(ප්‍රසාද් රුක්මල් )
ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09)දා රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා රාත්‍රී ධාවනය වීමට නියමිත ව තිබූ අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1046 දරන රාත්‍රී තැපැල් දුම්රිය,කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6079 මීනගයා නගරාන්තර දුම්රිය, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6080 දරන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රිය, කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7083 දරන රාත්‍රි තැපැල් දුම්රිය, ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7084 දරන රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුව සිට රබුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1144 දරන රාත්‍රී දුම්රියන් වල ගමන් වාර මෙසේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.එම්.එස්.පී.ජයසුන්දර මහතා සදහන් කළේය.
කලක් තිස්සේ පැවත එන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසදීමට රජය මෙතෙක් ක්‍රියා කර නොමැති නිසාවෙන් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ ගැටලු වලට වහාම විසදුම් ලබා දෙන ලෙසත් කඩිනමින් විසදුම් නොලැබුනොත් මෙම වැඩ වර්ජනය දිගටම කරගෙන යන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අද රෑ නවතින දුම්රිය
Prabha Tuesday, 09 July 2024 09:14 PM
මුන් නම් පුදුම කරුමයක්
de silva Tuesday, 09 July 2024 09:15 PM
දුම්රිය එක්කෝ පීලි පැනල , එහෙම නැතිනම් රියදුරු වර්ජන , නඩත්තු සේවක වර්ජන , ස්ථානාධිපති වර්ජන නිසා මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ , කරුණාකර දුම්රිය පරිපාලනය පමණක් (දේපල අයිතිය රජය යටතේ තබාගෙන ) වසර 5-10 කට පුද්ගලික අංශයට පවරන්න , වර්ජන කරන අය ඔක්කොම එලියට දමල අලුතෙන් සේවකයෝ අරන් මේක ක්‍රම ක්‍රමයෙන් ,ප්‍රතිව්‍යුහගත කරගන්න , සති 2 දුම්රිය දිව්වේ නැත කියල විශාල ප්‍රශ්නයක් නැහැ . මේ විදියට නිද්‍රාශීලී ලෙස දුම්රිය ධාවනය වන නිසා , දුම්රිය අද වෙලාවට ඒවිද නැද්ද කියල දන්නේ නැති නිසා මිනිස්සු මේක භාවිත කරන්න පස්ස ගහනවා , හොඳ සේවයක් මිනිස්සුන්ට දෙන්න මිනිස්සු ඒවි , ආදායම වැඩිවේවි , ඊට පස්සේ පුළුවන් පඩි වැඩිවීම් ගැන කතා කරන්න
Casmir Tuesday, 09 July 2024 09:52 PM
CGR එකේ ඉන්නේ රටෙ කරුමෙට උපන් Team එකක්. මුන් කවදද වැඩ.... හැමදාම Strike.. strike.. strike...