(මනෝප්‍රිය ගුණසේකර)
අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්‍ෂෙත්‍රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කරන ලදී.
මෙම කඩිනම් වැඩපිළිවෙල සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම විද්වත් කමිටු 5 ක් පත් කරන ලද අතර අධිකරණ ක්‍ෂෙත්‍රයේ පවතින ගැටළු සඳහා වසර 3 ක කාලයකින් විසඳුම් ලබාදීම මෙහි අරමුණ වී ඇත.
අධිකරණ ක්‍ෂෙත්‍රයේ පවතින විවිධ අන්දමේ ගැටළු හඳුනාගෙන වසර තුනක කාලයක් තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා විසඳුම් ලබාදීමේ අරමුණෙන් යුතුව ජ්‍යෙයෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 මෙලෙස පත් කරන ලදී.
අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතාද, අපරාධ නීති ප්‍රතිසංස්කරණ කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාද, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ හා ස්වයංක්‍රිය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතාද, වාණිජ නීති ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාද, පත් කොට ඇති ඇමතිවරයා සිවිල් නීති ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් නීතිඥ ලසිත් කණුවනආරච්චි මහතා පත් කර ඇත.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමට කමිටු පහක්
Ashirley suraweera Saturday, 17 October 2020 01:15 AM
දැන් පුළුවන්ද රිෂාඩ් අල්ලන්න..?
sachith Saturday, 17 October 2020 03:37 AM
ඕක කමිටු 5 ප්‍රමාදය හොයන්න තව කමිටු 50ක් දැම්මත් බෑ. මොකද මේක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ... නඩු දිග්ගස්සන තරමට තමයි මෙයාට සල්ලි කඩාගන්න පුළුවන්... ඒවගේ රත්තරන් බිත්තර දාන කිකිළිව මෙයාලා පාවලා දෙයිද?
තරංගSaturday, 17 October 2020 10:18 AM
සචිත්, ඔබේ කතාව සහතික ඇත්ත. නඩු නැති වුනොත් නීතිඥ මහත්තුරු කන්නේ කොහොමද? මරු කට්ටියක් දාලා ඉන්නේ...
dhamneth Saturday, 17 October 2020 08:49 AM
පසුගිය වසරේදී ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී රිය අනතුරකින් මරණයට පත්වුණා. එම රියදුරාට වසර 08ක සිර දඬුවමක් නියම කළා. ලංකාවේ නම් මේ නඩුව තව අවුරුදු ගණනාවක් යනවා තීන්දුවක් දෙන්න.