IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අද බලන හැම තැනම නිරූපණයට සම්බන්ධ වුණ අය ඉන්නේ

2016-08-11-ent-88නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට අපේක්ෂාවෙන් පසුවෙන මිචෙල් සඳරේඛා සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණෙමු.  මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධියක් හදාරමින් සිටින ඇය ඉදිරියේදී රංගනයටද යොමුවීමේ අදහසකින් සිටියි. මේ ඇය සිය ඉදිරි කලා කටයුතු අපත් සමග දොඩමලු වූ අයුරුයි.

 

2016-08-11-ent-90නිරූපණය යොමුවෙලා දැන් කාලයක් වෙනවාද?

නැහැ. තවමත් මම ක්ෂේත්‍රයට ආධුනිකයෙක්. මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගත්ත 'මොඩ්ලින් ඇකඩමිය' හරහා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඔය අතර රජය මගින් පවත්වපු නොයෙකුත් වැඩසටහන්වලට යොමු වෙන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඔය පවත්වපු වැඩසටහන්වලට පෙර අපිට රොසෑන් ඩයස් මහත්මියගේ පුහුණුවීම්වල නිරත වෙන්න සිද්ධ වුණා. ඇයගේ මගපෙන්වීම් ගුරුහරුකම් යටතේ තමයි නිරූපිකාවක් විදිහට ඉදිරියට එන්න මට පුළුවන්කම ලැබුණේ.

 

නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?

නිරූපිකාවක් වෙන්න මගේ අදහසක් තිබුණේ නැහැ. උසස් පෙළ විභාගයට පෙනී හිටියේ මම සංගීතය විෂයෙන්. මොකද ගීත ගයන්න මට හැකියාව තිබුණ නිසා. අහම්බෙන් වගේ තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න සිද්ධ වුණේ. නමුත්, මම දැන් මේ වෘත්තියට ගොඩක් කැමතියි. නිරූපිකාවක් වෙන්න හිතන තරම් ලේසි නැහැ. ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න දක්ෂතාවකුත් තියෙන්න ඕනා.

 

ඔබ වෘත්තීය මට්ටමේ නිරූපිකාවක්ද?

නිරූපණයේ යෙදෙන්නේ මම ඒකට ගොඩක් ආස නිසයි. නැතුව මම ඒක වෘත්තියක් කරගන්නේ නැහැ. දැනට මම කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධියක් හදාරනවා. ඊට පස්සේ මම සැලසුම් කරලා තියෙන්නේ මගේම කියලා රූපලාවණ්‍යාගාරයක් පටන් ගන්න.

 

ලංකාවේ නිරූපණ කලාව ගැන මොකද හිතෙන්නේ?

නිරූපණය හැමෝටම කරන්න බැහැ. මොකද ඒකට නියමිත පුහුණුවක් ඕනා. කැමරාවක් ඉදිරියේ පෙනී හිටියා කියලා නිරූපිකාවක් වෙන්න බැහැ. අද බලන හැම තැනම නිරූපණ ශිල්පියෝ, ශිල්පිනියෝ. නමුත්, හතු පිපෙනවා වගේ ඔවුන් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා වැඩ කරන එක ගැන මම දකින විදිහට සාර්ථක නැහැ. හරි විදිහට ගියොත් හොඳ තැනක් මේක.

 

වර්තමානයේ ක්ෂේත්‍රය තුළ විවිධ අයගේ විවිධ මත තියෙනවා?

මෙහෙමයි.  ඒක තීරණය වෙන්න තමන් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන විදිහට. එක්කෙනක් දෙන්නෙක් කරන දේවල් නිසා හැමෝම දිහා බලන්නේ අර වැරදි කෝණයෙන්. නමුත්, හරියට ගමනක් යනවා නම් කිසිම ගැටලුවක් නැහැ. නිරූපණ ක්ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයක් තුළම හොඳ ලස්සන ගමනක් යන්න පුළුවන්. ඒ හරි විදිහට ගියොත්.

 

ගායිකාවක් වුණ ඔබ නිරූපණයට යොමු වුණා. නිරූපණයෙන් රඟපෑම පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?

ලොකු කැමැත්තක් තියෙනවා. මේ වෙන කොට පොඩි පොඩි කලා නිර්මාණවලට දායක වෙලා තියෙනවා. හොඳ චරිතයක් හා හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම දායක වේවි කියලා කියන්න පුළුවන්. නමුත්, මම කැමතියි මොනම දේකටත් යොමු වෙන්න කලින් ඒ පිළිබඳව හැදෑරීමක් කරන්න.

 

නිරූපිකාවන්ට යාළුවෝ අඩුයි කියන්නේ ඇත්තද?

නැහැ. මට ගොඩක් හොඳ යාළුවෝ මේ ක්ෂේත්‍රය තුළ මුණ ගැසුණා. අදටත් ඔවුන් මා සමග මේ ක්ෂේත්‍රය තුළ සුහදව වැඩ කරනවා. 

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - මිචෙල්ගේ ෆේස්බුක් ගිණුම 

2016-08-11-ent-87 2016-08-11-ent-89 2016-08-11-ent-91 2016-08-11-ent-92



අදහස් (0)

අද බලන හැම තැනම නිරූපණයට සම්බන්ධ වුණ අය ඉන්නේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 188 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 496 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 292 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 204 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 951 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 814 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site