IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අධික ණය බරත් ලංකාවට බරක්‘

ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් 146ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත් ව ඇතැයි ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව කියයි.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් උපැයෙන මුදල් හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම ස්ථානයට පත්වීමට හැකි වී ඇතැයි සඟරාව සඳහන් කරයි

දශක තුනක් පුරා පැවැති යුද්ධය අවසන් වීමෙන් මහා පරිමාණ යළි ඉදිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම, යුද්ධයෙන් හානියට පත් වූ ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන නගා සිටුවීම ශ්‍රී ලංකාවේ ආර්ථීකයේ දැකිය හැකි යහපත් ආර්ථීක ලක්ෂණ යැයිද වාර්තාව එළි දක්වමින් එම සඟරාව සඳහන් කර ඇත.

මෙරට ආර්ථීකයේ සෘණාත්මක ලක්ෂණ ලෙස  රජයේ අධික ණය බර , විශාල අයවැය හිඟය යන කරුණු පෙන්වාදෙන එම සඟරාව, පහළ බදු ආදායම් හා අති විශාල වෙළෙඳ හිඟය ශ්‍රී ලංකාවේ පසුබැසීමට ප්‍රධානතම හේතු ලෙස පෙන්වාදෙයි.

       ෆෝබ්ස් සඟරාව මෙම වාර්තාවේ සකස් කර ඇත්තේ නිර්ණායක 11කට අවධානය යොමුකරමිනි. එම නිර්ණායක වනුයේ, දේපොළ හිමිකම, නවෝත්පාදනය, බදු, තාක්ෂණය, දූෂණය, නිදහස (පෞද්ගලික, වෙළෙඳ හා මූල්‍ය), නීති රෙගුලාසි, ආයෝජක ආරක්ෂාව, කොටස් වෙළෙඳ පොළේ ක්‍රියාකාරීත්වයයි.

ෆෝබ්ස් සඟරාව මෙම වාර්තාව වසර නවයක කාලයක සිට නිකුත් කරන අතර මෙවර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත්තේ ඩෙන්මාර්කයයි. 2008 හා 2010 වසරවලදීද ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් අතරින් ප්‍රථම ස්ථානය  දිනාගැනීමට ඩෙන්මාර්කය සමත්විය.

       හොංකොං, නවසීලන්තය, අයර්ලන්තය, ස්වීඩනය, කැනඩාව, නෝර්වේ, සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය මෙම ලැයිස්තුවේ පළමු රටවල් දහය අතර පත්වීමට සමත්ව ඇත.

      



අදහස් (0)

‘අධික ණය බරත් ලංකාවට බරක්‘

කුමාර Saturday, 20 December 2014 10:52 AM

ඇමෙරිකාව චීනයට ට්‍රිලියන තුනක් ණයවෙලා ඉන්නේ .ලෝකෙට පරකාසේ.(හේ)

:       0       0

ලාල් Friday, 19 December 2014 04:04 PM

ඇත්ත,රටේ දුප්පතාට තමයි මේ බර කරගහාන්න වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

නලීන් Friday, 19 December 2014 04:26 PM

ණය බර නම් දරාගන්න බැරි සිමාවකයි තියෙන්නේ. (නි)

:       0       0

ශහිවාල් Friday, 19 December 2014 04:54 PM

ඇත්තෙන්ම බැලුවොත් ලංකාවට කවුරුවත් එන්නේ නැහැ ව්‍යාපාර වලට. ඒ නීතියක් නැති නිසා. ව්‍යාපාර පටන්ගත් මිනිසුන්ටත් දැන් වහකන්න වෙලා. (නි)

:       0       0

ලක්ෂිත Friday, 19 December 2014 05:19 PM

අධික ණය බර කියා උලුප්පා දැක්වුවාට පෝසත්ම රටක් වූ ඇමරිකාවේ ණය බර ප්‍රතිශතකය් විදියට 101.53 % ක්. ලංකාවෙ ණය රට අඩපණ වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි. (නි)

:       0       0

හෆීල් Saturday, 20 December 2014 01:10 PM

ආයෝජකයින්ට එන්න බැරි හේතුව තමයි ඔවුන්ගෙන් කොමිස් ඉල්ලනවා. රාත්‍රී සමාජ ශාලාවල්වලට ගියානම් ගුටි කන්න වෙනවා. (නදී)

:       0       0

සමන්ති Saturday, 20 December 2014 01:40 PM

අනුන්ගේ ණය බරක් අපිට කුමකටද? අපි ණයනැතුව තුන් වේල කාලා ඉන්නවද බලන්න පාට කණ්ණාඩියෙන් බලන්නේ නැතුව.අඟල් 60 ටීවී ,හෝම් තියටර් සිස්ටම් ,රුපියල් ලක්ෂයට වැඩි ජංගම දුරකතන, ලිමෝසින් කාර් අපි ණයට ගේනවා. (නි)

:       0       0

මහීන් Friday, 19 December 2014 08:35 PM

කියවලා බලන්න මෙම සඟරා, එක එක්කෙනාගේ කටවල් වලට රැවටෙන්නේ නැතුව (නි)

:       0       0

සෑම් Friday, 19 December 2014 09:19 PM

පසුගිය ෆොර්බ්ස් සඟරාවේ ලෝකයේ සංචාරකයන් සඳහා මිල අඩුම රටවල් දහය අතරට ලංකාව ඇතුළත් කර තිබුනා. එතකොට ෆොර්බ්ස් සඟරාව "ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති, අති විශිෂ්ට ජාත්‍යන්තර සඟරාවක්" ලෙස හඳුන්වා දුන්නා. දැන් මේ සඟරාවේ අලුත්ම කලාපයේ ලංකාවේ ණය බර ගැන පළකළාට පස්සේ ඒ සඟරාව ගැන කෙසේ හඳුන්වා දෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සිල්වා Friday, 19 December 2014 10:09 PM

දැන්ද මේවා මතක් වුණේ? යුරෝපීයයන් කවදාද හරි දෙයක් කිව්වේ? (නි)

:       0       0

සිල්වා Friday, 19 December 2014 10:18 PM

සිංගප්පූරුව,හොංකොං වැනි යුරෝපීය රටවල් හැර අන් ආසියාතික රටවල කරන කියන දේවල් හොඳ නැහැ.ඒකනේ මේ අය එක එක දර්ශක හරහා පෙන්වා දෙන්නේ. අද ආසියාව නැත්නම් යුරෝපයට මොකද වෙන්නේ? (නි)

:       0       0

ලලිත් Friday, 19 December 2014 11:32 PM

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ එවන මුදලින් යැපෙනවා කිව්වට බැරිවෙලාවත් ගිය තැන ස්ථිර පදිංචියක් එහෙම ගත්තොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

චන්දන‍ Saturday, 20 December 2014 01:18 AM

මාතෘකාව ඇතුළත අඩංගු කරුණු බොහොම අගෙයි (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 20 December 2014 02:41 AM

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට බනින අය‍ට හොද කණේ පහරක්. පිටරටවල ඉන්න අය රට ඉහළට ඔසවා තැබුවාට ලංකාවේ සිටින අය රට පහළට තල්ලු කරලා ඉවරයි. (නි)

:       0       0

නිලංග Saturday, 20 December 2014 02:51 AM

කෝ අර විදේශගත ලාංකිකයන්ට බනින කෙනා? යන්තම් මිනිස්සු බඩට කාලා ඉන්නේ පවුලේ කෙනෙක් රට ඉන්න පවුල් විතරයි. ඒ වුණාට රට ඉන්න මිනිසුන්ගේ හතර වරිගය මතක් කරලා මෙතන සමහරු බනිනවා. (නි)

:       0       0

ජයන්ත Saturday, 20 December 2014 02:53 AM

ලලිත් පිටරට ස්ථිර පදිංචි උදවියත් තමන්ගේ නෑදෑයන්ට හිත මිතුරන්ට විතරක් නෙවෙයි සමාජ සේවය සඳහාත් ලංකාවට සල්ලි එවනවා. ගිය තැන ගල් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

කුමාර් Saturday, 20 December 2014 03:15 AM

ඇමෙරිකාව චීනයට ට්‍ර්ලියන තුනක් ණය තියෙනවා (දී)

:       0       0

හිෂාන් Saturday, 20 December 2014 03:22 AM

ලක්ෂිත ඇමරිකාවේ ණය තියෙන්නේ ඒ රටේ මිනිසුන්ටමයි අපේ රටේ ණය තියෙන්නේ චීනෙට එක නිසා රටවල් දෙක සමාන කරන්න බෑ.(හේ)

:       0       0

පතිරණ Saturday, 20 December 2014 04:45 AM

මුළු ආර්ථිකයම රදා පවතින්නේ විදෙස්ගත අපේ අතේ, ඒ වුනත් රට විරුවෝ කියලා ගොනාට අන්දනවා අරෙනකොට අපි වෙනුවෙන් මොනාද කළේ.(හේ)

:       0       0

ගාමිණි Saturday, 20 December 2014 04:46 AM

පිටරට වැඩ කරන ජනතාව එවන මුදල් රටේ දියුණුවට පමණක් යොදවන්නේ නම් අප රට ඉතා ඉක්මනින් දියුණුවිය හැක. නමුත් කරන ඕනෑ නැති වියදම් නිසා අපේ රට පෙරට යාම නැවතිලා . රටට ලබා ගෙන ඇති විදේශ ණය ගෙවන්න මුදල් හොයන්න වෙලා තියෙන්නේ පිට රට වැඩ කරන ජනතාවගේ සහ අපි කන බොන දේවල් වලට අය කරන බදු වලින් පමණි. කරන ලද අයෝජන වලින් කිසිම අදායමක් රටට ලැබෙන්නේ නැහැ.(හේ)

:       0       0

දිලිප් Saturday, 20 December 2014 05:37 AM

රටේ තරුණ බහුතරය කොරියාවේ රැකියා වලට යනවා.නිදහස් අධ්‍යාපනය ලබා දුන්නත් එකේ ප්‍රතිපල නැවත ඒ අයගෙන් රටට ගන්න රජයට වැඩපිළිවෙලක් නැහැ. රට හැර යන බහුතරයක්.කැනඩාව, ඔස්ට්‍රේලියාව , එංගලන්තේ , නවසිලන්තේ පුරවැසිබාවය ලබාගෙන. රට හැර යන්න හේතු ඕනෑතරම්. කිසිම අයෙකුට සිය රාජකාරිය නිදහසේ කරන්නට ඉඩ නැහැ. දේශපාලනය හැම දෙකටම ඇගිලි ගහනවා. ලංකාවේ ඉන්න අපියි දන්නේ ඇත්ත තත්වය, රට ඉන්න අය මාධ්‍ය හරහා දකින සියල්ල සත්‍ය නැහැ. (අ)

:       0       0

මොහොමඩ් ඛාන්. Saturday, 20 December 2014 06:51 AM

නිලංග ඔයාගේ අදහස සමඟ මම එකඟයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 20 December 2014 06:58 AM

දැන් කියාවි ඡන්දෙ ළඟ නිසා ෆෝබ්ස් සඟරාවට ජරාවක් දීල විරුද්ධ පක්ෂේට වාසි වෙන විදියට මෙහෙම දැම්ම කියල ,(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 268 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 200 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 535 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 260 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 78 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 249 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site