නිදහස ඉල්ලා ආහාර වර්ජනයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (15) වැලිකඩ මැගසින් බන්ධනාගාරයට ගියේය.
පැයකට අධික කාලයක් රැඳවියන් සමග සාකච්ඡා කළ ඇමැතිවරයා පිටතට පැමිණ මාධ්‍ය හමුවේ පැවසූයේ මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් සාකච්ඡා කර මේ වසර අවසන් වන්නට පෙර සහනයක් ලබාදීමට පොරොන්දු වන බවයි.
ඒ අනුව උපවාසය නතර කරන්නැයි රැඳවියන්ගෙන් ඉල්ලා සිටි බවත් එයට බොහෝ රැඳවියන් කැමැත්ත පළ කළ බවත් ඇමැතිවරයා පැවසීය.
දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියෝ 150 දෙනකු පමණ මේ වන විට උපවාසයට සම්බන්ධව සිටිති.
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධිකරණ ඇමැති පැයක් වැලිකඩ
කමල් Thursday, 15 October 2015 09:01 PM
අනේ මන්දා! මේ ප්‍රශ්න වලට ඉක්මන් විසඳුමක් තිබිය යුතුයි (නි)
රමන් Thursday, 15 October 2015 12:03 PM
මේකට මොකද කරන්නේ. (ර)
නුවන් Friday, 16 October 2015 12:36 AM
උපවාස කරලා තමයි අපේ රටේ ගොඩක් ඉල්ලීම් දිනාගන්නෙ (නි)
ජීව Thursday, 15 October 2015 12:11 PM
මෙන්‍න හව්‍ලේ පළමු පියවර, දැන් ක්‍රියාත්‍මකයි. (අ)
හසිත් Friday, 16 October 2015 01:19 AM
මොකක්ද මේකට දෙන විසඳුම? (නි)
වරුණ Friday, 16 October 2015 01:26 AM
සමහර අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
අජන්ත Thursday, 15 October 2015 12:57 PM
අම්මෝ ඇති යන්තම් "පිවිතුරු යහපාල" අපහු නැගිටලා. පාළුවේ බැරුව හිටියේ නැතුව. (බ)
ඕමාර් Thursday, 15 October 2015 02:18 PM
මෙම පිරිස දරුණු ගණයේ ත්‍රස්තවාදී අපරාධකරුවන් නම් ඔවුන් නිදහස් නොකරනවානම් හොදයි. (ර)
පුබුදු Thursday, 15 October 2015 08:30 AM
මොකද්ද මේ ව්හිලුව ? (අ)
ඇන්ටන් Friday, 16 October 2015 04:22 AM
පිවිතුරු යහපාල, ඔය දුපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකයේ නව මානුෂිය ප්‍රවණතා හඳුනාගන්න (නි)
පිවිතුරු යහපාල Thursday, 15 October 2015 08:41 AM
සියල්ල සැලසුම් කල ආකාරයට සිදු වෙනවා..එළිපිට බෙදුම්වාදයට කඩේ ගිය කොටිසංවිධානය වෙනුවෙන් පෙනී සිටි සිවාජි ලිංගම් කොටුව ස්ටේෂම ඉස්සරහ අම්මලාව අඩවනවා.දිනුව කියන ජාත්‍යන්තරයට පණිවිඩ දෙන්න,ලංගම බස් එකකට එකතු කරන්න පුළුවන් පෙරටු ගාමි පිළිල ටික එක්ක..ලංකාවේ කොහෙද දේසපාලන සිරකරුවෝ..මොවුන් නිදහස් කරන්න කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලත් .මේ රට මර බිය ගෙන දුන්න බෝම්බ පුපුරවල අහිංසක මිනිස්සුන්ගේ ජිවිත අහිමි කල දෙමව්පියන්ට දරුවන් දරුවන්ට දෙමව්පියන් බිරිදට සැමියා සැමියාට බිරිය අහිමි කල රටේ මහජන දේපල කොටිගානක් විනාශකළ දරුණු ත්‍රස්තවාදීන් මිසක..යහපාලනයෙන් බලය සදහා වුනු පොරොන්දු අනුව මොවුන් සියල්ල නිදහස් කරයි අද හෙට....ආයේ අපිට කාලකන්නි හෙටක් ප්‍රභාකරන් විසින් මිනි මරන්න පුරුදු කල මොළ සේදු ඒ නිදහස් වන මොවුන් .උදා නොකරයි කියල බෙදුම්වාදී ත්‍රස්තවාදී දේශපාලන ව්‍යාපාර වලට කාලගුණ සලකන පොරොන්දු ඉටු කරන මේ යහපාලන පාලකයින් දෙන සහතිකය මොකක්ද? (අ)
වැකෝ Thursday, 15 October 2015 08:44 AM
මෙහෙමත් මෝඩයෙක් (බ)
සුජීව Thursday, 15 October 2015 09:11 AM
හිරේ ඉන්න ඕනේ උන් එලියට දාන්නද හදන්නේ ? (බ)
වරුණ Thursday, 15 October 2015 09:20 AM
හිරේ ඉන්න ඕන එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවනම් මුන් එලියට දැම්මම මොකෝ ? (බ)
නාමල් Thursday, 15 October 2015 09:38 AM
සුජීව මොවුන් සියල්ලන්ම කොටි නෙමේ.. මේ රැදවියන් බහුතරය චෝදනාවක් වත් නැතිව අවුරුදු ගනනක් රිමාන්ඩ් එකේ ඉන්න අය.. දෙමල වුණත් මේ අයටත් අයිතිවාසිකම් තියෙනවා. (අ)
නුවන් Thursday, 15 October 2015 09:39 AM
අමරපාල කියන්න බලන්න මේ අය ත්‍රස්තවාදියන් නම් ඇයි චෝදනා නැතිව, නඩු නැතිව තියාගෙන ඉන්නේ කියලා.(අ)
රොෂාන් Thursday, 15 October 2015 09:44 AM
නාමල් හරි එක්කෝ චෝදනාවක් ගොනුකරලා උසාවි දාන්න ඕනේ නෑත්නම් නිදහස් කරන්න ඕනේ මොකක්ද මේ විහිලුව මහජන මුදලින් කන්න දිදී චෝදනාවක් නෑතිව තියාගෙන ඉන්නේ (බ)
රසින්ත Thursday, 15 October 2015 10:25 AM
වැරදි තියේනම් අධිකරණයේ විභාග කරලා දඩුවම් දෙන්න. කවුද කැමති බොරුවට හිරේ ලගින්න.මේ කරුණ හැම ජාතිකයන්ටම පොදුයි. අපි හැමෝම මිනිස්සු. (බ)
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 06:47 AM
මිනිසෙක් නොව කිසිම සත්වයෙක් හෝ සිරකර තැබීම කුමන යුක්ති ධර්මයකටවත් නොගැලපෙයි.දේශපාලන සත්වයෙක් වූ මානවයා තමන් ගරු කරන දේශපාලන මතයක් සමඟ ක්‍රියාකාරී වෙයි. ඔහුගේ ගමන් මඟ බහුතරයකට පිඩාවක්,අවහිරයක් වේ නම් ඒ සම්බන්ධයෙන් පවතින යුක්ති ගරුක නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීති ක්‍රියාත්මක විම ප්‍රමාදවීම රැදවියන්ට පමුණුවන දඩුවමක් වීම කිසිසේත්ම සුදුසු නොවේ. (ම)