින් මෙම ක්ෂේත්‍රයට එන ශිල්පීන් අතරෙ පැරණි දේ අගයන පිරිසක් ඉන්නවා. ඔවුන් ඒවා තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ අතරෙ තවත් පිරිසක් පූර්ණ ලෙසම ප්‍රතික්ෂේප කර ආනයනික ශෛලීන්වලින් ජයගන්න උත්සහ කරනවා.

ඔවුන් එයට භාවිත කරන එකම මෙවලම තාක්ෂණය. ඒ නිසා මේ පරම්පරා දෙක අතර තාප්පයක් බැඳලා වගේ ලොකු පරස්පරයක් තිබෙනවා. නිර්මාණ ජනප්‍රිය වෙන්නේ යූටියුබ් එක හා බස්වල නිතර ජනප්‍රිය කරන වීඩියෝ පටනිසා. අලුත් නිර්මාණ ජනප්‍රිය නොවන නිසා සමහර අවස්ථාවල පැරණි අයගේ නිර්මාණවලින් ජනප්‍රිය නිර්මාණ කරන්න උත්සහ කරනවා. ඒවා සාධාරණීකරණය කරන්නත්, යොමුවෙනවා.

 

ප්‍රවීණ පිරිසක් මින් ඈත් වෙන බව සඳහන් කළා. නව නිර්මාණකරුවන් මේ තුළ පරමාදර්ශය හොයන්නේ කොහොමද?

කීර්ති පැස්කුවල් ඒකට බුද්ධිය තියෙන්න ඕන. නිර්මාණකරුවන්ට හොඳ බුද්ධියක් තියෙන්න ඕන. තමන් කරන දේ ගැන. ක්ෂේත්‍රයට පිවිසුණ ආධුනික මට්ටමෙදිත් අපි දැනගත්තා අපි කවුද කියලා. අපි අපිව හඳුනාගෙන තමයි අපේ ගමන ආවේ. අදටත් අපි කවුද කියලා අපි දන්නවා. මේක නොවිඳීම තමයි අද තරුණ නිර්මාණකරුවන්ට තිබෙන ලොකුම ගැටලුව. තමන් තමා පිළිබඳ අධිතක්සේරුවෙන් සිතන්නේ. පොර වුණා කියලා හිතන්නේ. අද තියෙන්නේ රැල්ලක්. ගීතයක් මාස තුනෙත් අමතක වෙනවා කියන එක සමාජ මතයක් වෙලා. පසුගිය කාලේ ගීතයක් ගැන අද මතක තිබෙනවාද? ඒකට හේතුව රැල්ලට ගීත නිර්මාණය කිරීම. ඒ දවද්වල අපි කළ නිර්මාණ අදටත් අපි ගායනා කරනවා. අදටත් ඒ ගීත ජනප්‍රියයි. තව අවුරුදු 25කින් ඔහුටම ඒ ගීත ගායනා කළ හැකිද? ඒකට හේතුව නිර්මාණවල දුර්වලකම, ඒක බුද්ධිය මෙහෙයවා සෙවිය යුතුයි. එසේ නොකළොත් පැවැත්මක් නැති පිරිසක් බිහිවේවි. අලුත් ගීත බිහිවේවි. ඒවා මිනිසුන්ට අමතක වේවි යන කාලයක් තියෙන්නේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්, සරත් දසනායකයන්, ස්ටැන්ලි පීරිස් වැනි සංගීත ශිල්පීන් බිහිවෙලා තියෙනවද අද. ලතා වල්පොල, ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක වැනි ගායිකාවන් බිහිව තිබෙනවාද? අද අනුන්ගේ ගීත ගායනා කර ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියවෙලා තමන්ගෙ ගීත නිර්මාණය කර ගත් දවසට ඔහු නැවත අමතකවෙලා යනවා. නිර්මාණකරණයෙ තිබෙන ලොකු දෝෂයක් නිසා පැවැත්ම නැතිවෙන එක තමයි අපේ නව ශිල්පීන්ට වෙලා තියෙන්නෙ.

 

ජගත් වික්‍රමසිංහ

පෙර පරම්පරාවෙ තිබූ දක්ෂතා අලුත් පරම්පරාව අතර බිහිවෙලා නැතිඑක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පෙර පරම්පරාවෙ තිබුණ වෘත්තීය කැපවීම කියන කාරණය ඔවුන් තමන් ගැන විතරක් නෙමෙයි හිතුවෙ, තමන්ගෙන් පසු පරම්පරාවටත් රැකගත යුතු දේවල් ඔවුන් ඉතුරු කළා. කීර්ති අයියා කිව්ව කතාව හරියටම හරි. අද නිර්මාණ කරන්නෙ මේ රැල්ලේ චරිතයක් වෙන්න විතරයි. සංඛ්‍යාත්මකව නිර්මාණ වැඩිවුණත්, ගුණාත්මක බව හුඟක් අඩුයි. ප්‍රචාරය කරන්න බැරි තරම් චැනල් ගීත වර්ධන වෙලා. ආර්ථික වශයෙන් වාසි දායක දේවල් ප්‍රචාරය කරන්න තමයි චැනල් උත්සහ කරන්නෙ. එදා ජාතික ගුවන් විදුලිය විතරයි තිබුණෙ. එක රූපවාහිනි නාළිකාවයි තිබුණෙ. එහි ගේට් වලට වෙන්කර තිබුණා. මේ ප්‍රමිතිගත කිරීම සමාජයට අවශ්‍යයයි. එක චැනල් එකකින් ප්‍රචාරය කළ නොහැකි කියූ නිර්මාණය තවත් නාළිකාවකින් ප්‍රචාරය කරනවානම්, ඒක ඒ රටේ ශ්‍රාවකයන්ට අසාධාරණයක්. ප්‍රමිතිගත කිරීම ඉතාම අවශ්‍යයයි. රියලිටි වැඩසටහන් ගත්තත් දක්ෂතාවය හඳුනා ගැනීම පමණයි සිදුකරන්නෙ. ශිල්පියෙක් ලෙස සමාජය හඳුනාගන්න නම් තමන් නිර්මාණය කළ දෙයක් තිබිය යුතුයි. අනුන්ගේ නිර්මාණයක් ගායනා කළ පමණින් ඔහු ශිල්පියෙක් වෙන්නේ නැහැ. යමෙක් ක්‍රියාවක් කරන කොට රටේ සංස්කෘතිය, ජාතිකත්වය, ආගමිකත්වය, වැඩිහිටිපරපුර ගැන සිතිය යුතුයි. මේ ක්ෂේත්‍රය රැකගන්න ඕන කියන වෘත්තීය කැප කිරීම තිබිය යුතුයි. මේ ක්ෂේත්‍ර‘යේ ප්‍රවීණත්වය තුළ කටයුතු කරන පිරිස ආපු ගමනක් තිබෙනවා. කෙනෙක් මල්පාරක වගේම, තව කෙනෙක් ගිනිගොඩක් මැද්දෙන් එන්න පුළුවන්. තවත් කෙනෙක් කුණු කාණුවකින් එන්න පුළුවන්. ඒ ආපු ගමන් මගේ තමයි ගිහින් තිනේනේ. පණ්ඩිත් අමරදේව හා නිහාල් නෙල්සන් ශූරීන් ඉන්නවා කියලා අපි හිතමු. මේ දෙදෙනා මේ ගීත දෙක මාරු කරන් ගායනා කළොත්, ඔවුන්ට ගැළපෙන්නේ නෑ. මේ ගීත ශෛලීන් දෙකම රටට අවශ්‍යයයි. අද එකම අඳෝනාවක් ඇහෙන්නේ.

 

අද නිර්මාණ ශිල්පියෙකුට සමජ මාධ්‍ය හරහත් සිය නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා?

මම හිතන්නෙ ආධුනිකයෙකු ලෙස ලැබෙන අවස්ථාව හොඳයි. අපිට ඒ ගැන හිත්නනටත් බැහැ. ගුවන් විදුලියේ ප්‍රමිතිකරණ මණ්ඩලයක් තිබෙනවා. ගීතය අනුමත වෙන්න හය මසක් ගත වෙනවා. සංගීතය, පද රචනය, ගායනය, පටිගත කිරීම, ශබ්ද පරිපාලනය මේ සියල්ල විශ්ලේෂණය කර අනුමත කරනවා. ඒ හරහා කිසියම් වටිනාකමක් නිර්මාණයට ලැබෙනවා. හොඳ දේ නරක දේ දෙකම කිසිදු වග විභාගයක් නොකර මුදාහරිනවා. ඒ තමයි කුණුහරප ගීත පවා අපේ සමාජගත වෙලා තියෙන්නෙ. මේක නවත්වන්න ක්‍රමයක් නැහැ. පසුගිය කාලේ %උඩුකුරුව සයනේ වැතිරිලා කන්සා බොන්න හොඳයි^ කියන ගීතයත් කිසියම් ප්‍රමාණයකට ප්‍රචාරය වුණා. ඊට වඩා දරුණු ලෙස අසභ්‍ය වචන භාවිත කරන ගීත තිබෙනවා. ඒ සඳහා වෙනම රසික පිරිසකුත් ඉන්නවා. මෙහෙම වාතාවරණයක් ගොඩනැගෙන්න හේතුව නිදහස් මාධ්‍ය කලාව. මාධ්‍යයට යොමුකරන අතලොස්සක් නිර්මාණවලට ප්‍රමිතියක් ගෙන ඒමට හැකිනම් මීට වඩා හොඳ තත්ත්වයක් ඇතිවෙයි.

හැමවිටම උත්සහ කළ යුත්තේ සමාජයට හොඳ දෙයක් කිරීමට. නොමගට යන තැන හොයාගෙන ඊට විසඳුම් හොයනකම් මේ තත්ත්වය වෙනස් වෙන්නෙ නැහැ.

 

රැප්, හිපොප්, ...., රෙගෙ වැනි සංගීත ශෛලීන් ගැන අදහස?

කීර්ති මම එහි නරකක් දකින්නෙ නැහැ. විදේශ රටවල අසභ්‍ය වචන භවිත කරමින් කරන රැප් කලාව තිබෙනවා. එය ඒ රටවලට සාමාන්‍ය සුපුරුදු දෙයක් වෙන්න පුළුවන්. අම්මා ගැන සඳහන් කරලා කෙනෙක් භාවිත කළ වචනය නැවත භාවිත කළ වාර තිබෙනවා. නමුත් එය අපේ රටට දේශීය සංස්කෘතියට ගැළපෙන දේවල් නෙමෙයි. අපි කිසියම් සභ්‍යත්වයක් ඇතුව ජීවත් වුණ අය. ඒක අපි ආරක්ෂාකර ගත යුතුයි. මම අසභ්‍ය වචන නොකියා නැහැ. ජගතුත් කියලා තියෙනවා. ඔයත් කියලා තියෙනවා. ඒක ප්‍රසිද්ධියේ මයික් දාගෙන අපි කියන්නේ නෑනේ. ආසාවට යූටියුබ් දාන්නෑනේ. ඒක තමයි සභ්‍යත්වය. අපි ලබාගන්න සමාජ පරිසරය තුළ වැදලත්කම තිබෙනවා. එය ආරක්ෂා කරගත යුතුයි. එය ආරක්ෂා නොකර තව කෙනෙකුට ආදර්ශයක් ලබාදෙන්නෙ කොහොමද? මිනීමරුවෝ, හොරු මේ රටේ ඉන්නවා. ඔවුන් සදාකාලිකව නැතිකරන්න බැහැ. නමුත්, එය තවකෙනෙකුට ආදර්ශයක් වෙන එක හොඳ දෙයක්ද?

 

ජගත් වික්‍රමසිංහ

2016-10-19-ent-35විද්‍යුත් සන්නිවේදනය කියන්නේ අපේ ගෙදරට අපිට කියන්නේ නැතිව එන අමුත්තෙක්. එහි විශාල ප්‍රමිතියක් විනිවිද බවක්, සභ්‍යත්වයක් අවශ්‍යයි. සංදර්ශනයක් නරඹන්නට ශාලාවකට යන්නේ අවශ්‍ය පිරිස විතරයි. මාධ්‍ය අවශ්‍ය පිරිස මෙන්ම අනෙකුත් පිරිසටත් මේ පණිවිඩය ලබාදෙනවා. අපිට ඒ පිළිබඳ ගැටලු තිබෙනවා. තරුණ උන්මාදය කියා අයහපත් වැඩ කළ යුතුයි කියන තැන කෙනෙක් ඉන්නවානම්, එයත් වැරදියි. කීර්ති අය්යා, මම අපි තරුණ කාලෙ ගත කළා. අපේ තරුණ කාලේ කරපු නිර්මාණ අරන් බලන්න. වැදගැන්මක් නැති කිසිම දෙයක් අපි නිර්මාණය කරලා නැහැ. තරුණ කාලෙදි තමයි හොඳ නිර්මාණ කරලා තියෙන්නෙ. අමරදේව සර් %ශාන්ත මේ රෑ යාමේ^ ගීතය ගායනා කරන්නේ අසභ්‍ය වචන ගීතවලට යොදා ගනිමින්. තමන් ගැන විතරක් හිතන ශිල්පීන්ට සමාජ ගරුත්වයකුත් නැහැ. පවුලේ ගරුත්වයත් නැහැ. මෙය සමාජ ගත කරන මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා. ඉස්සර ජාතික ගුවන්විදුලියට බද්දක් ගෙව්වා. දැන් බදු නෑ. බදු නැති නිසා ශ්‍රාවකයාට අයිතියක් නෑ. අද කතා කරන්නත් අයිතියක් නෑ. මේවා විසඳිය යුතු ප්‍රශ්න. පාරක වම්පැත්තෙන් හා දකුණු පැත්තෙන් ගමන් කරන නීතිය නොකිවුණානම්, සදාචාරමය ලෙස ගමන් කරයිද? අද හරි නීතියක්, දඬුවමක් නැහැ. මාධ්‍ය එයට බැඳී සිටිය යුතුයි. නිර්මාණකරුවන් පරමාදර්ශී චරිත බවට පත්විය යුතුයි. අත්දැකීම්, අත්විඳීම් තිබෙනවා. මේ හරහා තමන්ගෙ ජීවිතය ගොඩනගා ගත හැකියි.

 

කීර්ති

පසුගිය කාලේ යම් යම් සිදුවීම් තිබුණා. ප්‍රවීණ ශිල්පීන් තරුණ ශිල්පීන්ට බැහැර කළ අවස්ථා තිබ්බා. ඒවා මමත්, මම හිතන්නේ ජගතුත් අනුමත කරන්නෙ නැහැ. අපිටත් තරුණ ආධුනික කාලයක් තිබ්බා. පසුගිය කාලේ අලුත නැගී සිටින අය විවේචනය කරමින් ඒ වේදිකාවේ ගීත ගායනා කරන්නේ කියන තරමට වර්ජනය කළ අවස්ථා තිබුණා. මෙවැනි කාරණාවලින් තමයි මේ පරතරය ඇතිවෙන්නේ. එවැනි සිදුවීම් නිසා ප්‍රවීණයන් හා නව නිර්මාණ ශිල්පීන් අතර පරතරයක් ඇති වුණා. එහිදී ප්‍රවීණයන් ලෙස වැරදි ආදර්ශ ගොඩනැගුවා. තරුණ කාලෙ හිතුවක්කාරකමත් තිබෙනවනෙ. අපේ කාලේ තිබුණ හිතුවක්කාරකමට වඩා වැඩි හිතුවක්කාරකමක් දැන් අපි ළඟ තිබෙනවා. මේ ලැබුණ නිදහස් මාධ්‍ය කලාව තමයි හිතුවක්කාරකම ගොඩනැගුවෙ. සමහර නාළිකාවල රූප රචනාවලට තරග පැවැත්වුවා. ඉවක් බවක් නැතුව තරගයට ගී නිර්මාණ සිදුකළා. ප්‍රමිතියකින් තොර රූප රචනා බිහිවෙන්න පටන් ගත්තා. සියලු නිර්මාණ හෑල්ලුවට ලක්වුණා.

ඔය කියන රියලිටි වැඩ සටහන්වලට ඔබ දෙදෙනාත් සම්බන්ධව තිබෙනවා.

මම ඒක කලින් කිව්වා. තරගකරුවන් තමන්ගෙ නිර්මාණ කරනකොට සිදුවූ අසාර්ථකත්වයමත තමයි ඔවුන් ඉදිරියට නොපැමිණියේ. දක්ෂතා තියෙන අයට නිසි නිර්මාණ ලැබුණෙ නැහැ.

 

ජගත්

කීර්ති අයියා කිව්ව දේට මමත් එකඟයි. මම දකින්නෙ තරුණ පරම්පරාව මෙවැනි දේට ආවේගශීලි. ඔවුන්ට වැඩිහිටි පරම්පරාව එක්ක වැඩ කරන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා. වැඩිහිටිපරම්පරාව එදා තරුණ කාලේ කළ නිර්මාණ ප්‍රිය කරන්නෙ ඒ කාලේ තරුණ පරම්පරාව. දැන් ඒ අය විෂයක් වෙලා මේවා නැවත සමාජගත වෙන්න මාධ්‍ය ලොකු අවස්ථාවක් දෙනවා. ඇහෙන්න කියන එක අවස්ථාවක් තමයි රියලිටි වැඩසටහන්. තරුණ පරපුරට නිසි මගපෙන්වීම අවශ්‍යයි. ආවේග මැඩපවත්වා අර්ථවත් ලෙස කටයුතු කිරීමේ වගකීම තිබෙනවා. සමහර දක්ෂ නිර්මාණකරුවන්ට නිසි නිර්මාණ ලැබිලා නෑ. ප්‍රවීණයන්ට දක්ෂතා අගය කරන් හැකිවිය යුතුයි.

 

හෙට දවසේ ක්ෂේත්‍රයට ප්‍ර‘වේශ වෙන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා?

කීර්ති

ක්ෂේත්‍රයේ ඉතිහාසය ගැන අධ්‍යනය කළ යුතුයි. ශාස්ත්‍රිය හීන, පොප්, හිපොප් ශෛලීන් ගැන අපි අවබෝධයක් ලබාගත්තා. අපි නිර්මාණ කරන කොට යම් යම් අත්හදාබැලීම් කළා. මේවා සිදුකළ එක් තැනක මගේ අනන්‍යතාව තහවුරු වෙනවා. තමන්ගෙ අනන්‍යතාවය ගොඩනගා ගැනීම වැදගත්. මම කීර්ති පැස්කුවල් වුණේ මගේ අනන්‍යතාවයක් තියාගෙන. හොඳ නිර්මාණ රස විඳින බුද්ධිමත් පරම්පරාවක් ඉන්නවා.

 

ජගත්

වර්තමාන තරුණ පරපුර මෙන්ම ඉදරි තරුණ පරපුරටත් කියන්නේ පැරණි දෙයින් හොඳ ආදර්ශ අරගෙන තම හැකියාවන් එකතුකර ඊළඟ පරපුරට දෙයක් දායාද කළ හැකි ලෙස තමන්ගෙ පවුලේ අයට රස විඳියහැකි නිර්මාණයක් බිහිකළ හැකිනම්, ඒක තමයි විය යුත්තේ. තරුණයාත් වියපත් වෙනවා.

 

කීර්ති

තව දෙයක් අවසන් වශයෙන් එකතු කළ යුතුයි. අසභ්‍ය වචන භාවිත කරන රැප් පිළිබඳ අපි වේදනාවෙන් ඉන්නේ. ඒ රැප් අසභ්‍ය ගීත ගායනා කළ පිරිස තාරුණ්‍ය‘යේ චණ්ඩි වගේ ඉන්නෙ නෑ. එහෙම වයසට ගිය කාලෙක තමන් තරුණ කාලේ කළ නිර්මාණ අගය කරයිද? දරුවන්ට ආදර්ශයක් ඉන් දෙන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නය විතරයි ඔවුන්ගෙන් අහන්න තියෙන්නේ.

 

සටහන-නිදුක් මදුෂික/ඡායාරූප-ඉසුරු පෙරේරා

 

2016-10-19-ent-38



අදහස් (0)

අදටත් අපි කවුද කියලා අපි දන්නවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 406 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 653 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 965 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1596 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 533 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1019 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site