IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අද පුටුවක වාඩිවෙලා හිටියත් කටකතා හැදෙනවා

 


 උදාරි වයස කීය ද?
අවුරුදු 22යි.

 
 
 

 


  ගම කොහේ ද?  
කොටහේන.

 

 


  ලග්නය කිව්වොත්?
වෘශ්චික.

 

 


  පාසල් ගියේ?
කොළඹ 7, මියුසියස් විදුහලට.

 

 


පවුලේ විස්තර.?
අම්මා, තාත්තා, නංගී, මල්ලී.

 

 


 සරසවි ජීවිතය කොහොමද දැන්නෙන්නේ?
හරිම සුන්දරයි.

 

 


රැග් එක එහෙම ලැබුණෙ නැද්ද?
 ඕක ඉතින් අහන්නත් දෙයක්යැ.

 

 


 රැග් එක නිසා ගොඩාක් අපහසුතාවලට එහෙමත් මුහුණ දුන්නා ද?
එහෙමම නැහැ. මට නම් ඒක සුන්දර අත්දැකීමක්.

 

 


 රැග් එකේ දී වෙච්ච වැඩක් ගැන මතක් කළොත්?
එක දවසක් ළමයි කට්ටියක් ඇවිත් මට නටන්න කීවා. අඩි පහක්xහයක් විතර ඈතින් පිරිමි ළමයින් කට්ටිය වට වෙලා හිටියෙ. සමහරු කැමරා කරන විදියටත්, තවත් අය ලයිට් ගහන විදියටත් හිටියා. මට එක පාරටම හිනා ගියා. ඒක අවාසියට හිටියා. ඒ පාර මම ෆුල් සීරියස් වුණා. හිනාව කාගෙන වැඬේ කළා. පස්සෙ, වේග රිද්ම ගීතයකට ස්ලෝ ඩාන්ස් එකක් දාන්න කීවා. මම ඒකත් කළා. එයාලා කියපු දේ කළ හන්දා දරුණු රැගක් මට ලැබුණෙ නැහැ. දැන් අපි හොඳ යාළුවෝ.

 

 


 සරසවි යන නිසා ඔබ ටිකක් ආඩම්බරයෙන් ඉන්නෙ කියන්නෙ ඇත්ත ද?
කොහෙත්ම නැහැ.

 

 


 එහෙම නම් මොන වගේ කෙනෙක් කියල ද හිතන්නෙ?
පිරිසිදු හදවතක් ඇති අවංක අසාධාරණයට අකැමැති, සැහැල්ලූවෙන්, විනෝදයෙන්, හිනා වෙලා ඉන්න කැමැති කෙනෙක්. හැකි විදියට මිනිස්සුන්ට උදව් කරන්නත් කැමැති කෙනෙක්. සතුන්ට ගොඩාක්ම ආදරෙයි.

 

 


 රඟපෑමට ආවේ ලස්සනයි කියලා හැමෝම කියන නිසාලූ නේද?
නැහැ, ඒක එහෙම නෙවෙයි වුණේ.

 

 


 එහෙම නම්, කොහොම ද ඒක සිද්ධ වුණේ?
මුලින්ම මම පුවත්පත් පිට කවර ඡායාරූපයකට පෙනී හිටියා. ඒවා දැකලා මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණා. ඒත් එක්කම මෝස්තර නිරූපණයෙත් යෙදෙන්න පටන් ගත්තා. ජානක සිරිවර්ධන මහත්මයා තමයි මුලින්ම රඟපෑමට ආරාධනා කළේ. අම්මයි-තාත්තයි එක්ක ගිහින් තිර පරීක්‍ෂණයට පෙනී හිටියා. පස්සේ තමයි දැන ගත්තෙ ගැහැනු ළමුන් දාහක් අතරින් මේ චරිතයට මා තෝරා ගත්ත බව.

 

 


 සරසවි සිසුවියක ලෙස ඔබ රඟපෑමට යන විට ගෙදර අය කැමැත්ත දුන්න ද?
ඇත්තටම අපේ පරපුරේ කවුරුවත් රඟපාලා තිබුණේ නැහැ. තාත්තා කරන්නෙත් ව්‍යාපාරික කටයුතු. කොහොම වුණත් අත්තම්මා නාට්‍යයේ පළමු වැනි දර්ශනය රඟපාන්න තිබුණෙ දුලීකා මාරපන ශිල්පිනිය සමගයි. එයා දැක්කම මට පුදුම සතුටක් ඇති වුණේ.

 

 


 ඇයි ඒ?
ඇත්තටම දුලීකා අක්කා කියන්නෙ රංග පාසලක් වගේ කෙනෙක්. මම කැමැතිම රංග ශිල්පිනියන්ගෙන් කෙනෙක්. ඒ සතුටට මාව වෙව්ලන්න වගේ වුණා.

 

 


 සමහරු පළමු දර්ශනය කරන්න ගියාම හොඳටම බය වෙනවලූ. ඒ නිසා කීප වතාවක්ම එය කරන්න වෙනවා. ඔබ කොහොම ද පළමු වැනි දර්ශනයට මුහුණ දුන්නේ?
පළමු වැනි දවසේ ඇත්තටම ඔක්කෝම හරිම වෙනස්. එයාලා කතා කරන භාෂාව පවා වෙනස්.

 

 


 භාෂාව වෙනස් කිව්ව?
මෙහෙමයි, ටෙලි නාට්‍යයක් කිරීමේ දී තාක්‍ෂණික වචන හුවමාරු වෙනවා. ඉතින් ඒ ටික ගැන මුලින්ම දැන ගත්තා. මට මුලින්ම තිබුණෙ යසා ආත්තම්මා (දුලීකා) එක්ක දෙබස් කියන දර්ශනයක්. මේකේ පහක් විතර අරගෙන හය වැනි එක හොඳයි කීවා.

 

 


 මේ විදියට අවස්ථාවක් ගැනීම වෙනුවෙන් ඔබට මුහුණ දෙන්න සිදුවූ දේවල් තියෙනවා ද?
කාගේවත් බලපෑම් නම් එල්ල වුණේ නැහැ. අත්තම්මා ටෙලි නාට්‍යයට සම්බන්ධ සියලූම දෙනාගෙන් ලැබුණෙ ලොකු ගෞරවයක් වගේම ලොකු සහයෝගයක්. ඒකට මම ගරු කරන්නම  ඕනෑ.

 

 


 ඔයාගේ පෙම්වතා කැමැති ද ඔබ රඟපානවාට?
එහෙම කෙනෙක් ඉන්න එපායැ.

 

 


 නළුවන්ගෙන් එහෙම යෝජනා ඇවිත් නැද්ද?
ම්ම්.... ම්.... නැත්තේමත් නැහැ.

 

 


 මිනි ගවුමට ගොඩාක් ආසයි ද?
විලාසිතා කරන්න ආසයි. චරිතයට හානියක් නොවන විදියට විලාසිතා කිරීම ප‍්‍රශ්නයක් නොවෙයි.  ඕනෑම කෙනෙකුට බාහිරින් බලලා  ඕනෑම දෙයක් කියන්න පුළුවනි. මොකද අද පුටුවක වාඩි වෙලා හිටියත් කට කතා හැදෙන හදන ටෙ‍්‍රන්ඞ් එකක් තියෙන්නෙ.

 

 

 


 ඔබගෙ කැමැති දේවල් ගැනත් කිව්වොත්?
නිරෝෂා සහ සමිතාගෙ ගීත අහන්නත්, අතුල අධිකාරිගේ ගීතවලටත් ගොඩාක් කැමැතියි. මෙතෙක් නැරඹූ චිත‍්‍රපට අතරින් ”පුරහඳ කළුවර”, ”නිකිණි වැස්ස”, ”සමනළ සංධ්වනියට” කැමැතියි. විජය නන්දසිරි සහ දුලීකා මාරපන ප‍්‍රියතම නළු නිළි දෙපොළයි.

 


 


හැඩ ගැන්වීම: රසන්දි සිංහරාජ


 

 

 



අදහස් (0)

අද පුටුවක වාඩිවෙලා හිටියත් කටකතා හැදෙනවා

කුමාරි Monday, 23 December 2013 09:33 AM

අනේ මන්ද මටත් නම් මුහුණේ වෙනමම තට්ටුවක් පේනවා. කොහොම උනත් කමක් නැ දුවේ, ඔය ටෙලි නාට්‍ය ය කලාව ඉතින් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ තමයි. ඒ වගේම මොඩ්ලින් කරන වෙලාවට ඒක කරන්න. අනික් වෙලාවට වැදගත් විදියට අදින්න. පළදින්න. බාහිරින් තීරණය කරන්න එපා කීවට ඔහොම ගියොත් බාල පරම්පරාව මොනවා අදීවිද? අධ්‍යාපනයට තැන දෙන්න. සුභ අනාගතයකට ආසිරි පතනවා.(නදී)

:       0       0

කාලිංග Tuesday, 14 January 2014 12:33 PM

ඒ කතාවනම් හරියටම හරි, නමුත් ඒ අපි වැරදි විදිහට පුටුවේ වාඩි උනොත් තමයි (දී)

:       0       0

කමල් Tuesday, 24 December 2013 05:42 AM

මේකප් වැඩියි දැක්කාම අප්පරියයි (අ)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 28 January 2014 10:54 AM

පුටුවක හරි කොතැනක හරි,හරියට වාඩි වුනොත් ඔය කියන කට කතා හැදෙන්න විදිහක් නම් නෑ.(නදී)

:       0       0

බුද්ධිකා Friday, 17 January 2014 07:22 AM

මාළනී පොන්සේකා ලගට ගියා නම් ටිකක් ඉගෙනගන්න පුලුවන්.(නදී)

:       0       0

රස්පී Sunday, 22 December 2013 06:44 PM

සෑහෙන මේකප් පාවිච්චි කරනවා වගේ.(දිල්)

:       0       0

ශිවන්දි Sunday, 22 December 2013 07:07 PM

අනේ මන්ද මට නම් කිසිම ලස්සනක් නැහැ.(ත)

:       0       0

ශ්‍යාමා Thursday, 26 December 2013 10:45 AM

අනේ ශිවන්දි ඔහොම මිනිස්සුන්ගේ මුනට දමල ගහනවා වගේ කතාකරන්න ඔයාට මනුස්සකමක් නැද්ද? ඕකත් ලස්සනට කියන්න පුළුවන් විදි තියනවනේ බලන්න ලසන්ත.(නදී)

:       0       0

ලසන්ත Sunday, 22 December 2013 07:51 PM

අනේ නංගි අපි බලමුකෝ කොච්චරකල් ඉදි ද කියල හොදට.. (ත)

:       0       0

ලසන්ත වීරසිංහ Tuesday, 24 December 2013 09:11 AM

මේකප් චුට්ටක් වැඩියි. චාම් විදිහ ඔයාට ගොඩක් ගැලපෙනවා. සුභ අනාගතයක්.(නදී)

:       0       0

රම්ස්‍යා Saturday, 28 December 2013 11:40 PM

ඔය විදියට ඇදගෙන පුටුවක වාඩි උනොත් නං දරුවෝ, කතා හැදෙන එක අහන්න දෙයක්ද

:       0       0

ප්‍රියන්ත Monday, 23 December 2013 01:27 PM

ඉදිරිය හොදට හිටියොත් හරි .. (ත)

:       0       0

ටිකිරි Sunday, 29 December 2013 03:01 AM

මේකප්වලට කරන වියදම කළමනාකරණය කරගන්න​. (අ)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 10:38 AM

මිනි ගවුම හොඳයි. අඳින්න නුපුරුදු සාරි පටලාගෙන ගිහින් පැටලිලා වැටුනොත් හෝ සාරිය ලිහුනොත් ඔයාටමනේ කරදරේ. මේකප් ගැන බනින අය දැක්කේ නැද්ද ලිපිය අවසානේ ඇති "හැඩ ගැන්වීම: රසන්දි සිංහරාජ" කියන කොටස? මේකප් වැඩිනම් වරද රසන්දිගේ නේද? උදාරිට බැනලා වැඩක් නැහැ නේද? (නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 10:57 AM

කළමනාකරණ පීඨයෙන් උපාධිය දිනා බැංකුවක හෝ ලොකු සමාගමක ඉහළ රස්සාවකට යන්න. ඒ අතරේ රඟපාන්න. (ස)

:       0       0

සඳරුවන් Monday, 23 December 2013 02:46 PM

ඇත්තටම ඇයි මේ කාන්තාවන් මෙච්චර මේක් අප් පාවිච්චි කරන්නේ වැඩි ලස්සනක් ගන්න. සාමන්‍ය විදියට හිටියොත් මිනිස්සු නොබලන නිසාද? අනේ මන්දා.(නදී)

:       0       0

වජේරත්න Wednesday, 22 January 2014 11:20 AM

මම ඔබට කැමතියි සහෝදරිය. ලස්සන පින්තූරයක්.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 12:51 PM

මේ ළමයා තවත් ලස්සනයි මේක් අප් නොකර හිටියා නම්.(නදී)

:       0       0

නදීරා Thursday, 02 January 2014 10:28 AM

ඇත්තටම කියනවා නම් අපේ මිනිස්සු තාමත් හණමිටියි. මනුස්සයෙක් උනාම අලුත් විදියට හිතලා, ලස්සනට ඇඳලා, ලස්සනට ඉන්න ඕනේ. දැන් කලේ කෙල්ලෙක් කොටට අන්දම, මේක් අප් කරාම අපේ සමහර නොදියුණු මිනිස්සුන්ට ඒක කුණුහරපෙටමයි පෙනෙන්නේ. මන් හිතන්නේ ඒක වෙන්නැති අපේ රටේ දූෂණත් වැඩි. ඒක නිසා හැමදේම වැරදි ඇහෙන් බලන්න එපා, මිනිස්සු විලාසිතා නොකර සත්තු කරන්නද? ඒවගේම සහෝදරිය, ඔබ තුමිය ඔය කියපු විදියටම රංගන ශේස්ත්‍රයේ ඉන්න උත්සහ කරන්න. මොකද හැමෝම කියාගෙන එන්නේ එහෙමනේ. ඒත් ඒක 95% ක්ම විශ්වාස කරන්න අමාරුයි. මොකද ඕක බොහෝ දුරට කෙළවර වෙන්නේ පාපයෙන් නිසා. උදහරනත් ඕනෑතරම්. කොහොමහරි ඔයාගේ සියලු වැඩවලට සුබපතනවා.! ජය වේවා. (නදී)

:       0       0

නිමල් Wednesday, 29 January 2014 11:26 AM

අද කාටද කටකතා නොකියන්නේ? (නි)

:       0       0

කේට්ටගේ විජේවර්ධන Monday, 23 December 2013 01:02 AM

මේක් අප් නැතුව හිටියා නම් ලස්සනයි.(නදී)

:       0       0

රම්ස්‍යා Saturday, 22 March 2014 01:58 PM

අපොයි ඔව්, අපේ ගොඩක් දෙනෙකුට කටකතා හැදිලා තියෙන්නේ පුටුවේ වාඩිවෙලා ඉදල තමයි. (අ)

:       0       0

සනත් Sunday, 29 December 2013 02:50 PM

වාඩි වෙලා ඉන්න ආකාරය අනුව කට කතා හැදෙන්නත් බැරි නෑ.(නදී)

:       0       0

අසාද් Friday, 03 January 2014 07:45 PM

එහෙනම් හිටගෙන ඉන්න.(නදී)

:       0       0

නරනප්පා Thursday, 26 December 2013 11:41 PM

අනේ දුවේ අපිට ඔබව පෙනෙන්නේ නැහැ ඔබ ඉන්නේ මේකප් තට්ටුවට පිටිපස්සෙන් නිසා. පිංතුර නොදා කතාව විතරක් දැම්මා නම් පංකාදුයි.(නදී)

:       0       0

ගාම්‍යා Wednesday, 25 December 2013 10:25 PM

මෙහෙම ඇඳගෙන පුටුවක වාඩි වුනොත් ඉතිං කොහොමත් කතා හැදෙයි.(නදී)

:       0       0

විද්‍යා Monday, 30 December 2013 12:00 PM

ළමයෝ ඔය රඟපෑම් කලකදී නවතිනවා. අනාගතයේ ආදායම් මාර්ගයක් හදා ගැනීමට අධ්‍යාපනයක් කළොත් හොඳයි නේද?? (ස)

:       0       0

හුෂෙන් Monday, 30 December 2013 12:39 PM

සුභ පැතුම්! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 635 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 599 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 131 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 850 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 188 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1078 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site