IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


අද ඇත්තේ ආහාර මාෆියාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

අද රටේ තියෙන්නේ ආහාර හිඟයක් නොව ආහාර මාෆියාවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.

රටේ සහල්, එළවළු හෝ වෙන කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩයක හිඟයක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවැසුවේ හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

ජනාධිපතිවරයා මෙම හදිසි නීති රෙගුලාසි ගෙන ආවේ එම ආහාර මාෆියාව පාලනය කරගැනීම සඳහා බවත් මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර ටික ලබාදීමට ජනාධිපතිවරයාට වගකීමක් තිබෙන බවත් අලුත්ගමගේ මහතා කීවේය.

සහල් මෙට්‍රික් ටොන් තුනයි දශම දෙකක් රජය සතුව තිබෙන බව පැවසූ කෘෂිකර්ම ඇමැතිවරයා සහල් සම්බන්ධයෙන් මේ රටේ කිසිදු පුද්ගලයකු කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයිද ප්‍රකාශ කළේ‍ය.

මේ රටේ වී හිඟයක්ද නැති හෙයින් ජනතාවට කෑම සැපයීමේ කිසිදු අර්බුදයක් නැතැයිද ඔහු පැවැසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය උපයෝගී කරගෙන ජනතාව පීඩාවට පත් කරන බවට විපක්ෂය අද චෝදනා කරන බවත් විපක්ෂය දරුණු කොවිඩ් වසංගතයක් තිබෙන අවස්ථාවක උද්ඝෝෂණ අටසිය හතළිස් හතක් පවත්වා මිනිසුන් එක්ලක්ෂ හය දහසක් පාරට ගෙනාවත් ගෝඨාභය ජනාධිපති වරයා ඒ අයට එක බැටන් පොලු පහරක් දීමට හෝ නියෝගයක් නිකුත් නොකළ බවද සඳහන් කළේය.

මිනිසුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් හිරේට නොදැමූ බව පැවැසූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාට හදසි නිතිය පාවිච්චිකර උද්ඝෝෂණ නැවැත්වීමට හැකියාව තිබුණත් ඔහු එවැන්නක් නොකළ බවද පැවසුවේය.



අදහස් (13)

අද ඇත්තේ ආහාර මාෆියාවක්

අරුන Monday, 06 September 2021 02:26 PM

මොඩයින් පාලකයින් වුණාම කලු කඩකාරයෝ රජවෙනවා තමයි. මිනිස්සුන්ගේ බඩගින්න විකුණන් කන්නේ ඔබලා තමයි. පාලකයන්ට පළමුව පවුල, දෙවනුව ධනය, තෙවනුව බලය, ඊට පස්සේ ඉතුරු වුණොත් රටේ මිනිස්සුන්ට...

:       6       53

kamal Monday, 06 September 2021 02:38 PM

ඔබතුමන් දැඩි කැපවීමක් දක්වන බව පෙනෙනවා.මෙම මාෆියාවන් නැති කර ජනතාවට සහන දායී මිලට භාණ්ඩ ලබා ගැනීමේ වාතාවරණය සකස් කරන දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

:       56       10

Nuwan Monday, 06 September 2021 03:09 PM

20ත් සම්මත කරවාගෙන 2/3 අතේ තියාගෙන තව මාෆියාවක් ගැන කියන්නේ කටින්ද?

:       4       51

Sunil Monday, 06 September 2021 03:15 PM

මාෆියාවක් ඇත්නම් එය මර්දනය කිරීමත්... රජයේ වගකීමක්... ඒ සඳහා රජය අපොහොසත් වී ඇති බවයි පෙනෙන්නේ... පසුගිය වසර කිහිපයේදී මෙහෙම දේවල් සිදුවුණේ නැහැ.

:       1       48

saman Monday, 06 September 2021 03:29 PM

එතකොට අද රට පාලනය කරන්නේ කව්ද?

:       1       45

fairoos Monday, 06 September 2021 03:39 PM

ඒකටත් විපක්ෂය පළිද? නැතිනම් ජනතාව පළිද? 2/3 තියෙනවනේ... ඕනෙ දෙයක් කරන්න... නිකන් කාලෙ නාස්ති කරන්නේ නැතුව.

:       3       39

nanda Monday, 06 September 2021 04:57 PM

සේරම මාෆියාවක්

:       0       13

ගමේ එකාලා Monday, 06 September 2021 06:50 PM

ලොකුම මාෆියා කාරයෝ ආණ්ඩුවේ ඉන්න අයම මිසක් වෙන කවුද.

:       0       0

Wimale Monday, 06 September 2021 08:27 PM

මෙයා අවංක, නිහතමානි, උගත් කෙනෙක්...

:       7       1

de silva Monday, 06 September 2021 08:44 PM

ඔය කියන මාෆියා ටික පාලනය කරගන්න බැරි නම් සර් ප්‍රමුඛ ආණ්ඩුව ෆේල්... ජනතාව අනතුරේ. කරන්න බැරිනම් අස්වෙලා ගෙදර යන්න.

:       0       8

විජේ Tuesday, 07 September 2021 05:05 AM

සිල්වගේ කතාව හරි. තාම ප්‍රදාන චරිත රගපාන්නෙ හොරු. ඒත් දීලා යන්නෙ කාටද? මතකනෙ ගියපාර හිටපු අය, වගකීමක් ගන්න කිසිම කෙනෙක් නෑ. ජනාධිපති අගමැතිට බෝලෙ පාස් කරනවා, අගමැති ජනාධිපතිට බෝලෙ පාස් කරනවා, ඇමතිලා කිසිමදෙයක වගකීමක් නොගත්ත බබ්බු.

:       0       1

arschfikaa Tuesday, 07 September 2021 02:12 AM

අනේ මන්දා ඉතින්. අපිත් මේවා අහගෙන ඉන්නවා ඉතින්.

:       0       5

විජේ Tuesday, 07 September 2021 05:00 AM

රවී වගේම යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1642 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2800 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1182 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 974 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1397 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 651 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site