IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අධිකරණ ඇමැතිකම තලතාට දෙන්න යයි

නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

තලතා අතුකෝරල මහත්මියට  අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරවය.

කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර  සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීම ප්‍රමාධ වී ඇත්තේ නව ඇමැතිවරුන් දෙදෙනා නම් කර යැවීමට ප්‍රමාධ වීම නිසා බව ද දැනගන්නට ඇත.

මේ අතර විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව ආරංචි මාර්ග කියයි.

044



අදහස් (27)

අධිකරණ ඇමැතිකම තලතාට දෙන්න යයි

පිටිගල මිලානෝ Tuesday, 22 August 2017 05:05 PM

මෙය සරත් ෆොන්සේකාට දෙන්න.

:       0       0

srimala Tuesday, 22 August 2017 06:07 PM

කවුරු වුනත් කමක් නැ. ගොඩගැහිලා තියෙන නඩු ටික ඉක්මනට ඉවර කරන්න නීතිපති දෙපාර්තුමේන්තුවට අවශ්‍ය පහසුකම් දිය යුතුයි . ජනතාවට පොරොන්දු වුන විදියට පහුගිය කාලේ සහ දැන් කාලේ හොරුන්ට විරුද්දව නීති මගින් කටයුතු කල යුතුයි

:       0       0

prasanna Tuesday, 22 August 2017 06:48 PM

සුදුසුකම් මොනවද? ඇයි විජයදාසට බය? එයා කෙලින් වැඩ කරන නිසාද? විජයදාස තනියම ඡන්දේ ඉල්ලුවත් අපි එයාව පත් කරනවා....

:       0       0

ජයන්ත මිලානෝ Tuesday, 22 August 2017 07:28 PM

මගේ පුංචිකාලේ මතකයට අනුව ගාමිණී අතුකෝරාල හොඳ දේශපාලනයක් කරා පියනැගුවා. හැමදේටම කලින් ඔහුගේ මරණයට හේතුව සොයා ගත්තා නම්?

:       0       0

obe Tuesday, 22 August 2017 07:28 PM

තලතා, ඉස්සෙල්ලාම ගාමිණි අතුකෝරල මැරුණු විදිහ හොයන්න. මැරුණද? මැරුවද? කියලා...

:       0       0

Dasun Tuesday, 22 August 2017 09:20 PM

ඇහුවොත් දෙයක් ඒක වහන්න වෙන දේකට බනිනවා.

:       0       0

Nalaka Tuesday, 22 August 2017 10:22 PM

මේ ආණ්ඩුව කවදාවත් හැදෙන්නේ නෑ. තලතා අමාත්‍යාංශයේ අය කරපු හොරකම් වත් හෙව්වද? වෙන කවුරුත් නැද්ද මේකට?

:       0       0

yaka Tuesday, 22 August 2017 10:26 PM

මෙලෝ රහක් නැහැ. ආයෙත් රනිල්ට ඕන විදියට හොරු ටික නලව නලවා ඉඳියි.

:       0       0

Indrajith Tuesday, 22 August 2017 10:33 PM

ඇය දැනට හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය කලින් දැරුවේ පහුගිය යුගයේ නීලකාස හොරෙකු වුවත් ඇය එය ලබා ගැනීමෙන් පසු එම හොරකම් ගැන ආයතනික මට්ටමින් සෙවීමක් බැලීමක් කළේ හෝ හොරකම් කළ අයට ආයතනික මට්ටමින් දඬුවමක් හෝ දීමක් වුනේ නැත. තවද අධිකරණය ගැන ඇයට ඇති සුදුසුකම් කුමක්ද?

:       0       0

lion Tuesday, 22 August 2017 11:57 PM

මොනවද මේ කරන විකාර.. මේ මනුස්සයාට තියෙන අත්දැකීම් මොනවද මේ සම්බන්ධව. මිනිස්සු හිනාවෙන වැඩ කරන්න එපා..

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 23 August 2017 12:02 AM

ඒකාබද්ධ විපක්ෂයේ අනාගත අගමැති අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතාට අපගේ උපහාරය.

:       0       0

one srilankan Wednesday, 23 August 2017 12:13 AM

බලමුකෝ හොරු අල්ලයිද කියලා... පළමුවෙන් රාජිත, එස්.බී. සහ කිරිඇල්ල වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. ජාතික ගැටළුව සයිටම් සඳහා ජනාධිපති අතිවිශේෂ කොමිසමක් දමන්න තරයේ ඉල්ලන්න.

:       0       0

lal Wednesday, 23 August 2017 01:20 AM

තවත් වැඩියෙන් තනතුරු දුන්නා නම් හොඳයි.

:       0       0

Daham Wednesday, 23 August 2017 01:38 AM

නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමෙන් අවශ්‍ය කරන අධිකරණය කාර්යක්ෂම කිරීම කරගත හැකිවේවි දැයි අවිශ්වාසයක් ඇත. එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ ව්‍යායාමය ඵල ගැන්වේවිදැයි සැකසහිතයි.

:       0       0

Daasa Wednesday, 23 August 2017 02:06 AM

කිසිම වැඩකට නැති කෙනෙක් මෙයා... බොරුව විතරයි රනිල්ට ලස්සනට නටවාගෙන යන්න පුළුවන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ටත් පිස්සු දැන් ඡන්දේ දීලා. වෙන අය ඇමැතිකම් කරනවා, සුදුසු අය එළවනවා. අන්තිමට රටට නෙමේ, පක්ෂෙට වැඩ කරන එකට විතරයි ඉන්න පුළුවන්... ආණ්ඩුවේ හෙළුව රටට වැඩක් නෙමෙයි වෙන්නේ මිනිස්සුන්ට ගහන්න ඕනෑ මුලින්ම...

:       0       0

sanju Wednesday, 23 August 2017 02:24 AM

තලතාට විදේශ කටයුතු එකක්වත් කරගන්න බැහැනේ. එතකොට දෙකක් කරන්නේ කොහොමද? මෙයට එ්කෙත් රක්ෂණය කරන්න ගිහිල්ලා පගාව අරගෙන අවුලක් තියෙනවනේ. මේ හොරෙක් නොවෙන කෙනෙක් ඇත්තෙම නැද්ද?

:       0       0

ලන්ගප්පුලි Wednesday, 23 August 2017 02:31 AM

අපෝ ඇති යාන්තම් මොලේ පෑදුණා..

:       0       0

rohana Wednesday, 23 August 2017 03:22 AM

ඉන්න එක්කෙනා අස්කරගන්නා බැරුව වලිකනවා කොහොමද අලුත් කෙනෙක් පත්කරන්නේ?

:       1       1

බණ්ඩාර(කැකිරාව) Wednesday, 23 August 2017 03:25 AM

අනේ පව්..අජිත්ට .පුදුම බඩේ රුදාවක් තිබුනේ එයාට ... අජිත් පෙරේරා කෙල හල-හලා බලාපොරොත්තු අදිකරණ ඇමති පුටුව තලතා අතුකෝරල මහත්මියට ලබාදීම ගැන අපි මහත් සංවේගයෙන් බලාසිටින්නෙමු..

:       169       116

siri Wednesday, 23 August 2017 03:34 AM

අධිකරණ ඇමති දුරයට තලතා පත් කිරීමට යන්නේ හිතා ගතහැකියි තනතුරේ ගෞරවයට වෙන්නේ මොකද කියල.මොකද ඊයේ පෙරේද දවසක මෙය කියනවා ලංකාවේ තුන් වෙලා නොකන මිනිස්සු නැහැ කියල.දන්නා තරමක මහතද?නැතිනම් මෙයත් වාචලයින්ගේ ගොඩට වැටුනද?

:       12       117

sadharana kota Wednesday, 23 August 2017 03:54 AM

අමතිතුමියනි, ප්‍රථමයෙන් ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරු අල්ලලා ආදර්ශයක් දෙන්න.

:       0       45

husen-riyad Wednesday, 23 August 2017 03:57 AM

මේ වෙලාවේ අධිකරණ විෂයට අවශ්‍ය වෙන්නේ දරදඬු දෑතක් මිස මටසිලුටු දෑතක් නොවේ. මොකද මෙතුවක්කල් ඇමතිවරයා කරපු දේවල්, රාජපක්ෂවරුන්ට ආවඩින කූට නිලධාරීන්ගෙන් වෙන්න බැරි නැහැ. 24 පැයේම ඕනෑම තැනකට හදිසියකට යන්න පුළුවන් කෙනෙක් පත්කරොත් තමා මේ ඉවත්කිරීමෙන් බලාපොරොත්තුවෙන දේ, ඒ විදිහටම වෙන්නේ.

:       268       287

wasantha Wednesday, 23 August 2017 04:28 AM

තලතා මැතිනිය සහෝදරයා වගේ වැඩ කරවී. හොරු අල්ලමු දඬුවම් දෙමු.

:       53       101

mahee Wednesday, 23 August 2017 06:38 AM

තලතා හොඳයි මේ තනතුරට. අධිකරණ ඇමති වෙන්න ඕන හැම දේටම ඇඟිලි නොගහන, විශේෂයෙන්ම නීතිපතිට තමන්ගේ වැඩ කටයුතු ස්වාධීනව කරගෙන යන්න ඉඩ දෙන කෙනෙක්. ඩීල් දාසයෙක් හෝ දාසියක් නොවන කෙනෙක්. තලතා ඩීල් වලට අහු නොවී ඇමති තනතුරට අයත් රාජකාරි කරනු ඇති බවට විශ්වාසයක් තැබිය හැකියි. ඔබට සුබ පතමි.

:       130       107

ravi Wednesday, 23 August 2017 07:27 AM

නරියට කුකුල්ලු බාර දුන්න වගේ තියෙයි. අධිකරනෙටත් දෙවියන්ගෙම පිහිට තමා හරියට විදේශ වල වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට වගේ.

:       84       225

rohana Wednesday, 23 August 2017 08:15 AM

සාර්ථක අදිකරණ ඇමතිවරයෙක් අවශානම් ජයම්පති විකක්‍රමරත්න මහතා පත් කරන්න .

:       326       15

mahinda italy Wednesday, 23 August 2017 08:32 AM

වෙස මුණක් ටිඑන්නේ ,,,,අබසරණ ටම අදිකරණයට ,,,,,

:       2       38

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 234 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 180 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 354 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 144 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site