IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අදත් රටම අඳුරේ

අදත් මුළු රටේම විදුලිය ඇණ හිටි බව විදුලි බල මණ්ඩල ආරංචි කියයි.

අද පස්වරු 2.30ට පමණ රට පුරා විදුලිය විසන්ධි විය. පෙබරවාරි 25 වැනිදා ද දිවයින පුරා විදුලිය බිඳ වැටුණු අතර එදින දෙපැයකට ආසන්න කාලයක් කොළඹට ද අනෙකුත් ප්‍රදේශවලට පැය හතරකටත් වැඩි කාලයක්ද විදුලිය ඇණ හිට තිබිණි. ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක්ද පත් කැරුණු අතර කමිටු වාර්තාව මාසයකින් සපයන ලෙස නියම කැර තිබිණි. 

එයින් දින 17කට පසු දෙවැනි වරටත් රටපුරා විදුලිය බිඳ වැටිණි. 

හබරණ, උකුවෙල අධිබලැති විදුලි රැහැන් පද්ධතිය බිඳ වැටීම මීට හේතුව බව විදුලි බල ආරංචි කියයි. පැය 4කට පසු ටිකෙන් ටික විදුලිය යථා තත්ත්වයට පත්කරගෙන යන බවද මණ්ඩලය පවසයි.

බියගම උපපොළේද විදුලිය බිඳ වැටී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි කියයි.

power_20163133 power_20163133-2 power_20163133-3 power_20163133-4

ඡායාරූප හා වීඩියෝ - දීපාල් සිල්වා



අදහස් (0)

අදත් රටම අඳුරේ

රොහාන් Sunday, 13 March 2016 09:34 AM

මේක නම් එතරම් හොද වැඩක් නෙවේ මුළු රටේම එක්වර විදුලිය නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක් අදාල බලධාරින් වහාම පිලියමක් යොදන්න ඕනේ. (බ)

:       0       0

සෞදි සරත් Sunday, 13 March 2016 09:48 AM

මේකත් මහින්දගේ වැඩක් කියාවිද (බ)

:       0       0

ජෙසිකා කෘස් - ඉතාලිය Sunday, 13 March 2016 09:44 AM

මෙහෙම ගියොත් රටම අඳුරේ තමයි හැමදාම. විහිළු කතා නොකිය පහුගිය කට්ටියට බැනිල්ල නවත්තල වැඩ පටන් ගන්න දැන්වත්. (බ)

:       0       0

කෝසල Sunday, 13 March 2016 09:04 PM

ඇත්තටම දැන්නම් අපි අත්දකින්නේ සැබෑම වෙනසක්. (නි)

:       0       0

විමුක්‌ති Sunday, 13 March 2016 08:56 PM

ඉන්දියාවටත් ඕනෑ අපේ බලශක්ති ක්ෂේත්‍රය ගිලගන්න. එතකොට ලංකාව නිකන්ම කරගන්න පුළුවන් කියලා එයාලත් දන්නවා. තෙල්,ගෑස් වලට පහර දුන්නා වගේ මේකටත් දෙන්නද දන්නෙ නැහැ යන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 13 March 2016 08:59 PM

විදුලි බලය කපලා ආණ්ඩු පෙරළන්න පුළුවන් කියලා හිතන අයත් ඉන්නවනේ.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 March 2016 10:11 AM

හේතුවනම් කඩාකප්පල් කාරී වැඩක් වෙන්නැති , මෛත්‍රී ජනපති තුමාගේ රජය අපහසුවට පත් කොරන්න (බ)

:       0       0

ඉන්දු Sunday, 13 March 2016 10:24 AM

අපි නම් ඕක වෙන බව දැනගෙන හිටියා..(බ)

:       0       0

චමින්ද Sunday, 13 March 2016 10:30 AM

යහපාලනය නැගලම යනව. යහපාලනයට ජයවේවා! (බ)

:       0       0

සරත් සෞදි Sunday, 13 March 2016 11:13 AM

තමාගේ නොහැකියාව වසන් කරගන්න හොදම මන්තරය ''කඩාකප්පල් වැඩ'' කියන අය (බ)

:       0       0

සංජීව Sunday, 13 March 2016 11:51 AM

රටම අදුරේ බව දැනගත්තේ අද නෙවෙයි .2015.01.09 පාන්දර (බ)

:       0       0

සිද්ධාර්ථ Sunday, 13 March 2016 12:01 PM

හොරු ටික අල්ලලා දාල එයාලගේ මුදල් ගිණුම් අහෝසි කළානම් ඔය නාඩගම් මොනවත් නෑ.... හොරකම් කරපු සල්ලි වලින් කඩාකප්පල් වැඩ කරන පිරිස අපි දන්නවා....(බ)

:       0       0

අන්වර් Sunday, 13 March 2016 12:16 PM

මේ ගැන වහාම සොයා බැලිය යුතුයි. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන කඩාකප්පල්කාරී වැඩක් විය යුතුයි (බ)

:       0       0

අමර Sunday, 13 March 2016 12:18 PM

පිටබැද්දර ජයා හරියට රජයේ මාධ්‍ය ප්‍රකාශක වගේනෙ (බ)

:       0       0

විජිත් Sunday, 13 March 2016 12:20 PM

විදුලිය විසන්ධි වුනහම අපට දැනෙන විඩාවටත් වඩා ප්‍රභල මානසික විඩාවක් ඒ මොහොතේ " ග්‍රිඩ් " පොළවල සේවය කරන ඉන්ජිනේරුවන්ටත් දැනෙනවා. දිවයිනේ හැම දෙසින්ම එන විදුලිය, එකවරම හැමතැනටම බෙදාහැරිය නොහැක.ඒ සඳහා ප්‍රබල බලයක් ඇතිකළ යුතු වෙනවා. (බ)

:       0       0

ශාන් ප්‍රනාන්දු Sunday, 13 March 2016 12:17 PM

අනේ මේ පිටබැද්දර ජයා, පිස්සු කියවන්න එපා ..(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 12:24 PM

හේතුව සොයන්න ජනපතිගෙන් කමිටුවක්. පලවෙනි විදුලිය බිදවැටීමට හේතුව තව සොයාගන නැත.තුන්වැනි බිදවැටීමත් අත ළගයි. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 12:41 PM

මේකත් කඩාකප්පල්කාරී වැඩක් වෙන්න ඇති. විනෝදෙට මහා වනාන්තර ගිනිතියන අපේ ලංකාවේ මිනිස්සු ,මේකත් ඔය වගේ වැඩක්ද කව්ද දන්නේ. (බ)

:       0       0

චන්දන Sunday, 13 March 2016 01:19 PM

ඒකටත් මහින්දද පළි ? (බ)

:       0       0

සංජීව Sunday, 13 March 2016 02:14 PM

මහින්ද රටටම දුන්නා මෙයාල රටටම කෙලිනවා (බ)

:       0       0

ඇසළ Sunday, 13 March 2016 02:46 PM

ෂුවර් එකට මහින්දගේ වැඩක් බොරුද කියල බලන්න ලක්ෂපාන හාරලා බලමුද. (බ)

:       0       0

ඩිල්ෂාන් Monday, 14 March 2016 02:01 AM

විදුලිය තිබුනත් නැතත් රට අඳුරේ තමා. පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොම අයද කියලා අපි දන්නවා. ඔවුන් තමන්ගේ සැප සම්පත්, පඩි, දීමනා දිනෙන් දින වැඩි කරගන්නවා. (නි)

:       0       0

දුමින්ද Sunday, 13 March 2016 03:06 PM

අරයට මෙයාට බැනල වැඩක් නෑ. රටක් විදිහට ඉදිරියට යන්න වරද කොහෙද කියල බලල හරියට විසදන්න. මම ඉන්න රටට මම ඇවිත් අවුරුදු 7 ක් වෙනවා. එක තප්පරයක් විදුලිය බිඳිලා නෑ.කපල නෑ. අනේ මන්ද අපේ රටට යන කලක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 371 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 430 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 705 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 552 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 389 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 723 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site