ජනපතිවරණයදා අරලිය ගහ මන්දිරයේ සිටි බවට අග විනිසුරු මොහාන් පීරිස් පිළිගැනීම ගැන තම වික්ෂිප්ත භාවය පළ කරන අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ අග විනිසුරු ගරුත්වය හා උත්තරීතර භාවය සුරැකෙන ආකාරයෙන් අග විනිසුරු ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.
මෙම සංගමය මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.
ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේ ප්‍රතිඵලය නොතකා හිටපු ජනාධිපතිට ධුරයේ රැඳී සිටීම සඳහා සාකච්ඡාවක් පැවැති බව කියන අවස්ථාවක අග විනිසුරු අරලිය ගහ මන්දිරයේ සිටි බවට රහස් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ආරම්භ කළ පරීක්ෂණය ගැන අධිකරණ සේවා කොමිසම දැඩි කනස්සල්ල පළ කරන බව එහි විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.
අපරාධයකට සම්බන්ධ වීමේ ඉඩකඩ කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේදී කුමන්ත්‍රණයක් සිදුවූයේ යැයි කියන වේලාවේ අග විනිසුරු එහි සිටීම ගැන තම සංගමය වික්ෂිප්ත භාවය පළ කරන බවද මෙවැනි වැදගත් ප්‍රශ්නවලදී අධිකරණය පරම හා ඒකාන්ත ලෙසම අපක්ෂපාතී වීම වැදගත් බව සංගමය අවධාරණය කරයි.
එවැනි අවස්ථාවලදී අපේ රාජකාරිය විය යුත්තේ දේශපාලන හා විධායක තීන්දු තීරණවලින් ඉවත්වී සිටීම බවත් සංගමය අවධාරණය කරන බව එහි ලේකම් රංග දිසානායක මහතා මෙම නිවේදනයෙන් කියයි.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අධිකරණයේ ගරුත්වය රකින්න‘
පත්මසිරි මාපලගම Monday, 26 January 2015 08:54 AM
අධිකරණයේ ගරුත්වය රකින්න තබා තමාගේ ආත්ම ගෞරවය රැක ගන්නවත් ඕනේ කමක් නැහැ වාගේ (බ)
ආනන්ද ආර් Monday, 26 January 2015 09:58 AM
වෙන කාටහරි කඩේ ගිය නඩුකාරතුමෙක් ගැන මේ ඇහුවාමයි.(හේ)
ජයසේන Monday, 26 January 2015 10:09 AM
ගෞරවය කියන එකේ නීතිමය තේරුම කුමක්ද? (බ)