(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙන දැවැන්ත මතභේදාත්මක තත්ත්වය දැක දැඩි ලෙස කලකිරුණු බව අදානි සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
තමන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අදහසින් බව අදානි සමූහ ව්‍යාපාරය පවසයි.
ඉන්දු-ශ්‍රී ලංකා හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඉන්දියාවේ වගකිව යුතු ප්‍රධාන සමාගමක් ලෙස තමන් විශ්වාස කරන බව අදානි සමූහ ව්‍යාපාරය ප්‍රකාශ කළේය.එම අරමුණින් භාරගත් මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය හේතුවෙන් අදානි සමූහ ව්‍යාපාරයට චෝදනා සහ විවේචන එල්ල වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසුවේය.
එල්ල වන චෝදනා සහ විවේචන හමුවේ තමන් දැඩිව කලකිරී ඇති බවත් මෙම කාරණාව දැනටමත් ශ්‍රී ලංකා රජයේ අවධානයට ලක් කර ඇති බවත් අදානි සමූහ ව්‍යාපාරය සඳහන් කළේය.
මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලපෑම් කළ බවට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සාභාවේදී කළ ප්‍රකාශයත් සමග මෙම මතභේදාත්මක තත්ත්වය හට ගත්තේය.
එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා තමන් හැඟීම්බර වීම නිසා සිදුකල ප්‍රකාශයක් යැයි පවසමින් මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තත් ඉන්දියානු දේශපාලනය තුලද මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබේ.
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහතාද මෙම ප්‍රකාශය උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයට විවේචන එල්ල කර ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ මෙම ප්‍රකාශය පිළිබඳ සටහනක් තබමින් පැවසුවේ එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අදානි කලකිරීමෙන්
ravin Tuesday, 14 June 2022 03:45 PM
ඒකනේ කියන්නේ.. 10% ගත්තා. පැන්නා.
sachith Tuesday, 14 June 2022 04:12 PM
අපි දන්නේ නැති වුණාට අදානි කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්ද? නැතිනම් අපේ ඉන්න ව්‍යාපාරිකයෝවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අදහසින් බව..., මෙහෙම කියන්නේ නෑනේ..
Prabha Tuesday, 14 June 2022 04:54 PM
දුක්වෙන්න එපා. ටෙන්ඩර් දාන්න කියලා ඔබත් ටෙන්ඩර් එකක් දාලා බලන්න. අඩුම ගානේ ඔබගේ නම් ඔබට ලැබෙයි.
oshara Tuesday, 14 June 2022 05:16 PM
ඉන්දියාවේ ජනතාවට සනීපාරක්ෂක පහසුකම්වත් නෑ හරියකට... ඒ වුණාට ලංකාවේ බලශක්ති අර්බුදය විසඳන්න ඉන්දියාවට තියෙන්නේ පුදුම අමාරුවක්. චීන්නුන්ට කියන්න ඕවා...!
pinhamiThursday, 16 June 2022 09:13 AM
ලොකුකම නම් තියෙනවා. වැසිකිලි නැති ඉන්දියානුවෝ නැත්නම් මේ මාස 2 තොපිට කන්නත් නෑ. බොන්නත් නෑ. ගොන් හරක්
chandima Wednesday, 15 June 2022 09:12 PM
කලකිරෙන්නේ නැතිද අප්පා... ටෙන්ඩර් මුකුත් නැතිව අතට එන්න තිබුණු දේටනේ මේ මනුස්සයා විද්දේ...