දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං සහිත කාළගුණ තත්වය තව දුරටත් අපේක්ෂා කෙරේ.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල ද පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇති වන අතර සමහර ස්ථාන වලට තද වැසි ද ඇති විය හැක(මි.මි 100 පමණ ).
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකිය.
මුහුදේ තත්ත්වය :-
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන අතර පැ.කි. 70 පමණ දක්වා සුළං ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ වල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන අතර පැ.කි. 70 පමණ දක්වා සුළං ඇති වන නිසා ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
අද කාලගුණය ( ජුනි 13)