IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අධිකරණ ඇමැති පොලිසියට දෙහි කපයි

(සුජිත් හේවාජුලිගේ )

සමහර පොලිසි මත්ද්‍රව්‍ය සාම්පල එක දිගට විස්ස තිහ වැරදියට එවන තත්වයක් දක්නට ඇති බවත්   කුඩු නොවන දේවල් ඉදිරිපත් කර පළි ගැනීමට සමහර පොලිස් නිලධාරීන්  බොරු නඩු දානවා යැයි  ජනතාව  නගන චෝදනාවේ යම් සත්‍යයක් තිබෙන බවත්  අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ආචාර්ය  විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ කාරණය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී  දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද  හෙතෙම සඳහන් කළේය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇතැයි  පැවසූ අමාත්‍යවරයා  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමේ දී පොලීසිය අනුගමනය කරන ක්‍රියා ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ජනතාවගෙන් චෝදනා එල්ලවී ඇති බවද සඳහන් කළේය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

"  ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලිස් වලින් සාම්පල 20- 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණයක් විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවකු ඉදිරිපත් කළත්  මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සැකකරුවකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ විෂ මත්ද්‍රව්‍ය අඩංගු නැහැ.පළිගැනීමට   බොරු චෝදනා දානවා කියලා ජනතාව කියනවා. එහි යම් සත්‍යයක් තියෙනවා."



අදහස් (8)

අධිකරණ ඇමැති පොලිසියට දෙහි කපයි

K.W.Roshan Friday, 17 March 2023 01:12 PM

පොලිසියේ අය කරන්නේ කුඩු ඇල්ලුවම කුඩුකාරයන්ගෙන් සල්ලි අරන් ඒ වෙනුවට වෙන මොනවා හරි දාන එක .ඕක ලංකාවේ සාමාන්‍ය දෙයක්

:       0       23

de silva Friday, 17 March 2023 01:12 PM

මාස 2-3 යනකොට මගඩි පගාවක් අරගෙන සාම්පල් මාරු කරනවද කියලා කවුද දන්නේ?රසපරීක්ෂක වාර්තා ඉක්මනින් දෙන්න ක්‍රමයක් හදන්න .එවිට රිමාන්ඩ් සිරකරුවන්ට කන්න බොන්න දෙමින් නඩත්තු කරන්න යන මුදල් ඉතුරුවෙනවා

:       0       20

AKALANKA Friday, 17 March 2023 01:25 PM

ඔව් බන් උඹ ආයේ කවදාවත් රනිල්ගේ කැබිනට් එකක ඉන්නේ නෑ කිවුවේ දැන් ඔය ඉන්නේ ලස්සනට .ඒකත් මේ වගේ තමා

:       7       15

sunil Friday, 17 March 2023 01:37 PM

ඇමතියම ඔය ඇත්ත කියන්නේ. මුලින්ම රටේ පොලිසිය පුනරුත්ථාපනය කල යුතුයි.

:       0       15

sarath Friday, 17 March 2023 02:06 PM

රසපරික්ශක දෙපාර්තමෙන්තුව නවිකරනය කරන්න , වෙනත් රජයෙ අයතනවල නිකරුනෙ කල් මරන නිලදාරින් මෙකට අනුයුක්ත කරන්න , රසපරිකශක වාර්තා දවසෙන් දෙකෙන් දෙන්න කටයුතු කරන්න , සාම්පල් පරික්ශා කරන්න මාස 2-3 යනකොට සංයුතිය වෙනස් වෙනව, නිකරුනේ රිමාන්ඩ් සිරකරුවො නඩ්ඩත්තු කරන එක අඩු කලොත් වියදම් කපාහරින්න පුලුවන්, මානුශික පැත්තෙන් බැලුවත් සාදාරණය.

:       0       14

Bunny Preena Friday, 17 March 2023 02:26 PM

ඇත්ත කතා කිරීමට ඔබට හොඳ කොන්දක් තිබීම ගැන සතුටු වෙමි. අවශ්‍ය ප්‍රතිසන්ස්කරන මගින් දූශිත නිලදාරින්ට දේසපාලුවන්ගෙ, ගජ මිතුරන්ගෙ නියාය පත්‍ර වලට වැඩ කිරීමට තිබෙන මාර්ගයන් ඉක්මනින් අහුරවා විනිවිද භාවයකින් නීතිගරුක පුද්ගලයිට සාමයෙන් තම ජීවිත පවත්වා ගෙන යාමට ඉඩ සලසා දෙන්න.

:       0       8

අසෝක සිරිලාල් Friday, 17 March 2023 05:20 PM

මුලින්ම දූසිත පොලිස්පඅති අයින් කල යුතුයි දෙපාර්තමේන්තුව කනවා. රත්තරන් තබක්ක කරලා වැරදි කරුවන්වෙච්ච oic, Asp, Sp වුනේ කොහොමද sp ඉන්නේ මීගමුවේ දේසබන්දු මහතාටත් කිවා වැඩක් වුයේ නැත .මෙන්න පොලිසියේ තත්වය. පොලිස් කොමිසමෙනුත් කියනවා අගතියක් වී ඇතිබවට. නමුත් පොලිස්පති නිදි රට හදන්න නම් මොවුන් එලවා නවකයින්ට තැන දෙන්න.

:       0       0

Bamunurachchi Saturday, 18 March 2023 11:57 AM

දෙහි නොවෙයි කපන්න ඕනේ ජම්බෝල....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 36 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 151 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 144 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 106 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 166 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2592 5

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 573 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site