ඔහු මේ දිනවල තිරගත වන ”ගාමනී” චිත‍්‍රපටය හරහා පේ‍්‍රක්‍ෂකයන්ට නොමැකෙන මතකයක් ඉතිරි කරමින් තම රංගන කෞෂල්‍ය විදහා පායි. සෑම සිකුරාදාවකම රාත‍්‍රී 8.30ට ජාතික රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වන Star Sri Lanka හිස්තැනක්?” ටෙලි නිර්මාණය ඔහුගේ කුළුදුල් අධ්‍යක්‍ෂණයයි. චරිතාංග රංගන ශිල්පියෙකු ලෙසින් පේ‍්‍රක්‍ෂකයන්ගේ සිත් දිනාගත් ඔහු ප‍්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාය. මේ ඔහු සමග කළ කතාබහකි. ”ගාමනි” චිත‍්‍රපටයේ ඔබේ රංගනයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද? ප‍්‍රතිචාර ඉතාම ඉහළයි. බලාපොරොත්තු වුණාටත් වඩා ගොඩක් හොඳයි. එහි ඔබේ චරිත වපසරිය ගැන කතා කළොත්? මම ඉදිරිපත් කරන්නේ ග‍්‍රාමාරක්‍ෂක භටයෙකුගේ චරිතයක්. ඒ චරිතය නිසි හමුදා පුහුණුව ලැබුණු පසු තමන්ගේ ශක්තිය පිළිබඳ විශ්වාසයෙන් නිසි දැක්මක් සහිතව ත‍්‍රස්තවාදයට එරෙහිව තම දායකත්වය ලබා දෙන අව්‍යාජ ග‍්‍රාමාරක්ක්‍ෂක භටයෙකුගේ චරිතයක්. ඔබ මීට පෙරත් ”සුළඟ එනු පිණිස” චිත‍්‍රපටයේ මෙවැනි චරිතයක් ඉදිරිපත් කළා. ඒ චරිතය හා මේ චරිතය අතර ඔබට තිබුණු අවබෝධය මොනවගේද? ඔව්, ඒ චිත‍්‍රපටයේ මම නිරූපණය කරන්නේ යුද්ධය ඇති නැති පරිසරයක එලොවටත් නැති මොලොවටත් නැති පුරුද්දට වගේ මකුළු දැල් බැඳුණු තුවක්කුවත් අරගෙන බංකරයට යන මලානික චරිතයක්. ඒත් ඒ ග‍්‍රාමාරක්‍ෂක භට චරිතය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඉතාමත් සංවේදී නිසි දැක්මක් හා අවබෝධයක් ඇති අව්‍යාජ චරිතයක්. ඇත්තටම එකම චරිතයක් තුළ ඇති වෙනස්ම තත්ත්ව දෙකක් පිළිබඳ තමයි මේ චිත‍්‍රපට දෙක තුළ කතා කරන්නේ. ඔබේ කුළුදුල් ටෙලි නිර්මාණ අත්දැකීමට රියැලිටි සංකල්පය යොදාගන්න අදහස් කළේ ඇයි? ඇත්තටම අද වෙනකොට රියැලිටි වැඩසටහන් සමාජයේ ජීර්ණය වෙලා. සමාජ පිළිලයක් වෙලා ඉවරයි. ලෝකේ හැම තැනම රියැලිටි වැඩසටහන් කළත් ලංකාවේ විතරයි ඒක විතරක්ම බදාගෙන ඉන්නේ. ඉතිං අපි හිතුවා ඇත්තටම මේ Star Sri Lankaහිස්තැනක්ද? එය පුරවන්න පුළුවන්ද කියලා කතා කරන්න ඕනේ කියලා. ඒ විදිහට අපි කළ පොඩි විමර්ශනාත්මක උත්සහයක් තමයි Star Sri Lankaහිස්තැනක් ටෙලි නාට්‍යය. ඒ හරහා උත්සාහ කරන්නේ රියැලිටි වැඩසටහන් හාස්‍යයට ලක් කිරීමකටද? නැහැ, සාමාන්‍යයෙන් රියැලිටි වැඩසටහන් තුළ සිදුවෙන හාස්‍යයජනක සිදුවීම් ඉතාමත් සුන්දර හා සංවේදී විදිහට ටෙලි නාට්‍යයට යොදාගෙන තියෙනවා. ඒත් අපි මේ හරහා රියැලිටි වැඩසටහන් විවේචනයටවත් හාස්‍යයට ලක්කිරීමකටවත් කවුරුවත් කොනිත්තන්නවත් උත්සාහ කරන්නේ නැහැ. ප‍්‍රවීණ රංග ශිල්පියෙක් විදිහට අද ටෙලි නාට්‍යය කලාව ගැන මොකද හිතන්නේ? හිතන්න දෙයක් නැහැ. අද මෙගාරැල්ල ටෙලි නාට්‍යය කලාවේ රසය නැති කරලා දාලා. මේ නිසා පේ‍්‍රක්‍ෂකයින්ගේ රසවින්දනය මොටවෙලා ගිහින්. වැරැදි දේ හරි විදියට ප‍්‍රමිතිගත වෙලා. මිනිහෙක් මරණවට වඩා භයානකයි. රසවින්දනය මරණ එක. අද රංගනය පවා කිසිම හැදෑරීමකින් දැක්මකින් තොරව කරන්න ගිහින් හෑල්ලූවකට ලක්වෙලා සමහර ප‍්‍රවීණයෝ මෙගා නාට්‍යය විවේචනය කරමින් ඉඳළා පහුවෙනකොට මෙගා නාට්‍යවල පැල් බැඳගෙන වැඩ කරනවා. මේ සම්බන්ධයෙන් ඔබ මොනවගේ ප‍්‍රතිපත්තියකද ඉන්නේ? ඔව්. ඒක ඇත්ත. එදා තමන් විනෝදාංශයට රඟපානවා කියූ අයත් අද තමන්ගේ වාසියට වෘත්තිමය නළු නිළියන් බවට පත්වෙලා මෙගා නාට්‍යවල රඟපානවා. විනෝදයට මිනිස්සු රඟපාන්න පටන් ගත්තොත් ඒක විනාශ වෙලා යන එක පුදුමයක් නෙමේ. ඒත් මම රංගනයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම අවුරුදු ගණනාවක් ඒ පිළිබඳ අධ්‍යයනය කරපු කෙනෙක්. ඒ නිසා රංගනය කියන දේ මම කවදාවත් පාවා දෙන්නේ නැහැ. මේ තත්ත්වය සමඟ ක්‍ෂේත‍්‍රයට අලූතින් එන නවකයින්ට අත්වන ඉරණම ගැන මොකද හිතන්නේ.? නවකයෝ අතර දක්‍ෂයෝ ඉන්නවා. ඒත් ඒ දක්‍ෂතා කුරුවල් වෙනවා මෙගා නාට්‍යය නිසා. මොකද මෙගා නාට්‍යය තිබ්බා ගැහුවා එච්චරයි. රඟ පාන්නේ මොකක්ද කියලවත් හිතන්න ඔවුන්ට වෙලාවක් නැහැ. මේ නිසා අපේ නවකයන්ගේ දක්‍ෂතා පිළුණු වෙලා ගිහින්. ඒවා ගොඩ ගන්නවා කියන එක ලේසි නැහැ. මෙහෙම ටික කාලයක් ගියොත් මට හිතන විදියට ලංකාවට කලාකාරයෝ ඕන වෙන එකක් නැහැ. කලාකාරයොත් පිටරටින් ආනයනය කළානම් හරි. චලානි හේරත්
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අද මෙගා රැල්ල කලාවේ රසය නැති කරලා